කලැල් රහිත පැහැදිලි සමක් ලබා ගැනීම කියන්නේ මිල අධික සම ආරක්ෂණ නිෂ්පාදන භාවිතා කිරීම පමණක්ම නොවේ. නිරෝගී, කැලැල් රහිත, දිදුලන සමක් පවත්වා ගැනීම සඳහා ඔබේ ආහාර වේලත් ඉතා වැදගත් වූ කාර්යභාරයක් ඉටු කරනවා. ඔබ ගන්නා ආහාර ඔබේ සම ආරක්ෂා කර ගැනීමටත්, තෙල් නිශ්පාදනය ක්රමානුකූල ලෙස පවත්වාගෙන යාමටත් , කොලජන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමටත් වගේම සුමුදු සහ පැහැපත් සමක් පවත්වාගෙන යාම සඳහාත් උපකාරී වනවා. එවැනි සමක් ලබා ගැනීම සඳහා උපකාරී වන ආහාර වර්ග කිහිපයක් ගැනයි මේ ලිපිය.
අලිගැට පේර
අලිගැට පේර සෞඛ්‍ය සම්පන්න මේද වල පොහොසත් ප්‍රභවයක්. විශේෂයෙන්ම අලිගැටපේර වල අඩංගු වන මොනොසැටරේටඩ් මේද ඔබේ සමේ තෙතමනය හා නම්‍යශීලී බව තබා ගැනීමට උපකාරී වනවා . ඒ වගේම අලි ගැට පේ්රවල අඩංගු වන විටමින් E සහ C ඔක්සිකාරක හානි වලින් සම ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරක දෙකක් ලෙස සැලකෙනවා. වයසට යාමේ සලකුණු අඩු කිරීම සහ කොලජන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමටද එම පෝෂණ සංඝටක උපකාරී වනවා. විටමින් E මගින් සමේ දැවිල්ල අඩු කිරීමට සහ සම අලුත්වැඩියා කිරීමට සහාය වන අතර විටමින් C සමේ දීප්තිය වැඩි කරමින් කොලජන් නිෂ්පාදනය වැඩි කරනවා.
බෙරි වර්ග (ස්ට්‍රෝබෙරි , බ්ලූබෙරී , රාස්ප්බෙරි)
බෙරි වර්ග ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන ප්‍රභවයන් ලෙස සැලකෙනවා. විශේෂයෙන්ම ඒවායේ අඩංගු වන විටමින් C කොලජන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වනවා .බෙරි වල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක මගින් සම ඉක්මනින් වයසට යාම, සියුම් රේඛා සහ රැළි ඇති කළ හැකි ඔක්සිකාරක ආතතිය අඩු කරනවා
තක්කාලි
තක්කාලි, ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන ලයිකොපීන් පොහොසත් වන අතර එය හිරු එළියෙන් සම ආරක්ෂා කරන අතර අකලට සම රැලි වැටීම අඩු කරනවා . තක්කාලි දිනපතා පරිභෝජනය කිරීම මගින් සමේ ස්වභාවික හිරු ආරක්ෂණය වැඩි දියුණු කළ හැකි අතර, සමට තවදුරටත් හානි වීම වළක්වා ගැනීමට සහ සමේ තානය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
ඇට වර්ග (ආමන්ඩ්, වොල්නට්, රටකජු )
ආමන්ඩ් ,වෝල්නට් සහ රටකජු වැනි ඇට වර්ග සමට හිතකර සෞඛ්‍ය සම්පන්න මේද, විටමින් සහ ඛනිජ වලින් පිරී ඇත. ආමන්ඩ් වල විටමින් E බහුල වන අතර, එය UV කිරණ වලින් සමට සිදුවිය හැකි හානි වලින් සමේ සෛල ආරක්ෂා කිරීමට සහ නිරෝගී සෛල වර්ධනය කිරීමට සහාය වනවා. වෝල්නට්ස් වල ඔමේගා-3 මේද අම්ල අඩංගු වන අතර, එය සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වනවා.
බතල
බතල බීටා-කැරොටින් වලින් පොහොසත් වන අතර එය විටමින් A බවට පරිවර්තනය කරන ශාක සංයෝගයකි. විටමින් A සමේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන අතර එය සෛල පිරිවැටුම ප්‍රවර්ධනය කරමින් සම සිනිඳුව සහ කැළැල් වලින් තොරව තබා ගැනීමට උපකාරී වනවා . බීටා-කැරොටින් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය UV හානිවලින් සම ආරක්ෂා කිරීමටත්, සම ඉක්මනින් වයසට යාමේ සහ සමේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් උපකාරී වනවා. බතල ආහාරයට ගැනීමෙන් ඔබේ සමට කැලැල් රහිත නිරෝගී පැහැපත් බවක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
නිවිති සහ කොළ වර්ග
නිවිති, ගෝවා සහ පලා වර්ග වැනි කොළ පැහැති කොළ විටමින් A, C සහ E ඇතුළු විටමින්, ඛනිජ සහ ප්‍රතිඔක්සිකාරක වලින් පිරී තියෙනවා. මෙම පෝෂ්‍ය පදාර්ථ සමේ ප්‍රත්‍යාස්ථතාව වැඩි දියුණු කිරීමට උපකාරී වනවා. නිවිති වල ඇති විටමින් A සෛල පරිවෘත්තියට උපකාරී වන අතර විටමින් C කොලජන් නිෂ්පාදනයට සහාය වනවා. මීට අමතරව, මෙම හරිතයන් තුළ ඇති හරිතප්රද ශරීරයෙන් විෂ ඉවත් කිරීමට උපකරී වන අතර, පැහැදිලි සමක් ලබා ගැනීම සඳහා විශාල සහයක් ලබා දෙනවා.
සැමන්
සැමන් ඔමේගා-3 මේද අම්ල වලින් පොහොසත් වන අතර එය සමේ තෙතමනය තබා ගැනීමට, දැවිල්ල අඩු කිරීමට සහ හිරු කිරණින් සමට සිදු වන හානි වලින් සම ආරක්ෂා කිරීමට උපකාරී වනවා. මෙම සෞඛ්‍ය සම්පන්න මේද සමේ තෙතමනය ආරක්ෂා කර ගන්නා බාධකයක් පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන අතර එමඟින් සමේ වියළි බව ඇතිවීම වළක්වනවා. ඔමේගා-3 සම මත ඇති වන කුරුලෑ, දද සහ සමේ රෝග සමනය කිරීමට උපකාරී වනවා. මීට අමතරව, සැමන් යනු සමේ සෛල අළුත්වැඩියා කිරීමට සහ නව සෛල පුනර්ජනනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රභවයකි.
යෝගට්
යෝගට් යනු ප්‍රෝබයොටික් වල විශිෂ්ට ප්‍රභවයක් වන අතර එය බඩවැල් වල සෞඛ්‍යය ප්‍රවර්ධනය කරමින් අනෙක් අතට සම සඳහාද ප්‍රයෝජනවත් වනවා. බඩවැල් බැක්ටීරියා වල අසමතුලිතතාවය දැවිල්ල සහ කුරුලෑ වැනි සමේ ගැටළු වලට හේතු විය හැකි බැවින් ශරීරයට ප්රෝභයෝටික් ලබා ගැනීම අත්‍යවශ්‍ය වනවා. යෝගට් වල ලැක්ටික් අම්ලය ද අඩංගු වන අතර එමගින් සමේ මිය ගිය සෛල ඉවත් කර සිනිඳු, වඩා දීප්තිමත් සමක් ඔබට ලබා දෙනවා. මීට අමතරව, යෝගට් වල ඇති ප්‍රෝටීන් කොලජන් නිෂ්පාදනයටද විශාල වශයෙන් සහාය වනවා.
ඔබ ගන්නා ආහාර ඔබේ සමේ සෞඛ්‍යයට සහ පෙනුමට සෘජුවම බලපානවා. මෙම ආහාර වර්ග ඔබේ දෛනික ආහාර වේලට ඇතුළත් කර ගැනීමෙන් ඔබේ ශරීරය පෝෂණය කරනවා පමණක් නොව පැහැපත් සහ කැලල් වලින් තොර නීරෝගී සමක් පවත්වා ගැනීමටද උපකාරී වනවා.
ReplyForwardAdd reaction |