ගිනි අවියකින් වෙඩි තබා තම පාසලේ සිසුන් මරා දැමූ ඊතන්.

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පහළොස් හැවිරිදි දරුවෙක් වන Ethan Crumbley ස්වයංක්‍රීය ගිනි අවියකින් කළ වෙඩි ප්‍රහාරයකින් සිසුන් හතර දෙනෙකු මිය ගොස් ගුරුවරියකද තවත් හත් දෙනෙකු තුවාල ලැබුවා.ඊතන් තම පියාගේ ස්වයංක්‍රීය ගිනි අවියක් මේ සඳහා භාවිතා කර ඇති බව සඳහන් වෙනවා.

පාසලෙන් කිලෝමීටර හැටපහක පමණ දුර පිහිටි පොලිස් ස්ථානයට මේ අනතුර සම්බන්ධයෙන් හදිසි ඇමතුම් සියයකට වඩා ලැබී තිබුණා.පොලිසිය වහා ක්‍රියාත්මක වී එතැනට ගිය පසු විනාඩි පහක් පමණ කාලයකින් ඊතන් පොලිසියට භාර වී තිබෙනවා.ඒ අවස්ථාවේ දී කිසිම වෙඩි තැබීමක් සිදු වී නැහැ.නමුත් පතරොම් හතක් තිබූ ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබුණා.දරුවා එය තම බෑගයට දමාගෙන පාසලට රැගෙන විත් තිබෙනවා.
දරුවන් තිදෙනෙකු එම ස්ථානයේමත් තවත් දරුවෙකු රෝහලේදී ද මිය ගොස් තිබුණා.

ඕක්ලන්ඩ් ශෙරිෆ්වරයා මේ සිදුවීම ගැන දුක් වෙමින් කියා තිබුණේ එය “වචනරහිත සහ අමතක කළ නොහැකි” අපරාධයක් බවක්.තවත් ඛේදනීය කාරණාවක් වෙන්නේ ඊතන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් නිලධාරින් සමඟ සහයෝගිතාවයකින් කටයුතු කර නැහැ.

මට ඉස්කෝලේ යන්න බයයි..එහෙ කිසිම ආරක්ෂාවක් නෑ..” පාසලේ සිටින කුඩා දරුවන් මෙහෙම කියමින් පාසල් යාම ප්‍රතික්ෂේප කිරීමත් මේ සිද්ධියේ තවත් දුක්බර පැතිකඩක්.කුඩා දරුවන්ට තමන්ගේ පාසල තමන්ගේ දෙවැනි නිවස වගේ.එය භයානක තැනක් බව ඔවුන්ගේ ළපටි හදවතට දැනීම කිසිම විදියකින් සුළු කර තකන්න බෑ.

ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් “තමන්ගේ ආදරණීය දරුවන් අහිමි වීම ගැන ශෝකයෙන් පසුවන” දෙමාපියන්ට ඔහුගේ ශෝකය පළ කරේ මිනසොටාහි සංචාරයෙන් පසුවයි.

මේ සිදුවීම සිදුවන්නේ නොවැම්බර් තිස් වැනිදා.දෙසැම්බර් පස් වැනිදා මෙයට වැරදි කරුවන් ලෙස ඊතන්ගේ දෙමාපියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මේ ගිනි අවිය ඔහුට දෙමාපියන් ලබා දුන් නත්තල් ත්‍යාගයක් බවයි පැවසෙන්නේ.ඒත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නීතිඥවරුන් දැඩි ලෙස විරෝධය පළ කරනවා.

නීතිවේදීන් මෙය සුළුකොට තකන්න බැරි අපරාධයක් බව පවසන්නේ ඊතන්ගේ අම්මා සහ තාත්තාගේ හැසිරීම ගැන සලකමින්.ඔවුන් මේ අපරාධයට පසු සැඟවී හිඳ තිබෙනවා.ඒ වගේම ඊතන්ගේ සමහර හැසිරීම් ගැන පාසලෙන් කළ චෝදනා ද ඔවුන් ගණනකට අරන් නැහැ.

“ඒ ගිනි අවිය කාමරයක අගුළු දමා තිබූ එකක්.එය ක්‍රියාත්මක වීම ගැන අපිට සැක සංකා තිබෙනවා.” මෙවැනි කාරණා මතු කරමින් දෙමාපියන්ගේ නීතිඥයන් චෝදනා තරයේම ප්‍රතික්ෂේප කරනවා

එහෙත් මේ දෙමාපියන් මේ සිද්ධිය සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් දී දැනුවත් කරද්දී එයට ප්‍රතිචාර නොදක්වා පලා ගිය බව සැඟවිය නොහැකි සත්‍යයක්.ඒ වගේම ඔවුන් ATM යන්ත්‍රයකින් ව්ශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමත් සැක උපදවන්නක් වනවා.එය ඔවුන්ගේ පලා යාමේ සැලසුමක් ලෙසයි බලධාරීන් සැක කරන්නේ.

සියල්ල හෙළිදරව් වෙන්නේ නඩු විභාගය අතර,

ඊතන්ට මේ ත්‍යාගය පියා විසින් මිලට ගෙන දුන් බවට සාක්ෂි දරන්නේ ඔහුගේ Instagram ගිණුමයි.මෙහි ඒ ගිනි අවියේ ඡායාරූපයක් “My New Beauty”ලෙස ඊතන් අප්ලෝඩ් කර තිබුණා.ඔහුගේ මව “අවි දැරීමට මට ඇති අයිතිය”ගැන Instagram සටහනක් තබා තිබෙනවා.ඊතන්ගේ දෙමාපියන් එය නිදන කාමරයක තබා ගන්නට කටයුතු කර තිබුණු බවක් කියවෙනවා.ඒත් පාසලේදී ඊතන් පතරොම් අලෙවි කරන තැන් ගැන අන්තර්ජාලයේ සොයමින් සිටියදී ගුරුවරයෙකු එය දැක පාසල් බලධාරීන්ට දැනුම් දී තිබුණා.බලධාරීන් ඒ සම්බන්ධයෙන් මවට වහාම ඊමේල් පණිවිඩයක් යවා තිබෙනවා.

ඔයා ඒවා අහු නොවෙන්න කරන්න.මම ඔයා එක්ක තරහ නෑ..”මව ඒ සම්බන්ධයෙන් පුතුට එසේ කෙටි පණිවිඩයක් එවූ බව දැන් හෙළිව අවසන්.

ඊතන් අපරාධය සිදු වූ උදෑසන චිත්‍රයක් ඇඳ තිබෙනවා.”මගේ සිතුවිලි වල නැවතීමක් නෑ මට උදව් කරන්න..” එහි එසේ සටහන් වූ අතර අත් තුවක්කුවක් ද ඇඳ තිබුණා”.හැමතැනම ලේ,මට උදව් කරන්න,ලෝකය නිෂ්ඵල තැනක්,ලෝකය මිය ගොස් අවසන්” වැනි වාක්‍ය කිහිපයක් ද Laughing emojis ද ඔහු එහි ලියා තිබුණා.

ඉන්පසු දෙමාපියන් කැඳවා ඔහු වහාම උපදේශනයට රැගෙන යන්නට පාසලෙන් නියම කර තිබෙනවා.එහෙත් ඔවුන් එය නොසලකා හැර ආපසු ගොස් තිබෙනවා.එදින සවස ඊතන් අතින් මේ අපරාධය සිදු වනවා.ඔහු සැඟවී සිට දරුවන්ට වෙඩි තැබීම අරඹනවා.මෙය හදිසි ප්‍රවෘත්තියක් ලෙස විකාශය වෙන විට “ඊතන් ඒක කරන්න එපා..” යැයි මව වූ ජෙනිෆර් ඊතන්ට කෙටි පණිවිඩයක් යවා තිබෙනවා.පියා හදිසි ඇමතුම් සේවා අමතා “ඒ වෙඩික්කරු තම පුතු විය හැකි” බව පවසා තිබෙනවා.

අනවශ්‍ය ත්‍යාගයක් සහ දරුවන් ගැන අනවශ්‍ය විශ්වාසය තැබීම සම්බන්ධ වරද සහමුලින්ම අයත් දෙමාපියන්ටයි.ඊතන්ගේ හැසිරීම ගැන පාසල ඔවුන්ව දැනුවත් කරද්දී හෝ ඒ ගැන සිතා බලන්නට තරම් ඔවුන් නුවණැති වූවානම් මේ දරුණු අපරාධය සිදු වන්නේ නෑ.

දරුවන් පිරිසකට ජීවිතයත් ඊතන්ට ඉදිරි අනාගතයත් අහිමි වූයේ ඒ දෙමාපියන්ගේ අඥානබව සහ අපරීක්ෂාකාරීබව නිසායැයි ඉඳුරාම පවසන්නට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles