කුංකුම , එහෙමත් නැත්නම් සැෆ්‍රන් කියන්නේ ලෝකයේ වටිනාම කුළුබඩු වර්ගයයි. නමුත් කුංකුම භාවිතය ආහාර පිසීමට පමණක් සීමා වෙන්නේ නැහැ.එය විවිධ ආකාර වලින් භාවිත වෙනවා. ඒ ආකාර වලින් ජනප්‍රියම ආකාර දෙකක් ලෙස රූපලාවණ්‍ය කටයුතු සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සැලකෙනවා. කුංකුම හෙවත් සැෆ්‍රන් වලින් ලස්සන වෙන්නේ කොහොමද කියලයි අද අපි ඔබට මේ ලිපියෙන් කියන්නට සූදානම් වන්නේ.
සැෆ්‍රන් වලින් සමට ලැබෙන වාසි මොනවද ?
වයස්ගත වීම වලක්වයි
කුංකුම වල ප්‍රතිඔක්සිකාරක (Crocin සහ Safranal) වලින් පොහොසත් වන අතර එය විවිධ ආකාරවලින් සිදුවන හානි වලින් සම ආරක්ෂා කරයි. අස්ථායී අණු වන වලින් සමට ඔක්සිකාරක ආතතිය ඇති කළ හැකි අතර එමඟින් රැළි, සිහින් රේඛා සහ වයසට යාමේ වෙනත් සලකුණු ඇති කරනවා. කුංකුම වල ඇති ප්‍රතිඔක්සිකාරක මෙම අස්ථායි අණු උදාසීන කරමින් සමට තරුණ හා දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා.
සම පැහැපත් කරයි
කුංකුම වල විටමින් සී (ඇස්කෝර්බික් අම්ලය) අඩංගු වන අතර එය සමේ පැහැය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා . එය ටයිරොසිනේස් එන්සයිමය මර්දනය කරන අතර මෙලනින් සෑදීම අඩු කරමින් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා.
පිග්මන්ටේෂන් සඳහා ප්‍රතිකාර කරයි
කුංකුම වල අඩංගු වන විටමින් සී වල සුව කිරීමේ ගුණයද අඩංගු වනවා. එමගින් පිග්මන්ටේෂන් ඇති වීම පාලනය කරන අතර හිරු එළිය නිසා ඇතිවන හයිපර්පිග්මන්ටේෂන් මැඩ පැවැත්වීමටද උපකාරී වනවා.ඒ වගේම සමේ බාධක ( Skin barrier ) ශක්තිමත් කිරීම කුංකුම මගින් සිදු කරන අතර පාරිසරික හේතු නිසා සම මත ඇතිවන වර්ණ වෙනස්කම් අවම කරනවා.
සමට තෙතමනය ලබා දෙයි
කුංකුම ස්වභාවික තෙතමන කාරකයක් වන අතර එය සමේ තෙතමනය සහ මෘදු බව පවත්වා ගැනීමට සහාය වනවා.කුංකුම වල අඩංගු වන විටමින් සහ ඛනිජ ලවන මගින් සම පෝෂණය කරන අතර වියළි බව සහ සම කැසීම වළක්වනවා.
ඇස් වටා අඳුරු බව නැති කරයි
ඇස් වටා ඇතිවන අඳුරු කව සහ ඉදිමුණු ස්වභාවය නැති කිරීම සඳහා භාවිතා කරන ස්වභාවික අමුද්‍රව්‍ය අතරින් කුංකුම හෙවත් සැෆ්‍රන් ඉහළම ස්ථානයක් ගන්නවා. එමගින් ඇස් වටා රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩි දියුණු කරන අතර එමගින් ඇස් වටා ඉදිමුණු ස්වභාවය සහ අඳුරු කව අඩු කිරීම සිදු කරනවා.
කුංකුම ඔබේ සම සඳහා භාවිතා කරන්නේ කොහොමද ?
Saffron and milk face mask
සැෆ්‍රන් රේණු කිහිපයක් ගෙන මද උණුසුම් කිරි ස්වල්පයකට එකතු කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හරින්න.
එයට මී පැණි තේ හැන්දක් එකතුකර හොඳින් මිශ්‍ර කර ගන්න.
මෙම මාස්ක් එක පිරිසිදු කර ගත් ඔබේ මුහුණේ සහ ගෙල ප්‍රදේශයෙහි ඒකාකාරීව ආලේප කර විනාඩි තිහක පමණ කාලයක් තිබෙන්නට හරින්න
මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ටෝනර් එකක් ආලේප කරන්න
Saffron and yogurt face mask
සැෆ්‍රන් රේණු කිහිපයක් ගෙන හොඳින් කුඩු කර ගන්න
සාමාන්‍ය යෝගට් මේස හැඳි දෙකකට එම සැෆ්‍රන් රේණු කුඩු මිශ්‍ර කරන්න
මෙම ෆේස් මාස්ක් එක ඇස් වටා හැර මුහුණේ සහ ගෙල ප්‍රදේශයෙහි ඒකාකාරීව ආලේප කරන්න
විනාඩි විස්සකට පසුව සිසිල් ජලයෙන් සෝදා හැර ටෝනර් එකක් ආලේප කරන්න
Saffron Water
භාජනයකට වතුර කෝප්ප දෙකක් එකතු කර එයට සැෆ්‍රන් රේණු තරමක ප්‍රමාණයක් එකතු කරන්න
දැන් මෙම වතුර විනාඩි දෙකක් හෝ තුනක් හොඳින් උතුරවා ගන්න
භාජනය ලිපෙන් ඉවත් කර නිවෙන්නට හරින්න
සකස් කරගත් saffron water ඉසින බෝතලයකට භාවිතා කර ටෝනර් එකක් ලෙස භාවිතා කරන්න
Saffron and rose water
රෝස වතුර කෝප්ප එකකට සැෆ්‍රන් රේණු 10 – 15 එකතු කර මිශ්‍ර කරන්න
මෙය පැය කිහිපයක් හෝ එක රැයක් තිබෙන්නට හරින්න
ඉන්පසුව මිශ්‍රණය පෙරා සැෆ්‍රන් රේණු ඉවත් කර ගන්න
මෙම ටෝනර් එක පැක් එකක් භාවිතා කිරීමෙන් පසුව , රාත්‍රී කාලයේදී හෝ අවශ්‍ය අවස්ථාවලදී මුහුණ මත භාවිතා කරන්න
Saffron face oil
ජොජෝබා තෙල් ස්වල්පයක් කුඩා බෝතලයකට එකතු කර එයට සැෆ්‍රන් රේණු කිහිපයක් එකතු කර හිරු එළිය නොවැටෙන ස්ථානයක ගබඩා කර සතියක් පමණ තිබෙන්නට හරින්න.
ඉන්පසුව තෙල් එක හොඳින් පෙරා සැෆ්‍රන් රේණු ඉවත් කර ගන්න
මෙම තෙල් බිංදු කිහිපයක් ගෙන දිනපතා ඔබේ මුහුණේ තවරා රවුම් චලිත ආකාරයෙන් උඩු අතට හොඳින් සම්බාහනය කරන්න
ඔබේ රූපලාවණ්‍ය වැඩි දියුණු කර ගැනීම සඳහා කුංකුම හෙවත් සැෆ්‍රන් භාවිතා කළ හැකි ආකාර බොහොමයක් තිබෙනවා. ඒවායේ නිවසේ දීම ඉතා පහසුවෙන් කළ හැකි ක්‍රම කිහිපයක් ගැනයි අපි මේ ලිපියෙන් ඔබට තොරතුරු ගෙන ආවේ.