ඔබට නිතරම අමතක වන ඔබේ සෞඛ්‍යයට යහපත් පුරුදු

වතුර බොන්න 

මේ දවස් වල තියෙන අධික උණුසුම් කාලගුණය එක්ක ජලයේ තියෙන වැදගත්කම ගැන ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.  මේ දවස් වල විතරක් නෙවෙයි , සාමාන්‍යයෙන් හැම දවසක් තුළම සෑහෙන්න ප්‍රමාණයක ජලය පානය කරන එක ශරීරයට බොහොම වැදගත්. ආසන්න වශයෙන් ජලය ලීටර් 2.5- 3 අතර ප්‍රමාණයක් පානය කරන්න ඔබත් උත්සාහ කරන එකෙන් ටික කාලයක් යනකොට ඔබේ ශාරිරික වගේම මානසික සෞඛ්‍යය ත් යහපත් වෙන බව ඔබට දැනේවි.

සීනි සහ ලුණු අඩුවෙන් භාවිතා කරන්න 

ලුණු වැඩිපුර ආහාරයට ගන්න එකෙන් ඔබ හදවත් රෝග ඇති වෙන අවදානමකට ලක් වෙනවා. ආහාර වලට එකතු කරන ලුණු වලින් විතරක්  බොහෝවිට ඔබේ දෛනික ලුණු අවශ්‍යතාව්‍යා සපිරෙන නිසා අධික ලුණු සාන්ද්‍රණ තියෙන කෘතිම ආහර භාවිතය අවම කරන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම සීනි භාවිතය ගැනත් සැලකිලිමත් වෙන එක වැදගත්. 

පළා , කෙඳි සහිත ආහාර ආහාර වේල් වලට එකතු කරගන්න 

අපි හැමෝම  ගෙවන අතිශය කාර්‍යබහුල ජීවන රටා එක්ක අපි හුරුවෙලා ඉන්නේ පහසු දේ කරන්න. උදේ ,දවල් ආහාර වේල් වලට අපි එකතු කරගන්නේ පහසුවෙන් සකස් කරගන්න පුළුවන් දේවල්. ඒත්, ඒකෙන් ඔබ දැන දැනම ඔබේ ජීවිතයට හානියක් කරගන්නේ. පළා වර්ග, කෙඳි සහිත ආහාර කියන්නේ ඔබේ ආහාර ජීරණ පද්ධතිය තුළ මනා ක්‍රියාකාරිත්වයක් වෙනුවෙන් අත්‍යාවශ්‍ය සාධකයක්. ඒ නිසා නොසැලකිල්ල නිසා අතෑරෙන්න නොදී පලා වර්ගයක් , කොහිල වගේ ආහාර වර්ගයක් දවසට වතාවක් හරි ආහාර වේලට එකතු කරගන්න උත්සාහ කරන්න. 

ඔබේ විටමින් අවශ්‍යතාව ගැන සැලකිලිමත් වෙන්න.

ඔබ කෙතරම් ප්‍රෝටීන් , කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගත්තත් ඒ පෝෂක වඩා හොඳින් ශරිරයට අවශෝෂණය වෙන්න නම් විටමින් සහ ඛනිජ අවශ්‍ය තරමින් සැපයෙන එක ඉතාම වැදගත්. 

ඔබේ සම ගැන සැලකිලිමත් වෙන්න 

ඔබ කිනම් පරිසරයක ජීවත් වෙන කෙනෙක් වුනත්  දවස අවසානයේදී ෆේස් වොශ් එකක් පාවිච්චි කරලා මුහුණ පිරිසිදු කරගන්න එක වැදගත්. ඒ වගේම ක්ලෙන්සර් එකක්, ටෝනර් එකක් , සීරම් එකක් භාවිතා කරන්න පුළුවන් නම් ඔබේ සමට ඒකෙන් ආලෝකයක් ලැබෙනවා. 

උදෑසන ආහාරය මඟාරින්න එපා 

ඔබත් හුරු වෙලා ඉන්නේ උදෑසන ආහාර වේල මඟ හැරලා දවස පටන් ගන්න නම්, ඒ ඔබ බන්දේසියක තියලා ඔබට ලං කරගන්නේ මහ විනාශයක්. උදෑසන ආහාර වේල ඉතාම සුලුවෙන් හරි ගන්න එක ඔබේ දවසේ මානසික සහ කායික සෞඛ්‍යය වෙනුවෙන් ඉතාම වැදගත්. 

ප්‍රමාණවත් නින්දක් ලබන්න 

සාමාන්‍ය නීරෝගී පුද්ගලයෙකුට දිනකට පැය හයක නින්දක් අවශ්‍යයි. ඒ නින්දේ කාලය එක දිගට ඔබට අහිමි වීම තුළ ඔබේ සෞඛ්‍යය තුළ ඔබට නොපෙනෙන යම් යම් වෙනස්කම් ක්‍රම ක්‍රමයෙන් ඇති වෙනවා. ඒ වෙනස්කම් කාලෙත් එක්ක ඔබට බාධා කරන තරමටම වැඩි වෙන බවත් මතක තියාගන්න. 

ඍණාත්මක මිනිසුන්ගෙන් ඉවත් වෙන්න 

සමහර වෙලාවට ඔබ වටේ ඉන්න සමහර මිනිසුන්ගෙන් ඔබට දැනෙන ඍණාත්මක බ්බ්ව දැනි දැනීම ඔබ ඔවුන්  ට ඔබේ ජීවිතයේ ඉඩ ලබා දෙනවා වෙන්න පුළුවන්. ඒත් එහෙම ඉඩ දීමෙන් ඔබට නොදැනීම ඔබේ මානසික සෞඛ්‍යය පිරිහෙනවා. ඊට පස්සේ ඒ හේතුව එක්ක ඔබේ කායික සෞඛ්‍යය ට බලපෑම් වෙනවා.

පිරිසිදු වාතය ආශ්වාස කරන්න 

ඔබ දවස තිස්සේම කාර්‍යාලයක් ඇතුලේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දවස තිස්සේම නිවස තුළ යම් යම් දේ කරනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් හිත සැහැල්ලුවෙන් විනාඩි කිහිපයක් හරි පිරිසිදු නැවුම් වාතය  ආශ්වාස කරන්න ඉඩ හදාගන්න අමතක කරන්න එපා.

ඇස් වලට විවේකය ලබා දෙන්න 

ඔබ දිනපතා පරිඝණක එක්ක ගැටෙන කෙනෙක් නම් මේ කතාව වැඩිපුරම වැදගත් ඔබට. පරිඝණක ය දිහා එක දිගටම බලාගෙන ඉන්න එකෙන් ඔබට නොදැනීම ඔබේ දෑස් දැඩි වෙහෙසකට පත් වෙනවා. ඒ නිසා හැම විනාඩි තිහකට වතාවක්වත් තත්පර විස්සක විවේකයක් ගන්න අමතක කරන්න එපා.

ව්‍යායාම වෙනුවෙන් ඉඩක් හදාගන්න 

දවසට විනාඩි කිහිපයක් හරි ශරීරයෙන් දහඩිය වැගිරෙනකල් ව්‍යායාම වල යෙදෙන්න කාලය වෙන් කරගන්න ඔබට හැකි නම්, එය ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් ඉතාම වැදගත්. ඔබ එහි වැදගත් බවක් ගැන එතරම් නොහිතුවත් ඉන් ඔබේ කායික වගේම මානසික සෞඛ්‍යය ත් ඉහළ නැංවෙනවා.

ඔබ එතරම් ගණනකට නොගත්තා වුනත් මෙ වගේ පොඩි කාරණා එදිනෙදා ජීවිතේදී හුරුවෙන්න උත්සාහ කරලා බලන්න. ඔබටම දැනේවි, සැබෑම වෙනසක්.

Related Articles

Don't Miss


Latest Articles