නුඹ තරම් ප්‍රේමයක් – 48

හතලිස් අට වැනි නෙත් සැරිය

” සහන් කියන්නේ උගේ අක්කට පට්ට ආදරේ කොල්ලෙක් නංගී.. ඒනිසා ඌ කලේ බලු වැඩේ තේරුනත් , මට ඌට විරුද්ධව මෙලෝ මඟුලක් කරන්න හිතෙන්නේ නෑ…. කවුරු හරි එකෙක් ඔයාව ඒ වගේ දුකකට දැම්මොත් මම ඔහොම ඉවසාවී කියලා මම හිතන්නේ නෑ … එහෙමට ලේ කකියන බව මම දන්නවා ඕයි ….

ඌ කවුද කොහොමද ඔක්කොම හොයාගෙනත්, චත්‍රට ඌ ගැන වචනයක්  නොකියා ඉන්න මම තීරනය කලේ ඒකයි …. අනෙක් පැත්තට මේ සිද්දිය ආයේ ඇදගෙන ඒ කොල්ලවයි, ඒ කෙල්ලගේ අක්කවයි, චත්‍රවයි, උඹවයි , සිහිනිවයි එක තැනක මුණ ගස්වන්න මට පොඩිවත් උවමනාවක් තිබුනේ නෑ…”

අයත්මා උන්නේ හඬමිනි.  චත්‍ර, ඔහු තමාට පෙම් කරන බව සැබැවින්ම විශ්වාස වුවත්, මෙවන් සිදුවීම් දරාගන්නට අයත්මාට නොහැක. ඔහුගේ අහිමි වීම තුල ජීවිතය ලෙසින් අවුල්ව යන්නට, ඒ මල්ලීට  මේ තරමේ කෝපයක් දැනීමට නම් ඒ යුවතිය චත්‍රට කෙතරම් පෙම් කරන්නට ඇතිදැයි අයත්මාට සිතා ගන්නට හැකි වූයේ නැත. 

වසර දෙකක් තිස්සේ එක් නිවෙසක් තුළ ජීවත් වීම තුල ඔවුන් දෙදෙනා අතරේ ඇතිවෙන්නට හැකි බැඳීම ගැන අයත්මා සිතන්නට උත්සාහ කලාය. ඕ උන්නේ සියල්ල අහිමි වෙමින් යන වේදනාව විඳිමිනි.

” සහන් එදා කිව්වා ඌ ආයේ සිහිනිට රිද්දලා චත්‍රට තව රිද්දනවා කියලා… මට .. මට ඕනි වුනේ සිහිනි එක්ක එ ගැන කතා කරන්න ..උන් දෙන්නාගේ රිලේශන්ශිප් එක් ඇතුලේ ඒකිට ඩැමේජ් වෙන්න පුලුවන් දේවල් අරූට දීලා තියෙනවද අහන්න .. ඒ කෙල්ල ඉන්න මූඩ් එකේ හැටියට එහෙම දේකුත් වුනොත් ඒකි ජීවත් කරවන එක ලේසි වෙන්නේ නෑ කියලා ඔයාටත් තේරෙනවනේ නංගී ….”

අයත්මා අවිශ්ක දෙස බැලුවාය. අයියා පවසන සියල්ල වැටහෙනවා වුවද, ඇයට සන්සුන් සෙයියාවකට පත් වෙන්නට නොහැක.

” දැන් තමුසේත් චත්‍ර එක්ක එල්ලෙන්නේ නැතුව ඉන්නවා… ඒ කෙල්ල දැන් දෙයියනේ කියලා සන්තෝසෙන් ඉන්නවා… එච්චරයි … ඌ වරදක් කල පලියට ඒකට සදාකල් විඳවන්න ඕනි නෑ ..”

එහෙත් අයත්මා එයට එකඟ වූ බව පෙන්වූයේ නැත. අවිශ්ක යලි යලි කාරනා පැහැදිලි කලේය. එහෙත්,  අයත්මාගේ තීරණයන්  කුමක් වුවත් තමන්  ඒ සමඟ සිටිනා බවද,   වඩා වැදගත් වන්නේ ඇගේ සිතේ නිදහස බවද ඔහු අවධාරනය කලේය.

” ඔය සිද්දී  අල්ලගෙන සදාකල් විඳවන්න ඕනි නම් තමුසේ චත්‍ර එක්ක ඔය ගමන් යන්න ඕනි නෑ නංගී .. තමුසේට ඕනි හැටියේ හැරෙන්න පුලුවන් … අනෙක, මේක තමුසේගේ ජීවිතේ .. මේ පැයට හමාරට තමුසේ එකම සිද්දිය මතක් කර කර අඬපු හැටියට මට  බයයි ඉස්සරහ ගැන  …”

අවිශ්ක එපමණක් පවසා නැවතුනේය.

” අයියා සිහිනිට කතා කරලා බලන්න ….”

අයත්මා ඉන් පසුව කීවාය. අවිශ්ක හිස සැලුවේය.

” චත්‍රයා දිගටම කෝල් කරා … ඌට ගන්න …. “

 එවර අයත්මා හිස සැලුවාය.  එහෙත් ඕ උන්නේ කුමක් කල යුතුදැයි හරිහැටි වැටහෙන මානසිකත්වයක නොවේය.  දැනෙන හැඟීම් වෙන් වෙන් කර ගන්නට ඇයට හකි වූයේද නැත. දෙදෙනාම  නින්දට ගියේ කුසගින්නේය. චත්‍ර ඇමතුම් ගැනීම පසෙකලා ජංගම දුරකතනයද නිවා දමා නින්දට ගියේය. ඔහුට අයත්මාගේ හිතුවක්කාර හැසිරීම් නිසා දැනෙමින් තිබුනේ කෝපයකි.

පසුදින සෙනසුරාදා විය. අයත්මා පෙර රැයම ගෙවා දැම්මේ නිදිවර්ජිතව නිසා ඕ  හත පසුවනතුරු උන්නේ නින්දේය. අවිශ්ක ටද නිදි නොමැති රැයක් ගෙවී තිබුනද ඔහු උන්නේ දියණියගේ හඬ ගෑම නිසා අවදි වීය. චත්‍රගේ කැබ්  රිය එක්වරම විත් ගේට්ටුව ඉදිරියේ නවතින හඬින් අයත්මාද තිගැස්සී ඇහැරුනාය. ඕ මොහොතක්  දෑස් පියාගෙනම උන්නාය. ඉන් අප්සුව එක්වරම නැගිට ගොස් කාමරයේ දොර අඟුලු දැම්මාය. ඉන් පසුව දැතින් යහනට බරවී හිඳගත්තාය.

” කෝ අයත්මා…”

චත්‍රගේ හඩ ඇසෙද්දී ඕ ඇඳ ඇතිරිල්ල ගුලි කර අල්ලාගත්තාය. දෑස් තදින් වසා ගත්තාය.

” නිදි ඇති බං .. උඹ මොකද මේ උදේ පාන්දර පිඹගෙන …”

අවිශ්ක විමසනු ඇසුණි.

” ආවේ මේ මට හංගලා අයියායි නංගියි නටන්න යන අඩව්ව මොකද්ද කියලා බලන්න ….”

චත්‍රගේ කෝපාග්නිය දැවටුණ හඬ සමඟ අයත්මාද පුපුරා  හැලුණාය. එහෙත් ඕ තමා පාලනය කරගනිමින් සිටින ඉරියව්වෙම සිටීමට උත්සාහ කලාය.

” පිස්සුද බං උඹට ?…”

” ඔව් පිස්සු .. තොපි මාව පිස්සු වට්ටවලා, ආයේ තව පිස්සුදත් අහනවනේ බං …”

චත්‍ර යළි උස් හඬින් පවසනු අයත්මා අසා උන්නේ නැඟෙමින් තිබූ කෝපය මදකින්වත් අඩු නොවෙද්දීය. රැය පුරාම ඇය පෙලූ වේදනාව දැන් කෝපය ලෙස එලි බහිමින් තිබුණි.

” මොකද බං ?…”

” උබලා ඊයේ ෆෝන් ආන්සර් කරන්නේත් නැතුව කොහෙද ගියේ?…”

අවිශ්ක කිසිත් නොපවසා උන්නේය. අයත්මා එක්වරම දොර විවෘත කරගෙන සාලයට ආවාය. චත්‍ර ඕ දෙස බැලුවේ විමතියෙනි. ඇගේ ස්වරූපය ඉදිරියේ ඔහු අඩියක් පසු බැස්සේය.

” ඇයි අහන්නේ?..”

ඔහු අඩි දෙකක් ආපස්සට පසුබස්වමින් විමසද්දී අවිශ්ක දියණිය නිමලා අම්මා වෙත දී සාලයෙන්  යැව්වාය. චත්‍ර අයත්මා දෙස වඩා විශ්වසනීය බැල්මක් හෙලන්නට උත්සාහ කරමින් උන්නේය. එහෙත් අයත්මා උන්නේ නොසැලෙන දෑස් එක්කය.

” අයූ ?…”

චත්‍ර අපහසුවෙන්  ගොඩ නැගී ගලපා ගත්තේය. අයත්මා සරදමට සිනාසෙද්දී ඔහු යළි කඩා වැටුණේය. ඉන් පසුව ඔහු කලේ නිසොල්මනේම ඇය දෙස බලා සිටීමය.

” මේ  මගේ අයියා … මෙච්චර කල් මාව බලාගත්ත, තාමත් මාව බලාගන්න මගේ භාරකාරයා … එයා එක්ක මම කොහේ කොහොම ගියත් මේ ලෝකේ කිසිම කෙනෙක්ට  එයාව ප්‍රශ්න කරන්න බෑ ….. 

එයාව  ප්‍රශ්න කරන්න බෑ වගේම මාව  ප්‍රශ්න කරන්න බෑ කොහොමටවත් …. මම කාටවත් උත්තර බඳින්න බැඳිමත් නෑ….

ලෝකේ කිසිම කෙනෙක්ට බෑ කිව්වම, ඒ කට්ටියට ඔයත් අයිතියි මිස්ටර් චත්‍ර .. ඒ නිසා අයියාව ඔහොම ප්‍රශ්න කරන එක කරුණාකරලා නවත්තගන්න … ඒ වගේම මාවත් …… “

අයත්මා දබරැඟිල්ලද පෑවාය.

“නංගී ….”

” අයූ ?…”

දෙදෙනාම කීවේ එකටය, එහෙත් අයත්මා ඉන් සැලුනේ නැත.

” ප්ලීස් .. උදේ පාන්දර මේම කඩාගෙන පැනලා අනුන්ගේ ගෙවල් වල සාමකාමී උදේ වරු විනාස කරන්න එපා… කතා කරන්න ඕනි නම් දවල් වෙලා ඒ පිළිවෙලට එන්න .. ඔයා ඇවිල්ලා කැබ් එක නවත්තපු වේගෙට අහල පහල මිනිස්සු උඩ ගිහින් ඇහැරෙන්න ඇත්තේ …  අද සෙනසුරාදා .. මිනිස්සු විවේකෙන් ඉන්න දවසක් …’

අයත්මා ගිණි පුපුරු සමඟින් කියා දැම්මාය. ඒ ගිණි දැල් වෙතට ඇවිලුම් කාරක ඉබේම වැටී චත්‍ර පුළුස්සමින් ඒවා නැඟුණි. අවිශ්ක අයත්මාව නිවා ගන්නට නොහැකිව අසල වූ මේසයට හේත්තු වී අයත්මාට පැහැදිලි කරන්නට මඟක් සෙව්වේය.

චත්‍ර වරක් , දෙවරක් , තෙවරක් අයත්මා දෙස හැරී බැලුවේය. ඉන් පසුව කෙලින්ම කැබ් රියට ගොඩ වූයේය.

” මේ  මගේ අයියා … මෙච්චර කල් මාව බලාගත්ත, තාමත් මාව බලාගන්න මගේ භාරකාරයා … එයා එක්ක මම කොහේ කොහොම ගියත් මේ ලෝකේ කිසිම කෙනෙක්ට  එයාව ප්‍රශ්න කරන්න ඹෑ.. එයාව තියා මාවවත් ප්‍රශ්න කරන්න ඹෑ..  ලෝකේ කිසිම කෙනෙක්ට බෑ කිව්වම, ඒ කට්ටියට ඔයත් අයිතියි මිස්ටර් චත්‍ර .. ඒ නිසා අයියාව ඔහොම ප්‍රශ්න කරන එක කරුණාකරලා නවත්තගන්න….” 

චත්‍රට මරණීය වේදනාව යනු කිමෙක්දැයි යළි වටහා ගන්නට ඉඩක් ලැබී තිබූනි. සැබැවින්ම ඔහුගේ හුස්ම හිර වෙමින් තිබුනි.

|අපේක්ෂා ගුණරත්න | 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles