අප්‍රේල්.. කාල සටහනක් ඕනෑම මාසයක්!

වෙනත් ඕනෑම කාලයකට වඩා ගෘහනියක ලෙස, මවක ලෙස, රැකියාවක යෙදෙන්නියක ලෙස ඔබ කාර්‍ය බහුල වන මාසයක් මේ ඇව්ත් තියෙන්නෙ. සමහරවිට ඔබට අත් දහසක් තිබුනානම් හොඳයි කියලා හිතෙන මාසයක් මේ එහෙම නේද? අවුරුදු සමය, දරුවන්ගේ පාසල් නිවාඩුව, ඇඳුම් පැලඳුම් මිලට ගැනීම්, කැවිලි පෙවිලි සෑදීම්, නෑ හිත මිතුරන්ගේ ගෙවල් වලට අවුරුද්දට යාම වගේ දහසකුත් එකක් කටයුතු වෙන කවරදාටවත් වඩා ඔබ මත වැටෙන කාලයක් තමා මේ.

අපහසුවකින් තොරව මේ සියලුම කටයුතු හරියටම අපි සැලසුම් කරගනිමු නේද?

  1. පවුලේ සියලුදෙනා සමගම අවුරුද්ද සමරන්නේ කෙසේද කියා සාකච්චා කරන්න.
  2. තීරන සියල්ල ඒ වෙනුවෙන්ම වෙන්කල කුඩා සටහන් පොතක සටහන් කරගන්න.
  3. ඔබට වියදම් කල හැකි මුදල කොපමණද?
  4. ඔබ මිලදී ගත යුතු දේවල් මොනවාද ?
  5. සාදන කැවිලි වර්ග මොනවාද ?
  6. යා යුතු නෑ හිත මිතුරන්ගේ ගෙවල් මොනවාද ? යන්නේ කවදාද?ගෙනියන්නේ මොනවාද ?
  7. දරුවන්ගේ සහ ගෙදර අයගේ මිලදී ගැනීම් මොනවාද ?
  8. මාසයටම ගැලපෙන මීල් ප්ලෑන් එකක් සකසන්න.එය ඔබව  අපරීක්ශාකාරී ආහාර රටාවකින් මුදවා ගන්නා අතර උයන්නේ මොනවාදැයි ලතවෙමින් නිකරුනේ ගෙවා දමන වේලාවද ඉතිරි කරවනු ඇති.
  9. දරුවන්ගේ පාසැල් වැඩ සඳහා කාල වේලාවක් මෙන්ම නිවාඩුවෙන් පසු ඔවුන් පාසැල් යැවීමට අවශ්‍ය දේවල් කලින්ම සූදානම් කර තැබීම.
  10. ඔබ නිවසේ සූදානම් කරන සාදයන් සඳහා දින පමණක් නොව මෙනු එක පවා තීරනය කරන්න.ආරාධනා කරන අයගේ ලිස්ට් එකක් කලින්ම හදාගන්න.
  11. හදිසි අමුත්තන් පිලි ගැනීම සඳහා ත් සූදානම් වී සිටින්න.
  12. කල්තබා ගතහැකි ආහාර කිහිපයක් කලින් සකසා තැබීමෙන් උත්සව පෙර සූදානම් කටයුතු වලට පහසුවක් ගෙනේවි.
  13. වගකීම් පවුලේ සාමාජිකයන් අතරද බෙදා දෙන්න.දරුවන්ටද ඔවුන්ගේම සටහන් පොතක් මේ වෙනුවෙන් භාවිතා කිරීමට පුරුදු කරවන්න.
  14. නිතරම සැලසුම් 1 සහ 2 ලෙස සැලසුම් සකස් කිරීමෙන් එකක් අසාර්ථක වූ විට ඔබ විසින් සැකසූ තවත් එකක් ඇති නිසා ඔබට මහත් සතුටින් තමන්ගේ කටයුතුවල යෙදෙන්නට හැකියි.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles