හැලොවීන් තදබදය නිසා මිය ගිය Lee Ji-han

දකුණු කොරියානු නළුවෙකු සහ ගායකයෙකු වන ලී ජිහාන් සෙනසුරාදා සෝල් හි ඉටාවොන් දිස්ත්‍රික්කයේ ඇති වූ බිහිසුණු හැලොවීන් තෙරපීමකින් මිය ගිය බව ඔබ දන්නවා ඇති. මෙම පුවත ලී ජිහාන්ගේ ඒජන්සිය වන 935 එන්ටර්ටේන්මන්ට් විසින් තහවුරු කර අවසන්. ඔහු විසි හතර හැවිරිදි වියේ පසු වූවෙක්.

පසුගිය සෙනසුරාදා සිදු වූ මෙම බිහිසුණු සිද්ධියෙන් 154 දෙනෙකු මිය ගොස් 82 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.සෝල් හි ඉටාවොන් දිස්ත්‍රික්කයේ හැලොවීන් සාදයට දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී තිබීම අවාසනාවන්ත තත්ත්වයට හේතු වූ බවයි පැවසෙන්නේ.

ඒජන්සිය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “935 එන්ටර්ටේන්මන්ට් සහ 9 ඇටෝ එන්ටර්ටේන්මන්ට් පවුලේ වටිනා සාමාජිකයෙකු වන නළු ලී ජිහාන් අහසේ තරුවක් වී හිඳින්නට අප හැර ගොස් තිබෙනවා. රංගන ශිල්පියාගේ හදිසි වියෝවෙන් දැඩි ශෝකයෙන් පසුවන ඔහුගේ පවුලේ අයට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්න කැමතියි.”

එම ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේ සඳහන් “ලී ජිහාන් සැමට අපූරු සහ උණුසුම් මිතුරෙකු වුණා. හැමදාම හිනාවෙලා අපිව සතුටට පත් කළ දීප්තිමත් සහ  අහිංසක නළු ජි-හාන්ව අපිට තවත් දැකගන්න බැරි වෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ”

නමුත් එය සිදු වී අවසන්.හදිසි අනතුරකට සිදු නොවිය යුතු බොහෝ දේ සිදු කරන්නට හැකි නිසා ලී ජිහාන් තවදුරටත් අප අතර ඇත්තේ නැහැ.

24 හැවිරිදි  ලී ජිහාන් Produce  101 සඳහා සහභාගී වීමෙන් පසු ජනප්‍රියත්වයට පත් වුණා. ඉන්පසු  Nam Hyun Day නම් රූපවාහිනී වැඩසටහනක් සමඟින් රංගනයට පිවිසුණා.

සෝල් හි සිදු වූ මේ අනතුර දැඩි තදබදය නිසා සිදු වූවක් බව දැනට පැවසෙනවා.මිනිසුන් එකා මත එකා වැටී ඇති අතර සමහර වින්දිතයින්ට CPR ලබා දෙන විට ඔවුන්ගේ නාසයෙන් සහ මුඛයෙන් ලේ ගලා ගොස් තිබෙනවා.සිද්ධිය වූ සෙනසුරාදා රාත්‍රියේ, හැලොවීන් සැමරීමට මධ්‍යම සෝල් හි පිහිටි ස්ථානයට දස දහසක් පැමිණ ඇති නමුත් පුද්ගල සංඛ්‍යාව වැඩි වන විට තදබදය ඇති වී තිබෙනවා, සමහර සාක්ෂිකරුවන් වාර්තා කළේ හුස්ම ගැනීමට අපහසු වූ බවත් මිනිසුන්ට චලනය වීමට නොහැකි වූ බවත්.මරණ 154 ක් සහ තවත් බොහෝ ගණනක් තුවාල ලබා ඇති බව දැනට සඳහන්.මේ සඳහා සංවිධායකයන් නොමැතිවීම මෙයට හේතුව වන්නට ඇති බව ද දකුණු කොරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසනවා.මිය ගිය අයගෙන් 80% පමණ වයස 20-30 අතර වන අතර ළමා වයසේ පසුවන්නන් ද හිඳී ඇති බව කියවෙන්නේ.

2014 වසරේ උසස් පාසලක සිසුවන් 304 දෙනෙකු ගිලී මිය යාමෙන් පසු දකුණු කොරියාවේ සිදු වූ මාරාන්තික ම ව්‍යසනය මේ බව සැලකෙනවා.

රට පුරා සිටින පවුල් ශෝකයට පත් වී අතුරුදහන් වූ ආදරණීයයන් සොයමින් සිටින විට, සැමරුම් රාත්‍රියක් ව මෙතරම් කුරිරු ලෙස අවුල් වී ගියේ කෙසේද යන්න තීරණය කිරීමට බලධාරීන් දැන් හදිසි පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සඳහන්.

තාරකාවක් වී දීප්තිමත්ව දැල්වෙන්නට සිටි ලී ජිහාන්ගේ අවසන් කටයුතු Myongji රෝහලේ අවමංගල්‍ය ශාලාවේ තබා නොවැම්බර් පළමුවැනිදා අවසන් කටයුතු සිදු කෙරුණා.

Related Articles

Don't Miss


Latest Articles