ලස්සනට අඳින්න වගේම අලුත්ම ෆැෂන් කරන්න කැමති ගෑනු ළමයින්ට ළඟ එන අලුත් අවුරුද්ද කියන්නේ අලුත් වෙන්න හොඳම අවස්ථාවක්. අද අපි ඔබට කියන්නේ අලුත් අවුරුද්දට අලුත් වෙන්න කැමති ඔබට ඔෆිස් අඳින්න ගැලපෙනම ෆැශන් කීපයක් ගැනයි.
The smart suit
මෙය අන් අය අතර කැපී පෙනෙන්න පුළුවන් ආකාරයේ ඇඳුම් කට්ටලයක්. මෙයට එකම ආකාරයේ කලිසමක් සහ හැඩැති කෝට් එකක් සමඟ එයට ගැලපෙන තනි වර්ණයක ෂර්ට් එකක් ගලපා ගන්නට ඔබට පුළුවන්. උදාහරණයක් හැටියට කළු පැහැති කලිසමකට සහ කෝට් එකකට ඔබට සුදු ,රතු , නිල් හෝ කොළ වැනි කැපී පෙනෙන වර්ණයක ශර්ට් එකක් අඳින්න හැකියාව තියෙනවා.
The ‘does-it-all’ skirt
මෙවැනි සායක් සැහැල්ලු ගමනකට හෝ සති අන්තයේ හමුවකට පමණක් ගැලපෙනවා යැයි ඔබ සිතනවා නම් එය ඇත්තෙන්ම වැරදියි.මෙවැනි සැහැල්ලු සායක් ඔබට කාර්යාල ගමනකට නිර්මාණශීලීව අඳින්නට හැකියාව තියෙනවා. උදාහරණයක් හැටියට සැහැල්ලු Printed skirt එකකට තනි පැහැ බ්ලවුස් එකක් ගලපාගන්න ඔබට පුළුවන්. මේ බ්ලවුස් එක ස්කර්ට් එකට යට කරලා විසිතුරු බෙල්ට් එකක් උනත් පළඳින්න පුළුවන්.
The Any-Season Essentials
මේ ඇඳුම ඔබට අවුරුද්ද පුරාම ඕනෑම දවසක අඳින්නට පුළුවන් එකක්. ඒ වගේම ඔබට සැහැල්ලුවක් දැනෙන ඇඳුම් කට්ටලයක්. සැහැල්ලු කලිසමකට ගැලපෙන සැහැල්ලු ශර්ට් එකක් විවිධ විලාසිතා වලට අඳින්න ඔබට පුළුවන්. ෂර්ට් එක කලිසමට යට කරලා වගේම shirt එකේ යට කොටස ගැට ගහලා උනත් ඔබට නිර්මාණශීලීව මේ ඇඳුම අඳින්න පුළුවන්.
Blazer + Wide-Leg Trousers
අපි ඔබට කලින් කිව්වා එකම පැහැයකින් යුතු කලිසමක් සහ කෝට් එකක විලාසිතාවක් ගැන.මේ කියන්නට සූදානම් වෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් විලාසිතාවක් ගැන. මේකෙදි ඔබ Wide leg trouser එකක් , එහෙමත් නැත්නම් සැහැල්ලු කලිසමකට එයට ගැලපෙන ලා පැහැයකින් යුතු ෂර්ට් එකක් සහ කෝට් එකක් ගලපා ගත යුතුයි. මේවා ඉතාම ලා වර්ණ වලින් තෝරාගන්නට හැකියාව තියෙනවා නම් වඩාත් සුදුසුයි.
Printed pants
අලුත් විලාසිතා කරන්න කැමති ඔබට ගැලපෙනම විලාසිතාවක් තමයි මේක. Printed pant එකකට ගැලපෙන තනි පැහැ ෂර්ට් එකක් අඳින්න ඔබට පුළුවන්. ඔබ pant එක තෝර ගන්නකොට ටිකක් වෙනස් විදියේ Printed pant එකක් තෝර ගන්නත් අමතක කරන්න එපා.
The New Neutral
ඔබ හැමදාම අඳින තද පැහැති වර්ණ වලින් මිදිලා ටිකක් ලා පැහැති වර්ණ වලට මාරු වෙන්න පුළුවන් විලාසිතාවක් තමයි මේක. මේකෙදි ඔබට තනි ලාවර්ණයක ටිකක් Tight dress එකකට සුදු හෝ කළු වර්ණයෙන් කෝට් එකක් අඳින්න පුළුවන්. මෙය තරමක් අඩු වශයෙන් දක්නට ලැබෙන විලාසිතාවක් නිසා ඔබට අන් අය අතර ලස්සනට කැපී පෙනෙන්නත් හැකියාව ලැබෙනවා.
White Shirt + Denim Skirt
මේක ඔබට හරිම සරල වගේම වැදගත් පෙනුමක් ගෙන දෙන විලාසිතාවක්. තරමක් ලා පැහැති ඩෙනිම් ස්කර්ට් එකකට සුදු පැහැති අත් දිග ෂර්ට් එකක් ගලප ගන්න ඔබට පුලුවන්. කලිසමකට ෂර්ට් එකක් ගලපනවාට වැඩිය මේ වගේ අලුත් විදිහකට ඩෙනිම් ස්කර්ට් එකකට ෂර්ට් එකක්
ගලපන එක කොච්චර ලස්සනද කියල ඔබට අනිත් අයගේ අදහස් වලින්ම දැනගන්නට පුළුවන් වේවි.
අලුත් අවුරුද්දට කාර්යාලයට යනකොට අලුත් වෙලා යන්න කැමති කාන්තා ඔබට මේ විලාසිතා අදහස් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේ විලාසිතා තවත් ලස්සන කරගන්න ඔබට ඒවාට ගැලපෙන ආභරණ , සපත්තු වගේම අත්බෑග් තෝරා ගන්නත් හැකියාව තියෙනවා.