නුඹ තරම් ප්‍රේමයක් – 55

පනස් පස් වැනි නෙත් සැරිය

අයත්මා චත්‍ර අසලින් හිඳගෙන උන්නාය. ඇය හඬමින් උන්නේ චත්‍ර වෙනුවෙනි. ඔහු සියල්ලන් නිසාම අසාධාරණයට කල් වූ කෙනාය. තමාද, අයියාද,  සිහිනිද, සහන්ද, චත්‍රගේ දෙමාපියන්ද, තම පියාද යන සියල්ලන්ම ඔවුන්ගේ බලාපොරොත්තු සහ වැරදි වැටහීම් වෙනුවෙන් බිලිගෙන ඇත්තේ චත්‍රවය.

” කල්පනා ප්‍රෙග්නන්ට් වෙලා කියලා දැනගෙන තිබුණේ ලංකාවෙන් ආපු ගමන්ම … ඒ මෙහේදී කල්පනා එක්ක ශෝර්ට් ටර්ම් අෆෙයාර් එකක් තිබ්බ කොල්ලෙක් නිසා…. ඒකි සූසයිට් කරගන්න කලින් දවසේ රෑ , ඒකිගේ වාසනාවට මගේ කරුමේට මට ඒකි සෙට් වුනා… ඒ ඒකි අඬ අඬා සුපර් මාර්කට් එකක ඇවිද ඇවිද ඉන්නකොට ……

 ළමයා ලැබෙනකල් ඒකිව බලාගන්න මම ප්‍රොමිස් වුනා.. මාස තුනක් විතර මම ඒකිව බලා ගත්තා… ඒකිගේ හිත හැදුවා.. එහෙ ප්‍රෙග්නන්ට් ස්ටුඩන්ට් කෙනෙක් කියන එක මැජික් එකක් නෙවෙයි කියන එක ඒත්තු ගැණ්වුවා..

එක දවසක් උදේ බබා ඇබෝර්ට් වෙලා තිබ්බා.. එතනදිත් සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුනා … කැම්පස් එකෙ අපේ ලංකාවේ උන්  පැත්තෙන්,  කල්පනාගේ රූම් මේට්ගේ පැත්තෙන් වගේම කල්පනා එක්ක ඔය අෆෙයාර් එක තිබ්බ කොල්ලාගෙනුත් … 

 ඒත් ඒ ප්‍රශ්න ඔක්කොමත් මම විසඳුවා… කල්පනාගේ රූම් මේට් කෙල්ල කල්පනාට සපෝර්ට් කරන්න එකඟ වුනා.. යාලුවෙක් විදියට පිලිගත්තා … ඒත් ආයේ ප්‍රශ්නේ ඇදුනේ ඒ යාලුවාගේ  කොල්ලා මේ දෙන්නා උන්න අපාර්ට්මන්ට් එකට නවතින්න  ආවම.. ඌ කල්පනාගේ අතීත කතන්දර ඔක්කොම දන්න එකෙක්.. ඌ කල්පනාගේ ගෙදරට ඒවා කියනවා කියලා ඒකිව බ්ලැක් මේල් කරලා වෙන වෙන කතන්දර වලට යන්න පටන් අරන් තිබ්බා … ඒවා අපිට හිතන්නවත් බැරි මහ විකෘති කතන්දර….. ඒකි ආයෙම  ජීවිතේ අතාරින්න තීරනය කරලා උන්නේ…

අන්තිමේදී, මමයි ඒකිට කීවේ මාත් එක්ක අපාර්ට්මන්ට් එකේ ඉන්න එන්න … මම හැමෝටම කිව්වා ඒකි මගේ කෙල්ල කියලා…. එහෙම කිව්වේ අරූගේ කට වහන්න ..මොකද මම කාගේ කවුද කියලා එහෙ උන්න ලංකාවේ හැමෝම වගේ දැනගෙන උන්නේ …

ඊට පස්සේ තමා කල්පනා නාඩගම පටන් ගත්තේ.. ඒකි මට ආදරෙයි ආදරෙයි  ගගා එන්න ගත්තා … මං ආදරේ නොකලත් මට ආදරේ බව කිය කියා මගේ වටේම හිටියා.. එලියේ ඉන්න  වෙලාවට මට ඒකිව නිග්ලෙක්ට් කරගන්න බැරුව ගියා … 

මං පිලිගන්නවා අයත්මා, මං ඒකි මට දුන්න ඇටෙන්ශන් එකට ඇබ්බැහි වෙලා උන්න වරු තිබුනා .. ඒ ප්‍රොටෙක්ශන් එක එක්ක මට ජීවිතේ ලේසි වුනා.. ඒත් ඒකෙන් කියවෙන්නේ මම ඔයාව අතෑරලා කල්පනාට ආදරේ කලා කියලා නෙවෙයි ….

මට කල්පනාව ස්පෙශල් ගෑණියෙක්.. අදටත් .. ඒත් කවදාවත් මට කල්පනාව ආදරෙන් වැළඳගන්න ඉඩක් ලැබුනේ නෑ… ඉඩක් මගේ හිත දුන්නේ නෑ … මං දන්නේ නෑ ඔයාට කොයි තරම් දුරට මේ කතා විශ්වාසද කියලා.. ඒත් මට ආයේ ආයේ දිගින් දිගට මාව පැහැදිලි කරන්න ඕනිත් නෑ ..

ලංකාවට යනකොට මම කල්පනාට පැහැදිලිවම කිව්වා, මම ඒකිට කරපු උදව්වේ කෙලෙහි ගුණවත් තියන්න ඕනි නම්, මට ඇත්තටම ආදරයක් තියෙනවා නම්, ලංකාවේදී මාව හොයාගෙන එන්න හිතන්නවත් එපා කියලා … මම එහෙම කියපු එක නරක ඇති .. ආත්මාර්තකාමී ඇති …නරක, නපුරු ඇති. ඒත් එදා එහෙදී ඒකි මට ආදරේ බව කීව වෙලාවේදි  රෙදි ටික බෑග් එකේ දාලා එලියට යවන්නේ නැතුව, මගේ ගෙදර ඒකිව තව තියාගත්ත එක තරම් නම්   නරක නැහැ කියලා මං දන්නවා…

……..ඒකි අඬ අඩා මගේ කාමරේට එබෙනකොට, කාමරේ දොර වහගෙන පාඩුවේ නිදාගන්නේ නැතුව, ඇවිත් ඉඳගන්න කියලා , මගේ උරිස්සත් අඬන්න දීලා බලන් උන්න තරමට නරක නෑ කියලත් දන්නවා….

ඒකි සහන්ට මොනවා කියලාද මම දන්නේ නෑ… මට අහන්න යන්න ඕනිත් නෑ ..  ඒත් මම සහන්ව හම්බවෙලා මගේ නංගිටයි, අයත්මටයි කරපු දේට ඌට ලැබෙන්න ඕනි දේවල් ටික දෙනවා..

එතැනින් පස්සේ මගේ ජීවිතේ කොයි පැත්තට වෙනස් වුනත්, මම ඒක කරනවා…

මොකද, ඌ මගෙන් පළිගත්තේ උගේ අක්කගේ පවු වලට …

මම එහෙදී ඒකිගේ අක්කව කරගහගෙන නොමැරී තියාගත්තට උදේ හවස මට මල් තියන්න ඕනි එකේ, ඌ මට කරපු දේට ඌට විඳවන්නම වෙනවා ..

…….. මං ආයේ මේ ගැන කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කියන්නේ නෑ … අහන්නත් එපා… මාව විශ්වාස නම් , මා එක්ක ඉන්න .. එහෙම නැත්නම්, අර කිව්ව විදියට අවිශ්ක සුදුසු දෙයක් බලලා කරන්න .. අයත්මාත් කීවානේ, අවිශ්ක ඇරෙන්න ජීවිතේ ඉන්න ඕනි වෙන කෙනෙක් දැන් නෑ කියලා….”

අයත්මා ට චත්‍රගේ බිඳුණු වදන් යළි යළි ඇසීම නැවතුනේ නැත. ඕ චත්‍රගේ සුරතේ අතැඟිලි අස්සෙන් අතැඟිලි යවා පටලා ගත්තාය. එහෙත් චත්‍රගෙන් එයට කිසිඳු සහයෝගයක් ලැබුනේ නැත, ඔහු උන්නේ කිසිවෙකුට සෙලවිය නොහැකි පවුරක් තමා වටා සකසා ගනිමිනි.

” උඹ මෙවෙලේ කලබල වෙන්නෝන් නෑ බං …”

” මං කරන්න ඕනි දේ ගැන මට උබේ ඔපීනියන් ඕනි නෑ අවිශ්ක .. උඹ සහන්ව මුන ගැහිලා ඌව නලවලා කරලා ආවාට, මට එහෙම ඕනි නෑ.. ඌ මගේ ඉස්සරහ දාන සෙල්ලම් වල හැටියට, ඌ කරපු බලු වැඩ ටිකත් එකතු වෙලා ඌට රිටර්න් එක ලැබෙනව…. එච්චරයි …”

” වෙච්ච දේවල් වුනා බං …”

” උඹට එහෙම හිතන්න පුලුවන් ඇති …… මට බෑ..මං කල්පනා එක්ක බුදියගෙනවත්  නෑ බං…මම හැමදාම ඒකිට කිව්වා මම ආදරේ කරන්නේ අයත්මාට බව.. ඒත් ඒකි කිව්වේම ඒකට කමක් නෑ ඒකිට ඉන්න දෙන්න කියලා… එහෙ මේ විස්තරේ සම්පූර්නයන්ම දැනගෙන උන්නේ එක ඉන්දියන් කොල්ලෙක් විතරයි.. ඌ මට කිව්වේම කල්පනාට ඇනෙක්ස් එකක් අරන් දීලා පගේ ඇනෙක්ස් එකෙන් යවන්න කියලා.. මම ඒක අක්‍රනන් ලෑස්ති වෙන හැම වතාවකම ඒකි කලේ නොකා නොබී, බීලා බීලා ක්ලබ් වල වැටෙන එක. අන්තිමේදි ඒ ඉන්දියන් කොල්ලාවත් එක්ක මම යනවා ඒකි කර ගහන් එන්න.. ඒ නිසා ටික දවසකින් මම එහෙම කියන එකත් නැවැත්තුවා…..”

අවිශ්ක ඉන් එහා කිසිත් නොපවසා එතැනින් ඉවතට ඇවිද ගියෙය. අයත්මා චත්‍ර දෙස බැලුවාය. ඔහු කෘෂව ගොසිනි. පිරුණු කම්මුල් හැකිලී ගොසිනි.

” ආදරේ කියන්නේ මේක නම්, මේක මට ඕනි නෑ අයත්මා .මේ සැකේ එක්ක ජීවත් වෙන්න ලේසි නෑ.. ඔයා කලනට ආදරේ ඇති, ඌ එක්ක සෙට් වේවි කියලා මට හිතුන දවස් තිබ්බා.. එහෙම දවස් මහ ගින්දරක් .. ඒත් මම තේරුම් ගත්තා, ඔයා මේ මොහොතේ ඉන්නේ මා එක්ක කියන එකයි වැදගත් කියලා.. ඒත් ඔයාට එහෙම බැරි නම්.., අපි පාඩුවේ ඉන්නෝනි …”

” හ්ම්….”

අයත්මා අසීරුවෙන් හඬක් පිට කරගත්තාය. ඔහු වෙතම ඇලවී තිබූ දෑස් වෙනතක ඇලෙව්වාය. ශරීර අභ්‍යන්තරයෙන්ම වන දැවීමක රිදුම ඇයට නොඅඩුව දැනෙන්නේය. චත්‍ර නවතා ගන්නට හැකි තරමේ ප්‍රේමයක් තමා සතු නොවනවාය යන දුර්වල හැගීම මතු වෙමින් දැනෙන බව අත් වින්දේය.

“ ඔයාට ඕනි නම් මට කලණට කතා කරන්න වුනත් පුලුවන් ..ඌ තාම ඔයා ගැන බලාපොරොත්තු අතෑරලා නැතුව ඇති…..”

අයත්මා තිගැස්සුණාය. චත්‍ර හෙලූ සුසුම ඇයට ඉතා බරට ඇසුණි. දැනුණි. ඕ වහා ඔහු වෙත නැඹුරු වූවාය. චත්‍ර උන්නේ නොසැලෙමිනි.

” එක වචනෙකට ඔයා මෙච්චර පලිගන්නවද චත්‍ර ?…”

චත්‍ර දෙතොල් අගින් සරදමක්ද මුසුවූ සිනහවක් පමණක් අයත්මාට ඉතිරි කලේය. අයත්මා ඒ සරදම් සිනහව මහා බෝම්බයක් මෙන් සිතා තම හදවතට ගෙන පුපුරවා ගත්තාය.

” ඔයාට දැන් මාව ඕනි නැද්ද චත්‍ර ..”

” මට දැන් ඕනි නැත්තේ මාවයි අයත්මා ….”

චත්‍ර අයත්මා ගේ විමසීම අවසන් වනවාත් සමඟම කියා අවසන් කලේය. ඔහු සැබැවින්ම උන්නේ කලකිරීම පාලනය කරගන්නටම අපහසු තත්පර ගෙවමිනි.

” ඔයා.. එතකොට … මොකක්ද කරන්න යන්නේ ?…”

අයත්මා ඉතාම පහත් ස්වරයකින් විමසුවාය. ඕ උන්නේ ඔහුගේ අතෙන් නොගැලවෙමිනි.

”  ඒකෙන් ඔයාට වැඩක් නෑ..අහන්න එපා…”

” අපිට ජීවිතේ එක වතාවක්වත් වැරදීමක් වෙන්න බැරිද චත්‍ර ?… ඒ වැරදි වලට සමාව ඩිසර්ව් නැද්ද අපි ?…  සහන් ඔයාගෙන් එච්චර සැලසුම් කරලා පලිගත්ත එක ඇහුවම, මට හිතුනේම ඔයා නිසා කල්පනාට මහ අසාධාරනයක් වෙන්න ඇති කියලා… මට දැණුනේ කලකිරීමක් .. රෑ තිස්සේ මං ජීවත් වුනේ ඒ කලකිරීම එක්ක… මට එක විනාඩියක් නින්ද ගියේ නෑ.. උදේ මම ඔයාට එහෙම  ඛෑ ගැහුවේ ඒ ඩිසපොයින්ට්මන්ට් එක එක්කම මං උන්න මහා වෙහෙසයි, ඉරිසියාවයි  නිසයි චත්‍ර … මට .. මට මාව කොහෙත්තම කන්ට්‍රෝල් තිබ්බෙ නෑ… ඔයා .. ඔයාට .. රිදෙනවා කියලා මට එවෙලේ දැනුනේ නෑ…”

” හරි … ආයේ ආයේ ඔයා ඔයාව මට පැහැදිලි කරන්නෝනි නෑ.. මං ආවේ සිහිනි මට බල කරා මේ ඔයාටත් කියන්න කියලා .. කැමති නම් විශ්වාස කරන්න එච්චරයි …”

” අනේ ප්ලීස් චත්‍ර … ඔහොම කරන්න නම් එපා ….”

චත්‍ර කිසිත් නොකියාම උන්නේය. 

| අපේක්ෂා ගුණරත්න | 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles