පුංචි දරුවො කියන්නෙ මල් වගේ කියලා අපි කියනවා. තමන්ගෙ දරුවන්ව හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම පරිස්සම් කරන්නෙ හරිම ආදරයෙන්. ඒ වගේ තමන්ගෙ දරුවන්ව පරිස්සම් කරන අම්මලා තාත්තලා ඉන්න ලෝකයක අම්මලා තාත්තලගෙ රැකවරණය යටතෙ ඉන්න පුංචි මල් කැකුළුත් හරිම ඉක්මනට දිව්‍යලෝකෙ බලන්න යනවා.
දිව්‍යලෝකේට ගිය පුංචි Faviola
Faviola Rodriguez කියන්නෙ අවුරුදු දෙකක් වයස පුංචි දුවෙක්. මේ පුංචි කෙල්ල හදිසියෙම මියයන්නෙ තමන්ගෙ අම්මගෙ පෙම්වතාගෙ රැකවරණයේ ඉද්දි. Faviola ගෙ අම්මාගෙ නම Saundra Gonzales. අම්මා කියන විදියට 2018 සැප්තැම්බර් මාසෙ 5 වෙනිදා රාත්‍රියේ එයා වැඩට යද්දිත් පුංචි Faviola ඉඳලා තියෙන්නෙ නිදාගෙන. ඒ තමයි එයා තමන්ගෙ පුංචි කෙල්ල පන පිටින් ඉන්නවා දැක්ක අන්තිම වතාව. ඊටපස්සෙ දවසෙ උදේ Faviola හුස්ම ගන්නෙ නැති හන්දා එයා පොලිසියට කතා කරනවා. එයාලගෙ ගෙවල් පැත්තෙ වෛද්‍ය මධ්‍යස්තානයට අරගෙන යද්දිත් පරක්කුයි. පුංචි Faviola ඒ වෙද්දිත් ඉන්නෙ දිව්‍යලෝකෙ බලන් යන ගමන්.
කැස්ටිලෝව අත් අඩංගුවට ගත්තෙ ඇයි?
එතනදි අනාවරණය වෙනවා, පුංචි faviola ගෙ ඔලුවට මොට ආයුධයකින් පහර දීල තියෙනවා කියලා. Faviola නැති උනේ එයාගෙ අම්මගෙ boyfriend ලග ඉද්දි නිසා මවගේ පෙම්වතා වූ කැස්ටිලෝට ළමා අපචාර චෝදනාවක් එල්ල වෙනවා. මරණ දඬුවමට තීන්දුව ලැබෙන තුරු කැස්ටිලෝ බන්ධනාගාරයට යොමු වෙනවා.
Faviola ගේ අම්මා, තාත්තා, ආච්චි අම්ම කියන විදියට Faviola හරිම හුරතල් දරුවෙක්. එයා හරිම ආසයිලු චොකලට් කිරි එහෙම බොන්න. Faviola කියන්නෙ තවත් අහිංසක, හුරතල් පුංච් දරුවෙක්. හැබැයි එහෙම පුංචි සුරංගනාවියට නොහිතපු විදියට දිව්‍ය ලෝකෙට යන්න උනේ මෙක්සිකෝ පැතිරිලා තියෙන ළමා අපචාර රැල්ලෙ තවත් එක් අවිහිංසක ගොදුරක් වෙමින්.
මෙක්සිකෝවේ ළමා අපචාර රැල්ල
එහෙම ගොදුරු වෙච්ච තව දරුවො අතරෙ දස හැවිරිදි වික්ටෝරියා. නව හැවිරිදි ඔමාරි, අට හැවිරිදි ගේබ්‍රියල් විතරක් නෙවෙයි මාස 21 වයස මරියානෝ, මාස 14 ක ජේඩන් වගේ මෙක්සිකන් දරුවනුත් ඉන්නවා. ඒ වගේම මේ හැම දරුවෙක්ම වගේ අපචාරයට ලක් වෙලා තියෙන්නෙ තමන්ගෙ පවුලේ හෝ පවුලට හිතවත්ම සාමාජිකයන් අතින්.
Vanessa Beaza කියන්නෙ සමාජ සේවිකාවක්. එයා කියන විදියට දැන් කාලෙ මේ ළමා අපචාර හරිම වැඩියි. බ්‍රියානා ලෝපේස් කියන්නෙ හුරතල් දැරිවියක්. පුංචි බ්රියානාට මියයන්න වෙන්නෙත් එයාගෙ පවුලෙම සාමාජිකයන් අතින් එල්ල වෙච්ච දරුණු ශාරීරික සහ ලිංගික අපචාර හේතුවෙන්. ඒ සිදුවීමෙන් පස්සෙ තමයි මෙක්සිකෝවේ ළමා අපචාර නීති තව දැඩි වෙනවා. ඒ අතරට තමයි අපි අද කතා කරන පුංචි Faviola ත් එක්කහු වෙන්නෙ.
පුංචි Faviola ගෙ සොහොනට එන මිනිස්සු මොනවද කරන්නෙ?
අම්මා සහ පවුලේ අය එකතුවෙලා පුංචි Faviola ව භූමිදානය කරන්නෙ Las Cruces වල Masonic කියන සුසාන භූමියේ. පුංචි Faviolaට ආදරයෙන්, තවමත් එයාව මතක බව අඟවන්න පවුලෙ අය මේ සොහොන උඩ එක එක දේවල් තියෙනවා.
කොහොමහරි මෙහෙම තියෙන දේවල් හොරකම් කරන මිනිස්සු කිහිප දෙනෙක් ගැන Faviola ගෙ අම්මට ආරංචි වෙනවා. ඒ නිසා තමයි එයා සුසාන භූමියේ බලධාරින්ට මේක ගැන බලන්න කියලා කියන්නෙ.
පුංචි Faviola ගෙ සොහොනට එහා පැත්තෙන් නිදාගෙන ඉන්නෙ තරුණයෙක්. එයා මිය ගිහින් තියෙන්නෙ මිනීමැරුමකින්. කොහොමහරි ඒ තරුණයගෙ පවුලෙ අය විශ්වාස කරනවා තරුණයව මරලා දාපු කෙනා මේ සොහොනටත් අලාභ හානි කරනවා කියල. ඒක ගැන හොයන්න එයාලා සොහොන පේන විදියට cctv camera දාලා තියෙනවා.
ඒ වගේම එයාලා ඒකෙ දර්ශන නිතරම බලන්නත් ගත්ත. එතනදි තමයි කවදාවත් දකින්න නොලැබෙන දෙයක් දකින්න ලැබෙන්නෙ. මේ cctv footages වල මධ්‍යම රාත්‍රියේ සොහොන් අස්සෙ සෙල්ලම් කරන පොඩි ගැහැණු ළමයෙක්ව දකින්න ලැබෙනවා. තරුණයගෙ පවුලෙ අය හිතන්නෙ මේ දරුවා අතරමං වෙලා කියලා. ඒ නිසාම සුසාන භූමියේ බලධාරින්ට මේක පෙන්වන්න එයාලා කටයුතු කරනවා.
සුසාන භූමියේ සේවකයෙකු ඒ ගැහැණු ළමයාව අඳුරගන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි අම්මගෙ පෙම්වතා අතින් අපචාරයට ලක්වෙලා මිය ගිය පුංචි Faviola විදියට.
සොහොන් අස්සෙ සෙල්ලම් කරන බෝනික්කි
මේ දර්ශන දකින Saundra Gonzales අඬමින් කියනවා “මේ ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි faviola” කියලා. ඒ cctv footages වලට අහුවෙච්ච දර්ශන ඇත්තෙන්ම පුදුමාකාරයි. සොහොන් කොතේ එහෙ මෙහෙ ඇවිද යන පුංචි කෙල්ල එක තැනකදි උස තරුණයෙක්ගෙ අතින් අල්ලගෙන යනවා පෙන්වනවා. තරුණයාගෙ පවුලෙ අයව හමුවන Saundra Gonzales කියනවා “මගෙ පුංචි කෙල්ල ඔයාලගෙ පුතාව ස්වර්ගයට අරගෙන යන්න ඇති” කියලා.
ඉතින් කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ කතාව බොරුවක් කියලා. ඒත් කවුද දන්නෙ ඇත්තටම Faviola ආපහු ආවෙ එයාට වුන අපරාධයට තවමත් ඉටු නොවුණ යුක්තිය ගැන අහන්නද කියලා?