චීන කාන්තාවන්ගේ ලස්සන වීමේ රහස්

චීන කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැහැලප කැළැල් නොමැති පැහැපත් නිරෝගී සම සියල්ලන්ගේම අවධානයට ලක් වනවාමේ සුන්දරත්වයේ රහස් වසර දහස් ගණනක් පුරාවට ඔවුන් අත්විඳිමින් ඉන්නවාඉතින් එවන් සුන්දර පැහැපත් සමකට උරුමකම් කියන්නේ කොහොමද කියලා.

සම නිසි ලෙස සැකසීම සඳහා හාල් වතුර

පොලිෂ් නොකරපු සහල් ටිකක් වතුර කිරිපැහැ වෙනතුරු පෙගෙන්නට හරින්නදැන් පිරිසුදු කපු පුළුන් කැබැල් ලකින් මුහුණේ ආලේප කරන්නමෙය ටෝනර් එකක් ලෙසයි ඔවුන් භාවිතා කරන්නේ.

සමේ සහ හිස කෙස්වල නිරෝගී බව සඳහා කැමිලියා ඔයිල් භාවිතා කිරීම

කැමිලියා ඔයිල් චීන කාන්තාවන් අතර අතිශයින් ජනප්‍රිය තෙල් වර්ගයක්හිස කෙස්වල වර්ධනය වැඩි කිරීමට මෙන්ම කන්ඩිෂනර් එකක් ලෙසත් ක්‍රියාකිරීමට මෙම තෙල් වර්ගය සමත් වනවාසමේ කැළැල් මෙන්ම ස්ට්‍රෙච් මාක් ඉවත් කරගැනීමට මේ තෙල් වර්ගය ඉතාමත්ම සුදුසුයි.

කුරුලෑ සඳහා මුන් බීජ

වසර දහස් ගණනක සිට චීන රූමතියන් ෆේස් මාස්ක් සාදා ගැනීම සඳහා මුන් ඇට යොදාගන්නවාඔවුන් මුන් ඇට වතුර සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කරනවාමිනිත්තු තිහකින් පමණ සෝදා හැරීම ප්‍රමාණවත්.

ග්‍රීන් ටී සමග තරුණ වෙමු

ග්‍රීන් ටී කියන්නෙත් තවත් විශ්මිත රුපලාවන්‍ය රහසක්ග්‍රීන් ටී වලින් සමේ පැහැය වර්ධනය කරලා සම නිරෝගී කරනවාසමේ ඇති කැළැල් සුවපත් කිරිමටත්විෂ ඉවත් කිරීමටත්සමේ ඇදෙන සුළුබව වැඩි කිරීමටත් ග්‍රීන් ටී වලට තියෙන්නේ පුදුම හැකියාවක්.

මින්ට් පත්‍ර

නැවුම් මින්ට් කොළ හොඳින් අඹරා මුහුණේ ආලේප කරන්නමෙය සම පැහැපත් කිරීමට සමත් වනවාඑපමණක් නෙවෙයිසමේ සෑම කොටසක්ම ඒකාකාරී ලෙස පැහැපත්ව තබා ගැනීමටද එය සමත් වනවා.

මුහුණ සම්භානය

මුහුණ සම්භාහනය චීන කාන්තාවන් අතර සාමාන්‍ය දෙයක්මෙමගින් මුහුණේ ස්ථුලතාවයසම එල්ලාවැටීම ඇති වන්නේ නැහැ.

සමේ පැහැය ඒකාකාරිව පවත්වා ගැනීමට කහ

අතීත චීන කාන්තාවන් සමේ ඒකාකාරී පැහැපත් බව රඳවා ගැනීම සඳහා ෆේස් මාස්ක් එකක් විදියට කහ භාවිතා කර තිබෙනවා.

ඉතින් මෙන්න මේ චීන රූ රහස් අපටත් උපකාර වන බවට කිසිම සැකයක් නැහැ නේද ?

Related Articles

Don't Miss



Latest Articles

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...

සිරුරේ බර අඩු කරන සාර්ථක උපක්‍රම 8 ක්

ඕනම කාන්තාවක් කැමතියි තමන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න. විශේෂයෙන්ම කාර්යබහුල ජීවිත ගත කරන කාන්තාවන්ට තියන ලොකුම ගැටලුව ව්‍යායාම කරන්න කාලයක් නැති...