යාලුවෝ කියන්නේ අපේ ජීවිතේ කොයිතරම් වැදගත් අය වුණත්, තමන්ගේම යාළුවෝ අතින් තමන්ගේ ජීවිතයේ අවසානය සිදු කරගන්න වෙන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. අපි අද ඔබට කියන්න යන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ගැන ප්‍රාන්තයේ හිටපු චෙස්ටර් කියන පිරිමි ළමයා තමන්ව විශ්වාස කරපු තමන්ගේ යාළුවො නිසා තමන්ගේ ජීවිතයට කරගත්ත විනාශය ගැන.
ස්මාර්ට් ලේඩි කියවන ඔබටත් අපි මතක් කරනවා ඔබේ දරුවන් ගැනත් බොහොම විමසිල්ලෙන් ඉන්න කියලා. ඒ වගේම ඔබේ දරුවන් ආශ්‍රය කරන යහළුවන් ගැනත් ඔබ ඒ විමසිල්ලම ඒ විදියට තියාගන්න ඕන බවත් අපි මතක් කරන්නේ ලෝකෙ එක එක තැන්වල මෙන්න මේ වගේ සිදුවීමුත් සිදුවෙලා තියෙන බව සාක්ශි එක්කම පේන්න තියෙන නිසා.
චෙස්ටර් කියන්නේ බාල නංගි කෙනෙක් හිටපු පවුල වැඩිමහල් පුතා. ඔවුන්ට උන්නේ විශාල ප්‍රමාණයේ ගොවිපලක් කරගෙන ගියපු අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකු යි. මේ විදියේ පුංචි පවුලක් තිබුනත් චෙස්ටර්ගේ පවුලේ අම්මයි තාත්තයි චෙස්ටර්ට සහ නංගීට ආදර්ශවත් දෙමාපියන් යුගලක් නම් වෙලා නැහැ. නිතර දෙවේලෙම රණ්ඩු නොකළත් ඔවුන් දෙදෙනා වටහාගෙන ඉඳලා තියෙන්නේ ඔවුන් දෙදෙනාට එකිනෙකා එක්ක එකට ජීවත් වෙන්න නොහැකි බව. ඒ නිසාම නිවස තුළදී ඔවුන් දෙදෙනා වෙන් වෙන්ව තම තමන්ගේ වැඩ කටයුතු කරගෙන සිහිපත් වෙන්න තමයි පුළුවන් තරම් උත්සාහ කරලා තියෙන්නේ.
කොහොම උනත් 1996 අවුරුද්දේදී චෙස්ටර්ගේ අම්මා ඔහුගේ තාත්තට විරුද්ධව දික්කසාද නඩුවක් ගොනු කරනවා. නඩුව ගොනු කරලා දවස් හතරකට පස්සේ ජෙස්ටර්ගේ තාත්තවුණු ඩේවිඩ් සියදිවි නසා ගන්නේ ඔහුගේ කාමරයතු ළදී. ඒ කිසිම හේතුවක්වත් නොකියා.
මේ සිදුවීම චෙස්ටර්ටවත් ඔහුගේ නංගි උනු සමන්තාටවත්, ඒ වගේම ඔවුන්ගේ අම්මටවත් දරාගන්න පුළුවන් වෙලා නැහැ. ඒ හින්දම මේ අමිහිරි සිදුවීම් අමතක කරන්නත් එක්ක එක්කගේ අම්මා චෙස්ටර්වයි නංගිවයි අරගෙන ඒ ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට යනවා.
ඉන් පස්සේ චෙස්ටර් ඒ ප්‍රදේශයේ උසස් අධ්‍යාපන ආයතනයක උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා .නෝර්ත් වෙස්ට් කියන විශ්ව විද්‍යාලයේ කොමියුනිකේෂන් technology කියන උපාධියක් පටන් ගත්ත චෙස්ටර් තාත්තගෙ අඩුව අම්මටත් නංගිටත් නොදැනෙන්න ජීවත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි චෙස්ටර්ට ගෙදර ඉඳගෙන අධ්‍යාපන කටයුතු කරන්න බැරිවීම නිසා ඔහුට විශ්ව විද්‍යාලයෙන් නේවාසිකාගාරය නවතින්න වෙලා තියෙනවා. ඊට පස්සේ චෙස්ටර්ගේ අම්මා නංගිවත් අරගෙන තවත් ප්‍රදේශයකට පදිංචි වෙන්න යනවා.
