ශරීරයේ අසාමාන්‍ය හැඩය නිසා මරණයෙන් පසුවත් අවුරුදු 200ක් දුක් විඳි Saara Baartman ගේ කතාව

මරණය දුකක් වෙන්නෙ මිය යන කෙනාට නෙවෙයි, ජීවත්වෙලා ඉන්න ඒ මියයන කෙනාගෙ හිතවතුන්ට කියල මම කිව්වොත් ඔයාලා ඒක පිළිගන්නවද? ඒක තමයි ඇත්ත. කෙනෙක් මැරුණම සමහර විට අපි අඬන්නෙ, එයාගෙන් වෙන්වීම අපිට දුකක් නිසා. මරණය කියන්නෙ කෙනෙක්ව සියලුම දුක් කරදර වලින් ගලවගන්න විදියක්. හැබැයි මිය ගියාට පස්සෙත් කෙනෙක්ගෙ ශරීරයට දුක් විඳින්න වෙනව නම්?

ඒක ටිකක් අමුතු කතාවක් නේද? අපි අද ඔයාලට අරගෙන එන මේ Saara baartman ගෙ කතාවත් ඒ වගේ අමුතු, හරිම දුක හිතෙන කතාවක්. මැරිලත් අවුරුදු 200ක් යනකම් දුක් විඳින්න වුණ දුක හිතෙන කතාවක්.

ලස්සන ඇඟක් කියන්නෙ ඕනම කාන්තාවකගෙ සිහිනයක් නෙ. රිය සක පරදවන පුළුල් උකුලක්, මිටට ගන්න පුළුවන් සිහින් ඉඟක් ලබාගන්න ඕනම කෙනෙක් ආසයි. ඒ නිසාම ගොඩක් කාන්තාවො ව්‍යායාම කරනවා, සල්ලි වියදම් කරනව මේ විදියට ඇඟ හදාගන්න.

Saara Baartman ට උපතින්ම, ස්වභාවයෙන්ම මේ වගේ ශරීරයක් ලැබිල්ලා තිබුනා. එහෙම කියද්දි නම් එයා හරිම වාසනාවන්තයි කියල අපි හිතුවත් ඒක එච්චරම වාසනාවක් Saara ට නම් අරගෙන ආවෙ නෑ. තමන්ගෙ මේ පුළුල් පසුපස ප්‍රදේශය නිසා Saara හරියට උසුලු විසුලු වලට තාඩන පීඩන වලට ලක්වුණා.

Sarah Baartman ව ගොඩක් අය දන්නෙ නැතුව ඇති. එයා ජීවත්වෙච්ච කාලෙ එයාව ප්‍රසිද්ධ වුණේ ලෝකෙ විශාලතම නිතඹ හිමි කාන්තාව විදියට. Sarah අප්‍රිකානු සම්භවයක් සහිත වහල් කාන්තාවක්. එයාගෙ ශරීරයේ හැඩය නිසා එයාගෙ වහල් හිමියන්ගෙන් එයාට ලැබුණ නරක සැලකුම් ගැන කියන්න වචන නෑ. ඒත් වහල් බව නිසාම කටවහගෙන ඒ හැමදේම ඉවසගෙන ඉන්න Saara ට සිදුවෙලා තියෙනවා.

ඒකෙ තියෙන නරකම දේ වුණේ ඇගේ මේ අසාමාන්‍ය පසුපස ප්‍රදේශයේ පෙනුම නිසා ඇයව ලන්ඩනයේ මිනිස්සුන්ට බලන්න ප්‍රදර්ශනයට තියලා සල්ලි අරගන්න පවා මේ වහල් හිමියන් කටයුතු කරලා තියෙනවා.

Saara උපත ලබන්නෙ 1789 අවුරුද්දෙ. අප්‍රිකාවෙ ඊස්ටර්න් කේප් වල ගැම්ටූස් ගංගාව ආශ්‍රිතව. එයා අයීතිවුණේ Khoekhoe කියන ජන කොටසට. අම්මයි තාත්තයි දෙන්නම තරුණ වයසෙදිම මිය ගියයින් පස්සෙ එයා තමන්ගෙ වර්ගයේම කෙනෙක් එක්ක විවාහ වෙනවා.Saara ගෙ මේ නිතඹේ අසාමාන්‍ය පිහිටීමට හේතුවෙලා තියෙන්නෙ යම් කිසි රෝගී තත්ත්වයක් වෙන්න පුලුවන් බවත් නිගමන වලට ඇවිත් තියෙනවා.

