දරු ප්‍රසූතියෙන් පසු ඇති වන කොන්දේ අමාරුව ගැන නිවැරදිව දැනුවත් වෙමු.

ඇයි ප්‍රසූතියට පස්සේ කොන්දේ අමාරු එන්නේ?

ශාරීරිරික වෙනස්කම්

දරුවෙකු පිළිසිඳ ගත් පසු, ඔබේ ගර්භාෂයේ මාංශ පේශීන් ප්‍රසාරණය වීමටත්, උදර මාංශ පේශීන් ලිහිල් ස්වභාවයකට පත් වීමත් නිසා ඔබේ ඉරියව්ව වෙනස් වෙනවා. ඔබේ පසුපස ඇති මාංශ පේශීන් සහ සන්ධි මතට අමතර බර ප්‍රමාණයක් එක්වන බැවින්, කොන්දේ කැක්කුම ඇති වෙනවා.

හෝර්මෝනවල වෙනස් වීම්

හෝර්මෝන වල වෙනස් වීම නිසා, ඔබේ සන්ධි සහ කොඳු ඇටයට සම්බන්ධ වන ශ්‍රෝණි අස්ථිය අතර සම්බන්ධතාවයක් ඇති කරන අස්ථි බන්ධයන්ගේ ඇති බැඳීම ලිහිල් කරනවා එවිට දිගු වේලාවක් සිටගෙන සිටීම නිසා කොන්දේ කැක්කුම් සහ නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වෙනවා.

දරු ප්‍රසූතිය

දරු ප්‍රසූතියේදී, අපි මීට පෙර කිසි දිනෙක පාවිච්චි නොකළ මාංශ පේශින්ගේ උදව් ලබා ගැනීම සහ එම මාංශ පේශින්ගේ ප්‍රසාරණය වීම මෙවැනි කොන්දේ කැක්කුම ඇති වෙනවා.

ඉරියව්.

බබාට මව්කිරි දීම. බබාව වඩාගෙන සිටීම, බබාව නාවනවිට බේසම තුළ බොහෝ වෙලාවක් තබාගෙන සිටීම නිසාත් අම්මාට කොන්දේ කැක්කුම එන්න පුලුවන්.

මෙයට විසඳුම් මොනවද?

  • මසකට හෝ ඊට පසු නැවතත් ඔබේ සාමාන්‍ය බරට, ඒ කියන්නේ කලින් පවත්වාගෙන ආව බර ඇති කර ගන්න උත්සාහ කරන්න. කදිම බර පවත්වා ගැනීමට නිවැරදිව ආහාර ගැනීම කල යුතුයි. ඒවගේම ඔබ මව් කිරි දෙන මවක් කියන එකත් අමතක කරන්න එපා. ඒ නිසා දෙපැත්තම සමබර කර ගන්න.
  • මාංශ පේශීවල ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වා ගැනිමටත් එහි සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා උපකාරී වන ව්‍යායාම, යෝගී ආදිය කිරීමත් අතිශය වැදගත්. එසේම, එය ඔබේ නම්‍යශීලි බාවය හා විඳදරාගැනීම වැඩි කිරීමට උපකාරී වෙනවා. ඇවිදීම කියන්නෙත් මේ තත්ත්වය අවම කර ගන්න ආරක්ෂිත හා පහසු අභ්‍යාසයක්. මාංශපේශි ශක්තිමත් කිරීම සඳහා ඔබට පිහිනිමත් ව්‍යායාමයක් විදියට කරන්න පුළුවන්.
  • ඒ වගේම ව්‍යායාම කරද්දී මේ ගැනත් අවදානය දිය යුතුමයි. කොන්දේ වේදනාවට සහනයක් ලබා ගන්න හිතා ගෙන වෙහෙස නොබලා ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වෙන්න එපා. ඒ නිසා ඔබේ වේදනාව තවත් වැඩි වෙන්න පුළුවන්.
  • ඔබේ මාංශ පේශී සහ සන්ධි වලට අධික ලෙස පීඩනය ඇති කරවන විදියට අධික ලෙස බර උසුලන්න එපා.
  • මව්කිරි ලබා දෙද්දී අනිවාර්යෙන් ඉරියව් ගැන සැලකිලිමත් වෙන්න. මව්කිරි දීම අතරතුරදී ඔබ දරුවා දෙසට අනවශ්‍ය ලෙස නැඹුරු වීමෙන් වළකින්න. මව්කිරි දීම අතරතුරත් ඔබේ කොන්දේ, උරහිස් හෝ ඉහළ කොටසේ වේදනාව ඇති වේ නම් ඇඳක වැතිරී මව්කිරි ලබා දීම තමයි වඩාත් සුදුසු.
  • මුල් මාස කිහිපය ගෙවී යනතුරු අඩි උස පාවහන් පැළඳීම අහිතකරයි. අඩි උස පාවහන් කියන්නේ කොහොමත් කොන්දේ වේදනාව ඇති කරවන්න හේතු වෙන්නක්. ඒ නිසා ඒ ගැනත් ටිකක් හිතලා ටික කාලයක් යන තුරු අඩි උස පාවහන් පැලැන්දීමෙන් වළකින්න.
  • නිදා ගැනීමේදී ඔබට පහසු ඉරියව්වක් තෝරා ගන්න. ඔබේ පහසුව සඳහා කොට්ට හෝ වෙන යම් ආධාරකයක් භාවිතා කරන්න.
  • වේදනාව ඇති වන ප්‍රදේශ වලට හොඳින් තෙල් සාත්තුවක් කරන්නත් අමතක කරන්න එපා. එය රුධිර සංසරණය වැඩි දියුණු කිරීම සහ මහත් සහනයක් ලබා දෙනවා. ඒ මඟිනුත් කොන්ද ආශ්‍රිත ප්‍රදේශ වල වේදනාව අවම කර ගන්න පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles