මනස නිරන්තරයෙන් වෙහ්සට පත් වෙලා වගේද? මෙ ටිප්ස් උත්සාහ කරන්න
සුව පහසු නින්දක් ලබා ගන්න
ඔබ රැකියාවක යෙදෙන කෙනෙක් වුනත් අධ්‍යාපන කටයුතු වල යෙදෙන කෙනෙක් වුනත්, නිවසේම රැඳිලා ඉන්න කෙනෙක් වුනත් ඔබේ මනස සුව පහසුවෙන් රැඳෙන්න ඉතාම වැදගත් දෙයක් තමයි නින්ද. රාත්‍රී කාලයේදි සුව පහසු නින්දක් නොලැබෙනවා කියන්නේම ඔබේ මනසට ස්වබාවයෙන්ම වෙහෙසක් දැනෙනවා. ඒ නිසා ඔබේ මනස වෙහෙසිලා බව නිතරම දැනෙනවා නම්, අනිවාර්යෙන්ම ඔබේ නින්ද ගැන සැලකිලිමත් වෙන්න. අඩුම තරමේ පැය හයක – අටක නින්දක් වෙනුවෙන් උත්සාහ කරන්න.
ඔබගේ කෙටි කාලීන ඉලක්ක ගැන ආයෙම හිතන්න
සමහර වෙලාවට හැමදේම එපා වෙලා කියලා දැනෙන හැඟීම මනසට වෙහෙසක්. එහෙම වෙලාවට ඔබ ඔබේ සාර්තකත්වය ගැන හිතලා බලන්න ඕනි. ඔබට සාර්තක වෙන්න නම් ඉතාම පහසුවෙන් කරන්න පුලුවන් දෙයක් තමයි කෙටි කාලීනව ඉලක්ක වලට ළඟා වෙන එක. ඒ ඉලක්ක සැපිරෙනකොට ඔබේ වටිනාකම ඔබටම දැනෙනවා. මනසට යම් සැහැල්ලුවක් දැනෙනවා. දැනෙන සැහැල්ලුවේ ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ, ඔබේ මනසට දැනෙන වෙහෙස අඩු වෙනවා
ඔබේ සිතුවිලි ගැන ආයෙම හිතන්න
ඍ ණාත්මක සිතුවිලි වලින් ඔබේ දවස පිරෙනවා නම් ඔබේ මනස විඩාවට පත් වෙන එක සාමාන්‍ය දෙයක්. ඔබ ගැන, ඔබේ වටපිටාව ගැන, පොදුවේ මුලු සමාජයම ගැන ඔබට දැනෙන්නේ ඍණාත්මක දේවල් නම් ඔබ තුළ සැහැල්ලුවකට, සතුටකට ඉඩ නැහැ. ඒ නිසා මනස වෙහෙසිලා කියලා දැනෙනවා නම් නිදහසේ වාඩි වෙලා ඔයාගේ සිතුවිලි ගැන ආයෙම හිතන්න.”මට මේක කරන්න බැහැ..” “මට මේවා වැඩක් නැහැ..””මට හැමදේම එපා වෙලා” වගේ සිතුවිලි වලින් මිදිලා බලන්න. ඔබේ මනස වෙහෙසින් ඉවත් වෙන බව දැනේවි.
ශරීරයට වෙනසක් දෙන්න (ව්‍යායාම, යෝගා)
ශරීරය ට යම් වෙනසක් ලැබීම තුලම ඔබේ මනස යම් සැහැල්ලුවකට පත් වෙනවා කියන එක. හවස් වරුවට විනාඩි කිහිපය බැගින් හරි ව්‍යායාම වෙනුවෙන් යොදවන්න. උදේ වරුවට යෝගා අභායසයක් වෙනුවෙන් විනාඩි කිහිපයක් යොදවන්න. මේ දෙකම කරන්න බැරි නම් අඩුම තරමේ හවස් වරුවට පැය භාගයක්වත් ඇවිදින්න වෙලාව වෙන් කරගන්න. තණකොළ හරි උඳුපියලිය හරි පෑගෙන්න ඉඩ දෙන්න. ඔබේ මනසට සැහැල්ලුවක් දැනෙන බව අත් දකින්න පුලුවන් වේවි.
ශ්වසන අභ්‍යාස පුහුණු කරන්න
මනස වෙහෙස බව දැනෙන වෙලාවට ශ්වසන අභ්‍යාස පුහුණු කරන්න. ශ්වසන අභ්‍යාස කියන්නේ ඉතා අපහසු දේවල් නෙවෙයි. ඔබට හැකියාව තියෙනවා යූ ටියුබ් වීඩියෝ නරබලා ඔබට පහසුවෙන් පුහුණු කරන්න පුලුවන් ශ්වසන අභ්‍යාස කිහිපයක් තෝරාගන්න. ඊට පස්සේ දවස පුරාම ඉඩක් ලැබෙන හැම වෙලාවකම ඔබට ඒ අභ්‍යාස කරලා බලන්න පුලුවන්. ඔබටම වෙනසක් දැනේවි.
විවේක ගන්න, ආරෝපණය වෙන්න ඊටපස්සේ ආයෙම වැඩ පටන් ගන්න
මනස වෙහෙසිලා කියලා දිගින් දිගටම දැනෙනකොට ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕනි දෙයක් තමයි විවේකයක් ගන්න එක. දවසක නිවාඩුවක් වුන්ත් ප්‍රමාණවත්. එහෙම බැරි නම් අඩුම තරමේ වරු බාගයක නිවාඩුවක් වෙනුවෙන් හරි උත්සාහ කරන්න. රෙස්ට් ඇන්ඩ් රිෆ්‍රෙශ් කියන කතාව අහලා ඇතිනේ. ඕනෑම අලුත් වීමකට කලින් අනිවාර්යෙන්ම විවේකයක් වෙනුවෙන් ඉඩ අවශ්‍යමයි. විවේකයක් කියන්නේ අලුත් වීමකට ලැබෙන ඉඩක්. ඒ ඉඩ ඇතුලේ ඔබට පුලුවන්කම ලැබෙනවා වෙහෙසින් අත් මිදෙන්න.
කාමරේ පිහිටීම වෙනස් කරගන්න
මේ වගේ කුඩා කුඩා කාරණා වලින් පවා ඔබට ඉඩ ලැබෙනවා ඔබේ මනසේ වෙහෙස අඩු කරගන්න. හැමදාම එකම විදියට තියෙන කාමරේ පිහිටීම නිකමට වෙනස් කරලා බලන්නකෝ. ඔබේ හිතට අනිවාර්යෙන්ම සැහැල්ලුවක් දැනේවි.
මේසේ උඩ පිළිවෙලට කරන්න
අපි හිතමු ඔබ වෙහෙසට පත් වෙන්නේ කාර්යාලයේදි කියලා. එකම විදියට පේන ඔබේ මේසය මත තියෙන දේවල් වලට අලුත් ගතියක් දීලා බලන්න. අලුත් පෑන් රදවනයක්, පොඩි ස්වභාවික මල් බඳුනක් වගේ දේවල් මේසේට එකතු කරගන්න
ඔබේ ගැටලුව තනියම කොලයක ලියන්න
දිගින් දිගටම මනටසට වෙහෙසක් දැනෙනවා නම් ඔබ ඒ වෙහෙසට හේතුව හොයාගන්න එක වැදගත්. ඉස්සෙල්ලාම මේ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තමයි ඔබටම ඔබ ඇහුම්කන් දෙන එක. එතකොට ඔබේ ගැටලුව ඔබටම පහසුවෙන් හොයාගන්න ඉඩ ලැබෙනවා. කොලයක් අරගෙන ඒ හඳුනාගන්න කාරණ ලියලා බලන්න. නිකම්ම හිතනවට වඩා ඇස් වලට ඒ ගැටලුව පෙනෙනකොට ඔබට පැහැදිලි ඉඩක් ලැබෙනවා ඒ වෙනුවෙන් කෙරෙන්න ඕනි ප්‍රතිකර්ම ගැනත් වැඩිපුර හිතන්න
ඔබේ හිතවතෙක් එක්ක කතා කරන්න වෙලාව හොයාගන්න
තනියම ඉන්න එක තුල ඔබ තවත් වෙහෙසෙනවා කියලා ඔබට දැනෙනවා නම් ඊලඟට කරන්න ඕනෑ හොඳම දේ තමයි විශ්වාසවන්ත අයෙකු එක්ක ඔබේ සිතුව්ලි බෙදාගන්න එක. මෙතැනදී ඒ පුද්ගලයාව පරෙස්සමින් තෝරගන්න එක වැදගත්. එහෙම නැති වුනොත් ඔබට වෙන්නේ හිටියාටත් වඩා වැඩි වෙහෙසකට පත් වෙන්න.
කාමරයේ සුවඳ හමන ඉටිපන්දමක් / හඳුන්කූරක් දල්වන්න
ඔබ ඉන්න කාමරෙට සුවඳ තියෙන ඉටිපන්දමක් එහෙම නැත්නම් හඳුබ්කූරක් පත්තු කරන්න පුරුදු වෙලා බලන්නකෝ. මේකත් ඔබේ අභ්‍යන්තරය දක්වාම සැහැල්ලුවක් ගෙන එන රහස් මන්ත්‍රයක් වගේ. ඒ සුවඳවල් එක්ක ඔබේ වෙහෙස නිවෙන්න අවශ්‍ය කරන සාධක අභ්‍යන්තරයෙන්ම හැදෙනවා. ළැවැන්ඩර්, ලෙමන් වගේ සුවඳක් ඔබට අත් හදා බලන්න පුලුවන්.
ඔබේ පුරුදු වල වෙනස්කම් අත් හදා බලන්න
සමහරවිට ඔබේ මනසේ වෙහෙසට හේතුව ඔබේ දෛනික පුරුදු වෙන්න පුලුවන්. උදේට නැගිටින වෙලාව විනාඩි පහලොවකින් වගේ ඉස්සර කරගන්න. එතකොට ඔබේ දවසට වැඩිපුර ඉඩ ලැබෙනවා. කලබලයෙන් හැමදේම ඉවර කරගන්නකොට දැනෙන වෙහෙස ඔබෙන් ඉවතට යනවා. ඒ වගේම දවස පුරා තියෙන ඒකාකාරී පුරුදු වලට යම් වෙනසක් දීලා බලන්න.
විවිධ වර්ගයේ ආහාර වර්ග උත්සාහ කරන්න
මෙන්න මේකත් හොඳ ටිප් එකක්. සමහරු කියනවා අහලා ඇතිනේ කෑවම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. ඔබ ඉන්නේ කුසගින්නේ නම් ඔබව ස්වභාවයෙන්ම වෙහ්සට පත් වෙනවා. ගතින් වගේම සිතිනුත් ඒ වෙනස දැනෙනවා. ඒ නිසා ආහාර ගන්න එක ක්‍රමානුකූලව කරන එක මනස සැහැල්ලු කරගන්න වැදගත්. ඒ වගේමයි, හැමදාම කන බත් වෙනුවට අලුත් කෑමක් උත්සාහ කරලා බලන්නකෝ. සැබෑම වෙනසක් දැනේවි.
ReplyForwardAdd reaction |