නුඹ තරම් ප්‍රේමයක් – 42

හතලිස් දෙවෙනි නෙත්  සැරිය

පසුදා පාන්දර තුන පසු වන විට චත්‍ර උන්නේ අයත්මාගේ යහනේ ගුලිවීගෙන සැප නින්දකය. අයත්මා නින්ද තමා වෙතට එන්නටවත් සූදානම් නැති රැයක් පහන් කරමින් උන්නාය. චත්‍ර ඇහැරවන්නටද ඇයට ලෝබ දැනෙයි.

 එහෙත් තව පැය කිහිපයක් ඇතුලත ඔහු නිවසින් පිටතට යැවිය යුතු බවද ඇයට වැටහෙයි. මහ වැස්සද අඩුවක් නැත. ඒ මදිවාට චත්‍රගේ ශරීරයේ අසාමාන්‍ය උණුසුමක්ද ඇයට දැනෙන්නට ගත්තේ චත්‍ර ඇහැරවන්නට උත්සාහ කරද්දීය. ඕ වහා සැලකිල්ලෙන් ඔහුගේ නලලතද, ගෙලද, දෙකොපුල්ද පිටි අල්ලෙන් ස්පර්ශ කර බැලුවාය. ඔහු උන්නේ අධික උණුසුමක් සමඟය. මුවින් හීන් කෙඳිරියක්ද නැඟෙද්දී අයත්මා තිගැස්සුණාය.

” චත්‍ර … චත්‍ර …”

චත්‍ර අසීරුවෙන් දෑස් විවර කලේය. අයත්මාගේ බොඳ වුණ රුව ඔහුට යන්තමින් පෙනෙන්නේය. ගත තලා පෙලා දමා ඇති වග දැනෙධ්ඩී ඔහු තමා සිටින්නේ කොහේක්දැයි වටහා ගන්නට  උත්සාහ කලේය. සියල්ල ආපස්සට සිහිපත් විය. තමා සිටින්නේ අයත්මාගේ කාමරයේ බවත්, පසුදින වන විට තමා මින් පිටව යා යුතු වගත් සිහි වෙද්දී ඔහු අසීරුවෙන් නැගිට ගන්නට උත්සාහ කලේය. එහෙත් එය පහසු නොවීය. චත්‍ර යළි උන් ඉරියව්වෙන් අපහසු වැටුනේය. අයත්මා වහා ඔහු වෙත නැඹුරු වී ඔහුගේ  ඉරියව්ව පහසු කරන්නට උත්සාහ කලාය.

” මට උණ …”

චත්‍ර අපහසුවෙන් පැවසුවේ තමා වෙතට නැඹුරු වූ අයත්මාට තමාගෙන් ඉවත් වන්නට යැ්‍ි යන විධානය එහි සඟවමිනි. එහෙත් ඒ වගක් නැතිව මෙන් අයත්මා ඔහුගේ ඉරියව්ව සැකසුවාය. පැනඩෝල් පෙති දෙකක් ගෙනැවිත් එය මුව තුලට දමා වතුර වීදුරුවද ලං කලේය. ඉන් පසුව සැහැල්ලු ටිශූ පටි කිහිපයක් නවා එය නළල මත ට්ඃඇබුවාය. එය ඕර්ඩිකොලොන් වලින් වන සේ තෙමුවාය.

“අයූ .. කී ය.. ද .. වෙලාව ?…”

“දැන් හතරට කිට්ටුයි …”

“මං යන්න ඕනි අයූ?.. වාහනේත් මඟ.. අවිශ්කයා නැගිට්ටොත් ?…”

අයත්මා ඔහුගේ සිනිඳු හිස කේ අතරින් අතැඟිලි ගෙන ගියාය. චත්‍ර දෑස් පියා ගත්තේය. ඇගේ මවුවත් බව ඔහුගේ හදවතටම දැනෙන්නට ගෙන තිබුණි. ඔහු ඇගේ පිටි අල්ල අමහසුවෙන් අල්ලාගෙන එය මුවට ලං කරගත්තේය. සිප ගත්තේය. අයත්මා සිනාසුණාය.

