Slab එක නිසා ගෙදර පෝරණුවක් වෙලාද?

“බුදු අම්මෝ මේ රස්නෙ කොහොමද ළමයො ඔයාලා මේ ගෙදර ඉන්නෙ?” කියලා ගමේ ඉන්න අම්මල එහෙම ඔයාලගෙ ස්ලැබ් එකක් තියෙන ගෙදරට ආවම කියනවද?

එහෙනම් ඔන්න මේ ආටිකල් එක අපි අරගෙන එන්නෙ ඔයා වෙනුවෙන්මයි.

Slab එකක් තියෙන ගෙවල් දැන් ගොඩක් ජනප්‍රියයි. අඩු වියදමින් සරලව ගොඩනගන්න පුළුවන් නිසා, එවගේ ගෙවල් ගොඩක්ම අපේ රටේ හදාගන්නවා. හැබැයි, slab එකක් තියෙන ගෙවල් වල තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ දරාගන්න බැරි රස්නෙ. ගොඩක් වෙලාවට හිරු රශ්මිය slab එක මතට වැදිලා, ඒ උණුසුම ගෙදර අස්සටම අරගෙන එන හන්දා ගේ ඇතුලෙ ඉද්දි දැනෙන්නෙ නිකන් පණ පිටින් පිච්චෙනවා වගේ නේද?

 එනිසා, ගෙදරට ආපු මිනිස්සු, “බුදු අම්මෝ මෙහෙම රස්නෙන් ඉන්න අනේ අපිට නම් බෑ!” කියලා ගෙට ගොඩවෙච්ච ගමන් කියනවා. නොකිව්වත් හිතනවා.

කොහොම වුණත්, slab එකක් තියෙන ගෙවල් වල උණුසුම අඩු කරන්න පුළුවන් සරල ක්‍රම තියනවා. මේ ක්‍රම හොඳින් අනුගමනය කළාම, ගෙදර රස්නය අඩු කරගෙන, ලස්සන පරිසරයක් හදාගන්න පුළුවන්. Slab එකක් තියෙන ගෙවල්වල උණුසුම අඩු කරගන්න පියවර ගැන අපි ඔයාලට අරගෙන එන්නෙ අන්න ඒ නිසාමයි.

මේ article එකේදී, අපි කතාකරන්න යන්නේ සරල, හැමෝටම භාවිතා කරන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන. Slab එකක් තියෙන ගෙදර අය, මේ දේවල් අත්හදා බැලුවොත්, ගෙදර රස්නෙ ගැන තියෙන ප්‍රශ්නෙ ලස්සනට විසඳගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

1.      පරාවර්තක ආලේපන භාවිතා කරන්න

Slab එකේ පරාවර්තක ආලේපනයක් ආලේප කිරීම, තාපය අවශෝෂණය (heat absorption) අඩු කර ගෙදර තාපය පාලනය කරගන්න පුලුවන් එක ක්‍රමයක්. මේ ආලේපන සුදු හෝ ලා පැහැති වන අතර, එය හිරු එළිය පරාවර්තනය කර තාපය අඩු කරන්න උදව් වෙනවා.

2. පරිවරණය එකතු කිරීම

Slab එකේ යටින් හෝ වහලයට පරිවරණයක් එකතු කිරීමෙන්, ගෙදර ඇතුළ තාපයෙන් ආරක්ෂා කරන්න උදව් වෙනවා. ෆෝම් බෝඩ් හෝ ෆයිබර්ග්ලාස් වැනි ද්‍රව්‍ය භාවිතා කරන එකෙන්, ගෙදර තාපය අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

3. Slab එක උඩ පැළ හිටවන එක

පැළ වර්ග, ගස් වැල් පවතින උෂ්ණත්වය අවශෝෂණය කිරීමට උපකාරී වෙනවා. ගස් වැල් හිටවන එකෙන් නිසැකව Slab එක උඩ තාපයෙන් ආරක්ෂා කරන අතර, ඒක ගෙදර ඇතුල රස්නෙන් පිරෙන්න හේතු වෙන කාරණා බොහොමයක් අඩු කරගන්න හේතුවෙනවා.

4. විදුලි පංකාවක් භාවිතා කිරීම

රස්නෙ වාතය පිටවීමට විදුලි පංකාවක් ස්ථාපනය කිරීම, ගේ ඇතුලෙ තියෙන රස්න අවම කරන්න ලොකුවටම උදව් වෙනවා. මේකෙන් ගෙදර ඇතුලෙ සුමට, සිසිල් පරිසරයක් හදාගන්න උදව් වෙනවා.

5.Shades පාවිච්චි කරන එක

ගෙදර පරිසරය ඇතුළ තාපයෙන් ආරක්ෂා කරගන්න, Shades පාවිච්චි කරන්නත් පුළුවන්. Slab එක උඩට සෘජුව හිරු එළිය වැටෙන එක වැලැක්වීම සඳහා, Shades යෙදීම තාප ශක්තිය අඩු කරන අතර UV කිරන වලින් වෙන හානියට ආරක්ෂාව ලබා දෙන්නත් හේතු වෙනවා.

6. Coolents භාවිතා කිරීම


Slab එකේ රස්නෙ අඩු කරන්න හේතුවෙන තව දෙයක් තමයි Coolants පාවිච්චි කරන එක. Coolants  භාවිතා කිරීම හෝ සිසිල් පේන්ට් යෙදීමෙන් තාපය අවශෝෂණය කරන්න උදව් වෙනවා. මේවා, ගෙදර පරිසරය අලුත් කරන අතරම ගේ ඇතුලෙ වාතාවරණයට තාපය සහ පාරිසරික බලපෑම්වලින් ආරක්ෂාව සපයනවා.

7. නවීන වාතාශ්‍ර පද්ධති භාවිතා කිරීම


වාතාශ්‍රය වැඩි දියුණු කිරීම සඳහා නවීන වාතාශ්‍ර පද්ධති භාවිතා කිරීම, තාපය පාලනය කිරීමට උදව් වෙන තව එක ක්‍රමයක්. ඒවා ඔබේ ගෙදර තුළ තියෙන රස්නෙ අඩු කරලා වඩා සිසිල් පරිසරයක් ගොඩ නගන්න උදව් වෙනවා.

ඔබේ ගෙදර උෂ්ණත්වය පාලනය කිරීමෙහි දී, slab එකෙන් ඇතිවන රස්නය (heat gain) අඩු කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. උෂ්ණ කාලෙකදි ගෙදර ඇතුලේ උෂ්ණත්වය වැඩි වැඩිවෙන එක නිතරම ෆෑන් දාගෙන ඉන්න වෙන, ඒ නිසාම කරන්ට් බිල වැඩිවෙන, ඇඟ පුරාම දාඩිය වක්කරගෙන ඉන්න හේතුවක් වෙනවා. එහෙම වෙලාවක ගෙදර  උෂ්ණත්වය අඩු කර ගැනීමට මේ අපි උඩ  Mention කරලා තියෙන Tips වලින් එකක් හෝ කීපයක් යොදාගෙන වඩා සුවබර ජීවිතයක් ගේ ඇතුලෙන්ම හදාගන්න ඔයාලට ඉඩකඩ ලැබෙන්න කියලා අපි පතනවා!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles