සිඟිති දරුවන් 400 වඩා කෲර ලෙස මරා දැමූ බ්‍රිතාන්‍යයේ සාපලත් කාන්තාව

බ්‍රිතාන්‍ය සාපලත් ගැහැණිය ලෙස හඳුන්වන ඇමීලියා ඩයර් ගැනයි අද ඔබට අපි කියන්න යන්නේ.මෙම සිදුවීම සිදුවීම ආනාවරණය වූයේ  1879 වර්ෂයේදී.එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ  ළමා අනාථ නිවාසයක් පවත්වා ගෙන ගිය ඩයර්ට ටික කලක් ගත වද්දී මව්පියන් විසින් ගෙනැවිත් දමන දරුවන් නැවතත් බැලීමට ඔවුන්ගේ භාරකරුවන් කිසිදා නොපැමිණෙන බව තේරුම් ගියා . මේ නිසා අවශ්‍ය මුදල ලබාගත් පසු දරුවන් තවදුරටත් නඩත්තු කිරීමෙන් පලක් නොවන බව වටහා ගත් ඇමීලියා ඩයර් මෙලෙස  ගෙනැවිත් දමන දරුවන් ඝාතනය කිරීමට පිඹුරුපත් සැකසුවා.

ඒ අනුව බොහෝ අත දරුවන් ඇය ඝාතනය කර තිබුණේ කුසගින්නේ තැබීමෙන්. තරමක් වැඩිහිටි දරුවන්ව ඔවුන්ට බීමට ලබාදුන් කෝඩියල් බීම වලට විස මිශ්‍රකොට ඝාතනය කළා.

මුදල් ලබාගැනීමට තිබූ දැඩි ලෝභය නිසා ඇය සිදු කළේ මෙලෙස තම අනාථ නිවාසයේ අතහැර යන දරුවන් සියළුම දෙනා පාහේ ඝාතනය කිරීමයි. නමුත් මෙම Baby Farm අනාථ නිවාස වල මිය යන දරුවන් මිහිදන් කිරීමට ප්‍රථම ඔවුන් වෙනුවෙන් මරණ සහතිකයක් ලබා ගැනීමට එම වකවානුවේ අනිවාර්යව පැවතුනා. මෙය නිකුත් කරනු ලැබුවේ ප්‍රාදේශීය වෛද්‍යවරයෙකු විසින්. මෙලෙස ඇමීලියා රැකවරණයේ සිටි දරුවන් නිතරම මිය යන බව අධ්‍යනය කළ වෛද්‍යවරුන් ඇයට විරුද්ධව චෝදනා කරනු ලැබුවා.

වෛද්‍යවරුන් හා එවකට එම ප්‍රදේශයේ ආරක්ෂක නිලධාරීන් ඇමීලියාගේ අනාත නිවාසය පරීක්ෂා කිරීමට කඩා වැදුණු අතර ඇගේ නොසැල්කිල්ල නිසා දරුවන් මියයන බව ඔවුන් තීරණය කළා. මේ අනුව ඇමීලියාගේ අනාථ නිවාසයේ ඉතිරිව සිටි දරුවන් වෙනත් අනාථ නිවාසයක් වෙත මාරුකර යැවූ අතර ඇයව අධිකරණය හමුවට ගෙනවිත් මාස 6ක සිරදඬුවමක් නියම කරනු ලැබුවා.  නමුත් මෙම නඩු විභාගයේදී ඇය විසින් මෙම දරුවන් ඝාතනය කළ බවට සනාථ වූයේ නැහැ. සිරගතව සිටි සමයේ ඇය යම් මානසික විකෘතිතාවයක් පෙන්නුම් කර තිබූ නිසා ඇයට මානසික වෛද්‍යවරුන් ලවා ප්‍රතිකාර කරවීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබූ බව වාර්තා වනවා.

දඩුවම් කාලය අවසන් වීමෙන් පසු නැවත ගමට පැමිණි ඇය එහි තම රැකියාව නැවතත් ඇරඹීමට නොහැකි බව වටහා ගත්තා. මේ අනුව ඇය තීරණය කළේ තේම්ස් ප්‍රදේශය කරා යාමටයි. එහි ගොස් පදිංචි වූ ඇය පෙනී සිටියේ තේම්ස් මහත්මිය යන ව්‍යාජ නාමයකින්. ටික දිනකින් එම ප්‍රදේශයේ නැවතත් Baby Farm අනාථ නිවසක් ඇරඹු ඇය මෙවර වැඩි වෂයෙන් භාරගෙන තිබුනේ මව්වරුන් අතහැර යන දින කිහිපයක් වයසැති බිලිදුන්. ඔවුන් සදහා එක්වර කෑම හා ඇදුම් සදහා මුදල් ලබාගැනීමට ඇය කටයුතු කළා. මෙම කාලයේදී කිහිප විටක්ම ඇය මානසික රෝගය සදහා ප්‍රතිකාර ගැනීමට රෝහල් වෙත ගිය බව පසුව අනාවරණය වී තිබුණා . මෙලෙස තමාවෙත භාර දෙන දරුවන් බොහෝ දෙනෙකු ඝාතනය කළ ඇය දරුවන්ගේ සිරුරු වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් නොකර තේම්ස් නදියට විසිකර දැමීමට ඇය වග බලාගෙන තිබුනේ පෙර අවස්ථාවේ සිදුවුණු වැරැද්ද නැවත සිදු නොකිරීමටයි.

බොහෝ දරුවන් ඝාතනය කොට තිබිණේ සුදු පැහැති රෙදි පටියකින් ගෙල සිර කිරීමෙන්. ඔවුන්ගේ සිරුරු විශාල ලියුම් කවර තුළ බහා ගඟට විසිකොට තිබුණා . සමහර දරුවන්ගේ සිරුරු ඇය ආසන්න ප්‍රදේශවල වළ දමා තිබූ බව මූලාශ්‍ර වාර්තා කරනවා. 1896 වර්ෂයේ මාර්තු 30 වන දින තේම්ස් නදියේ පාවෙමින් තිබුනු පාර්සලයක් යාත්‍රා පදවන්නෙකුට හමුවුණා. එය විවෘත කර බැලූ ඔහුට මරාදමන ලද කුඩා බිළිඳෙකුගේ මළ සිරුරක් හමුවුණා . ඔහු වහාම ආරක්ෂක නිලධාරීන්ව  මෙම සිදුවීම සම්බන්ධව දැනුවත් කළා. මළ සිරුර කුඩා දැරියකගේ වුණු අතර ඇය ගෙල සිරකර මරා දමා ඇති බවට වටහා ගැනීමට පොලිස් නිලධාරීන්ට ගත වූයේ ඉතාමත් සුළු කාලයක්.

පරීක්ෂණ සිදු කළ පොලීසිය ඇමීලියාගේ නිවෙස පරීක්ෂා කළ ආරක්ෂක නිලධාරීන්ට ඇයව අත්අඩංගුවට ගැනීමට ඕනෑ තරම් සාක්කි හමුවුණා. ඇගේ භාරයේ තබා තිබූ දරුවන් පිළිබඳ  විමසා මව්වරුන් එවූ ලිපි හා ඔවුන් හොඳීන් සිටින බවට ඇය ලියා තිබූ ලියුම් විශාල ප්‍රමාණයක් එහි තිබුණා . නමුත් සැබැවින්ම එම ලියුම්වල සදහන් වන දරුවන් ඇය සමග සිටියේ නැහැ. බොහෝ දරුවන් මියගිය බවට ඇය ලියා තිබු ලිපි හමු වූ නමුත් එම දරුවන්ගේ මරණ සහතික ඇය සතුව තිබුමේ නැහැ. දරුවන් මැරීමට යොදාගත් රෙදි පටි හා විෂ පෙවූ එන්නත් ඇගේ නිවසින් ආරක්ෂක නිලධාරීන් සොයාගනු ලැබුවා.

1896 වර්ෂයේ මැයි මස 22 දින ඩොරිස් මාර්මම් (Doris Marmom) නම් දැරියගේ ඝාතනය සම්බන්ධව ඇගේ දෙමව්පියන් ඇමිලියාට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබුවා.  අධිකරණය ඉදිරියේ දැරිය ඝාතනයේ වරද ඇමීලියා විසින් පිළිගත්තා. නමුත් එය හැර වෙනත් කිසිම ඝාතනයක් පිළිබඳව පාපොච්චාරණයක් සිදුකිරීම ඇය විසින්  ප්‍රතික්ෂේප කළා.

ඇමීලියා එලිසබෙත් ඩයර්ට එරහිව තීන්දුව ලබා දීමට ඕල්ඩ් බේලි හී ජූරි සභාව විනාඩි 5 කට අඩු කාලයක් පමණක් ගත කර තිබීමෙන් ඇය කෙතරම් දරුණු අපරාධකාරියක්ද යන්න මනාවට ඔප්පු වනවා. ඇයට මරණ දඩුවම නියම කරන ලද අතර 1896 වර්ෂයේ ජූනි මස 10 වනදා නිව්ගේට් බන්දනාගාරයේදී (Newgate Prison) ඇයව එල්ලා මරා දැමුණා .

ඇමීලියා එලිසබෙත් මෙවැනි ම්ලේච්ඡ තත්වයකට ඇද වැටීමට ඇයට කුඩා අවධියේ සිට  පැවති මානසික පීඩනයන් හා එම නිසා ඇති වූ මානසික රෝගී තත්ත්වයක් හේතු වූ බවයි පසුව අනාවරණය කරගෙන තිබුණේ. ඇය පිළිබද වසර 30කට අධික කාලයක අතීතය පිරික්සූ පොලිස් නිලධාරීන් ඇගේ වාර්තා බලා සොයාගනු ලැබුවේ අවම වශයෙන් ඇය ළදරු හා ළමා ඝාතන 200 කට වගකිවයුතු බවයි. එය 400 දක්වා වැඩිවිය හැකි බව ඔවුන් වාර්තා කොට තිබෙනවා.

More Stories

Don't Miss


Latest Articles