හස්බන්ඩ්ව මරලා එයාගෙ පෙනුම අනියම් පෙම්වතාට දෙන්න ගිය බිරිද

ආදරේ කියන්නේ ජීවිත වලට වස්සානය විතරක් ගේන දෙයක් නෙවෙයි. ඇතැම් වෙලාවට ජීවිත වලට ඇතුලු වෙන වැරදි මිනිස්සු ආදරේ ඉස්සර කරගෙන ජීවිත ගිණි තියලා යන්නම යනවා.

මේ කියන්න යන කතාව තමන් එක්ක ඉතාම ආදරයෙන් ජීවිතය ආරම්භ කරපු ස්වාමිපුරුෂයාගේ ජීවිතේ විනාශ කරලා දාලා අනියම් ප්‍රේමවන්තයා එක්ක ජීවිතය තෝරගත්ත බිරිඳක් ගැන.

ස්වාති කියන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් වල ජීවත් වුණ දරුවෝ දෙන්නෙක් උන්න අම්මා කෙනෙක්. ස්වාතිගේ ස්වාමි පුරුෂයා  තමයි සුදාකර්. සුදාකර් ව්‍යාපාර කටයුතු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු එක්ක හරිම කාර්‍යබහුල ජීවිතයක් ගෙවපු කෙනෙක්. ස්වාති හයිද්‍රාබාද් වල පෞද්ගලික රෝහලක හෙදියක් විදියට සේවය කරන අතරේ සුදාකර්ගේ කටයුතු වෙනුවෙනුත් උපරිම සහයෝගය දීලා උන්න කෙනෙක්.

ඔය අතරෙදි ස්වාතිට සුව නොවන කොන්දේ අමාරුවක් නිසා දිගින් දිගටම පීඩා විඳින්න සිද්ද වෙනවා. මේ කොන්දේ අමාරුව නිසා එදිනෙදා වැඩ කටයුතු වගේම රාජකාරී වැඩ කටයුතුත් අතපසු වෙන නිසා සුදාකර් ස්වාතිව භෞත චිකිත්සක ප්‍රතිකාර වෙනුවෙන් යොමු කරන්න තීරණය කරනවා. ස්වාතිත් ඒකට එකඟ වෙනවා.

රාජේෂ් කියන්නේ හයිද්‍රාබාද් වල උන්න  භෞත චිකිත්සකවරයෙක්. ස්වාති තමන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් තෝරගන්නේ රාජේශ්ව. මුල් දින කිහිපයේම රාජේෂ්ගේ ප්‍රතිකාර මධ්‍යස්තානයට ස්වාතිව එක්කගෙන යන්න සුදාකර් ආවත්, පහු වෙනකොට සුධාකර්ට ඒ වෙනුවෙන් කාලය වෙන් කරගන්න බැරි වෙලා යනවා. සුදාකර් හදිසි වැඩ එක්ක කාර්‍යබහුල වෙනකොට ස්වාතිගේ භෞත චිකිත්සක ප්‍රතිකාර සායන වෙනුවෙන් ස්වාතිට යන්න වෙන්නේ තනියම.

” මට තනියෙන් යන්න බෑ.. එහෙනම් අපි හෙට යමුද ?..”

” නෑ නෑ .. මේ සෙෂන් කල් දාන එක හොඳ නෑ.. ඔයා අද යන්නකෝ ..මම අනිවාරෙන්ම ඊලඟ දවස් වල එනවා….”

එහෙම කියලා ස්වාතිව කොහොමම හරි ප්‍රතිකාර වලට යවන්න සුදාකර් කටයුතු කරනවා. කොහොම වුනත් දිගින් දිගටම සුදාකර් කාර්‍යබහුල වෙන්න ගැනීමත් එක්ක ස්වාති තනියෙන්ම තමයි ප්‍රතිකාර වලට යන්නේ. සාමාන්‍යයෙන් සුරූපි තරුණියක් වුන ස්වාති ඉතා ඉක්මනින් රාජේෂ්ගේ අවධානය දිනා ගන්නවා. ඒ වගේම ස්වාමිපුරුෂයාත් නැතුව තනියෙන් ප්‍රතිකාර වලට එන ස්වාතිව ඉතාම ඉක්මනින් තමන්ගේ ග්‍රහණයට ගන්නත් රාජේෂ් සමත් වෙනවා. ඒ අනුව ටික කාලයක් යනකොට දෙදෙනා අතරේ ඉතා දැඩි සම්බන්ධතාවයක් හට ගන්නවා. දෙන්නා සෑහෙන්න කතා බහ කරන්න ගන්නවා. දවස තිස්සේම එකිනෙකා සමඟ කෙටි පණිවිඩ හුවමාරු කරගන්නවා.

