එක රැයකින් අතුරුදහන් වෙන්න පුලුවන් දේවල් මොනවද?
මං මෙහෙම ඇහුවොත් ඔයාලට දෙන්න ඕන තරම් උත්තර තියෙන්න පුලුවන්. මනුස්සයෙක් වුණත් එක රැයකින් අතුරුදහන් වෙන්න පුලුවන් නෙ. ඒත් මහද්වීපයක්, ශිශ්ටාචාරයක් එහෙම එකපාර එක රැයකින් අතුරුදහන් වෙලා යන්න පුලුවන්ද?
අන්න ඒ ගැන තමයි අපි අද ඔයාලා එක්ක කතාකරන්න යන්නෙ.
Land Lost in Distance
ඒ තමයි Atlantis මහද්වීපය.ඔයාලා දන්නවනෙ මේ ලෝකයේ මහද්වීප හතක් තියෙනවා. ආසියා, අප්‍රිකා, උතුරු ඇමරිකා, දකුණු ඇමරිකා, ඇන්ටාටිකා, යුරෝපා ඔස්ට්‍රේලියා වගේ මහද්වීප තියෙනවනෙ. ඒ අතරින් එක රැයකින් අතුරුදහන් වෙච්ච මහද්වීපය විදියට සලකන්නෙ මෙන්න මේ Atlantis මහද්වීපය. මේ මහද්වීපය ගැන මුලින්ම කියන්නෙ අපි හැමෝම දන්න කෙනෙක්. ඒ තමයි ප්ලේටෝ. මෙයා ජීවත්වුණේ ක්‍රිස්තු පූර්ව 4වන සියවසේ ග්‍රීසියේ ජීවත්වෙච්ච දාර්ශනිකයෙක්. එයාගෙ පොත්වල තමයි මේ ඇට්ලාන්ටිස් ගැන සඳහන් වෙන්නෙ. ප්ලේටෝගෙ පොත් වල කියවෙන විදියට එයා ජීවත්වෙච්ච කාලෙට අවුරුදු 9000කට එහා කාල වකවානුවකදි තමයි මේ Atlantis කියන මහද්වීපය අතුරුදහන් වීම සිදුවෙලා තියෙන්නෙ.
ඉතින් කට්ටිය කියනවා මේක එක්තරා විදියක Fictional කතාවක් කියලත්.මේ මහද්වීපය හඳුන්වන්නෙ Land lost in the distance කියලා.
මේක තිබුණයි කියලා ප්ලේටෝ සඳහන් කරන්නෙ Gibraltar සමුද්‍ර සන්ධියෙන් ඔබ්බෙ අත්ලාන්තික් සාගරයෙ. මේ Gibraltar සමුද්‍ර සන්ධිය කියන්නෙ මධ්‍යධරණී මුහුදත් අත්ලන්තික සාගරයත් සම්බන්ධ කරන සමුද්‍ර සන්ධිය.
ඇත්තක්ද බොරුවක්ද?
ප්ලේටෝ ලියපු ඇට්ලන්ටිස් කතාව ගැන, නිව් යෝර්ක් බාර්ඩ් විද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් රොම් කියනවා, “මේක පරිකල්පනාවක්. මහා මිථ්‍යාවක්. මිනිස්සුන්ට මනඃකල්පිත කරගන්න ආස විශේෂ දේවල් ගොඩක් මේ කතාවෙ තියනවා.”
ප්ලේටෝ කිව්වෙ ඇට්ලන්ටිස් කියන්නෙ අඩක් දෙවියන්, අඩක් මනුෂ්‍යයන්ගෙන් පිරුණ ජනාවාසයක් කියලා. එයාලා ශිෂ්ටාචාරයක් නගලා, මහා නාවික බලයක් තියෙන. එයාලගෙ ගෙදරවල් වටේ හදපු දිය අගල්, ඇළවල් තිබුනලු. රන්, රිදී, වෙනත් වටිනා ලෝහ වලින් පිරුණු මේ දූපත්, විදේශීය සතුන්ගෙන් බහුලයි කියලා විස්තරයක් කරනවා. මධ්‍යම දිවයිනෙ තියෙන්නෙ එක මහා අගනුවරක්.
මධ්‍යධරණී මුහුදේ, ස්පාඤ්ඤයේ වෙරළ අසළට, හෝ දැන් ඇන්ටාක්ටිකාව යටතේ, ඇට්ලන්ටිස් තිබ්බ කියලා මිනිස්සු කියනවා. අලුත් අලුත් තේරුම් කතා මේ ගැන තවමත් ඉදිරිපත් වෙමින් පවතිනවා ප්ලේටෝ මේ කතාව කියලා අවුරුදු දහස් ගාණක් ගෙවුණත්. ” සිතියම මත ස්ථානයක් තෝරන්න, ඇට්ලන්ටිස් එහි තිබූ බව යමෙක් පවසා ඇත” කියලා ඇල්බනි හි නිව් යෝර්ක් ප්‍රාන්ත කෞතුකාගාරයේ ඉතිහාස භාරකරු චාල්ස් ඔර්සර් කියනවා.