1999 අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට චෙස්ටර්ට මාස කිහිපයක නිවාඩුවක් ලැබෙනවා. ඔහු තීරණය කරනවා මේ නිවාඩු කාලය තමන්ගේ අම්මයි නංගි එක්ක ගෙවන්න අම්මා සහ නංගි නැවතිලා එන්න ප්‍රදේශයට යන්න. කොහොම හරි තමන් මේ ගන්නේ තමන්ගේ ජීවිතේ ගන්න නරකම සහ භයානකම තීරණය කියලා දන්නේ නැති චෙස්ටර් බොහොම සන්තෝසෙන් බලාපොරොත්තු කන්දක් ගොඩනගාගෙන අම්මයි නංගී නැවතිලා හිටපු ස්පියර් ෆිශ් කියන ප්‍රදේශයට යන්න එනවා.
දෙසැම්බර් මාස ස්පියර් ෆිෂ් වලට එන චෙස්ටර්ට ආයෙම ඊළඟ අවුරුද්දේ කියන්නේ දෙදාහ අවුරුද්දේ මාර්තු වෙනකම්ම ස්පියර් ෆිශ් වල ජීවත් වෙනවා. කොහොම හරි ඔය මාස තුනේම තිබිලා තියෙන්නේ දැඩි සීත කාලගුණයක්. මේ දැඩි සීත කාලගුණය නිසා විඩාවට පත්වෙලා ඉන්නේ චෙස්ටර්ගේ අම්ම තීරණය කරනවා වලට පොඩි ට්‍රිප් එකක් ගිහිල්ලා එන්න. නංගි වුණ සමන්තාත් අම්මත් එක්කම ට්‍රිප් එක යන්න සූදානම් වෙනවා.
ගෙදර බලාගන්න කවුරුත් හිටපු නැති නිසා චෙස්ටර් තීරණය කරනවා ගෙදරට වෙලා ඉන්න.
දවස් තුනකින් ට්‍රිප් එක ඉවර කරලා ගෙදරට එන සමන්තටත් ඇගේ අම්මටත් මිදුලට ඇතුළු වෙනකොටම හරි නුහුරක් දැනෙනවා. ඒ වගේම වෙනදාට මිදුලට පේන්න නවත්තල තියෙන චෙස්ටර්ගේ කාර් එක්ක මිදුලේ නැති බව ඔවුන් දකිනවා.
“අයියා සමහර විට කොහේ හරි යන්නැති……. අපි ආවේ අයියට කියලා නෙවෙයිනේ…”
අම්මා සමන්තට එහෙමම කියනවා.
එහෙම කියලා චෙස්ටර්ට කතා කරන ගමන් අම්මයි සමන්තයි ගේ ඇතුලට ඇතුල් වෙනවා. එතනදි ඔවුන් දකිනවා කවුරුහරි හැම දෙයක්ම ඇදලා දාලා බව.ඒ වගේම ඔවුන් දකිනවා ගෙදර තිබිච්ච වටිනා කියන බඩුත් බොහෝම දෙයක් අතුරුදහන් වෙලා තිබුණු බව. ඔවුන් චෙස්ටර්ගේ නම කියලා කොයිතරම් කෑ ගැහුවත් ඔවුන්ට චෙස්ටර් ගැන කිසිම සලකුණක්වත් හොයාගන්න ලැබිලත් නැහැ. ගෙදරට හොරු පැනලා වගේම කවුරුහරි චෙස්ටර්ට කරදරයක් කරලා කියලත් වටහා ගන්නේ චෙස්ටර්ගේ අම්මා වහාම පොලිසියට මේ ගැන දැනුම් දෙනවා.
පොලිසිය වහාම මේ ගැන තොරතුරු හොයන්න පටන් ගත්තත් ඔවුන්ට සෑහෙන කාලයක් යනකං චෙස්ටර් ගැන කිසිම තොරතුරක් නම් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පොලිසියට මේ සිදුවීම ගැන සාක්ෂි හොයාගන්නත් ලෙහෙසි වෙන්නේ නැහැ.
මේ සිදුවීමෙන් මාස හයකට පස්සේගේ අම්මට පොලිසියෙන් කෝල් එකක් එනවා.
“මිස් අපට චෙස්ටර්ගේ කාර් එක හම්බවුණා. ටෙක්සාස්වල පාළු පාරක් අයිනක තමයි මේ කාර් එක දාල තිබුණේ…”
ස්පියර් ෆිශ් වල ඉඳලා කිලෝමීටර් 1800ක් විතර දුරින් චෙස්ටර්ගේ කාර් එක හොයා ගත්තත් සමන්තා වගේම සමන්තා ගේ අම්මත් හිතන්නේ ඉතාම ඉක්මනින් තොරතුරක් එක්ක මතු වේවි කියලා. ඊටත් දවස් කීපයකට පස්සේ චෙස්ටර් ගැන තොරතුරක් අරගෙන පොලිසිය චෙස්ටර්ගේ ගෙදරට එනවා. හැබැයි ඒ චෙස්ටර්ගේ අම්මවත් නංගිවත් බලාපොරොත්තු වුණු තොරතුර නම් නෙවෙයි.
ගෙදරට ටිකක් දුරින් තිබුණු ඇලක පා වුන මළ මිණියක් දැකපු ගැහැණු කෙනෙක් පොලිසියට ඒ මල මිනිය ගැන දැනුම් දීලා තිබුණා. මේ මළ සිරුර චෙස්ටර්ගේ කියලා සැක හිතුවා හිතුවා. පොලිසිය මේ මළ සිරුර හඳුනගන්න සමන්තාටවත් සමන්තගෙ අම්මටවත් එන්න කියන්නේ නැහැ. ඒ ඒ මළ සිරුර පවුලේ අයට බලන්න බැරි තරමටම විකෘති වෙලා තිබුණු නිසා. මේ ගැන දන්න විශේෂඥයක් ලවා චෙස්ටර්ගේ ශරීරයේ පටක පරීක්ෂණ කරාට පස්සේ ඒ චෙස්ටර්ගේ බව තහවුරු කරගෙන ඊට පස්සේ තමයි චෙස්ටර්ගේ අම්මට පොලිසියෙන් ඇමතුමක් ලබාදෙන්නේ.
පරීක්ෂා කළ වෛද්‍යවරයා කියලා තියෙන විදියට, මේ තරම් තුවාල වෙලා තියෙන මළ සිරුරක් තමන් මීට කලින් දැකල නැතිලු. ඒ තුවාල තරම කොයිතරම්ද කියනවනම් චෙස්ටර් ඇගේ තුවාල නොවුණු ඉඩක් නොතිබුන තරම් කියලත් ඔහු කියලා තියෙනවා.
ඒ වගේම ඔහුගේ ශරීරයේ හැම තැනම පිහි පාරවල් දැක්කා කියලත් ඒ වෛද්‍යවරයා ඔහුගේ සාක්කි දැක්වීමේදි කියනවා. ඔහුගේ හිස් කබල හිල් කරගෙන මොළය දක්වාම ගියපු පිහි පහරකුත් තියෙන බව කියනකොට ඒ වෛද්‍යවරයා කියන්නේ මේ ඉතාම අමානුෂික ඝාතනයක් කියලා.ඒ වගේම කන් දෙක ඔලුවෙන් වෙන් කරලා තිබිලා තියෙනවා. ඒ වගේම ඔහුගේ හිස් කබලේ පිට හම බාගයක් විතරම ගැලවිලා නැතිම වෙලා ගිහිල්ලයි තිබිලා තියෙන්නේ. .
චෙස්ටර්ගේ මිනිය හම්බවෙලා දවස් කිහිපයක් යනකම්ම කෙනෙක් පොලිසියට වෙනත් කිසිම සාක්ෂියක් හම්බවෙන්නේ නෑ. හැබැයිමේ සිදුවීම වෙලා දවස් තුනකට පස්සේ පොලිසියට වැදගත් ඇමතුමක් එනවා. ඒ ඇමතුම දෙන ඩැනී කියන කෙනා කියන්නේ ඒ ප්‍රදේශයේම ඉන්න ඩැරල් කියලා තරුණයෙක් තමන් එක්ක කිව්වා කියලා චෙස්ටර්ව මරන්න ඔහුත් දායක වුන අබ්ව.
ඊට පස්සේ පොලිසිය ඩැනී එක එකතු වෙලා ඩැරල්ව අල්ලගන්න සැලසුමක් සකස් කරනව. ඩැනීගේ කමිසයට ඇතුලෙන් කාටවත් පෙනෙන්න මයික් එකක් සම්බන්ධ කරලා, ඩැනීව ඩැරල්ව මුණ ගැහෙන්න යවනවා. ඩැරල් එක්ක කතාවට වැටෙන ඩැනී ඉතාම ඉක්මනින් චෙස්ටර්ගේ මිනී මැරුම ගැන තොරතුරු ඩැරල්ගේ කටින් එළියට ගන්නවා. ඒත් එක්කම ඩැරල් හිටපු තැනට යාබදව හිටපු පොලිසිය වහාම ඇවිල්ල අත්අඩංගුවට ගන්නවා.
කොහොම හරි පොලිසියට ප්‍රශ්න කිරීම් වලින් ඩැරල්ගෙන් හැම දේම දැනගන්න වැඩි වෙලාවක් ගතවෙන්නෙ නැහැ.
” මාත් එක්ක මේ මිනී මැරුම කරන්න තව දෙන්නෙක් සම්බන්ධ වුණා…”
ඒ අනුව අනෙක් දෙන්නාවත් අල්ලගන්න පොලිසිය විසින් වහාම වරෙන්තු ලබාගන්නවා. එත් ඔවුන් දෙදෙනාම අල්ලන එකනම් ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. ඔවුන් ඒ වෙද්දීත් ඒ ප්‍රදේශයෙන් ඉවතට ගිහිල්ලා ඉවරයි. කොහොම වුනත්, පොලිසිය ඉතාමත් යුහු සුළුව කටයුතු කරලා ඔවුන් දෙදෙනාවම අත්අඩංගුවට ගන්නවා. ඒ දෙන්නත් ඩැරල් කිව්වා වගේම තමන් කරපු දේ ගැන පාපොච්චාරණය කරන්න පටන් ගන්නවා.
” අපට චෙස්ටර්ව හම්බ උනේ ඔහු නිවාඩුවට මෙහේ ඇවිල්ල ඉන්න කාලෙ. අපි තුන්දෙනත් එක්ක හරි ඉක්මනට යාලු වුණා. චෙස්ටර්ගේ අම්මයි නංගීයි ට්‍රිප් එක ගියාට පස්සේ චෙස්ටර් අපිට ආරාධනා කරා ඔහුගේ නිවසට එන්න කියලා. අපි එහෙ ගිහිල්ලා හොඳට කාලා බීලා චෙස්ටර්ගේ ප්ලේස්ටේෂන් එකේ ගේම්ස් ගහන ගමන් හිටියේ. අනෙක් දෙන්න චෙස්ටර් එක ගේම්ස් ගහනකල් මම පොඩ්ඩක් ඇවිද්දා. එතකොට මට පෙනුනා ඒ ගෙදර වටිනා කියන දේවල් බොහොමයක් තිබුණ බව. මම පහලට ඇවිල්ලා මගේ අනිත් මිතුරටත් මේ ගැන කිව්වා. ඊට පස්සේ අපි දෙන්න තීරණය කරා දේවල් වලින් ටිකක් හරි හොරකම් කරන්න.
ඒත් චෙස්ටර් ඉන්නකොට මේවා හොරකම් කරන්න බැරි නිසා අපි කතා කරලා චෙස්ටර්ව එකඟ කරගත්ත අපේ ගෙදර යන්න. ඊට පස්සේ අපි චෙස්ටර්වත් දාගෙන එයාගේම කාර් එකෙන් අපේ ගෙදර යන්න පිටත් වුණා. ඇතුළට ගියපු ගමන් මම ගෙදර දොර වහලා දාලා චෙස්ටර්ගේ අම්මගේ කාමරෙන්ම හොරකම් කරගත්ත පිස්තෝල චෙස්ටර්ට එල්ල කරා
චෙස්ටර් මගෙන් ඇහුවා ඇයි එයාට මෙහෙම කරන්න කියලා…. එතකොට අපි චෙස්ටර්ට ගැහුවා. ඒ පාර සැරට ටෙස්ටර්ට සිහිය නැති වුණා. ඊට පස්සේ අපි චෙස්ටර්ව පුටුවකට තියලා ගැට ගැහුවා. ඊට පස්සේ ගැට ගහල තියෙද්දිම අපි චෙස්ටර්ට හොඳටම පහර දුන්නා…….
ඊට පස්සේ අපි පරණ බියර් බෝතලයකට හයිඩ්රොකොලික් ඇසිඩුයි මගේ පරණ බෙහෙත් වගේකුයි දාලා චෙස්ටර්ට ඒක බලෙන්ම පෙව්වා.
ඊට පස්සේ අපි තුන්දෙනා චෙස්ටර් මරන්න තියෙන ලේසිම විදිය ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ අපි බලෙන්ම චෙස්ටර්ගේ ඒ ටීම් කාඩ් එකේ පින් අංකය ඔහුගෙන් අහගත්තා. ඊට පස්සේ චෙස්ටර්වත් වාහනයට දාගෙන අපි ඔක්කොම ආයේ ගෙදරින් වෙනත් ප්‍රදේශයකට යන්න පිටත් වුණා.
එදා දවසේ හරිම සීතල කාලගුණයක් තිබුනේ… අපි චෙස්ටර්ව හිමට යට කරලා සම්පූර්ණයෙන්ම තියෙන්න දුන්නා. අපි ආයෙම ඔහුට පහර දුන්නා. අපි පැළඳගෙන හිටිය බූට්ස් නිසා ඔහුට දැඩි වේදනාවක් දැනෙන්න ඇති. ඒත් අපි පහර දෙන එක අඩු කරේ නැහැ. පස්සේ අපි චෙස්ටර්ගේ ගෙල වෙන් වෙන විදියට පිහියකින් තුවාල කරා…
මේ විදියට තමන්ට ඉතාමත් ආදරයෙන් සැලපු තමන්ගේ මිතුරාව මරපු විදිය මිතුරන් දෙදෙන පාපොච්චාරණය කරාට පස්සේ අධිකරණය ඔවුන් මේ සඳහා වැරදි කාරයෝ කියලා තීරණය කරනවා.ඒත් ඊට පස්සේ ඩැනල් කියන්න පටන් ගන්නවා අනිත් දෙන්නා තමන්ව මරන්න මරනව කියල තර්ජනය කරපු නිසා තමයි තමන් එතන හිටියේ එහෙම නැත්නම් තමන් මේකට වරදකාරයා නෙවෙයි කියලා. අන්තිමේදී ඩැරල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වෙන අතරෙදි අනිත් මිතුරන් දෙදෙනාටම මරණ දණ්ඩනය හිමිවෙනවා.
කාටවත් වරදක් නොකරපු චෙස්ටර්ට දුන්නු මරණීය වේදනාව වෙනුවෙන් ඒ මිතුරන් තිදෙනාට දඬුවම් ලැබෙන්නේ අන්න ඒ විදිහට. ඒත් චෙස්ටර්ගේ අම්මයි නංගියි ඒ වේදනාවන් එක්ක තවම ජීවත් වෙනවා.
අපේක්ෂා ගුණරත්න