” මෙහෙම ඉමු … ඔයාට මේ වැස්සේ එලියට බහින්න බෑ…”

ඕ තමා අල්ලා උන් චත්‍රගේ සුරත යළි පෙරලා අල්ලාගෙන කීවේ නොවෙනස් වන තීරනයක් තරමේ වන හඬකිනි. චත්‍ර යළි දෑස් විවර කලේය. ඇගේ දෑස් දිලිසෙන්නේය. නින්දක් අහලකවත් නැති තරමින් දිලිසෙන්නේය.

“අවිශ්ක ?..”

“උදේට බලමු … එයා බනියි කෑ ගහයි .. එච්චරයිනේ..ඔයාව මේ අසනීප එක්ක වැස්සේ යැව්වොත් එහෙම මොනවයින් මොනවා වේද දන් නෑනේ…”

ඕ චත්‍රගේ නාසය නොරිදෙන්නට අල්ලා මිරිකමින් කීවාය. පසුව යළි නළලත ඕර්ඩිකොලෝන් වලින් තෙත් කලාය. චත්‍ර ඇගේ උකුල මතට වන සේ හිස තියා ගත්තේය. අයත්මා දෙපා යහන මතට ගෙන පහසු ඉරියව්වකට වූවාය. දෙදෙනාම සුව නින්දකට වැටුනේ ඉදිරි පැය කිහිපයෙන් පසු එලැබෙන කිසිවක් මායිමකට නොගනිමිනි.

චත්‍රගේ වාහනය තම නිවසට හැරෙන පාරේ නවතා ඇති බවත්, චත්‍ර එහි නොමැති වගත් අවිශ්කගේ මිතුරෙකු ඇමතුමක් දීමෙන් පසු අවිශ්ක මද වැස්සේම එහි ගියේය. මිතුරා සමඟ එක්ව කැබ් රිය තුල චත්‍ර සිටීදැයි යළි පරික්ශා කලේය. පසුව මිතුරාට ස්තුති කර යළි නිවසට පැමිණියේ චත්‍රට ඇමතුමක් ගන්නා අතරේය. එහෙත් චත්‍රගේ ජංගම දුරකතනයේ ආරෝපණය ඒ වනවිට අවසන්ව එය ක්‍රියා විරහිතව ගොස් තිබුණි.

” අයත්මා ..අයත්මා .. දොර අරින්න….”

අවිශ්ක නිවස පැමිණියේම අයත්මාට හඬගාමිනි. තද නින්දේ උන් අයත්මා සහ චත්‍ර දෙදෙනාම තිගැස්සී ඇහැරුනෝය. අයත්මා වහා දොර දෙස බැලුවාය. රැයේ වූ එඩිතර බව සිඳී ගොස් ඇති බව ඇයටද දැනුනේය. ඕ වහා  චත්‍රගේ හිස යහන මතට කලාය. චත්‍ර නැගිටගන්නට උත්සාහ කලද ඔහුට කෙලින් වන්නට තරමේවත් ප්‍රානවත් බවක් දැණුනේ නැත.

“දොර අරින්නෙපා අයූ …”

චත්‍ර වහා අයත්මාගේ අතේ එල්ලී රහස් හඬින් කීවේය. එහෙත් අයියාගේ ස්වරයේ තරමින් යමක් සිදුවී ඇති බව අයත්මාට වටහී තිබුණි. දොර විවෘ ත නොකිරීම යනු අනෙක් විනාඩියේම දොර කඩා දැමීම පවා විය හැකි බව ඇය දනී. අයත්මා චත්‍රගේ නලල ඉම්බාය.

” බය වෙන්නෙපා …”

ඕ දොර විවෘ ත කලාය.

” අරූ ආවද ඊයේ?….”

අවිශ්ක එලෙස විමසන අතරේ අයත්මාට සිතා ගැනීමට හෝ ඉඩක් නොදී කාමරය තුලට ආවේය. යහනේ වැතිරී විසල් වූ දෑසින් තමා දෙස බලා සිටින චත්‍රගේ දසුන අවිශ්කව භීතියකට පත් කලේය. ඔහු කෝපයට පත් වූයේ ඉන් පසුවය. තම නිවස තුලට රිංගාගෙන, තම නැගණියගේ යහනේ මෙලෙසින් සිටීමට තරම් මොහුට ඇතිධෛර්‍යය කුමක්දැයි අවිශ්ක තමාගෙන්ම විමසා ගත්තේ අඩියට දෙකට පැන චත්‍රව යහනෙන් බිමට ඇඳ ගන්නා අතරේය. ඔහු යම් අප්‍රාණික බවක සිටින බව වැටහුනත් අවිශ්ක ඒ බව නොතකාම චත්‍රට පහර දුන්නේය.

” අනේ එපා .. එපා .. අයියේ … ප්ලීස් ….”

අයත්මා ඔහු නැවැත්වීමට තැත් කිරීමෙන් සිදු වූයේ ඇයටද පහර දෙක තුනක් වැදීමය. අයත්මා හඬා වැටුනාය. චත්‍ර සිටින්නේ අසනීපයෙනි. අනෙක් අතට ඔහුගේ පාදයද ආබාධයකය.

” තෝ… තොගේ මහ එවුන්ගේ හය්‍යෙන්ද යකෝ මගේ ගේ අස්සට රිංගන්නේ?.. එහෙම නැත්නම් තොගේ පොලිටික්ස් වල හය්‍යැන් මාව සරෙන්ඩර් කරනන්ද තෝ හිතන් ඉන්නේ බල්ලෝඔ .. ඒ මදිවට තෝ මගේ නංගිගේ ඇඳට ගොඩ වුනේ කොහෙ තිබුන හයි යකින්ද යකෝ .. බල්ලා.. ඉඳපං.. අද තෝ මගෙන් ඉගෙනගන්නේ පාඩමක්…  නිමලා අම්මා … නිමලා අම්මා …පොලිසියට කෝල් ම්කරන්න … “

අවිශ්ක චත්‍රව තමා වෙත අල්ලා නැඹුරු කරගෙන ඉන්නා අතරේ කෑ ගැසුවේය. අයත්මා චත්‍ර අසනීපයෙන් සිටින වගත්, ඔහුව ගෙන්වා ගත්තේ තමා බවත්, ඔහුට කිවිඅක් නොකරන ලෙසත් ඉල්ලමින් කෑ ගසා හැඬුවාය්

” මං උබ ගැනත් බලාගන්නම් … උඹට මේ සල්ලාලයා ලොකු වුනා ඔක්කොටම වඩා.. උබ ගොං ගෑණියෙක් නංගීඉ.. මූ උබව අන්දගෙන ඉන්න තරම උඹටම තේරෙන්නෙ නෑ …”

” මොනවද කියන්නේ අයියේ ?… වචනපාවිච්චි කරනකොට සැලකිල්ලෙන් … මාව අන්දගන්න මම බබෙක් නෙවෙයිනේ අයියේ.. මම ඇත්තටම චත්‍රට ආදරෙයි … එයත් මට ආදරෙයි … එච්චරයි …”

” ආදරේ කියලා ලබ්බක් දන්න උන් නෙවෙයි ඕයි මුං ….. සල්ලි වල බලෙන් ඔක්කොම වහගන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්න කාලකණ්ණි..”

අවිශ්ක චත්‍රට තව්ටහ් පහර දෙක තුනක්ම එල්ල කලේය. චත්‍ර උන්නේ ශාරීරිකවද දුර්වලවය. ඔහු ක්ලාන්ත වී ඇද වැටුනේය. අයත්මාට කෑ ගැසුණි. අවිශ්ක වහා ඔහු ඔසවා යළි යහනේම සැතපුවේය. අයත්මා මහ හඬින් හඬමින් චත්‍ර අසලට වන්නට උත්සාහ කලාය.

” වතුර එකක් ගේන්න…වතුර එකක් ..”

අයත්මා සිහියක නොවූවාය. කාමරයට පැමිණෙමින් සිටි  නිමලා අම්මා වහා වතුර වීදුරුව ගෙන  චත්‍රගේ මුහූනට වැටෙන සේ ඉස්සාය.

” අනේ අනේ .. චත්‍රව බේරගන්නකෝ අය්‍යේ..”

අයත්මා සිහි විකල් වී මෙන් කෑ ගැසුවාය. අවිශ්කද උන්නේ කුමක් වූවාදැයි වතා ගන්නට නොහැඛිවය. චත්‍ර උණ රෝගයෙන් පීඩා විඳිමින් උන් බවක් නොදැන උන් නිසා අවිශ්කට චත්‍රගේ ක්ලාන්ත වීමට හේතුව වැටහුනේද නැත. 

| අපේක්ෂා ගුණරත්න |

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles