දරුවන්ගේ මළ සිරුරුවලින් බෝනික්කන් සැදූ මිනිසා

දරුවන් 29 දෙනෙකුගේ මළ සිරුරු සොරකම් කර ඒවා බෝනික්කන් කළ මිනිසෙක් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් සමාව අයැදීම ප්‍රතික්ෂේප කර තියෙනවා.

ඇනටෝලි මොස්ක්වින්, 53, මියගිය දරුවන් “බෝනික්කන්” බවට පත් කර, ඔවුන් මේස්, ඇඳුම් සහ දණහිස දක්වා දිග සපත්තු වලින් සරසා තිබෙනවා.

ඔහු ඔවුන්ගේ මුහුණුවල ලිප්ස්ටික් සහ මේකප් ආලේප කළා.

සුසානභූමි පිළිබඳ විශේෂඥයෙකු ලෙස ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති ඔහු මියගිය එක් එක් වින්දිතයාගේ උපන්දින ඔහුගේ නිදන කාමරයේ සලකුණු කර තිබුණා.රුසියානු නගරයක් වන නිශ්නි නොව්ගොරොඩ් හි මහල් නිවාසයක ජීවත් වූ ඔහුගේ දෙමාපියන් ඔහුගේ දරුණු ක්‍රියාකාරකම් ගැන කිසිවක් නොදන්නා බව කියා සිටිනවා.

සොහොන් කොල්ලකරු තම වයෝවෘද්ධ මව රැකබලා ගැනීමට සහ නව පෙම්වතියක් සමඟ ජීවත් වීමට මනෝචිකිත්සක රෝහලෙන් නිදහස් වීමට දරන උත්සාහ දරා තිබුණා.අත්අඩංගුවේ සිටියදී නඩු විභාගයකට සහභාගී වූ විට ඔහු වින්දිතයන්ගේ දෙමාපියන්ගෙන් සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“මේ දූලා නෙවෙයි බෝනික්කො.ඔවුන් තම දියණියන් භූමදාන කරලා, දැන් දරුවෝ කෙරෙහි දෙමාපියන්ගේ අයිතිවාසිකම් අවසන් වූ බව මම විශ්වාස කරනවා.ඉතින් මම සමාව ඉල්ලන්නේ නැහැ”

මොස්ක්වින් එසේ පවසනවා.

සෝවියට් සමයේදී ඔහු රතු හමුදාවේ හමුදා බුද්ධි අංශයේ පරිවර්තකයෙකු ලෙස සේවය කළ අතර පසුව ඉතිහාස පොත් කිහිපයක් ලියා තිබෙනවා.

එක් වෛද්‍ය කොමිසමක් ඔහුගේ භින්නෝන්මාදයට ප්‍රතිකාර කර ඇති බව පවසමින් මොස්ක්වින් නිදහස් කිරීමට දැනටමත් නිර්දේශ කර තිබෙනවා.නමුත් එය අධිකරණය විසින් අවලංගු කර තිබෙනවා.විනිසුරුවරයෙකු පසුගිය සතියේ තවත් මාස හයකට ඔහු මානසික රෝහලක රඳවා තබා ගැනීම අලුත් කර තිබුණා.

මොස්ක්වින්  වයස අවුරුදු තුනේ සිට 12 දක්වා ගැහැණු ළමයින්ගේ සොහොන් විනාශ කිරීමේ චෝදනා 44 කට පාපොච්චාරණය කළා.

ඔහු දරුවන්ගේ දෙමාපියන්ට මෙසේ පවසා තිබෙනවා “ඔබ ඔබේ ගැහැණු ළමයින් සීතලට අතහැර දමා තිබියදී- මම ඔවුන්ව ගෙදර ගෙනැවිත් උණුසුම් කළා.”

‘ඔහු රෝගී පුද්ගලයෙක්’බව දරුවන්ගේ දෙමාපියන් පවසන්නේ.

දස හැවිරිදි ඔල්ගා චාර්ඩිමෝවාගේ මළ සිරුර ඔහු හාරා මමීකෘත බෝනික්කන් බවට පත් කර තිබුණු අතර ඇගේ මව වූ 46 හැවිරිදි නටාලියා චාර්ඩිමෝවා තම දියණියගේ සොහොන් බිමට නිතිපතා පැමිණෙන විට මිනී පෙට්ටිය හිස් බව දැන සිටියේ නැහැඇය ඔහුව නිදහස් කිරීමට විරුද්ධ වූ අතර මිය ගිය දරුවන්ව “විකාර” අපයෝජනය කිරීමත් සමඟ “මේ මිනිසා මගේ ජීවිතයට බිය, භීතිය සහ සංත්‍රාසය ගෙනාවා” යැයි පවසා තිබෙනවා.ඇය ඔහුව සදාකාලිකව සිර කරන ලෙස ඉල්ලා සිටියා.”ඔහු ඔහුගේ ජීවිතය රෝහලේ ගත කරන බව දැනගැනීම ගැන මම සතුටු වෙනවා” ඇය පැවසුවා.

ඒත් මොස්ක්වීන් දරුවන් ලැබීමට, විශේෂයෙන්ම දියණියක ලැබීමට ආශාවෙන් සිටි අයෙක්.මොස්ක්වින් තමාට කිසිදා දරුවන් නොමැති වීම ගැන බොහෝ විට පසුතැවිලි වූ අතර එක් අවස්ථාවකදී තම දෙමාපියන්ගේ අකමැත්තෙන් ගැහැණු ළමයෙකු දරුකමට හදා ගැනීමට උත්සාහ කළා. නමුත් ඔහුගේ අඩු ආදායම හේතුවෙන් ඔහුගේ අයදුම්පත ප්‍රතික්ෂේප වුණා මොස්ක්වින් බෝනික්කන් කෙරෙහි ලිංගික ආකර්ෂණයක් නොදැක්වූ අතර ඒ වෙනුවට ඔවුන් තම දරුවන් ලෙස සැලකුවා. ඔහු මළ සිරුරු සමඟ කතා කළා, ඔවුන්ට ගීත ගායනා කළා, ඔවුන් සමඟ කාටූන් නැරඹුවා උපන් දින සාද පවා පැවැත්වූවා.

කෙසේ නමුත් ඔහු නීතියට අනුව වරදකරුවෙක්.මොස්ක්වින් මේ වන විටත් අත්අඩංගුවේ පසු වනවා.

Related Articles

Don't Miss


Latest Articles