1810 අවුරුද්දෙ කේප් වලදි තමයි ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙක් Saara ව දකින්නෙ. මේ වෛද්‍යවරයා සහ ඒ වෙද්දි Saara ගෙ වහල් හිමියා ගෙ සහෝදරයා වුන කෙනා තීරණයකට එනවා Saara ව මහජන ප්‍රදර්ශනයට තියල ලොකු ගාණක් හොයාගන්න පුලුවන්කම ලැබේවි කියලා.

අකුරු කියවන්න බැරි Saara ගෙ අසරණකමෙන් ප්‍රයෝජන ගත්ත මේ දෙදෙනා බොරු ගිවිසූමකට Saara ගෙ අත්සන ගන්නවා. Saara හිතාගෙන ඉන්නෙ ඒ ගිවිසුමේ තියෙන්නෙ තමන්ට එංගලන්තයට සහ අයර්ලන්තයට ගිවිසුම් ලත් සේවකයෙක් විදියට යන්න පුලුවන්කම උනාට ඇත්ත දන්නෙ වෛද්‍යවරයා සහ වහල් හිමියගෙ සහෝදරයා විතරයි.

මේ විදියට එංගලන්තයට එන Saara ව ඉතාම අඩු ඇඳුම් ප්‍රමාණයකින් සරසවලා මහජන ප්‍රදර්ශනයට තියන්න මේ දෙන්නට පුලුවන් වෙනවා. ලෝකයේ විශාලම නිතඹ හිමි කාන්තාව බලන්න මිනිස්සු ඇදිලා එනවා. කොච්චර සල්ලි හම්බුණත් Saara ට ලැබෙන්නෙ ඉතාම අඩු මුදලක්. මේකට විරුද්ධ වෙන පිරිසක් Saara ව නිදහස් කරන්න කියල නඩු මාර්ගයට ගියත් අකුරු කියවන්න බැරි Saara අත්සන් කරපු ගිවිසුම ලඟ එයාලටත් නිහඬ වෙන්න වෙනවා.

ඔය විදියට කාලාන්තරයක් තිස්සෙ මහජන ප්‍රදර්ශන වල පෙනී ඉන්න Saara ව 1814 අවුරුද්දෙදි ප්‍රංශයේ පැරිස්වල ප්‍රදර්ශන කරන S. Reaux කියන පුද්ගලයට විකුණනවා. Saara  ගෙ ජීවිතයේ ඉතාම අභාග්‍ය සම්පන්න කාලය ඇරඹෙන්නෙ එතනින්. මේ මනුස්සය තමන්ගෙ ප්‍රදර්ශන වලට එන මිනිස්සුන්ට ඉඩ දෙනව Saara ට ශාරීරික හිංසන පවා සිදු කරන්න.

ඒ විතරක් නෙවෙයි සමහ විද්‍යාඥයින් Saara ව පරීක්ෂණ වලටත් අරගෙන තියෙනවා. ඉතින් මේ විදියට අනන්ත දුක් වින්ද Saara අවුරුදු 26ක් වගේ ඉතාම තරුණ වයසකදි මියයන්නෙ ප්‍රංශයෙදිමයි. මරණය තමන්ට සැනසීමක් ගෙනල්ල දෙයි කියලා බලාපොරොත්තු උනත් ඒක එහෙම වෙන්නෙ නෑ.

මිය ගිය Saara ගෙ ශරීරයේ සමහර කොටස් සං‍රක්ෂණය කරලා කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තියන්න සං‍රක්ෂණය කරනවා. ඒ අප්‍රිකානු සම්භවය වටා තියෙන ජාතිවාදි න්‍යායන්ට සහය දෙන්න.

1994 දි නෙල්සන් මැන්ඩෙලා Saaraගෙ දේහය ආයෙ අප්‍රිකාවට ලබාදෙන්න කියල ප්‍රංශයෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමට ප්‍රංශය එකඟ වෙන්නෙ 2002 අවුරුද්දෙදි. අවසානයෙ නිදහස් වෙන Saara තමන්ගෙ උපන් රටේ තමන් ඉපදුන ගමටම එනවා.

ඒ අවුරුදු 200කට විතර පස්සෙ නිදහස් හුස්මක් ගන්න හිතාගෙන.

Related Articles

Don't Miss


Latest Articles