මාරම අමුතු ඔලුව පිස්සු වට්ටන කතාවක් – Leave the world behind film

මේ චිත්‍රපටය ගැන දෙයක් ලියන්න කලින් මම කිව යුතුම දෙයක් තිබෙනවා.

ඒ තමයි “මේක මාරම මාරම මාරම අමුතු, ඔලුව පිස්සු වට්ටන කතාවක්. එන්ඩින් එක තමයි සුපිරිම”

ඉතින් ඒ නිසා අනිවාර්‍යෙන් බලන්න. පුලුවන් නම් මේක කියවන්න කලින් ගිහින් බලල එන්න.

මේ චිත්‍රපටය පටන් ගැන්මෙ ඉඳලම කුතුහලය එක්ක ගෙවෙන එකක් නිසා මේක මම වෙනද ලියන චිත්‍රපට රිවීව් වලට වඩා වෙනස් විදියට ලියන්න මම හිතුවා.මොකද මේ චිත්‍රපටය බලද්දි මම ගත්ත ආතල් එක එක බිඳක්වත් අඩුවක් නොකර ඔයාලාටත් දෙන්න ඕන නිසා

නිව් යෝර්ක් නගරයේ ජීවත්වන ඇමැන්ඩා සැන්ඩ්ෆෝර්ඩ් ඇයට සහ ඇගේ පවුලේ අයට ගුණාත්මක කාලයක් එකට ගත කිරීමේ අරමුණින් සති අන්ත නිවාඩුවක් සූදානම් කරනවා. ඒ පොඩ්ඩක් නගරයෙන් ඈත පලාතක. උදේම එයාගෙ හස්බන්ඩ් ඇහැරෙද්දි ඇමැන්ඩා ට්‍රිප් එක යන්නෙ සූදානම් වෙන ගමන් ඉන්නෙ. කිසිම වෙලාවක අමැන්ඩගෙන් ඒ වගේ හැසිරිමක් බලාපොරොත්තු වෙන්න බැරි බව දන්න එයාගෙ සැමියා ක්ලේ මේක ගැන ටිකක් පුදුම වෙනවා. ඉතින් ඇය, ඇගේ සැමියා ක්ලේ සහ ඔවුන්ගේ දරුවන් වන රෝස් සහ ආචී, ලෝන්ග් අයිලන්ඩ් හි කුලී නිවසකට තමයි මේ ට්‍රිප් එක යන්නෙ .

ට්‍රිප් එක ගිහින් නතරවෙන්න නියමිත ගෙදරටත් ගියාට පස්සෙ මෙයාලා යනවා ඔය ඕන කරන බඩු අරවා මේව ටිකක් ගන්න ශොපිං. එහෙම ගියාම ඇමැන්ඩා දකිනවා ට්‍රක් එකක් පිරෙන්න වතුර සහ ටික් කර කෑම අරගත්ත මනුස්සයෙක්ව/ ඇමැන්ඩට මේක මහ පුදුමයක් වගේ දැනුනත් වැඩිය ඒ ගැන හිතන්නෙ නැතුව මෙයාලා මෙයාලගෙ ගමන යනවා.

මෙයාල ඉතින් රිලැක්ස් වෙන්න කියල හිතාගෙන මුහුදු වෙරලට යනවා. ඒ ගියාම ඇමැන්ඩගෙ දූ අමුතු දෙයක් දකිනවා. ඒ තමයි වෙරලට එක එල්ලේ මූන පාලා ඈත ඉඳන් එන ලොකුම ලොකු තෙල් නැවක්. දුවට ඒක අමුත්තක් විදියට දැනුනට ඇමැන්ඩ සහ එයාගෙ හස්බන්ඩ් නම් ඒක සාමාන්‍ය දෙයක් විදියට තමයි දකින්නෙ. ඒ වුනාට අන්තිමේ ඒ තෙල් නැව ඇවිත් නතරවෙන්නෙ මෙයාලාගෙ මූණ ඉස්සරහින්ම වෙරල.

