ඇයි තාත්තේ ඔයා මට එහෙම කළේ? Dylan Redwine ගෙ නොඇසෙන ආයාචනය

“පීතු පාදං නමා මහං” කියල නොවැන්දට දරුවො තමන්ගෙ තාත්තලට හරි ආදරෙයි. ඕනම දරුවෙක් වගේ පුංචි කාලෙදි තමන්ගෙ ලෝකෙ වීරයා විදියට දකින්නෙ තමන්ගෙ තාත්තාව. ඕන දෙයක් ෆික්ස් කරන, කාර් එහෙම හදන, ඉණිමග තියල උඩට නැගලා වැඩ කරන, බර දේවල් උස්සන තාත්තා කියන්නෙ ඕනම දරුවෙක්ට සුපිරි වීරයෙක්.

විශේෂයෙන්ම පොඩි පුතාලා තමන් පුංචි කාලේ ඔය පොඩි පොඩි දේවල්, නට් එකක් බෝල්ට් එකක් ෆික්ස් කරන විදිය එහෙම ඉගෙන ගන්නෙ තමන්ගෙ තාත්තගෙන්. අද කතාවක් ඒ වගේ තාත්තා කෙනෙක් සහ පුතෙක් ගැන තමයි. හැබැයි ඔයාලා කියවන්න බලාපොරොත්තු වෙන විදියෙ ලස්සන අවසානයක් තියෙන කතාවක් නම් නෙවෙයි.

ඒ 2012 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ 18 වෙනිදා.

Dylan Redwine ව Colorado වල Durango-La Plata County Airport එකෙන් Pick කරන්න එන්නෙ එයාගෙ තාත්තා වෙන Mark Redwine ව. ඒ Thanksgiving Court Ordered Visit එකක් වෙනුවෙන්.ඒ තමයි දැකපු කෙනෙක් Dylanව අන්තිමටම දැකපු වෙලාව.

Dylanගෙ Custody එක ගන්න තමන්ගෙ සැමියා වෙච්ච Mark එක්ක දික්කසාද නඩුවක පැටලිලා උන්නු Dylan ගෙ අම්මා තමයි පහුවෙනිදා Dylan අතුරුදහන් කියන එක පොලිසියට දැනුම් දෙන්නෙ. ඒ පැමිණිල්ල අනුව කරන පරීක්ෂනයකදි තමයි Mark ගෙ එහෙම නැත්තම් Dylan ගෙ තාත්තගෙ ගෙවල් ළඟින් බොහෝ කාලෙකට පස්සෙ Dylan ගෙ හිස් කබල බිඳුන නිසල සිරුර හම්බුවෙන්නෙ.

Low enforcements මේ දරුවගෙ කේස් එක ගැන හොය හොය ඉද්දි Mark කියනවා එයාත් බලාපොරොත්තු වෙනවා කියලා ආයෙම එයාගෙ දරුව ඒවි කියන එක සහ තමන් කිසිම විදියකින් මේ ඝාතනයට සම්බන්ධ නෑ කියලා. හැබැයි 2017 අවුරුද්දෙදි Mark ව මේ ඝාතනයේ සැකකරුවෙක් විදියට අත් අඩංගුවට ගන්නවා. ඒ Second Degree Murder එකක් සහ දරුවට අතවර කිරීම කියන චෝදනාවන් යටතේ.

Dylan Redwine කියන්නෙ කවුද?

Dylan Redwine 1999 ජුනි 16 වන දින කොලරාඩෝහි උපත ලැබුවේ. ඔහුගේ මිතුරන් සහ පවුලේ අය ඔහුව විස්තර කළේ ක්‍රීඩා සහ එළිමහනේ ජීවිතය ආදරය කරන, පිස්සු නටන හා වික්‍රමාන්විත කෙනෙක් විදියට. යාලුවො එක්ක හිනාවෙලා සන්තෝසෙන් උන්නට Dylan ගෙ පවුලෙ තත්ත්වය නම් එහෙම සන්තෝසදායක එකක් නෙවෙයි.

ඩිලන්ගේ දෙමාපියන්, මාර්ක් සහ එලන් රෙඩ්වයින්, දික්කසාද උනේ එයාලා පොඩි කාලෙමයි. මේ නිසා පවුල් සබඳතා පළුදු වෙලා තමයි තිබුණෙ. දික්කසාදයෙන් පසු භාරකාරත්ව සටන්වලට මුහුණ දීමෙන්, ඩිලන් වඩාත් සංකීර්ණ පවුල් ගැටලුවලට මුහුණ දුන්නා. මේක එයාටත් මානසිකව බලපාලා තියෙනවා කියල තමයි කියන්නෙ.

අතුරුදහන් වීම

2012 නොවැම්බර් 19 වන දා, ඩිලන් රෙඩ්වයින් Thanksgiving නිවාඩුව සඳහා කොලරාඩෝ හි බේෆීල්ඩ් හි ඔහුගේ පියා වන මාර්ක් රෙඩ්වයින් බැලීමට යාමට තමයි උන්නෙ. ඒ අවාසනාවන්ත දවසේ එයාව අවසන් වරට දැක ඇත්තේ එයාගෙ තාත්තගෙ ගෙදරදි. මාර්ක් වාර්තා කළේ ඩිලන් තම මිතුරෙකුගේ නිවසක සිට ආපසු නිවසට පැමිණීමට අපොහොසත් වීමෙන් පසුව අතුරුදහන් වුනා කියලා. මූලික සෙවීම් ප්‍රයත්නයන්ට ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන්නන් සහ ස්වේච්ඡා සේවකයන් ඇතුළත් වුණා. ඔවුන් පිරිමි ළමයාගේ මොකක් හරි සලකුනක් දකින්න ලැබේවි කියල හිතල මුලු පලාතම Search කරා. අවාසනාවකට වග ඩිලන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට එවෙලෙ පුලුවන් උනේ නෑ.

ඩිලන්ගේ අතුරුදහන් වීමෙන් පසු දිනවලදී, සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ගොඩබිම් සෝදිසි කිරීම්, ගුවන් සෝදිසි කිරීම් සහ ප්‍රදේශයේ විල්වල කිමිදුම් කණ්ඩායම් පවා සිදුකරා උනත් ඒ කිසිම දෙයකින් කිසිම ප්‍රයෝජනයක් නම් අත් වුණේ නෑ. රෙඩ්වයින් පවුලට සහයෝගය දැක්වීමට, search teams සංවිධානය කිරීමට සහ ඩිලන්ගේ නඩුව පිළිබඳව දැනුවත් කිරීමට එයාලගෙ ගෙවල් පැත්තෙ අය වගේම හිතවත් හැමෝම එක්කහු වුණා.

පරීක්ෂණය

ඩිලන්ගේ අතුරුදන්වීම පිළිබඳ විමර්ශනය ඉතා ඉක්මනින් සංකීර්ණ එකක් බවට පත්වුණා. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විවිධ මඟ පෙන්වීම් සහ සැකකරුවන් ගැන සොයා බැලීමට පටන් ගත්තෙ ඒ අනුව මාර්ක් රෙඩ්වයින් ඔහුගේ පරස්පර විරෝධී ප්‍රකාශසහ ඔහුගේ පුතා සමඟ ඇති දැඩි සම්බන්ධතාවය හේතුවෙන් මේ නඩුව අතරවාරයේ හැමෝගෙම අවදානය දිනාගන්න හේතු වුනා. පරීක්ෂණයෙන් හෙළි වූයේ මාර්ක්ට චර්යාත්මක ගැටලු පිළිබඳ ඉතිහාසයක් ඇති බවත්, එය ඩිලන්ගේ අතුරුදහන් වීමටත් සම්බන්ධ වෙන්න ඉඩක් තියෙන්න පුලුවන් කියන එක.

පරීක්ෂකයින් මුහුණ දෙන අභියෝග අතර, සිද්ධිය වූ ස්ථානයේ සීමිත භෞතික සාක්ෂි, පරස්පර සාක්ෂි ප්‍රකාශ සහ මාර්ක්ටදෙමාපියෙකු ලෙස ඇති අයිතිවාසිකම් හේතුවෙන් නීතිමය අභියෝග කියන ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ද වුනා.

නීතිමය ගැටලු

විමර්ශනය ඉදිරියට කරගෙන යනකොට, මාර්ක් රෙඩ්වයින් සහ නීතිය ක්‍රියාත්මක කරන්නන් අතර නීතිමය සටන් ඇති වෙන්න පටන් ගන්නවා. 2013 දී විනිසුරුවරයෙකු තීරණය කළේ මාර්ක් පරීක්ෂණයේ කොටසක් ලෙස මනෝවිද්‍යාත්මක ඇගයීමකට ලක් කරනවා කියලා. මේ අතර, එලන් රෙඩ්වයින් ඩිලන්ගේ අතුරුදහන් වීමට තුඩු දුන් ඇගේ හිටපු සැමියාගේ ක්‍රියාවන් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා ඕන කරන තොරතුරු ලබා දෙනවා.

2017 දී මාර්ක්ට නිල වශයෙන් චෝදනා එල්ල වූයේ ඩිලන්ගේ අතුරුදහන් වීම සම්බන්ධ දෙවන මට්ටමේ මිනීමැරුම් සහ ළමා අපචාර සම්බන්ධයෙන්. මාර්ක් එරෙහිව ප්‍රබල නඩුවක් ගොඩ නැගීම පැමිණිල්ලේ අරමුණ වෙච්ච නිසා මෙම නඩුවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් වෙනවා.  2021 දී ආරම්භ වූ නඩු විභාගය, Dylan Redwine ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව මහජනතාව පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටි බැවින්, සැලකිය යුතු මාධ්‍ය අවධානයක් දිනා ගත්ත නඩුවක් බවට පත්වුනා.

රෙඩ්වයින් පවුලේ තිබුණ ප්‍රශ්නනඩුව පිළිබඳ විමර්ශනය සහ මහජන අවබෝධය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරා. එලන් රෙඩ්වයින් තම පුතා වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී උන්නා වගේම ඒ දරුවා තවමත් ජීවත්වෙනවා කියලා විශ්වාස කරා සහ ඒ වෙනුවෙන් විමර්ශනයට ගොඩක් උදව් කරා. ඩිලන් රෙඩ්වයින් අතුරුදහන් වීම බේෆීල්ඩ් ප්‍රජාවට සැලකිය යුතු ලෙස බලපෑව. රෙඩ්වයින් පවුලට සහයෝගය දැක්වීම සඳහා නිවැසියන් එක්ව සෙවුම් ප්‍රයත්නයන් සහ සෝදිසි කිරීම් සංවිධානය කරා. මෙම නඩුව ළමා ආරක්ෂාව සහ පවුල් තුළ විවෘත සන්නිවේදනයේ වැදගත්කම පිළිබඳ සාකච්ඡා ඇතිකරන්න ලොකු හේතුවක් බවට පත්වුනා.

වර්තමාන තත්ත්වය

Dylan Redwine නඩුවේ මාධ්‍ය ආවරණය මහජන දැනුවත් කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරා. බොහෝ ප්‍රවෘත්ති ආයතන, පොඩ්කාස්ට් සහ වාර්තා චිත්‍රපටවල අතුරුදහන් වූ දරුවන් සොයා ගැනීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කරමින් ඩිලන්ගේ කතාව ඉදිරිපත් කරන්න මේ නිසාම පෙළඹුණා. මෙම නඩුව ළමා ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ පෙළඹවීමක් බවට පත්වුනා වගේම, අර්බුදකාරී පවුල් සඳහා පවතින සම්පත් සහ ආධාරක පද්ධති පිළිබඳ සාකච්ඡා කරන්න පෙලඹවීමකුත් වුණා.

2021 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ දි Mark Redwine ඔහුගේ 13 හැවිරිදි පුත් ඩිලන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වුනා වගේම ඔහුට වසර 48 ක සිර දඬුවමක් නියම වුනා.

“ඔහුගේ සාපරාධී හැසිරීම ගැන මෙතරම් පසුතැවිල්ලක් නොමැති වරදකරු වූ අපරාධ විත්තිකරුවෙකු මතක තබා ගැනීම මට ගැටලුවක්” යැයි 6 වන අධිකරණ දිස්ත්‍රික් උසාවියේ විනිසුරු ජෙෆ්රි විල්සන් උපරිම දඬුවම නියම කරමින් පවසලා තියෙනවා.

ඉතින් දරුවන්ව ඇස් දෙක වගේ පරිස්සම් කරගන්න එක ගෙදරින්ම පටන් ගන්න ඕන කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ Dylan Redwine කතාව!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles