මාස දාහතක බිළිඳිය අමනුස්ස රැලකට මුදලට විකුණූ මව

අම්මා කියන නම ඇහුණත් අපි බොහෝමයක් දෙනාගේ හිත් නිවෙනවා. ජීවිතේ මොන දේ වුනත්, අම්මා මට ඉන්නවානේ කියන සිතුවිල්ලම අපිව සෑහෙන  ශක්තිමත් කරනවා. ඒ වගේම අම්මා කෙනෙක්ගේ ආශිර්වාදය අපිව ජීවිතේ බොහෝ දුර ගෙනියනවා. අම්මා කියන අකුරු තුන ඇතුලේ බොහෝ දෙනාගේ ජීවිත වල ශක්තිය ලියැවිලා තියෙනවා. දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා, අපිව මේ ලෝකෙට බිහි කරන්න අසීමිත වේදනාවක් දරාගෙන, ඊටත් පස්සේ උස් මහත් කරන්න, ලෙඩ දුක් වලින් බේර ගන්න, සමාජය තුල කෙලින් ජීවත් වෙන විදිය කියාදෙන්න, උගන්නන්න, විවාහ කරවලා දෙන්න වගේම අපේ දරුවන්ව ආයේ උස්මහත් කරන්නත් අම්මලා වෙහෙසෙන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් පෙරලා බලාපොරොත්තු වෙන්නේ නැතුව.  අම්මා ගැන ලියැවුන  ගීත වලින් පවා නිවෙන දරුවන් ඉන්න ලෝකයක , තමන්ගේම අම්මාගේ කුරිරු සිතුවිලි  නිසා තමන්ගේ ජීවිත අපායක් වෙලා යනකල්ම ඒ ගැන නොදැනගත්තු අවාසනාවන්ත දරුවොත් මේ ලෝකේම ඉන්නව. මේ කතාව තමන්ට වෙන්නේ මොකද්ද කියලාවත් නොදැන, අනුන්ගේ උවමනාවට මේ ලෝකේ ඉපදිලා, අම්මා කියන නමට නොගැලපෙන ගැහැණියක නිසා මේ ලෝකෙන් සමුගත්ත සුරංගනාවියක් ගැන.

2023 ජූලි මාසේ 28 වෙනිදාටත් ඉර පායන්නේ සුපුරුදු විදියටම. ඒත් වෙනදා නොවුන භයංකර රස්නයක් ඒ ඉරේ තියෙන්නෙ ඇති. ඒ වෙනකොට යන්තම් මාස දා හතක් වුන එලේනා හෙම්බ්‍රී ළඳැරියට  මේ කිසිම වෙනසක් ගැන අවබෝධයක් තිබුනේ නැහැ. ඇය වෙනදා වගේම සෙල්ලම් කර කර, අම්මාව හොය හොයා දවස පටන් ගත්තා. ඒත් පුංචි එලේනාට ඒ දිනය  අවසන් කරන්න දෛවය ඉඩ දුන්නේ නැහැ.

එලේනාගේ අම්මා 21 හැවිරිදි එරිකා ලෝසන්. උසස් පාසැලෙන් නික්මෙනකොටත් එරිකා දැඩි මත් ලෝලියෙක්. ඇගේ ජීවිතේට එක් වුන හැම කෙනෙක්මත් ඇයට ආයේ ආයෙම තිලිණ කලේ මත් වීමේ සුන්දරත්වයම විතරක් නිසා දවසින් දවස එරිකා ඇදුනේම මත් වීම දෙසට. ඒ අතරේ හදිසි ගැබ් ගැනීමක් නිසා එරිකාට පුංචි රෝස මලක් වුන එලේනාට මේ ලෝකේ එලිය බලන්න ඉඩ හදලා දෙන්න සිද්ද වෙනවා. දරුවෙක් වෙනුවෙන් කුස තෑගි කරන්න ඇයට කිසිම උවමනාවක් නොතිබුනත්, ඇයට එලේනාගේ අම්මා වෙන්න වෙනවා. ටිකෙන් ටික එලේනා උස් මහත් වෙනවා. ඒ අතර වාරයේ එරිකාගේ මත් ලෝලී ජීවිතෙත් ලොකු වෙනවා. ඒ වගේම ඇයට මත් ද්‍රව්‍ය වෙනුවෙන් මුදල් හොයාගන්න එක දිනෙන් දින අපහසු වෙනවා.

ඒ අඳුරු දවසේ දවල්, මේ යක්ෂ අම්මා තමන්ගේ දා හත් වියැරිදි කුඩා ළදැරිය පිරිමින් හත් දෙනෙක්ට විකුණලා ඒ හත් දෙනාගෙන්ම ඒ වෙනුවට හිලවු මුදල් සහ මත් ද්‍රවය ඉල්ලා ගන්නවා. ඇයට ඇය සිදු කරන්නේ කුමක්ද කියලාවත් අවබෝධයක් දැනෙන්නේ නැහැ.

කුඩා එලේනා දැඩි ලිංගික අතවර වලට ලං වෙන්නේ ඇගේ මවත් දැණුවත්වම වීම ඛේදවාචකයක් වෙනවා. ඔත්තුවක් ඔස්සේ ක්ෂණිකව කුඩා එලේනාව සොයාගන්න මිඩ්ල්ස්බෝරෝ පොලිස් දෙපාර්තමේන්තුවට පුලුවන් වෙනවා. ඔවුන් වහාම එලේනාව මිඩ්ල්ස්බෝරෝ ප්‍රාදේශීය රෝහලට ඇතුලු කරනවා. ඒ වනවිටත් ළඳැරිය ඉන්නේ කෝමා තත්ත්වයේ. ඇය අධික වේදනාවක් විඳින්න ඇති බව එවෙලෙහිම වෛද්‍යවරුන්  වේදනාවෙන් එකිනෙකා අතරේ පවසා ගන්නවා. කුඩා එලේනාව ගුවනින්   නැගෙනහිර ටෙනසි රෝහලට ඇතුල් කරන්න පියවර ගන්නේ ඉන් පස්සේ.  ඒ වුනත් ඇගේ ශරීරය තුල ඒ වෙනකොටත් තිබුන තුවාල වල අධික රුධිර වහනය නිසා ඇය ටෙනසි රෝහල තුලදී මියයනවා. ඒ ජූලි 30 වෙනිදා. ජූලි 28 වෙනිදා කුඩා එලේනාව රෝහල් ගත කරාට පස්සේ වෛද්‍යවරුන් එක තත්පරයක්වත් අපතේ නොයවා ඇයව සුවපත් කරවාගන්නට උත්සාහ කලත් ඒ සියලුම උත්සාහයන් ඒ විදියට ව්‍යර්ත වෙලා යනවා.

මිනීමැරුමට උත්සාහ කිරීම, අවුරුදු දොලහට අඩු දරුවෙක් සාපරාධී අපයෝජනයට ලක් කිරීම, දරුවා අනාරක්ශිතව අත් හැරීම සහ අනතුර පිළිබඳව වාර්තා කරන්නට නොහැකි වීම කියන කාරණා මත පදනම් වෙලා, කුඩා එලේනාගේ මව වුන 21 හැවිරිදි එරිකාව  පොලිස් අත් අඩංගුවට ගන්නවා. පස්සේ නඩු විහාගය අගෝස්තු අට වෙනිදාට කල් යනවා, එදින ඇය උසාවියට වාර්තා කන්නේ නැහැ. ඊට පස්සේ නඩුව කෙලින් අබෙල් ප්‍රාන්තයේ ජූරි සභාවකට යවන්න තීරනය වෙනවා.

මේ නඩුවේ කොටස්කාරියක් වෙන බෙල් ප්‍රාන්තයේ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ ලීසා ෆුගේට් අවධාරනයෙන් මෙහෙම කියනවා.

”  කුඩා දරුවාට ශාරීරික හා ලිංගික අපයෝජනවල සලකුණු තිබුණා. ඒ සියලුම දෙනා ඉන්න ඇත්තේ පුදුමාකාර උමතු මානසිකත්වයකි…  දැඩි මත් වීමකින්… එහෙම නොවෙන්න ඔවුන් මේ වගේ අමානුශික දෙයක් කරන එකක් ණැහැ…. කොහොම වුනත් වැරදිකරුවන් සමාජයට නිරාවරනය කල යුතුමයි. . ..”

ඒ වගේම එලේනාගේ මරණයට මොට ආයුධයකින් හිසට පහර දීමකුත් හේතු වෙලා තියෙන බව පොලිසිය හෙළිදවරවු කරගන්නේ ඒ අතරේ.  

“අපිට ඒ දරු පැටියාව කොහොමම හරි ආරක්ශා කරගන්න තිබුනා.. ඒත් අවාසනාවට අපි අසමත් වුනා..”

මෙහෙම කියන්නේ නැගෙනහිර ටෙනසි  ප්‍රදේශයේම වැසියන්. ඔවුන් එකා මෙන් එකතු වෙලා එලේනා වෙනුවෙන් යදිනවා. ඇගේ  ආත්මයට සුව ප්‍රාර්තනා කරනවා. ඒ අතර වාරයේ තමන්ගේ දරුවන් ගැන වැඩි වැඩියෙන් හිතන්න අවශ්‍යය යන පණිවිඩය එකිනෙකා අතරේ හුවමාරු කරගන්නවා.  

ඩ්ල්ස්බෝරෝ නගරාධිපතිවරයා පෙබරවාරි 20 වැනිදා එලේනා හෙම්බ්‍රී දිනය සමරන බවට නිවේදනය කරනවා. ඔහුගේ මූලිකම අරමුන වන්නෙ මෙහෙම දේවල් වීම වලක්වන එක. මිනිසුන් දැනුවත් කරන එක.

“එලේනාගේ දෙවන උපන්දිනය අද. ඇය මේ උපන්දිනය අප සමඟ ඉන්න තිබුනා,…  නමුත්,ඇය මේ ජීවිතයේ දරා ගත නොයුතු තරමේ වද හිසා වලට භාජනය වෙලා අපෙන් සමුගත්තා…. ඇය අපට ඉතිරි කලේ අප අතින්  වෙන හැමදේම ආයේ ආයෙ හිතමින් අවධානයෙන් කල යුතුය යන පණිවිඩය. අම්මලාගේ වෙස් ගත්ත යක්ෂණියන් පවා ඉන්න බව එරිකා නම් ගැහැණිය තහවුරු කලා. ….”

මෙහෙම කියන්නේ, මිඩ්ල්ස්බෝරෝ අසල්වැසියෙකු සහ එලේනා වෙනුවෙන් ප්‍රජා උපදේශකයෙකු වන ජස්ටින් හොවාර්ඩ්.

මේ අතරේ එරිකා  මරණ දඬුවමින් නිදහස් විය යුතු බව කියල ඇය අධිකරනයට කරුණු කියන්න පවා සූදානම් වෙලා තියෙනව. ඒත් ඒ කිසිම වෙලාවක ඇගේ ඇස් වල වේදනාවක් වත්, පසුතැවීමක්වත් නම් නැහැ.

ඉතින්.., මෙහෙම අය අම්මලාද?

අපේක්ෂා ගුණරත්න

Related Articles

Don't Miss


Latest Articles