කොහොම හරි සුදාකර් එක්ක විවාහ වෙලා පලවෙනි සංවස්තරය වෙනකොට රාජේෂ් එක්ක ස්වාති ප්‍රේම සම්බන්ධතාවයක් පටන් අරගන්නවා. ඊට පස්සේ අවුරුදු දෙකක් විතරම අනෙක් හැමෝටම හොරෙන් ස්වාති රාජේෂ් එක්ක ප්‍රේම සම්බන්ධතාවය පවත්වගෙන යනවා. සුදාකර් ගොඩක් දවස් වල ගෙදර රැඳෙන්නේ නැති නිසා රාජේෂ් ස්වාතිගේ ගෙදර එන්නත්, රෑ පහන් කරන්නත් පුරුදු වෙනවා.

කොහොමහරි ටිකින් කාලේ ගත වෙනකොට ස්වාති මේ රඟපෑම ගැන හරිම විඩාවට පත් වෙනවා.

” සුදාකර් තමයි මාව මේ තත්වේට පත් කලේ.. එයා මට කිසිම අවධානයක් දුන්නේ නැහැ.. එයා දිවුවේ සල්ලි පස්සේ… ඒත් රාජේෂ් මාව ආදරෙන් බලා ගත්තා…  ඒත් හැමදාම සුදාකර්ට හොරෙන් රාජේෂ් එක්ක ජීවත්වෙන එක මට එපා වෙලා තිබුනේ…. ඒ නිසා අන්තිමට මම තීරණය කරා සුදාකර්ව මරලා දාලා රාජේෂ් එක්ක මගේ ජීවිතේ ඉස්සරහට යන්න … මම මාස තුනක් තිස්සේ මේ ගැන සැලසුම් කලා …අන්තිමේදී යෙවාඩු ෆිල්ම් එක බලලා මට අදහසක් හොයාගන්න පුලුවන් වුණා… “

ස්වාති මෙහෙම කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ඝාතනය වෙනුවෙන් පොලිස් අත් අඩංගුවට පත්වෙන්න වුනාම.

ස්වාති සැලසුම් කරනවා සුදාකර්ව මරලා දාලා ප්ලාස්ටික් සැත්කමක් මඟින් සුදාකර්ගේ මුහුණුවර රාජේෂ්ට අරගෙන දෙන්න.  යෙවාඩු කියන මලයාලම් චිත්‍රපටය තමයි ඇයට ඒ සඳහා අදහස දෙන්නේ.

ඉස්සෙල්ලාම සුදාකර්ව මරලා කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි වෙන්න හංගන්න ස්වාති තීරණය කරනවා. ඊට පස්සේ රාජේෂ්ගේ මූණට ඇසිඩ් වත් කරලා ඔහුගේ මුහුණ ප්ලාස්ටික් සැත්කමකින් සුවපත් කරගන්න ඕනෑ කරන මට්ටමට පත් කරගන්න අවශ්‍ය බවත් ස්වාති සැලසුම් කරනවා. ඊට පස්සේ සුදාකර්ට කට්ටියක් ඇසික් ගැහුවා කියන කතන්දරේ ඉස්සර කරගෙන රාජේෂ්ව රෝහල් ගත කරන්නත් සැලසුම හදාගන්නවා. සැලසුම ගැන අඩුවක් නැති බව වටහා ගත්තාට පස්සේ ස්වාති මේ සැලසුම රාජේෂ්ට කිව්වා. රාජේෂුත් මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න කැමති වෙනවා.

ස්වාති ඉස්සෙල්ලාම කරන්නේ ළමයි දෙන්නාවත් අරගෙන අම්මලාගේ ගෙදර යන එක. ප්‍රතිකාර එක්ක ළමයි දෙන්නාගේ වැඩ කරන්න අපහසු නිසා දින කිහිපයකට ළමයින්ව අම්මලාගේ ගෙදරින් ඇරලවනවා කියලා ස්වාති සුදාකර්ටත් කියනවා.  ඊට පස්සේ 2017 නොවැම්බර් විසි හත් වෙනිදා ස්වාතියි රාජේෂුයි සුදාකර්ගේ ජීවිතේට තිත තියන්න සූදානම් වෙනවා.

සුදාකර් ගෙදර ආවාම රාජේෂ් හැංගිලා ඉඳලා සුදාකර්ගේ ඔලුවට පොල්ලකින් ගහනවා. ඒත් සුදාකර් ඉන් මිය යන්නේ නැහැ. සිහි විසඟ වෙන සුදාකර්ව රෝහල් ගත කරන්න එදා ස්වාතිට සිදු වෙන්නේ අසල්වාසීන් පිරිසක් එවෙලෙම ගෙදරට එන නිසා. ස්වාති සුදාකර්ගේ පවුලේ අයටත් සුදාකර් අසනීප වෙලා රෝහල් ගත කල බව කියනවා. සුදාකර් ගේ පවුලේ අයත් රෝහලට එනවා.

අවශ්‍ය ප්‍රතිකාර වලට පස්සේ සුදාකර් සාමාන්‍ය විදියට සුවපත් වෙනවා. ස්වාති සුදාකර්ව ගෙදර එක්කගෙන යනවා. ඒත් සුදාකර් ඉන්නේ කියාගන්න නොතේරෙන අවිනිශ්චිත හැඟීමක් එක්ක. ස්වාති කියන්නේ සුදාකර් ලිස්සලා වැටුන බව. ඒත් සුදාකර්ට එහෙම බවක් මතකයකවත් නැහැ.

ඒ හින්දා සුදාකර් තමන්ගේ නෑදෑ සහෝදරයෙක්ව ගෙදර ඇවිල්ලා නවතින්න කියලාත්.  ඒ අතරේ ස්වාතිට වැටහෙනවා සුදාකර් තමන් ගැන සැක කරන බව.

” රාජේෂ්.. මම අරවින්ද්ව ගමේ යැව්වා…. ඔයා එන්න .. අපි මේක ඉවර කරන්න ඕනි …”

ස්වාති වහාම රාජේෂ්ට ඇමතුමක් අරගෙන එහෙම කියනවා. රාජේෂ් ඒ ගමන්ම ස්වාතිගේ ගෙදරට එනවා. දෙන්නා එක්ක එකතු වෙලා සුදාකර්ට නිදි බෙහෙත් එන්නත් කරනවා. ඊට පස්සේ මෝල් ගහකින් ගහලා සුදාකර්ව මරනවා. ඉතා ඉක්මනින් දෙන්නාත් එක්කම එකතු වෙලා සුදාකර්ගේ මළ සිරුර යාබදව තිබුන කැලෑවකට අරගෙන ගිහින් පෙට්‍රල් දාලා පුච්චනවා. ඊට පස්සේ ඒ අලු කැලෑවේ තැනින් තැන විසිරුවනවා.

පලවෙනි අදියර ඒ විදියට අවසන් කරාට පස්සේ, ස්වාති රාජේෂ්ට ඇසිඩ් වත් කරලා ඉතාම ඉක්මනට රාජේශ්ව පෞද්ගලික රෝහලකට ඇතුලත් කරනවා.

ස්වාති සුදාකර්ගේ ගෙදර අයටත් පණිවිඩේ කියනවා.

” සුදාකර් එලියේ වාඩි වෙලා හිටියේ .. මට මහ හඬින් කෑ ගහනවා ඇහුනා.. මම දැක්කා දෙන්නෙක් දුවනවා…”

ස්වාති කියන්නේ එහෙම. ඒ අතරේදී රාජේශ්ගේ ප්ලාස්ටික් සැත්කම වෙනුවෙනුත් කටයුතු සූදානම් කෙරෙනවා. එතැනදී සුදාකර්ගේ මුහුන රාජේෂ්ට එන විදියට වැඩේ අවසන් කරන එක තමයි ස්වාතිගේ සැලසුමේ අවසාන පියවර.

කොහොමහරි සුදාකර්ගේ පවුලේ අයට මේ ගැන සැක හිතෙන්න ගන්නේ සුදාකර් ඉතාම  ප්‍රිය කරන එලු මස් සුප් එක රාජේෂ් ප්‍රතික්ශේප  කරන නිසා. රෝහලෙන් විස්තර හෙව්වාම දැනගන්න ලැබෙනවා නිර්මාංශ ආහාර තමයි රෝගියා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ කියලත්. ඒත් සුදාකර් කියන්නේ මස් මාලු වලට ඉතාම ප්‍රිය කෙනෙක්.

සුදාකර්ගේ පවුලේ අය වහාම මේ ගැන පොලිසියට පැමිණිලි කරනවා. ඊට පස්සේ සැකය ස්වාති  දිහාවට එල්ල වෙනවා. මුලදි කිසිම දෙයක් නොකිව්වත්, පස්සේ ස්වාති හැමදේම පාපොච්චාරණය කරනවා.

ස්වාති සහ රාජේෂ්ව සිරගත කෙරෙනවා.

“එලු මස් සුප් එක නිසා හැමදේම හෙලිදරවු වුනේ..”

සුදාකර්ගේ නෑදෑයො එහෙම කියනවා.

අන්තිමේදී ස්වාති සහ සුදාකර් එකිනෙකාගේ ජීවිත හැමදාකම අඳුරේම තියාගෙන සිරගත වෙලා ජීවත් වෙනවා.

අපේක්ෂා ගුණරත්න 

Related Articles

Don't Miss


Latest Articles