සාමාන්‍යයෙන් තරුණියන් විලාසිතා වල නිරත වීමට දක්වන්නේ විශේෂ කැමැත්තක්. තමන්ට ගැලපෙන විලාසිතා කරන අතරේ තමන් අඳින ඇඳුම් වලට ගැලපෙන යට ඇඳුම් භාවිතා කිරීමත් අතිශයින්ම වැදගත්. විශේෂයෙන්ම ඔබ අඳින ඇඳුම් වලට ගැළපෙන බ්‍රා එකක් තෝරා ගත්තේ නැත්නම් එය ඔබේ ඇඳුමේ පෙනුමට වගේම ඔබේ පෙනුමටත් ගෙන දෙන්නේ හානියක්. අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ඔබේ ඇඳුමට හරියටම ගැලපෙන බ්‍රා එක තෝරා ගන්නා ආකාරයයි
Off shoulder dresses සඳහා Strapless Bra
ඔබ off shoulder dress එකක් , එහෙමත් නැත්නම් පටි රහිත විලාසිතාවක් සහිත ගවුමක් අඳිනවා නම් ඔබට ඒ සඳහා පටි සහිත බ්‍රා එකක් අඳින්නට හැකියාවක් නැහැ. ඔබ ඒ සඳහා තෝරාගත යුත්තේ strapless bra එකකුයි. මෙවැනි බ්‍රා වල දාර සිලිකන් ආස්තර වලින් සමන්විත වන නිසා ඔබේ ඇඳුම පහළට ලිස්සා යාමෙන් වළකිනවා.
One shoulder dresses සඳහා Balconette bra
එක් උරහිසක් පමණක් ආවරණය වන පරිදි සකස් කර ඇති ඇඳුම් විලාසිතා සඳහා නිර්මාණය කර ඇති බ්‍රා වර්ගයක් ලෙස Balconette bra හඳුන්වන්නට පුළුවන්. මේවායේ පටි පහසුවෙන්ම ඉවත් කළ හැකි නිසා උරහිසක් රහිත ඇඳුම් වලට මෙම බ්රාවර්ගය මනාව ගැලපෙනවා.
T shirt සහ Jersey වලට T shirt bra
ඔබ ටීශර්ට් එකක් හෝ ජර්සි එකක් අඳින අවස්ථාවලදී ඒවායේ ඇති සැහැල්ලු පෙනුමට හානි නොවන ආකාරයට ඔබට ඇඳිය හැකි බ්‍රා වර්ගයක් තමයි T shirt bra කියන්නේ. මේවායේ දාර ඉතා සියුම් ලෙස නිර්මාණය කර ඇති නිසා දාර පිටතට පෙනීමක් සිදු වන්නේ නැහැ.
ළා පැහැති ඇඳුම් වලට Nude bra
කාන්තාවන් බොහෝ විට කරන වැරැද්දක් තමයි ළා පැහැති සහ සුදු පැහැති ඇඳුම් වලට සුදු පැහැති බ්‍රා ඇඳීම. මෙමගින් ඔබේ බ්‍රා එක ඔබේ ඇඳුම් අතරින් වඩාත් කැපී පෙනෙනවා. එමගින් ඔබේ විලාසිතාවට එකතු වන්නේ අවලස්සනක්. ඒ නිසා සෑම විටම ලා පැහැති ඇඳුම් සඳහා Nude colour bra එකක් තෝරා ගන්න.
Braod/square neck dresses සඳහා Balconette Bra
ඔබේ ඇඳුම් විලාසිතාවේ ගෙල ප්‍රදේශයේ ඉතා පුළුල් නම් එසේත් නැත්නම් එය කොටු සහිත හැඩයක් ගන්නවා නම් ඒ සඳහා ඇඳීමට සුදුසුම බ්‍රා වර්ගය Balconette Bra වර්ගයයි. Balconette Bra විශේෂයෙන්ම එවැනි පුළුල් කරක් සහිත ඇඳුම් සඳහාම නිර්මාණය කර ඇති අතර පුළුල් සැකසුම් පටි සහිතව ඒවා සකස් කර ඇත.
ව්‍යායාම ඇඳුම් සඳහා Sports bra
ඔබ දිනපතා ව්‍යායාමවල නිරත වන කෙනෙක් නම් ඔබ සතුව අනිවාර්යෙන්ම තිබිය යුතු බ්‍රා වර්ගයක් ලෙස sports bra හඳුන්වන්නට පුළුවන්. මෙම බ්‍රා වර්ගය ඔබ ව්‍යායාම කරන විට ඔබේ පියයුරු චලනය වීම අවම කරන ආකාරයට ශක්තිමත් ලෙස සහ හොඳින් දහඩිය උරා ගන්නා ලෙස නිර්මාණය කර ඇති නිසා ව්‍යායාම කරන විට මෙවැනි බ්‍රා වර්ගයක් ඇඳීම වඩාත් පහසු වනු ඇත.
Deep neck dresses සඳහා Plunge bra
ගැඹුරු කරක් ( Deep neck ) සහිත විලාසිතා වලින් යුතු ඇඳුම් සඳහා භාවිතා කළ හැකි හොඳම බ්‍රා වර්ගය Plunge bra වර්ගයයි. මෙම බ්‍රා වර්ගය V හැඩැති ලෙස නිර්මාණය කර ඇති නිසා V කර ගැඹුරු ලෙස ඇති විලාසිතා වලට වඩාත් ගැලපෙනවා.
විවිධ විලාසිතාවන් සඳහා භාවිතා කළ හැකි බ්‍රා වර්ග පිළිබඳව දැන් ඔබ දැනුවත් නිසා කිසිදු බියකින් තොරව Smart කාන්තාවක් ලෙස දැන් ඔබට ඕනෑම විලාසිතාවක නිරත විය හැකියි.