ප්ලේටෝ කියලා තියෙන්නෙ, ඇට්ලන්ටිස් ඔහුට වසර 9,000කට කලින් තිබ්බ කියලා. ඒ කතාව කවියොත්, පූජකයොත්, වෙනත් අයත් අරන් කියපු දෙයක්. නමුත්, ඇට්ලන්ටිස් ගැන තියෙන එකම ලේඛනය, ප්ලේටෝගේ ලේඛනය විතරමයි.
ඉතින් මේ කතාව ඇත්තක්ද බොරුවක්ද කියන එක ඇත්තටම හිතාගන්න බෑ.
ඇත්ත සිදුවීම් මත පදනම් වූවක්ද?
විද්‍යාඥයෝ අතරින් ගොඩක් අය ඇට්ලන්ටිස් සත්‍යවශයෙන්ම පැවතුනා කියලා හිතන්නේ නැහැ. 1985දී ටයිටැනික් නෞකාවේ සුන්බුන් සොයාගත් සාගර ගවේෂක රොබට් බැලර්ඩ් කියනවා, “ප්ලේටෝ ඇට්ලන්ටිස් ගැන ලියපු දේ සත්‍යයි කියලා නොබෙල් ත්‍යාගලාභීන් කිසිවෙක්ම කියලා නැහැ.” කියලා.
ඒ වගේම, බැලර්ඩ් කියනවා ඇට්ලන්ටිස් කතාව “තාර්කික” එකක් වුනත්, ගොඩක් විනාශකාරී ගංවතුර සහ ගිනි කඳු පිපිරීම් පැවතුනා වගේම මේ ඇට්ලන්ටිස් විනාශය වගේ සිදුවීම් කීපයක්ම ලෝක ඉතිහාසයේ වෙලා තියෙනවා කියලා. මීට වසර 3,600කට පමණ පෙර, ග්‍රීසිය අසළ ඊජියන් මුහුදේ සැන්ටෝරිනි දූපතේ දැවැන්ත ගිනිකඳු පිපිරීමක් වුණා. ඒක නිසාවෙන්, මිනෝවාසීන්ගේ ඉතා දියුණු සමාජයක් ම ගිලී ගියා. ගිනිකඳු පිපිරීමත් සමඟම, ඔවුන්ගේ ශිෂ්ටාචාරය අතුරුදහන් වුණා.
ඒත්, බැලර්ඩ් හිතන්නේ නැහැ සැන්ටෝරිනි කියන්නෙ ඇට්ලන්ටිස් කියලා. මොකද ප්ලේටෝ කියපු ඇට්ලන්ටිස් විනාශ වුණා කියන කාලය සහ සැන්ටෝරිනි පිපිරුම වුන කාලය අතර ලොකු වෙනස්කමක් තියෙන නිසා.
රොම්ගේ අදහස නම් වෙනස්. ඔහුගේ අදහස වෙන්නේ, ප්ලේටෝ ඇට්ලන්ටිස් කතාව ගොඩනැගුවේ ඔහුගේ දාර්ශනික න්‍යායන් ප්‍රකාශ කරන්න විශේෂ රහස් ආකාරයක වාහනයක් ලෙස කියලා. “ඔහුගේ කෘතීන් තුළම තිබුණේ, දෙවිවරුන්ට එරෙහි මනුෂ්‍ය ස්වභාවය, පරමාදර්ශ සමාජ, සහ මනුෂ්‍ය ක්‍රමයෙන්ම දූෂණය වන සමාජයන් ගැන ඔහුගේ අදහස්,” කියලා ඔහු පැහැදිලි කරලා තියෙනවා. ඇට්ලන්ටිස් ඔහුගේ ප්‍රියතම විෂයන් ගැන කතා කරන්න ගොඩනැගුමක් වුනා කියන එක තමයි රොම්ගේ නම් අදහස.
ඇට්ලන්ටිස් කතාව කියන්නෙ ඉතාමත් දියුණු, අධ්‍යාත්මික ජනතාවක් සහ ආකර්ෂණීය ශිෂ්ටාචාරයක් තිබුන තැනක් කියලා. නමුත් ඔවුන් කාලයකට පසු කෑදර මිනිස්සු බවට පත්වුණා කියලා තමයි කියන්නෙ. “ඔවුන් දුරාචාරයට වැටී, දෙවිවරුන්ගේ මාර්ග අහිමි කළා,” කියලා ඕසර් කියනවා.
ඉතිහාසය වරක් කියනවා, දෙවිවරුන් ඔවුන්ට දඬුවමක් විදිහට භූමිකම්පාවක් සහ ගින්නක් එවා, ඇට්ලන්ටිස් මුහුදටම ගිලා බැස්සුවා කියලත්.
ඉතින් ප්ලේටෝ ඇත්ත කියනවද නැද්ද කියලා අහන්න වෙන්නෙ ප්ලේටෝගෙන්මනෙ. ඔයාලා මොකද හිතන්නෙ? ඇත්තටම මෙහෙම ඇට්ලාන්ටිස් කියල ශිශ්ටාචාරයක් තියෙන්න ඇතිද?