විදුලිය විසන්ධි වෙන කාලේ දැඩි රස්නය A/C නැතුව දරා ගන්න බැරි ද?

මේ දවස්වල ලංකාව පුරාම පවතින්නේ දැඩි උෂ්ණාධික කාලයක්. වැඩියෙන් තිබහ වෙන, වැඩියෙන් දහදිය දමන මේ කාලේ කොරේ පිටට මරේ කියලා විදුලියත් විසන්ධි කරන්න පටන් අරන්.ඉතින් අපි හැමෝටම ඒසී නැති, ෆෑන් නැති, කූල් වතුර නැති රස්නෙ දවස් දරා ගන්න අපහසුයි.

එහෙත් ඕනෑම කටුක කාලයක් දරා ගන්න මොනවා හෝ විසඳුම් සොයා ගත යුත්තේ අපිමයි. මේ රස්නේ කාලේ රස්නෙන් බේරෙන්න අපිට මෙන්න මේ දේවල් කරන්න පුලුවන්.

ඇඟට හිර ඇඳුම්, කලු පාට ඇඳුම් ඇඳීමෙන් හැකිතාක් වළකින්න.. ඔබට ගෙදරට හැකි තරම් සැහැල්ලු ඇඳුම් අඳින්න හැකියාව තිබෙනවා. ඒ වගේම විදුලිය විසන්ධි කරන්න කලින් ඔබේ රාත්‍රී පොරෝනා එහෙම ටික වෙලාවක් ෆ්‍රීසර් එකේ තබා ගන්න. වතුර නොකපන හැම දවසකම රාත්‍රී නින්දට කලින් ඇඟපත සෝදා ගන්න.

සමහර වෙලාවට රාත්‍රියේ විදුලිය විසන්ධි වෙන නිසා ඔබට රෑ ෆෑන් එක දාගෙන නිදා ගන්නට හැකියාවක් නැතුව ඇති. ඒත් වතුර බෝතලයක් ඇඳ උඩ තියා ගන්න අමතක කරන්න එපා. රස්නේ වැඩිවෙලා ඇහැරෙන හැම වෙලාවකම ඉන් වතුර උගුරු කීපයක් බොන්න. සම සහ සිරුර වේලෙනවට ඒක හොඳ උපක්‍රමයක්.

රස්නේ දවසට වැඩි වෙලාවක් ඔබ ලිප් අසල නොගැවසෙනවා නම් හොඳයි. විදුලි විසන්ධි වීම් නිසා ශීතකරණය ඇණ හිටීම නිසා ඔබට සීතල ජාති කන්න බොන්න නැතුව ඇති. සව් ටිකක් හදලා තියා ගන්න, තැඹිලි බොන්න, කොමඩු, දොඩම් ආදිය කන්න. ශීතකරණය නැති වෙලාවටත් රස්නේ මට්ටු කරන්න ඒ විදියට හැකියාව ලැබෙනවා.

වෙට් ටිෂූ භාවිතය, අවානක් භාවිතය, පුංචි බෝතලයක් වතුර ස්ප්‍රේ කරන්න පුලුවන් විදියට සකසාගෙන ගිනි මද්දහනේ මුහුණට ස්ප්‍රේ කර ගැනීම ආදිය ඔබට රස්නේ මට්ටු කරන්නට හැකි ක්‍රමයි.

අධික රස්නය ඔබව රෝගී කරන නිසා අව්වේ ගමන් බිමන් හැකිතාක් අඩු කරන්න. ෆ්‍රිජ් එකත් ඒසී මැෂින් එකත් නැති හැම වෙලාවකම වතුර බොන්න අමතක කරන්න එපා.

සමහර දුෂ්කර කාලවල පවා ඒ කටුක දේවල් මඟ හරින්න මොන මොනවා හෝ ක්‍රම අපි හොයා ගත යුතුමයි, කරන්ට් නැති රස්නේ නැති දවස්වල ඔබ හොයා ගත්තු රස්නේ මට්ටු කරන ක්‍රම අපේ smartlady ෆේස්බුක් සමූහය එක්ක බෙදාගන්නත් ඔබට පුලුවන්…

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles