දිනය පුරාම චත්‍ර නිහඬව සිටීම නිසා අයත්මා උන්නේ යම් පීඩනයකට පත් වෙමිනි. ඇය දහස් වතාවකට වැඩියෙන් ඇමතුම් සඳහා උත්සාහ කලාය. එහෙත් ජංගම දුරකතනය වූයේ ක්‍රියා විරහිතවය. චත්‍ර අහිමිවීමේ බිය වෙන කවරදාටත් වඩා අයත්මාට දැනෙන්නෙට ගෙන තිබුණි. ඊටත් වඩා අහිමිවීමේ ප්‍රස්තූතය තමා විසින් තනා ගත්තේය යන පසුතැවීම ඇය රිදවමින් තිබුනි. ඕ සාධාරිණීකරනය සඳහා කෙරූ එකඳු උත්සාහයක්වත් සාර්තක වුයේද නැත. අයියා සමඟ කිසිවක් කතා බහ කරන්නටවත් සිතක් වූයේ නැත.
අවිශ්ක නිවෙසින් බැහැරව ගියේ අයත්මාට යන්තමින් ඒ බව කියමිනි. පෙර දින රාත්‍රියේ සිහිනි සමඟ වන සංවාදයට ඉඩක් නොලැබීම නිසා ඔහු සැලසුම් කරමින් උන්නේ සිහිනි මුණ ගැසෙන්නට හැකි විදියකි. උදෑසනම ඒ පිළිබඳව විමසීමෙන් පසු සිහිනි තිස්සමහාරාමයට පැමිණෙන බව කීවාය. දියණිය නිමලා අම්මා සමඟ සවස නින්දේ උන් නිසා අවිශ්ක වහා සූදානම් වී එලියට බැස්සේය. පෙර කතිකා කර ගත් ස්ථානයට අවිශ්ක යන විටත් සිහිනි එහි විත් උන්නාය. ඔහු ඇයද කැටුව කුඩා අවන්හලට ඇතුලු විය.
ලෙමන් පානයන් දෙක දෙදෙනා ඉදිරියට එන තුරුම දෙදෙනාම උන්නේ නිහඬවය.
” චත්‍රයා මොකෝ …”
” දවසම ගෙදර අයියේ …. ෆිල්ම් බලනවා… අපි එක්කත් කතාවක් නෑ…. මොකද්ද මන්දා ලොකු අප්පච්චී එයාට ගෙනාව ප්‍රොපෝසල් එකක් ගැන කිය කියා ඉන්නේ.. එයා එයාගෙන්ම පලිදරනවා.. …”
අවිශ්ක හිස සැලුවේය. චත්‍ර පෙර දින පැමිණ තමාටද එවැන්නක් පැවසූ බව යන්තමින් සිහිපත් කලේය.
අවිශ්ක සියල්ල පැවසීමට හිත හදාගත්තේ පෙරදින රැය පුරා කල්පනා කිරීමෙන් පසුවය. සිහිනි ඇයට සිදුවූයේ කුමක්දැයි කියා දැනගත යුතුය.
තමා සහන් හමුවූ බවත්, ඔහු විසින් සියල්ල සිදු කර ඇත්තේ සැලසුම් සහගතව බවත්, තමාද, සිහිනිද අතුලු සියල්ලන්ම ඒ සැලසුමේ ගොදුරු බවත් පවසද්දී සිහිනි හොල්මනකට බිය වූ සෙයින් බලා උන්නාය. අවිශ්ක ඇගේ නොසන්සුන්කම මනාව වටහාගෙන සාන්ද්‍රනය හැකි තරමින් අඩු කරමින් සියලු තොරතුරු පැහැදුවේය. ඇයට තමා සිටින බව ඒත්තු ගන්වන ස්වර නොඅඩුවව දැවටුවේය.
” මෙතන ඔයාට තමයි ලොකුම අසාධාරනේ උනේ නංගී …. ඒත් ඒක මල්ලි කෙනෙක් තමන්ගේ අක්කාගේ දුක් කඳුලු වෙනුවෙන් ගත්ත පලි ගැනීමක් හින්දා මට ඒ අසාධාරණේ එක්ක හැප්පි හැප්පි යන්න හිතෙන්නේ නෑ… ඔය කියන විදියට චත්‍රයා නිසා ඒ කෙල්ල නොසෑහෙන්න මානසික වේදනා විඳලා තියෙනවා.. එකම වරද ඌ ඒකිව රිජෙක්ට් නොකර ළඟ තියා ගත්ත එක.. ඒකෙන් ඒකි හෝප්ස් හදාගන්න ඇති …… ඔයාගේ අයියා වෙනුවෙන් ඔයාට ගෙවන්න වුනේ …”
සිහිනි කඳුලු පිසදාගන්නට උත්සාහ කරත්, සාර්තක වූයේ නැත. නෙත තෙත ඕ කොපුල් පොඟවා දමමින් තිබුණි. අවිශ්ක උන්නේ අතිශය පාලනයෙන් උත් සිතුවිලි එක්කය. ඇය තම නැගණියටද වසරක් බාල කුඩා කෙල්ලකි. එහෙත් මේ දැනෙන කිතිය ඇය හා බෙදා ගන්නට තමාට අයිතියක් නැත.
