කපල් චැට්

කසුනි උන්නෙ තිශාල් ගැන පොඩ්ඩක් සැකයකින් වගේ. ඉස්සරට වඩා තිශාල් දැන් හරිම වෙනස් කියලා කසුනිට තේරුනාට, ඒ වෙනස් කොයි විදියටද කියලා කියන්න පැහැදිලි අදහසක් කසුනිට තිබුනෙ නෑ. ඒ වුනාට මේ කසාද බැඳලා ගෙවිච්ච අවුරුදු දෙකට තිශාල් ගැන තිබුනෙ නැති යම් කිසි සැකයක් තමන්ගෙ හිතේ තියෙන බව කසුනිට තේරුණා.

ඕක වෙන්න ලොකුම හේතුව වුණේ, කසුනිට මාස කීපයක ඉඳලා තිශාල් එක්ක සෙක්ශුවල් රිලේශන්ශිප් එකකට යන්න බැරිවෙච්ච එක. තිශාල් නම් “බබා ඒකට හේතුව මේ ටිකේම ඔයා ගොඩක් මහන්සි වෙච්ච නිසා වෙන්න ඇති, මහන්සි උනාම සෙක්ස් කරන්න අමාරුයිනෙ” කියලා කිව්වම මුල් දවස්වල නම් කසුනි හරි සන්තෝස වුණා “අනේ මගේ හස්බන්ඩ් හරියට මං ගැන හිතනවා” කියලා හිතුවට කාලයක් යද්දි කසුනි හිත ඇතුලෙන්ම උන්නෙ තිශාල් තමන්ව රවට්ටනවා ඇති කියලා.

තිශාල් කියන්නෙ කොච්චර හොඳ මනුස්සයෙක් වුණත් “සෙක්ස් කරන්න බැරි,සෙක්ස් කරන්න ෆීලින්ග් එකක් නැති ගෑණියෙක් එක්ක ඉන්නකොට ඕනම පිරිමියෙක්ට චීට් කරන්න හිතෙනවා” කියල කසුනි තිශාල් එක්ක වචනයක්වත් මේ ගැන කතා කරන්නෙ නැතුව තමන්ම හිතලා, හිත ඇතුලෙන් තිශාල්ව වැරදිකාරයත් කරා.

“මාත් එක්කම ඉන්න හන්දා එයා එලියට ගිහිල්ලා කාත් එක්කවත් චැට් කරන්නෙ නැතුව ඇති”

“එහෙනම් එයා ෆෝන් එකෙන් කාත් එක්ක හරි කතා කරනවා ඇති” වගේ දේවල් හිතන්න හිතන්න වුණේ කසුනිගෙ ඔලුව ඇතුලෙ ලොකු ස්ට්‍රෙස් එකක් බිල්ඩ් වෙච්ච එක.

මේ වගේ ප්‍රශ්නයක් ගැන තමන් කාත් එක්කද කතා කරන්නෙ කියලා හිතාගන්න බැරි හන්දම කසුනි හැමදේම කිව්වෙ, හිතුවෙ තමන්ගෙ හිත එක්කමයි. ඕක හන්දම මෙච්චර දවසක් සෙක්ස් කරන්න බැරුව විතරක් ඈත්වෙලා උන්නු දෙන්න තව ඈත්වෙච්ච එක.

කසුනි වෙනදා වගේ තිශාල් එක්ක කතා කරේ නෑ. තිශාල් ප්‍රශ්නයක් ඇහුවත්, වෙන දෙයක් ගැන කතා කරත් කසුනි උත්තර දුන්නෙ තනි වචනයෙන්.

සෙක්ස් නොකරට වෙනදා ඇඳේ තුරුල් වෙලාව එක එක දේවල් කතා කර, විහිලු තහලු කර, ෆිල්ම් බැලුව දෙන්නා ඇඳේ දෙපැත්තෙ නිදාගන්න ගත්තෙ එකිනෙකාට පිටුපාලා. තිශාල් හිතුවෙ කසුනිට ඔෆිස් එකේ වැඩ වැඩියි සහ බිසී හන්දා මහන්සියට එහෙම කරනවා කියලා.

කසුනි හිටියෙ හිත ඇතුලෙන් තිශාල්ව සැක කරන ගමන්, එයාගෙ හොර අල්ලන්නෙ කොහොමද කියලා හිත හිත. තිශාල්ට තිබුනෙ ශෙයාර්ඩ් ඩිවයිසස්. එයාගෙ ෆෝන් එක, ටැබ් එක, ලැප්ටොප් එක, පීසී එක ඔක්කොම ඇපල් ප්‍රඩක්ට්ස් හන්දා තිශාල් ඒව පෙයාර් කරලා තිබුනෙ.

“තිශාල් මට හොරා වෙන කෙනෙක් එක්ක යාලුවෙලා ඉන්නවද කියල බලන්න තියෙන හොඳම ව්දිය එයාගෙ ඩිවයිසස් චෙක් කරන එක” කියලා කසුනි තීරණේ කරේ ඔය හන්දා. පිරිමි කොහොමත් වොශ් රූම් එකට ගියාම එන්න ටිකක් වෙලා යන හන්දා ප්ලෑන් කරලා දවසක් කසුනි තිශාල් වොශ් රූම් එකේ ඉන්න වෙලාවක, එයා ෆෝන් එක එක්ක පෙයාර් කරලා තිබුණ තිශාල්ගෙ ටැබ් එක අරගෙන බැලුවා.

වට්ස් ඇප් චැට් වල, මැසෙන්ජර් එකේ, ඉන්ස්ටග්‍රෑම් එකේ තිශාල් කවුරුහරි එක්ක චැට් කරලද කියලා බැලුවට එහෙම දෙයක් හම්බු උනේ නැති තැන තමයි කසුනි තිශාල්ගෙ වෙබ් සර්ච් හිස්ට්‍රි එක බැලුවෙ.

“පෝන් බලනවා කියන්නෙ චීට් කරනවා” කියලා කසුනි මතේකට එන නොඑන ලෙවල් එකක ඉන්දැද්දිම වගේ තමයි වොශ් රූම් එකේ හිටපු තිශාල් එලියට ආවෙත්, තමන්ගෙ ටැබ් එක අතේ තියන් තමන්ගෙ සර්ච් හිස්ට්‍රි එක බලන ගමන් හොර අල්ලන්න හදන කසුනිව දැක්කෙත්.

මෙච්චර දවසක් සෙක්ශුවල් ප්‍රශ්නයක් විතරක් තිබ්බ දෙන්නා හිතෙනුත් ඈත් උනේ ඔය සිද්දියෙන් පස්සෙ.

“මට මේ කසුනි ඉද්දි වෙන ගෑණියෙක් එක්ක යාලුවෙන්න උවමනාවක් නෑ. එයාට සෙක්ස් කරන්න ටිකක් මූඩ් එකක් නෑ කියල ඒක එයාට චීට් කරන්න හේතුවක් කරගෙන එයාව අතාරින්න මට උවමනාවක් නෑ. හැබැයි මාව සැක කරන මගෙ හොර අල්ලන්න හදන ගෑණියෙක් එක්ක ඉන්න මට උවමනාවක් නෑ. අනික මොන පිරිමියද මේ ලෝකෙ පෝන් නොබලන්නෙ? මොකද්ද ඒකෙ වරද?” කියල තිශාල් කිව්වෙ මේ ප්‍රශ්නෙ විසඳගන්න ගෙවල් දෙකෙන් කතා කරලා දෙන්නව කවුන්සලින් යැව්වට පස්සෙ.

කසුනි කිව්වෙ තව කතාවක්.

“මං දන්නවා මේක කෙලින්ම තිශාල් එක්ක කතා නොකර මං එයාගෙ හොර අල්ලන්න හදපු එක වරදක්. සෙක්ස් කරන්න මූඩ් එකක් නැති එක මගෙ ප්‍රශ්නයක් හන්දා මම හිතුවෙ තිශාල් මාව රවට්ටනවා, මට චීට් කරනවා ඇති කියලා.ඒකයි මම එයාගෙ ඩිවයිසස් බලන්න ගත්තෙ”

කොහොමහරි කවුන්සලින් වලට ආවට පස්සෙ කතා බස් කරලා දෙන්න අතරෙ තිබිච්ච ප්‍රශ්න, වැරදි වැටහීම් අයින් කරලා දාන්න කවුන්සලින් වලට පුලුවන් වුණා.

හැබැයි මේ ප්‍රශ්නෙ “දෙන්නට දෙන්න මීට කලින් පැහැදිලිව කතා කරානම් විසඳගන්න තිබුණා නේද?” කියල කසුනි හිත ඇතුලෙන් හිතුවා.

මේ වගේ දේවල් අද ලෝකෙ අපිට ඕන තරම් අහන්න දකින්න ලැබෙනව. සමහර සබඳතා වල ප්‍රශ්න ඇතිවෙන්න ලොකුම හේතුව වෙලා තියෙන්නෙ “දෙන්නට දෙන්න පැහැදිලිව කතා කරන්නෙ නැති එක”.

Communication කියන්නෙ සබඳතාවයක යහ පැවැත්මට ලොකුවටම බලපාන කරුණක්.

ඉතින් මොන ප්‍රශ්නෙ ආවත් ඔයා ඉස්සෙල්ලා කරන්න ඕන ඔයාගෙ එයා එක්ක ඒ ගැන කතා කරන එක බව අමතක කරන්න එපා.
ඒ වගේම සම්බන්ධයක් ඇතුලෙ ඔයත් මේ වගේ ප්‍රශ්නවලින් පීඩා විඳිනවා නම් ඔයාගේ ප්‍රශ්නෙ අහන්න, ඒ ප්‍රශ්නෙට Smart විසඳුම් ලබාදෙන්න, Smart Lady අපි ඔයත් එක්ක ඉන්නවා කියලත් අමතක කරන්න එපා. 

More Stories

Don't Miss


Latest Articles