“මම ඔයාට ආදරේ නිසා තමයි මෙහෙම කරන්න එපා කියන්නෙ”
ආදරේදි එක වතාවක් හරි ඔයා මෙහෙම කියලා තියෙනවද? ඔයා හිතන්නෙ ඔයා ඒක කිව්වෙ ඔයා ආදරේ කරන කෙනාට ඇත්තටම තියෙන සහ දක්වන ආදරේ නිසා කියලද?
පොදුවේ ආදරය කියන්නේ දෙපාර්ශවයක් අතර ඇතිවෙන විශේෂම සම්බන්ධයක්. කෙනෙකුට වෙනත් කෙනෙකුගෙන් විශාල ආදරයක්, ආරක්ෂාවක්, සහනයක් ලැබෙන ආකාරය මේ සම්බන්ධයෙන් තීරණය වෙනවා. නමුත්, කවදාවත් අපි දකින්නේම නැති ආකාරයෙන්, ආදරයේ සමහර පැතිවලට ආත්මාර්තකාමීකමක් පවා එකතුවෙනවා කියන එක අමතක කරන්න බෑ.
ආත්මාර්තකාමී ආදරය කියන්නේ තමන්ග පුද්ගලික සතුට සහ හිතේ ශාන්තිය වෙනුවෙන් අනිත් කෙනාගෙ තීරණයන්ට මැදිහත් වන එක විදියක. උදාහරණයක් විදියට, ඔයාගෙ ආදරය ඔයාගෙ සහකරුගේ තීරණ, සිතුවිලි වෙනස් කිරීමට හෝ එයාලගෙ සිතේ යම් අලුත් මනෝභාවයක් බිහි කිරීමට කටයුතු කරන එක. ඔයා මේක දකින්නෙ “අනේ මං මෙහෙම කියන්නෙ කරන්නෙ ඔයාට තියෙන ආදරේ නිසා, ඔයාව පරිස්සම් කරගන්න ඕන නිසා” කියලා කිව්වට ඒක ඇත්තටම ඔයාගෙ හිතේ තියෙන ආත්මාර්තකාමීත්වය පෙන්නන එක විදියක් කියල දැනගන්න ඕන.
ඇත්ත වශයෙන්ම, ආදරය තුළ අනුකම්පාව, අනුමත කිරීම, සහ එකිනෙකාගේ සීමා ගරු කිරීම තියෙන්න ඕන. ආදරෙයි කියල කියන්නෙ අපිට අපි ආදරේ කරන කෙනාව පාලනය කරන්න ලැබෙන අයිතියක් හෝ අවසරයක් නෙවෙයි. නමුත් සමහර විට, ආදරය විදියට නම් කරගෙන, අපි අනෙක් පාර්ශවය පාලනය කිරීමට හෝ ඔවුන්ගේ ජීවිතය සීමා කිරීමට උත්සාහ කරනවා නම්, එය ආත්මාර්තකාමීකමක් බවට පත් වෙනවා.
“මෙහෙම කරන්න එපා” කියන එක ගොඩක් වෙලාවට ඕනම සබඳතාවයක් ඇතුලෙදි එක පාරක් හරි මතුවෙන වචන පේළියක්. මෙතනදි අපි හිතන්න ඕන මේ තීරණය ඇත්තටම අනෙක් පුද්ගලයාගේ සුබසාධන වෙනුවෙන්ද? නැත්නම්, ඒක මගේම ආරක්ෂාව හෝ මගේම Mentality එක සන්තෝසෙන් තියන්න කරන දෙයක්ද? කියන එක.
උදාහරණ 1:
උදාහරණයක් විදියට මෙහෙම හිතමුකො: ඔයාගෙ සහකරු යම් අරමුණක් සඳහා පරිශ්‍රමයෙන් කැපවෙමින් ඉන්නවා. නමුත්, ඔහුගේ කැපවීම ඔබට හානියක් වේ, ඔබේ සමාජීය අවශ්‍යතා හෝ කාලය මත බලපෑමක් කරනවා. මේ අවස්ථාවේදී, “මෙහෙම කරන්න එපා” කියන වචන එලියට එන්නෙ ආත්මාර්තකාමී ආදරයක පදනමක් යටතේ කියන එක ඔයා තේරුම්ගන්න ඕන.
මේ ආදරේදි ආත්මාර්තකාමීද කියන එකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි මම ඔය උඩින් ලිව්ව “ඒක ඔයාගෙ ආත්මාර්තකාමිත්වය පෙන්නන එක විදියක්” කියන එක.
අනෙක් එක තමයි ඔයා එහෙම කියන එකෙන් “ඔයා ආත්මර්තකාමීද?” කියල ඔයා ආදරය කරන කෙනා හිතන එක.
ආදරේ කියන්නෙ ගොඩක් පුදුම හිතෙන දෙයක්. සමහර වෙලාවට සතුටක්, හරිම ආරක්ෂාවක් දෙන එකක්, සමහර විට Feelings ගොඩක් Mix වුණ හැඟීමක්. ආදරේ කරන කෙනෙක්ට “මෙහෙම කරන්න එපා” කියන එක එයාට මොහොතකට රුදුරු වගේ පෙනුනත්, ඔයා එහෙම කියන්නෙ ඇත්තටම හිතේ තියෙන හොඳ අරමුණක් නිසා වෙන්නත් පුලුවන්.
උදාහරණ 2:
මෙන්න මේ වගේ උදාහරණයක් ගැන හිතන්නකො:
ඔයාට ආදරේ කරන කෙනෙක් තමන්ටම අවැඩක් වෙන වැඩක් කරලා, ඒකෙන් තමන්ටම ගැටලු හදාගන්නවා. මේ වෙලාවේදි ඔයා හිතන්නෙ, “මම ඔයාට ආදරේ නිසා තමයි මේක කරන්න එපා කියන්නෙ” කියලා. මොකද ඔහු/ඇයට ඒ ගැටලුවෙන් මිදෙන්න, හොඳ මාවතකට යන්න මඟ පෙන්වන්න පුලුවන් තරම් එයාට ලඟින්ම ඉන්න කෙනා ඔයා වෙන්න පුලුවන්.
මේ වගේ අවස්ථාවල, ඔයාගේ intention එක හොඳයි කියලා ඔයා හිතුවත්, ඒ වචන ඇහෙන කෙනාට “අර කියන එක self-centered වගේ ද?” කියලා හිතෙන්න පුලුවන්. ඔයා එහෙම දෙයක් කියන්නෙ ඔයාගෙ තියන ආත්මාර්තකාමීත්වය නිසා කියලා එයාට හිතෙන්න පුලුවන්.
“ආත්මාර්ථකාමීකම” කියන වචනේ හැමෝම හොඳම අතකින් බලන්නේ නැහැ. නමුත් ඒ විදියත් අපි තේරුම් ගන්න ඕන.
උදාහරණ 3:
උදාහරණයක් විදිහට:
ඔයා ආදරේ කරන කෙනා එක්ක පොඩි argument එකක් උනා කියලා හිතන්න. එයාට හැම වෙලාවෙම ඔයාගේ time, space, attention දෙන්නත් ඔයාට බැහැ. මේ වගේ වෙලාවකට “මටත් මගේ කියලා පෞද්ගලිකත්වයක් තියෙන්න ඕන” කියලා කියන එක තමන්ගෙ ආත්මාර්ථකාමීකමක් විදියට පෙනුනත්, ඒක සම්බන්ධතාවය healthy කරන්න විදිහක් කියලා, සබඳතාවයේ ගලා යෑමට උපකාරී වෙන දෙයක් කියලා අනිත් කෙනා හිතන්න පුලුවන්.
ඔයාගේ ආදරේ හරියටම balance එකක තබාගන්න එකට මූලිකත්වය දෙන්න ඕන වෙන්නෙ මෙන්න මේ හන්දම තමයි.
ආදරේ කියලා තමන්ගේ සම්පූර්ණ ලෝකයම, හැම දෙයක්ම sacrifice කරන්න උවමනා නෑ. ආත්මාර්ථකාමීකම කියලා අනිත් කෙනාගේ සංවේදීතාව ignore කරන එක කරන්න හොඳ නෑ.
ආදරේ කියන එකෙන් දෙදෙනාගේම හිතේ අන්තිමට තැන්පත් වෙන්න ඕනේ, “ඔයාටත් මටත් හොඳම දේ එකටම කරමු” කියන එක. එතකොට විතරයි, ආදරේ කියන දේ දෙදෙනාම සතුටින් බෙදාගන්නා සන්සුන් හැඟීමක් බවට පාත්වෙන්නෙ!