චාරුණී මිය ගියේ තම ජීවිතය අඳුරක හෙලමිනි. එදින මෝටර් සයිකලයේ පාලනය තොරව ගියේ චාරුණී ඇගේ කාර්‍යාලයේ අයෙකු සමඟ වූ වසර දෙකක පමන වන අනියම් සම්බන්ධතාවයක් අතටම අසු වීම නිසාය. නේජාගේ පීතෲ ත්වය ගැන සැක සංකා ඉපදීම නිසාය. සිතා උන්නේ යතුරු පැදිය කොහේ හෝ වද්දවා දමා දෙදෙනාම එක්ව මිය යන්නටය. එහෙත් සැනින් අයත්මා සිහිවිය. කුඩා නේජා සිහිවිය. පියවි සිහියට එලැබෙන විට සියල්ල සිදුවී තිබුණි.
අවිශ්කද නෙත් දෑතින්ම මිරිකා දැම්මේය.
මිතුරාගේ බස් සිත තුල දෝංකාර දෙන්නට පටන් ගත්තේය. එහෙත් පාලනය වීම අවැසිය.
” මචං .. දෙයක් වේ නම් යම්, පිළි ගන්නටද හැකි, ඒක පිළිගනින් ….”
” පිස්සුද බං උඹට ?… සිහිනි කියන්නේ අපේ නංගීටත් බාල කෙල්ලෙක් … මං හිතන්නේ ඒකි මට අවුරුදු අටක්වත් බාල ඇති ….”
අවිශ්කට නොතේරීම මිතුරා ඔහු ලවා යමක් එලියට අදිමින් උන්නේය.
” ඇයි බං උබ ඕවා කියන්නේ?.. මං දැන් ඔය වයස් සම්බන්ධතා ඇදෙන්න නියමිත යමක් පැවසුවේ නෑනේ මිතුර …”
” පලයං බං.. කට වහගෙන ඩ්‍රයිව් කරපං…”
” උඹ ඔය පපුවට තට්ටු කරලා අහපං උඹට ඕනෑ දේ.. කෙල්ල තාම පොඩියි බං.. ඒකිට පුලුවන් ඕනි කෙනෙක්ට ඇජෙස් වෙලා අම්මා කියලා පිලිගන්න ….”
” පිස්සුද හු&* උබට … උඹ දැන් කියන්නේ මම සිහිනිට ආදරේ කරනවා කියලාද?….”
මිතුරා දෑස් විසල් කරගෙන බලා උන්නේය. ඒ අතරේ ඉදිරිය බලමින් වාහනයද පාලනය කලේය.
” කවුද බං එහෙම මඟුලක් කිව්වේ?.. මං කිව්වේ උඹ ආයේ බැඳපං කියලා.. එහෙම නැතුව සිහිනි ගැන මුකුත් නෙවෙයිනේ බං … ඈ බං ..උඹ සිරාවටම ඒකිට ලව්ද ..”
අවිශ්ක වහා පියවි සිහියේ රැඳෙන්නට උත්සාහ කලේය. සිතෙහි මෙතරම් කලබලයක් ඇති වීම පහසු නැත.
” සිහිනි … මට තේරෙනවා නංගීට දැනෙන්නේ කොහොමද කියලා… තමන් ජීව්තේ හරි ආදරෙන් විශ්වාස කල දේවල් වලින් රැවටීම ඉතුරු වෙන එක කවදාවත් දරාගන්න ලේසි නෑ … ඒක මම ඔයාට වඩා හොඳට, තදට දන්න මිනිහෙක්.. ඒත් සමහර වෙලාවට , සමහර දේවල් අපිට දරාගන්න වෙනවා… “
සිහිනි ආයාසයෙන් තමා පාලනය කරගන්නට උත්සාහ කලාය. සහන් තමා හැර ගිය බව විශ්වාස කරන්නට ඇය උත්සාහ කරමින් උන් බව සැබෑය. එහෙත් ඔහු පෙන්වා ඇති ප්‍රේමයම මුලාවක් බව පිළිගන්නට ඇයට හැකි වූයේ නැත. ඔහු සියල්ල සිදු කර ඇත්තේ සැලසුම් සහගතව පමණක් වන බව විශ්වාස කරන්නේ කෙලෙසද?
” ඔක්කොම රැවටීමක්ද?….”
සිහිනි විමසුවාය. ඇයට ඒ සියල්ල ආපස්සට ඇදී ගොස් මුසාවක් සේ ඇසේවාය නොසිතුනා නොවේ. අවිශ්ක ඇය දෙස නිහඬවම බලා උන්නේය. සිහිනි ඔහු වටහා ගත් බව පෙන්වමින් හිස සලන්නට පටන් ගත්තාය. ඔහු ඉදිරියේ මෙලෙස හඬා වැටීමද, සුවපත් වීමට උත්සාහ කිරීමේ අසාර්තක වීම හෙළිදරවු වීමද සිහිනිට අපහසුවක්ව දැනෙන්නේ නැත. මේවා නම් නැති හැඟීම් නොවේ. එහෙත් අයෙකු ඉස්සර වන තෙක් නම් වැටෙන්නේ නැති හැඟීම් ය.
අවිශ්ක නැගිට්ටේය. සිහිනි ඔහු දෙස බැලුවේ තිගැස්සී මෙන් දෑස් උස්සාගෙනය. ඇයට දැන්ම සමුගන්නට අවැසි නැත. අවිශ්ක මේසය වටෙන් ඇය වෙත ඇවිද එද්දී සිහිනි අසුනේ පසෙකට හැරී සිදුවන්නේ කුමක්දැයි වටහා ගන්නට උත්සාහ කලාය. අවිශ්ක දණෙන් නැවී ඇය අසලින් හිඳගෙන, ඇගේ දෑතම අල්ලා ගත්තේය. ඒ දෑත් වූයේ සීතලව ගොසිනි. සිහිනි බිඳකුදු සෙලවුනේ නැත.
අවන්හලේ මිතුරා තමන්ට අවැසි නිදහස ඇති පමණ සලසා ඇත් බව දන්නා නිසාම අවිශ්ක කලබල ව උන්නේ නැත. හදිසියක් නැත.
” මොනදේ කොහොම වුනත්, මං ඔයාට ඉන්නවා කියලා මතක තියා ගන්නවද නංගී ?….”
අවිශ්ක ඇගේ දෑත් යන්තමින් තද කරමින් ඇසුවේය. සිහිනිගේ හද කෝඨරක වලින් රුධිර ගමනාගමන වේගය ඉහල යන්නට පටන් ගෙන තිබුණි. ඕ හිස සැලුවාය.
” ඉස්සරහට කොහොම මොන දේට මුහුන දෙන්න වුනත්, මට කතා කරනවා මිසක් හදිසි තීරනයක් ගන්නේ නෑ කියලා පොරොන්දු වෙන්නත් පුලුවන්ද?…”
යන්තමින් විවේක ලබා තිබූ කඳුළු ග්‍රන්තීන්හී රාජකාරි යළි අලුත් විය. කොපුල් පෙඟෙමින් තිබුනි.
” සහන් නරකම දෙයක් වුනත් කරන්න පුලුවන්… ඌ ඉන්නේ වියරුවෙන් … ඌට එහෙම ලීක් කරන්න තරම් දෙයක් එයා ළඟ ඉතුරු කරලා තියෙනවද ඔයා?…”
සිහිනි එවර ඉකි ගසා හඬමින්ම එවැන්නක් නැති බව පවසන්නට උත්සාහ කලාය.
” හරි .. එහෙනම් අපි බලාගෙන ඉමූ…. දැනට චත්‍රට මේ ගැන කියන්න ඕනි නෑ … මම මේක මැදහත් විදියට බැලුවට ඌ එහෙම බලන එකක් නෑ නංගී ..”
අවිශ්ක ඇගේ අත් අත නොහැරම කීවේය. ඕ හිස සැලුවාය. දැන් තනියක් නැති වග දැනෙයි. අයියාගෙන් වෙනස්, අයියා තරම් වන මොකද්දෝ හයියක් තමා වසා ඇති වගද දැනෙයි.
අවිශ්ක ඇගේ දෑත් අල්ලාගෙනම නැගිට්ටේය. එක් අතකින් ඇගේ හිස පිරිමැද්දේය.
” මොන දේ වුනත්, මම ඉන්නවා…”
ඔහු එලෙස කීවේය.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |