ප්‍රේමණීය සබඳතාවයක් පවත්වාගෙන යන්න උදව්වෙන ටිප්ස් කීපයක්

සබඳතාවයක් ඇතුලෙ ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක්.

දෙන්නගෙ රණ්ඩු බත් හැලිය ඉදෙනකම් විතරයි කියලා කියන්නෙ නිකන් නෙවෙයිනෙ.හැබැයි අපි ඕනම කෙනෙක් කැමති ප්‍රශ්න අඩු, නිස්කලංක, ප්‍රේමණීය සබඳතාවයක් පවත්වාගෙන යන්න පුළුවන් නම්.

ගොඩක් ප්‍රශ්න දුර දිග යන්නෙ අපි ඒ ප්‍රශ්න කතා කරන්නෙ නැති හන්දා. හිත අස්සෙ ප්‍රශ්න පුරවගෙන හිත ඇතුලෙන්ම ඒවට විසඳුම් හොයන නිසා.

Emotionally immature සබඳතාවයක ඉද්දි දෙන්නටම පොඩි අවුලක් වගේ දැනෙන එක සාමාන්‍ය දෙයක්.ඔය දෙන්න කොච්චර ගැලපෙනවා උනත්, ආදර සතුටෙන් ඉන්න අවස්තා කොච්චර වැඩි වුනත් මේ Frustration එක දැනෙන අවස්ත සබඳතාවයක් ඇතුලෙ නැතුවම නෙවෙයි.

ඒකට හේතුව වෙන්නෙ අපි නිතර නිතර එකම දේ ගැන තර්ක් කරනවා, අමනාපය දිගටම හිතේ රඳවගෙන ඉන්නවා. විසඳන්න අමාරු වගේම හිතට දුකක් අරගෙන එන දේවල් ගැනම විතරයි හිතන්නෙ. මේ නිසා සබඳතාවය චුට්ට චුට්ට පිළුණු වෙන්න ගන්නවා.

අපේ සබඳතාවයේ තියෙන  Emotionally immature බව නිසා ගැටලුවක් ආවම ඒ ගැටලුව කෙලින්, කතාබහ කරලා විසඳගන්න බැරිකම අපි නොහිතන අන්ත වලට අපේ සබඳතාවය අරගෙන යනවා.

Emotionally immature බව හඳුනා ගැනීම තුලින් අපිට පුලුවන් අපේ සබඳතාවයේ තියෙන ගැටලු ලස්සනට විසඳගෙන, වඩා යහපත්, ප්‍රේමණීය තැනකට අරගෙන යන්න. ඒක කරන්න පුලුවන් ක්‍රම පහක් අපි මේ ලිපිය ඔස්සේ ඔයාලා වෙත අරගෙන එනවා. මේ ක්‍රම 5 යොදාගෙන අපේ සහකරු/සහකාරිය එක්ක කතා කිරිම තුළින් ගැටුම් සහ negative feelings අඩු කරගෙන, සබඳතාවය දිහා වෙනස්ම අලුත්ම විදියකට බලන්න හැකියාව ලැබෙනවා.

උපහාසය

මිනිසුන් අනිත් අයගෙ attention එක ගන්න තියෙන ආසාව හන්ද ප්‍රශ්න වවාගෙන කනවනෙ. සමහර අය ඉන්නව කිසිම වෙලාවක ප්‍රශ්නෙ විසඳගන්න විදියක් හිතන්න හෝ ඒ කරන්න පුලුවන් විදියක් ගෙන ගන්න කැමති නෑ. ඒ නිසා ගැටුම් ඵලදායි ලෙස කළමනාකරණය කරනවා වෙනුවට, ඔවුන් නින්දිත අදහස්, විහිළු සහ උපහාසය හරහා අමනාපය ප්‍රකාශ කරනවා. උපහාසය මේ මොහොතේ හාස්‍යජනක විය හැකි නිසා මෙය උපක්‍රමශීලී දෙයක් වුනත්  දිගු කාලීනව, ඒක අපිට රිදවන්න වගේම අනෙක් කෙනා එක්ක සතුරු වෙන්න හේතුවෙනවා.

ඊලඟ වතාවක කවුරුහරු ඔයාට එහෙම උපහාසයෙන් සලකනවනම් ප්‍රශ්නයක් වෙලාවෙදි, පුලුවන් තරම් උත්සහ කරන්න  ඒ ප්‍රශ්නෙ ගැන කතා කරන එක Serious කරන්න.

උදාසීන ආක්‍රමණශීලී හැසිරීම

සමහර වෙලාවට ප්‍රශ්නයක් ආවම අපි කෙලින්ම ඒ ගැන කතා කරනව වෙනුවෙන් ප්‍රශ්නෙ මගාරින්න හරි, ආක්‍රමණශීලී වෙන්න හරි කටයුතු කරනවනෙ.සමහරු ප්‍රශ්නෙ මග හරිනවා, නොසලකා හරිනවා, ඇහුනෙ නෑ වගේ ඉන්නවා, silent treatment දෙනවා.

සමහර වෙලාවට එක සහකරුවෙක් මේ වගේ සතුරු හැසිරීමක් පෙන්වද්දි අනිත් කෙනත් කෙහෙ වලු පටලවගන්න එනවනම් ප්‍රශ්නෙ දුර යනවා. ඒ වගේ වෙලාවක කරන්න ඕන මේ හැසිරීමට හේතුව මොකද්ද කියන එක ගැන හොයලා බලන එක.

“මොකද්ද අවුල?” කියලා එයාගෙන් අහන එක. යම් දෙයක් වෙලා තියෙනවා කියල ඔයාට හිතෙනවනම් වඩාත්ම හොඳ දේ තමයි ඒක නොසලකා හරින්නෙ නැතුව එයා එක්ක ඒක ගැන කතා කරන එක.

විහිලුවෙන් කියන කතන්දර

සමහර විහිලු අස්සෙ හැංගිලා තියෙන්නෙ අපි නොහිතන විදියෙ ප්‍රශ්න වලට තුඩු දුන්න හේතු. එයා ඔයාට කතා කරන විදි, ඉඳලා හිටලා කියන නික් නේම්ස් වල පවා මේ ප්‍රශ්න තුඩු දෙන හේතු හැංගිලා තියෙන්න පුලුවන්.

අපිට හැමතිස්සෙම අනික් කෙනා ගැන හොඳින්ම, සතුටෙන්ම ආදරෙන්ම හිතන්න බෑ. සමහර හැසිරීම් තියෙන්න පුලුවන් අපිට ඇත්තටම දරාගන්න අමාරු.ඒ වගේ දේවල් අපි කෙලින්ම නොකිය සමහරවිට වක්‍රාකාරව කියනවා.

උදාහරණයක් විදියට එයා ගේ අස් කරද්දි ඔයා කම්මැලිකමේ ඇඳල වෙලා ඉන්නවනම් එයා ඔයා විහිලුවෙන් වගේ “කම්මැලියා” කියල කියන්නෙ නිකන්ම නෙවෙයි කියලා තේරුම්ගන්න ඔයාට පුලුවන් වෙන්න ඕන. ඒ තේරුම් ගැනීම ඒ ප්‍රශ්නෙ වඩා දුර දිග යන එක අවම කරන්න හේතු වෙනවා.

ළමා හැසිරීම

සමහර සබඳතාවල අපි දකිනවා එක්කෙනෙක් දරුවෙක් විදියට හැසිරෙද්දි අනෙක් කෙනා parent කෙනෙක් වගේ හැසිරෙනවා.මෙහෙම සබඳතාවයක් ඇතුලෙ ඒ parent කෙනෙක් වගේ ඉන්න කෙනාට ජීවිතේ එපා වෙනවා මොකද එයාට හිතෙන්නෙ හැම වගකීමක්ම තමන්ගෙ කර උඩ රැඳිලා තියෙද්දි අනෙක් කෙනා හරි විනෝදෙන් ඉන්නවා වගේ.

සබඳතාවයකදි වගකීම් දෙදෙනා අතර බෙදී යන්න ඕන බව අපි හැමෝම දන්නවා. ඕනම සබඳතාවයකට සාධාරණ දායකත්වයක් දෙන්න අපි දෙගොල්ලන්ටම පුලුවන් වෙන්න ඕන.

ඔයා ඉන්නෙ මේ වගේ සබඳතාවයක ළමයාගෙ භූමිකාව ඇතුලේ වේවා දෙමව්පිය භූමිකාව ඇතුලෙ වේවා මේ ගැන ඉක්මනටම හිතලා බලන එන, මේකට හොඳ විසඳුමක් දෙන එක සහ තමන්ගෙ වගකීම් සහ දායකත්වය ගැන හිතන එක ඔයාගෙ relationship එකේ යහපත් අනාගතයට උදව්වක් වෙන බව අමතක කරන්න එපා.

Gaslighting

Gaslighting ගැන අපි මීට කලිනුත් අපේ ලිපියක කතා කරා. ප්‍රේම සබඳතා ඇතුලෙ වගේම විවාහ සබඳතා ඇතුලෙත් මේ Gaslight කිරීම දකින්න ලැබෙනවා. හැබයි සබඳතාවයක් යහපත් කරගන්න නම් මේක එච්චර හොඳ විදියක් නෙවෙයි.

මේක එක්තරා විදියක චිත්තවේගීය අපයෝජනයක් කියලා කියන්න පුලුවන්.ඔයා මොන දේ කිව්වත් එයා ඒකෙ වරදක් දකිද්දි, ඒක ප්‍රශ්න කරද්දි, ඒකට විරුද්ධ වෙද්දි සබඳතාවයක් ඇතුලෙ හිරවෙලා ඉන්නව කියල හිතෙන එක සාමාන්‍ය දෙයක්.

මේ වගේ වෙලාවක කෙනෙක්ට ඕන නම් රණ්ඩු වෙලා, “ඇයි මට එහෙම කරන්නෙ?” කියලා අහන්න පුලුවන් වගේම හොඳින්, ප්‍රශ්නෙ නිරාකරණය කරගන්න හිතාගෙන සාමකාමී විදියටම ඒ ප්‍රශ්නෙම අහන්න පුලුවන්.

ඒ වගේම කොච්චර කරත් එයා වෙනස් වෙන්නෙ නැත්තම් Relationship එක ඇතුලෙ පොඩි break එකක් ගන්න එක උනත් ප්‍රශ්නෙ දිහා අලුත් ඇහැකින් බලන්න ඔයාට උදව් කරාවි!

Related Articles

Don't Miss


Latest Articles