හිතාගන්න පුලුවන්ද එහෙම දෙයක්?

මූදු වෙරලේ අව්ව තපින්න ගිහින් ඉද්දි මේ පත තෙල් නැවක් ඇවිත් මූන ඉස්සරහ නැවතුනාම ඉතින් ඔලුව මඤ්ඤං වෙන එක ආය අමුතු දෙයක් නෙවෙයිනෙ.

කොහොමහරි ඒ වැඩේ දෙල් උනාම ගෙදර එද්දි තමයි මෙයාලා දැනගන්නෙ ෆෝන්, ටීවී, වයිෆයි සිග්නල් වලට මොකක් හෝ හේතුවක් නිසා කෙලවෙලා කියලා. දැන් තමන්ගෙන් එපිට ලෝකෙ ගැන මෙලෝ දෙයක් දැනගන්න බෑ. ඩිජිටල් යුගේක ඉපදිච්ච දරුවන්ට ෆෝන් නැතුව එක මොහොතක් ජීවත් වෙන්න බෑ.

ඊටත් එහා මූදෙ තිබ්බ තෙල් නැවක් ඇවිත් වෙරලෙ නතර උනේ කොහොමද කියල දැනගන්න නිව්ස් බලන්න විදියකුත් නෑ.

ඉතින් කරන්න දේකුත් නැති හින්දා මෙයාලා එහෙමම ඉන්නවා.

කොහොමහරි ඒ අතරවාරෙ මෙයාලා ඉන්න ගෙදරට මුවෝ විශාල ප්‍රමානයක් එනවා. මේව ඒ ගෙදර මිනිස්සුන්ට විතරක් නෙවෙයි බලන් ඉන්න අපිටත් නිකන් ඔලුව කුරුවල් වන සීන් කිව්වොත් හරි.

කොහොමහරි එදා රෑ ඇමැන්ඩල නිදාගෙන ඉද්දි අමුත්තො දෙන්නෙක් මේ ගෙදරට එනවා.

ඒ තමයි මේ ගෙදර ඇත්තම අයිතිකාරයන් කියන ජෝර්ජ් එච් ස්කොට් සහ එයාගෙ දුව රූත්. ඇමැන්ඩලට හිතාගන්න බෑ කුලියට දීපු ගෙදරක උනත් වෙන කට්ටියක් ඇවිත් ඉද්දි පදිංචිකාරයො ඇවිත් තමන්ට එදා රෑ එහේ ඉන්න දෙන්න පුලුවන්ද කියල ඇහුවම. ඇමැන්ඩ මේ දිහා සැකෙන් බැලුවට ක්ලේ නම් ඒ අමුත්තො දෙන්න කියන කතාව සම්පූර්ණෙන්ම වගේ පිලිගන්නවා.

ඒ අමුත්තො දෙන්න කියන්නෙ ටවුන් එකේ කරන්ට් නැති හන්දා වගේම සිග්නල් නැති ප්‍රශ්නෙ හන්ද තමයි තමන් මෙහෙම ආවෙ කියල.

පහුවෙන්දා උදෑසන, ගෙදර අන්තර්ජාලය සහ රූපවාහිනිය තාමත් වැඩ නැති හන්දා ඇමැන්ඩගෙ දූ ඉන්නෙ අවුලෙන්. මොකෝ එයා මාරම ආස කරන ෆ්‍රෙන්ඩ්ස් ටීවි සීරිස් එක බලන්න බැරි හන්දා . ඒ අතරෙ ඇමැන්ඩගෙ ෆෝන් එකට නොටිෆිකේශන් එකක් එනවා මේ බ්ලැක් අවුට් එකට හේතුව හැකර් ප්‍රහාරයක් කියලා. ඒ වගේම රෝස් ආයෙ පාරක් එයා කලින් දවසක දැකපු මුවෝ සෙට් එක ආයෙ දකිනව. හැබැයි මේ පාර අර කලින් ආව සෙට් එක වගේ දහ ගුණයක මුවෝ රොත්තක් එයාලගෙ ගෙදර වටකරගෙන ඉන්නවා. මේ හැම දෙයක් අතරෙම ජෝර්ජ් එයාගෙ අසල්වැසි යාලුවෙක්ගෙ ගෙදරට යනව මොකද්ද මේ වෙලා තියෙන්නෙ කියල දැනගන්න. ක්ලේ ටවුන් එකට යනව උදව්වක් ගන්න පුලුවන්ද කියල දැනගන්න.

මග වැරදෙන ක්ලේ පාර අහගන්න නතර වෙන්නෙ ස්පාඤ්ඤ බාශාව කතා කරන ගෑණු කෙනෙක් ලඟ. ඒ මනුස්සය කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති කොට ක්ලේ ආපහු එද්දි එයා දකිනවා ප්ලේන් එකකින් අරාබි බාශාවෙන් වචන වගයක් ලියපු පත්‍රිකා වගයක් බෙදාගෙන යනවා.

මේ අතරෙම මුවන් සිටීම ගැන සැලකිලිමත් වන රෝස්, ආචී සමඟ අසල වනාන්තරයේ ඇවිදන් යද්දි, හිස් මඩුවක් හමු වෙනවා.

මේ එකිනෙක සිදුවීම් අතරෙ කිසි ගැලපීමක් නෑ කියල අපිට තේරුණත් පස්සෙ තමයි මේ හැමදෙයක්ම අපිට එකිනෙක සම්බන්ධ කරගන්න පුලුවන් වෙන්නෙ.

ආපසු නිවසට එන GH, එයා දැකපු දේවල් ගැන ඇමැන්ඩට කියනවා. එයා කියන්නෙ මොකක් හෝ හේතුවක් නිසා රට පුරා චන්ද්‍රිකා සබඳතාව බිඳ වැටිල කියලා.

ක්ලේ ඇවිල්ල එයාට හම්බෙච්ච පත්‍රිකාව පෙන්නුවම එයාගෙ පුතා ආචි ඒක ට්‍රාන්ස්ලේට් කරල කියනවා එකෙන් කියන්නෙ ඇමරිකාවට මරණය කියන පණිවිඩය බව.

කතාව දිගට ඉස්සරහට ඇදිල යද්දි තව අමුතු අමුතු සිදුවීම් මහ ගොඩක් වෙනවා.

උදේක ඇහැරෙන ආචිගෙ දත් ඔක්කොම බිම වැටෙනවා. ගෙදර ස්විමිං පූල් එකට ෆ්ලැමින්ගෝස්ලා එනවා. ප්ලේන්ස් ඇවිත් බිමට කඩං වැටෙනවා.

වාහන ඔටෝ ඔන් වෙලා ඇවිත් එක එක පිට හැප්පෙනවා.

ඒ හැමදෙයක්ම අතරෙ රෝස් අතුරුදහන් වෙනවා.

ඇමැන්ඩා මේ හැම දේකටම සැක කරන්නෙ අර දවසක් රැයේ ආව අමුත්තො දෙන්නවා.

ඇත්තටම මේ සිදුවන සිදුවීම් වල පිටිපස්සෙ ඉන්නෙ ජෝර්ජ් සහ එයාගෙ දුව රූත් ද?

එහෙමනං ඒ දෙන්නා ඇමැන්ඩ සහ ක්ලේගෙ දුව වන රෝස්ට මොකද කරේ?

ආචි උදේ ඇහැරෙද්දි එයාගෙ දත් බිමට වැටෙන්නෙ කොහොමද?

මේ හැම දෙයක් ගැනම දැනගන්න අදම Leave the world behind බලන්න!

Related Articles

Don't Miss


Latest Articles