සිරුරේ බර වැඩිකරන රාත්‍රී නින්දට පෙර ඔබ නොදැනුවත්ව කරන වැරදි.

ඔබ රාත්‍රී නින්දට පෙර කරන සමහර වැරදි ඔබේ සිරුරේ බර වැඩි කර ගන්න හේතු වෙනව කියලා ඔබ දැනගෙන හිටියේ නෑ නේද ? එහෙනම් ඔබටයි මේ වැදගත් ලිපිය

අපි රාත්‍රීයේදි නිදාගන්න කලින් වැඩිය හිතන්නෙ නැතුව කරන සමහර දේවල් අපේ ශරීරයේ බර වැඩිවෙන්න ලොකු හේතුවක් වෙන්න පුලුවන්.ශරීරයේ මේදය දහනය කරන එන්සයිම සහ හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි කරන්න අපිට හොඳ නින්දක් උපකාරි වෙනවා.හොඳ නින්දක් නොලැබීම විශේශයෙන්ම උදරයේ මේදය වැඩිවීමට තදින් බලපාන හේතුවක් වෙනවා. ඉතින් රාත්‍රී නින්දට කලින් ඔබ මෙන්න මේ පුරුදු වලින් වැළකෙනවා නම් ඔබට හොඳ නින්දක් ලබාගන්න පුලුවන් වෙනවා වගේම ඔබේ බර වැඩි වීමක් වෙන්නෙත් නෑ

නින්දට පෙර කෝපි පානය කිරීම

කෝපි වල අන්තර්ගත වෙලා තියන කැෆේන් රාත්‍රිය පුරාම අපව අවදියෙන් තබා ගැනීම සිදු කරනවා.ඒ වගේම ඔබේ නින්දේ චක්‍රයට බාධා කිරීමටත් මේ කැෆේන් වලට හැකියාව තියනවා.ඔබ රාත්‍රියේ කෝපි පානය කරන අයෙක් නම් ඔබේ නින්දට අවම වශයෙන් පැය 6 කට පෙර වත් ඔබේ අවසන් කෝපි කෝප්පය ලබා ගන්නවා නම් ඔබේ ශරීර සෞඛ්‍යයට ඉතා හොඳයි

අපහසු ස්ථානයක නිදා ගැනීම

සමහර අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ ඔබේ නින්දේ පිහිටීම, ඔබේ ශරීරයේ බර වැඩිවීමට හේතු විය හැකි බවයි. මෙතනදි අදහස් වෙන්නේ ඔබේ නින්දට බාධා කරන අපහසු ස්ථානයක් හෝ ඇඳක් ගැනයි. සෑම විටම සුවපහසු ඇඳක් මත, සුවපහසු ඇඳුම් සහිතව සහ හිතකර පරිසරයක නින්දට යන්න ඔබ අමතක කරන්න එපා.

නිල් ආලෝකයට නිරාවරණය වීම

දුරකථනය සහ ටැබ්ලට් වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ මඟින් ශරීරයේ චක්‍රීය රිද්මයට බාධා කිරීමට සහ නින්දේ ගුණාත්මක භාවයට බාධා කිරීමට හැකියාව තියනවා කියලා පරික්ශන මගින් සොයාගෙන තියනවා.ඒ නිසා නින්දට අවම වශයෙන් පැයකටවත් පෙර සියලුම උපකරණ පසෙකින් තබා ගන්න උත්සාහ කරන්න.ඒ විතරක් නෙමෙයි වරින් වර ඔබේ නින්දට බාධා වෙන විදියට දුරකථනය ඔබේ හිස අසලින් සහ කොට්ටය යටින් තියාගන්න වරදත් කරන්න එපා

ඇඳ මත සිට ආහාර ගැනීම

බොහෝ දෙනාට තියන පුරුද්දක් තමයි ඇඳ මත ඉඳගෙන නාට්‍ය හෝ චිත්‍රපට නරඹන ගමන් , එහෙමත් නැත්තම් පහසු ඉරියව් වලින් ඇඳ මත ඉඳගෙන ආහාර ගැනීම.නමුත් මෙම පුරුද්ද අනිවාර්යයෙන්ම ඔබේ බර අඩු කර ගැනීමේ ඉලක්කය සඳහා ලොකු බාධාවක් වෙනවා.ඒ ඉරියව්වෙන් ආහාර ගැනීම ඔබව රාත්‍රිය පුරා නිදි වර්ජිතව තබන්න හැකියාව තියනවා

බොහෝ ප්‍රමාද වී රාත්‍රී ආහාරය ගැනීම

මෙය ඔබ අනිවාර්යයෙන්ම වළක්වා ගත යුතු පුරුද්දක්.අවම වශයෙන් ඔබේ රාත්‍රී නින්දට පැය තුනකට හෝ හතරකට පෙර වත් ඔබ ආහාර ගත යුතුයි.ඔබ නින්දට යන අවස්ථාවේදි ඔබේ කුස අධික ලෙස පිරී තිබීම ඔබේ නින්දට බාධා කරනවා.ඒ නිසා නිසි වෙලාවට ආහාර ගැනීමටත් , සැහැල්ලු ආහාර වේලක් ලබා ගන්නත් අමතක කරන්න එපා

නින්දට පෙර පෙර සීනි රස විඳීම

ඔබ රාත්‍රියේදි අතුරුපස හෝ වෙනත් සීනි සහිත ආහාරයක් ලබා ගන්නවා නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.ඔබේ රුධිරයේ සීනි ඇති විට හෝමෝන බිඳ වැටීම් සිදුවී ඔබට නැවත නැවත ආහාර රුචිය ඇති කරනවා. ඒ නිසා රාත්‍රියෙදි සීනි සහිත ආහාර ගැනීම සීමා කරනවා නම් වඩාත් හොඳයි

රාත්‍රියට ප්‍රමාද වී ව්‍යායාම කිරීම

ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගැනීමට වෙහෙසෙන ඔබ දිනපතා ව්‍යායාම කරන බවට සැකයක් නෑ.එසේ ව්‍යායාම කිරීම ඔබව නිරෝගීව තබා ගන්නවා වගේම මේදයත් දහනය කරනවා.නමුත් ඔබ ව්‍යායාම කරන වේලාව ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. නින්දට පෙර ව්‍යායාම කිරීමෙන් නින්ද නොයාම සහ හෘද ස්පන්දන වේගය වැඩිවීම සහ ශරීරයේ මූලික උෂ්ණත්වය ඉහළ යාම වැනි දේවල් සිදු වෙන නිසා එය ඔබ ලබා ගත යුතුම සුව නින්දට විශාල බාධාවක් වෙනවා .සාර්ථක බර අඩු කර ගැනීම සඳහා නින්දට අවම වශයෙන් පැය දෙකකට පෙරවත් ව්‍යායාම කරන්න උත්සාහ කරන්න

මේ ලිපියෙන් ඔබට කිව්වේ රාත්‍රියේ නින්දට පෙර ඔබ අතින් සිදුවන යම් වැරදි ඔබේ ශරීරයේ බර වැඩිවෙන්න හේතු වෙන ආකාරයයි.ඉතින් ශරීරයේ බර ගැන හිතන ඔබ මේ කරුණු ගැනත් අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles