ඔබ වියපත් වන විට එය ඔබ වෙතින් දිස්වීම ඉතාම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම ඔබේ මුහුණේ සම වෙනස්වීම වියපත් වීමත් සමඟ අනිවාර්යයෙන්ම සිදු වෙනවා. වියපත් වීමේ ලකුණු ඇතිවීම , සමේ සිහින් රේඛා සහ රැලි මතුවීම, අඳුරු ලප කැළැල් ඇතිවීම සහ ඇස් වටා අඳුරු වීම වියපත් වීම සමග සිදුවන්නට පුළුවන්.මේ තත්ත්වයන් බොහෝ දුරට පාලනය කර ගැනීමට හැකියාව ලැබෙන රූපලාවන්‍ය ටිප්ස් කිහිපයක් ගැනයි මේ ලිපියෙන් ඔබට කියන්නේ.
කැරට් සහ බිත්තර ෆේස්පැක්
කැරට් වල ඇති exfoliate කිරීමේ ගුණාංග සහ සම සමනය කිරීමේ ගුණාංග , බිත්තර වල ඇති සෛල පුනර්ජනනය කිරීමේ හැකියාව සමග සම්බන්ධ වූ විට ඔබේ සම වියපත් වීමේ ලකුණු සමග සටන් කිරීමට ඉතා හොඳ සටන්කරුවෙකු බවට පත් වෙනවා.
කුඩා කැරට් අලයක් හොඳින් අඹරා එයට බිත්තරයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ක්ලෙන්සර් කරගත් හෝ මෘදු ෆේස් වොශ් එකක් මගින් මුහුණ සහ ගෙල ප්‍රදේශය පිරිසිදු කරගෙන සකස් කරගත් පැක් එක ඒකාකාරීව ආලේප කරන්න. එය පැය භාගයක් පමණ තිබෙන්නට හැර මුහුණ පිරිසිදු කරන්න. ඉන් පසුව ටෝනර් එකක් හෝ සුදුසු මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න.
යෝගා ව්‍යායාම
මුහුණේ මාංශ පේශීන් තද කිරීමට, මාංශ පේශීන් එල්ලා වැටීම වැළැක්වීම සඳහා, තරුණ පෙනුම රැක ගැනීම සඳහාත් යෝගා ව්‍යායාම සිදු කිරීම කළ යුතුයි. මේ සඳහා මේ වන විට ලෝකයේ බොහෝ ශල්‍ය ක්‍රම සහ වෙනත් ප්‍රතිකාර සොයාගෙන ඇතත් ඒවා බොහොම මිල අධික වන නිසා නිවසේදීම පහසුවෙන් යෝගා ව්‍යායාම කිරීම මගින් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
ඇපල් සයිඩර් විනාකිරි
ඇපල් සයිඩර් විනාකිරි මගින් සම ගැඹුරින් පිරිසුදු කර සමේ මාංශ පේශීන් තද කිරීම සිදු කරනවා.
තනුක කල ඇපල් සයිඩර් විනාකිරී කපු පුළුන් කැබැල්ලකින් මුහුණ පුරා ඒකාකාරීව තවරන්න. අවශ්‍ය නම් පැයකට හෝ දෙකකට පමණ පසුව සෝදා හරින්න. නැත්නම් රාත්‍රී කාලයේදී ආලේප කර පසුදින උදෑසන මුහුණ පිරිසිදු කරන්න.
එඬරු තෙල්
එඬරු තෙල් වල විටමින් E සහ ඔමේගා-6 සහ ඔමේගා-9 මේද අම්ල අඩංගු වන අතර එය සමේ ව්‍යුහාත්මක අඛණ්ඩතාව පවත්වා ගැනීමට උපකාරී වනවා. එඬරු තෙල් ස්වල්පයක් ඇඟිලි තුඩුවලට ගෙන මෘදු ලෙස සම්බාහනය කිරීම මගින් ඔබේ සමේ තද අළු හෝ කළු ලප ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙය ස්වාභාවික අමුද්‍රව්‍යයක් බැවින් සෘණාත්මක අතුරු ආබාධ ඇති නොවන නිසා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට දිනකට දෙවරක් මෙම සත්කාරය කළ හැකියි. ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් නම් මෙම සත්කාරය දින දෙකකට වරක් කළ හැකියි.
Vtamin c
vitamin c වල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක මගින් හිරු කිරණින් ඔබේ සමට ඇතිවන නරක බලපෑම් වලින් ඔබේ සම ආරක්ෂා කරනවා. මේ වන විට විටමින් සී ඔබේ සමට ලබා ගත හැකි ක්‍රම විශාල ප්‍රමාණයක් තිබෙන අතර ඒ ශරීරයට බාහිරින් ක්‍රීම් වර්ග , සීරම් වර්ග සහ වෙනත් නිෂ්පාදන වලින් සහ අභ්‍යන්තරයෙන් ආහාර සහ පෝෂණ අතිරේක මගින් ලබා ගත හැකියි.විටමින් සී මගින් සම පැහැපත් කර පෝෂණය කරන අතර වියපත් වීමේ ලකුණු ඇති වීම අවම කරනවා.
පාස්ලි ස්ක්‍රබ්
පාස්ලි මගින් සමේ සෛල පුනර්ජනනය කරන අතර සමේ වර්ණය ඒකාකාරී කිරීමට උපකාරී වෙනවා. හොඳින් තලා ගත් පාස්ලි වලට ලෙමන් යුෂ තේ හැන්දක් සහ නොපිසූ ඕට්ස් ස්වල්පයක්ද එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
පිරිසිදු කරගත් මුහුණ මත මෙම ස්ක්‍රබ් එක ආලේප කර මෘදු ලෙස සම්භාහනය කරන්න. මෙමගින් සම මත ඇති අඳුරු ලප සහ කැළැල් ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙන අතර සමට ඉතා හොඳ දීප්තියක්ද එකතු කරයි.
කෙසෙල් මාස්ක්
හොඳින් පොඩි කරගත් කෙසෙල් ගෙඩියකට මී පැණි ස්වල්පයක් එකතු කර මිශ්‍ර කරන්න. කෙසෙල් වල අඩංගු වන විටමින් සහ පොටෑසියම් ඔබේ සමට අත්‍යවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ එකතු කරදී සම පෝෂණය කරනවා.මෙමගින් සම වියපත් වීම බොහෝ දුරට පාලනය කරමින් සමේ තෙතමනය ආරක්ෂා කරනවා.
හොඳින් පිරිසිදු කරගත් මුහුණ සහ ගෙල ප්‍රදේශය මත සකස් කරගත් මාස්ක් එක ආලේප කරන්න.පැය බාගයක් පමණ තිබෙන්නට හැර එය මෘදු ලෙස සෝදා හරින්න.ඉන් පසුව ටෝනර් එකක් හෝ මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.
මෙවැනි ස්වාභාවික ක්‍රම මගින් ඔබට ඔබේ තරුණ පෙනුම රැක ගැනීමට හැකියාව තිබෙන අතර මිල අධික සත්කාර සහ නිෂ්පාදන වලට වැය කරන කාලය සහ මුදල් ඔබට ඉතිරි කර ගැනීමටද හැකියාව ලැබෙනවා.