ඔබ ඵලදායී, ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීමට උත්සාහ කරන විට නිරන්තරයෙන් වෙහෙසකර හා ශක්තිය මදිකමක් දැනීම බොහෝ විට සිදු විය හැකියි. මෙමගින් ඔබේ සාමාන්‍ය ජීවන රටාව කෙරෙහි බොහෝ බලපෑම් එල්ල කළ හැකියි. තෙහෙට්ටුව අඩුවීම සහ වඩාත් ජව සම්පන්න බවක් දැනීම සඳහා ඔබට කල හැකි දේවල් කිහිපයක් ගැනයි අද අපි කතා කරන්නේ.
ගුණාත්මක නින්දට ප්‍රමුඛත්වය දෙන්න
ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ජවසම්පන්න හැඟීමක් ලබා ගැනීමට බෙහෙවින් ඉවහල් වෙනවා.නින්ද ලබාගන්නා පැය ප්‍රමාණය පමණක් නොව එහි ගුණාත්මක භවය කෙරෙහිද ඔබ සැලකිල්ලක් දැක්විය යුතුයි. එම නිසා සෑම රාත්‍රියකම පැය 7-9 ක විවේකී නින්දක් ඉලක්ක කර ගන්න. ඔබේ කාමරය සිසිල්, අඳුරු සහ නිහඬව තබා ගෙන නින්දට හිතකර පරිසරයක් සකස් කරගන්න. නින්දට පෙර අවම වශයෙන් පැයකට පමණ පෙරවත් ඩිජිටල් තිර භාවිතයෙන් වළකින්න. එයට හේතුව වන්නේ දුරකථන සහ පරිගණක මගින් නිකුත් කරන නිල් ආලෝකය ඔබේ ස්වාභාවික නින්දේ චක්‍රයට බාධා එල්ල කළ හැකි නිසයි.
සජලනය වී සිටින්න
ශරීරය විජලනය වී තිබීම තෙහෙට්ටුවට පොදු හේතුවක් වන අතර මෘදු විජලනය පවා ඔබට උදාසීන බවක් සහ ජලය බැස යන බවක් දැනිය හැකියි. දවස පුරා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඔබේ ශක්ති මට්ටම් පවත්වා ගැනීමට සහ ඔබේ ශරීරයේ වැදගත් ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි සිදු කිරීම සඳහා සහාය වනවා. ඔබ ශාරීරිකව ක්‍රියාශීලී නම් දිනකට අවම වශයෙන් වතුර වීදුරු අටක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පානය කිරීමට ඉලක්ක කර ගන්න.
ශක්තිජනක ආහාර අනුභව කරන්න
ඔබ පරිභෝජනය කරන ආහාර ඔබේ ශරීරයේ ශක්ති මට්ටම කෙරෙහි සෘජුවම බලපානවා. විටමින්, ඛනිජ ලවණ සහ සෞඛ්‍ය සම්පන්න මේද වලින් පොහොසත් ආහාර ඔබේ ශරීරයට ඉතා හොඳ ශක්තියක් සපයනවා.සම්පූර්ණ ධාන්‍ය, ප්‍රෝටීන සහ පලතුරු සහ එළවළු හැකි තරම් ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගන්න. සීනි සහිත ආහාර , කෙටි ආහාර සහ කැෆේන් වර්ග වැඩිපුර භාවිතා කිරීමෙන් වළකින්න.
දිනපතා ව්‍යායාම වල නිරත වෙන්න.
දිනපතා ශාරීරික ක්‍රියාකාරකම් , ව්‍යායාම වල නිරතවීම මගින් කාලයත් සමඟ ඔබේ ශරීරයේ ශක්ති මට්ටම් වැඩි කළ හැකිය. ව්‍යායාම මගින් රුධිර සංසරණය වැඩි දියුණු කිරීමටත්, රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීමටත්, ස්වභාවික මනෝභාවයන් ඇති කරන එන්ඩොර්ෆින් මුදා හැරීමටත් උපකාරී වනවා. හොඳ ව්‍යායාම රටාවක නිරතවීම ,මිනිත්තු 10 ක ඉක්මන් ඇවිදීම, සැහැල්ලු යෝග අභ්‍යාසවල නිරතත වීම ඔබේ මනස සහ ශරීරය ප්‍රබෝධමත් කිරීමට උපකාරී වනවා. උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අවම වශයෙන් දිනකට මිනිත්තු 30 ක මධ්‍යස්ථ ව්‍යායාමයක් හෝ ලබා ගැනීමට ඉලක්ක කර ගන්න.
මානසික ආතතිය ඵලදායි ලෙස කළමනාකරණය කර ගන්න
නිදන්ගත ආතතියට ඔබේ ශක්තිය හීන කළ හැකි අතර ඔබට ශාරීරිකව හා මානසිකව වෙහෙසට පත් වීම එමගින් සිදුවනවා.මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආකාරයෙන් ආතතිය කළමනාකරණය කිරීම වැදගත් වනවා. ඔබේ මනස සන්සුන් කිරීම සඳහා ගැඹුරු ලෙස හුස්ම ගැනීම, භාවනා කිරීම හෝ ජර්නල් කිරීම වැනි දේවල් වල නිරතවීම පුහුණු කර ගන්න. දිනපතා ශාරීරික ව්‍යායාම කිරීම, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම සහ ආදරණීයයන් සමඟ කාලය ගත කිරීම ආතතියෙන් මිදීමට සහ ධනාත්මක දෘෂ්ටියක් පවත්වා ගැනීමට තවත් හොඳ ක්‍රම ලෙස හඳුන්වන්නට පුළුවන් .
විවේක ගන්න
විවේකයකින් තොරව දිගු කාලයක් වැඩ කිරීම හෝ අධ්‍යයනය කිරීම අධික වෙහෙස සහ තෙහෙට්ටුවක් දැනීමට හේතු විය හැකියි. දවස පුරා කෙටි විවේක ගැනීම ඔබට එම තෙහෙට්ටුව සහ වෙහෙස පාලනය කර ගැනීමට උපකාරී වනවා. මෙම විවේකය ඔබේ මොළයට සහ ශරීරයට ශක්තිය නැවත ආරෝපණය කිරීමට කාලය ලබා දෙනවා.
හොඳ ඉරියව් වලට පුරුදු වන්න
ඔබේ ඉරියව්ව ඔබේ ශක්ති මට්ටම්වලට බලපාන ආකාරය නොසලකා හැරීම පහසුය, නමුත් දුර්වල ඉරියව් ආතතිය සහ තෙහෙට්ටුවට හේතු විය හැකි බව මේ වන විට විවිධ පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා. දුර්වල ඉරියව්වකින් වාඩි වී සිටීම හෝ සිටගෙන සිටීම ඔබේ මාංශ පේශින් වඩාත් වෙහෙසට පත් කළ හැකි අතර එමගින් ඔබට වඩාත් වෙහෙසකාරී බවක් දැනීම සිදු වනවා. එම නිසා දවස පුරාම ඔබ වාඩි වී සිටින ආකාරය, සිටගෙන සිටින ආකාරය සහ ඇවිදින ආකාරය ගැන සැලකිලිමත් වන්න. ඔබේ පිටුපස කෙළින් තබා ගන්න, උරහිස් ලිහිල් කර තබා ගන්න. අවම වශයෙන් විනාඩි තිහකට වරක් වත් ඔබේ ඉරියව් මාරු කරන්න.ඒ වගේම ඔබේ මූලික මාංශ පේශි ශක්තිමත් කරන ක්‍රියාකාරකම්වල නියැලීම ඔබේ ඉරියව් සහ ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.
තෙහෙට්ටුව සහ උදාසීන බව දැනීම බොහෝ දෙනාට පොදු ගැටළුවක් ලෙස සැලකෙනවා. නමුත් එය ඔබගේ දෛනික චර්යාවේ කටයුතු වලට බාධාවක් කර ගැනීම සුදුසු වන්නේ නැහැ. ඒ නිසා ඔබේ ජවසම්පන්න බව වැඩිකර ගැනීමට ඔබට ඉවහල් වෙන කරුණු කිහිපයක් ගැනයි මේ ලිපියෙන් අද අපි ඔබ සමග සාකච්ඡා කළේ.