මව සහ ඇගේ පෙම්වතා අතින් ඝාතනය වූ පුංචි අමෝරා

මිථ්‍යා විශ්වාස සහ මානසික පීඩනයන් ජීවිතයක් විනාශ කර දමන්නට වුවත් සමත් වෙනවා.ඒ වගේම ළාබාල වියේදීම දෙමාපියන් වීමත් මානසික පීඩාවන් ඉහළ දමන්නට හේතුවක්.මානසික පීඩනය, මිථ්‍යාවට ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය නිසා අමෝරා නම් මාස කිහිපයක් වයසැති කුඩා දියණිය මරා දැමූ මවක් හා මවගේ පෙම්වතා ගැන ඇමරිකාවේ අපරාධ වාර්තාවල සඳහන් වෙනවා.මෙය මුළු ඇමරිකාවම කම්පා කළ කතාවක්.

ජෙසිකා කාර්සන් දහ අට වියැති තරුණියක්.ඇය සම වයසේම තරුණයෙකු වූ බ්ලේන් මිලාම් සමග ප්‍රේම සම්බන්ධයක් අරඹා හදිසියේ විවාහ වන්නේ 2008 වසරේදී.විවාහ වන විට ජෙසිකාට අමෝරා නමින් මාස දහතුනක් වයසැති දරුවෙක් ද සිටියා. මිලම්ගේ හැසිරීම් මත ඔහු ඒ දියණියට ආදරය කරන බව සියල්ලන්ම විශ්වාස කළා.මිලාම්ගේ මහල් නිවාසයට ගොස් පදිංචි වීමට ජෙසිකා තීරණය කරන්නේ අමෝරා ද සමඟයි.

2008 වසරේ වසන්ත සමයේදී ඔවුන් Ouja නම් පුවරුවක් මිලදී ගන්නවා.මෙය මලවුන් සමග සන්නිවේදනය කරන උපකරණයක් බව පැවසෙනවා.ජෙසිකා දස හැවිරිදි වියේදී ඇගේ පියා මිය යන්නේ සියදිවි නසා ගැනීමකින්.මේ Ouja පුවරුව හරහා ජෙසිකා පියා සමඟ සන්නිවේදනය කරන්නට පටන් ගෙන තිබුණා.පියා තමන්ට පිළිතුරු දුන් බවත් මේ සඳහා පැය ගණනක් ගත කළ බවත් ජෙසිකා මිලාම්ටත් පවසා තිබෙනවා. මිලාම්ටද යක්ෂ ආත්මයක් ආරූඪ වූ බව පැවසෙන්නේ ඉන්පසුවයි.ඒ සිදුවීම්වලින් පසු ඔවුන් වහාම මිලාම්ගේ මවගේ නිවස වෙත නික්ම යනවා.ඔවුන් එසේ පිටත්ව යන්නේ ජිවත් වූ මහල් නිවස දැඩි ලෙස අපිරිසිදු කර බව නිවාස හිමිකාරිනිය පවසා තිබුණා.ඒ වගේම මේ කාලයේදී ජෙසිකාගේ පෙනුමද දැඩිව වෙනස් වී තිබුණා.ඇය ඇගේ බාහිර පෙනුම ගැන නොසලකා හරින්නට පටන් ගෙන තිබුණා.ජෙසිකා සහ මිලාම් මළවුන් සමඟ කතා කිරීමට පටන් ගැනීම නිසා වෙනස් පුද්ගලයන් වූයේ මේ ආකාරයෙන්.

සැක සහිත මිලාම්ගේ අතීතය.

මිලාම්ගේ පියා ඒ වසරේ සැප්තැම්බර් මාසයේදී හෘද රෝගයකින් මිය ගියා.එය පියාට දැඩිව සමීප මිලාම්ට කම්පනයක්ද වී තිබුණා.ඔහු ජෙසිකා සමග බහින්බස් වීම් වලදී සිය දිවි නසාගැනීමේ උත්සාහයන් ද ගෙන තිබූ බව මිතුරන් හෙළි කරනවා.එපමණක් නෙවෙයි.ජෙසිකා මුණ ගැසෙන්නට පෙර අවුරුදු එකොළහක දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් මිලාම්ට එරෙහි චෝදනා තිබූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් සිර දඬුවම් ද ලබා තිබුණා.ඒ නිසා ඔහු යටතේ කුඩා දරුවෙකු තැබීමත් නීති විරෝධි ක්‍රියාවක්.නමුත් මාස දහතුනක් වසය කුඩා අමෝරා සමඟ ඔහු ජීවත් වූයේ නීතිය ගැන කිසිම සැලකීමක් නැතිවයි.මෙය ජෙසිකාද තැකීමකට ලක් කර නැති වීම බරපතල වරදක්.තම පෙම්වතාගේ අතීතය ගැන ඇයට කිසිම වග විභාගයක් තිබී නෑ.

ඝාතනය වූ පුංචි අමෝරා

මේ යුවල දිගටම මිලාම්ට භූතාත්මයක් ආවේශ වූ බව විශ්වාස කළ අතර භූතාත්මයෙන් අමෝරා ට ද බලපෑමක් ඇති බව විශ්වාස කළා. ඇයව මේ යක්‍ෂයන්ගෙන් මුදවා ගැනීමට ඇති එකම ක්‍රමය භූත කර්මයක් කිරීම බව දෙදෙනා විශ්වාස කර තිබෙනවා.ඔවුන් මිටියකින් පහර දෙමින් දරුවාගෙන් භූතයා පන්නා දැමීමට ක්‍රියා කර තිබෙනවා.මේ තැලුම් පහරවල් උසුලා ගැනීමට නොහැකිව එහිදී කුඩා දැරිය මිය ගොස් තිබෙනවා.දැරිය මිය යාමෙන් පසු ඔවුන් අමෝරාගේ සිරුර නාන කාමරයට ගොස් දමා පොලිසියට පැමිණිලි කර තිබෙන්නේ ඔවුන් පිටතට ගිය අවස්ථාවේ කවුරු හෝ දියණිය ඝාතනය කර ඇති බවයි.ඔවුන් ගේ පුරා ව්‍යාජ ලේ විසුරවා මෙය මිනීමැරුමක් බවට හඟවා තිබුණා.ඔවුන් නිවසේ තිබු භාණ්ඩ කිහිපයක් විකුණා මුදල් ලබාගෙන ඇත්තේ පැන යාමට බවත් සාක්ෂි වලදී සොයා ගැනුණා. ඔවුන් නගරයට පිටව යද්දී අමෝරා මිය ගොස් නැති බවත් පිටව ගොස් පැය එකහමාරකට පසු දැරිය මිය ගොස් ඇති බවත් සාක්ෂි වලදී සනාථ වුණා.මිලාම් සහ ජෙසිකා පොලිස් නිලධාරීන් පැමිණෙන විට බදාගෙන හඬමින් සිටියේ දරුවා අහිමි වූ ඕනෑම යුවළක් වැළපෙන ආකාරයටයි.

පුංචි අමෝරාගේ මරණය සම්බන්ධ පරීක්ෂණ ඇරඹෙයි

විමර්ශකයින් දේපල සඳහා සෝදිසි වරෙන්තු ලබා ගෙන පරික්ෂාව ආරම්භ කර තිබුණා. නිවසේ තිබුණු සෑම සැකකටයුතු දෙයක් ම පරීක්ෂාවට ලක් වුණා.මිලාම් සහ ජෙසිකා යන දෙදෙනාටම මරණීය ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඔවුන් දෙදෙනාම වරද පිළිගත්තේ නැහැ.නඩුව ගැන විශාල ප්‍රසිද්ධියක් ද මාධ්‍ය මඟින් ලැබෙන්නට පටන් ගත්තේ මෙය මුළු ඇමරිකාවම කම්පිත කරවූ නිසා.

නඩු විභාගයේදී, වෛද්‍ය පරීක්ෂකවරයා අමෝරාගේ මරණයට හේතුව මොට ආයුධයකින් පහර දීම සහ ගෙල සිර කිරීම හේතුවෙන් සිදු වූ මිනීමැරුමක් බව තහවුරු කළා.මිනිස් සපාකෑම් 24 ක්, තුවාල, සීරීම් සහ සීරීම් සහ හිසේ සිට පාදය දක්වා සීරීම්, හිස්කබලට යටින් ලේ ගැලීම, හිස් කබලේ පිටුපස පහර දීමක් සහ ඉළ ඇට බිඳී යාම් තිබුණා.අමෝරාගේ කුඩා සිරුරේ තුවාලයක් තිබූ තැනක් නැති තරම්.මරණ පරීක්ෂණය කළ වෛද්‍යවරයාට අනුව තමා මෙතෙක් දැක ඇති දරුණුතම තුවාල අමෝරාගේ සිරුරේ වූවා.අවසානයේ ඇයගේ මරණයට හේතු වූ තුවාලය කුමක්දැයි කීමට පවා ඔහුට නොහැකි වුණා.

අමෝරාගේ ඝාතකයන්ට ලැබුණු දඬුවම්

අමෝරා මිය යන්නේ ඇගේ මවත් සහ පෙම්වතා වූ මිලාම් මිථ්‍යාවට ඇබ්බැහි වූ නිසාම නොවෙයි.මෙත් නම් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම නිසා මිලාම්ට දරුණු මනෝ ව්‍යාධික තත්වයන් ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වුණා.ඔහුට මීට කලින් දැරියක් දූෂණය සම්බන්ධයෙන් තිබූ නඩු වාර්තාද නැවත සලකා බලා ඔහුගේ හැසිරීම් ගැන වාර්තා අධිකරණය ලබා ගත්තා.අමෝරා ඝාතනය මත්ද්‍රව්‍ය නිසා හටගත් මානසික ව්‍යාධියක් නිසා සිදු වූ බව ඔප්පු වූ අතර මිලාම්ට අධිකරණය මඟින් මරණ දඬුවම ලබා දීමට තීරණය කළා.

ජෙසිකාටත් මානසික ව්‍යාධියක් ඇති බව පැවසෙනවා.නැතිනම් ඇය මිථ්‍යාවන් එපමණකට විශ්වාසයට ගන්නට ඉඩ නෑ.”තම දරුවා රාක්ෂයෙකුට බිලි දුන්” කාන්තාවක් ලෙස ජෙසිකාව අධිකරණය හඳුන්වනු ලැබුවා.දරුවාට භුතයෙකු ආවේශ වී ඇති බව තේරුම් ගියානම් දැරිය වෛද්‍යවරයෙක් වෙත හෝ පල්ලිය වෙත රැගෙන ගියේ නැත්තේ ඇයිදැයි අධිකරණය වගේම සමාජය ද විමසූ නමුත් මවක් ලෙස ජෙසිකාට එයට දෙන්නට පිළිතුරක් වූයේ නැහැ.ජූරි සභාව ඇයට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ලබා දුන්නා.

මළවුන් ආවේශ වීම සහ ඔවුන් සමඟ ගනුදෙනු කිරීම.මළවුන්ගේ නියෝග පිළිපැදීම වැනි අසාමාන්‍ය මත හා විශ්වාසයන්ගේ එල්බ ගෙන ඒ අනුව ජීවත් වීමට කටයුතු කරන පුද්ගලයන් මානසික ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ මානසික ව්‍යාධිවලින් පෙළෙන අය විය හැකියි.ඔබේ සමීපතයන් එවැනි ලක්ෂණ පෙන්වනවා නම් ඔවුන් මානසික ප්‍රතිකාර සඳහා යොමු කිරීම සමාජ වගකීමක් බව අමතක කරන්න එපා.අපේ රටේ ද මෙවැනි සිදුවීම් කිහිපයක්ම මෑත කාලයේ පවා වාර්තා වූ අන්දම ඔබට මතක ඇති.

මත්ද්‍රව්‍ය පාවිච්චියට ගන්නා මිනිසෙක්ව විශ්වාසයට ගත් මිථ්‍යා විශ්වාස ඇදහූ තරුණ අම්මා කෙනෙකු නිසා සිඟිති අමෝරා දරුවෙකුට තරම් නොවන මරණයක් වැලඳ ගත්තේ ලෝකයට විශාල පාඩමක් කියා දෙමින්.මිථ්‍යාව ඔබ තුළ හිඳින යක්ෂයා අවදි කරන්නට ඉඩ තිබෙනවා.ඒ නිසා කිසිම අවස්ථාවක මිථ්‍යා විශ්වාස පිටුපස ඕනෑවට වඩා යන්නට එපා.පෙනෙන සත්‍යය ගැන විශ්වාස කරන්න.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles