“ඇයි ඔයා දැන් අපිට බඳින්න බෑ කියන්නෙ?” රශිනි එහෙම ඇහුවෙ මලිත් මේ කියන අණ්ඩර දෙමලෙ ඇත්තටම තේරුණේ නැති හන්දා. රශිනියි මලිතුයි යාලු උනේ කැම්පස් එකේදි. රශිනිට උඩ බැච් එකේ අයියෙක් තමයි මලිත්. ඒ අයියා රශිනිව සෙට් කරගත්තෙ යාලුවො ටික එක්කහු වෙලලා කෙල්ලව රැග් කරද්දි වීරයා වගේ ඇවිත් බේරගෙන කියල මුලු කැම්පස් එකේම කතාව ගියේ දෙන්න යාලුවෙලා ඉඳලා මුලින්ම එලියට බැස්සෙ රැග් සීසන් එක ඉවරවෙලා, බකට් එක එහෙමත් දුන්නයින් පස්සෙ.
ඔය කසාද බඳින කතාව ආවෙ දවසක් රශිනිලගෙ කැම්පස් එකේම ගර්ල් කෙනෙක්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙච්ච ෆොටෝග්‍රැපර් කෙනෙක් එයා කරපු ලස්සන වෙඩින් ශූට් එකක් සෝශල් මීඩියා වල වයිරල් යන්න ගත්තයින් පස්සෙ.
“ඔයා හිතනවද අපෙ අම්මල කැමති වෙයි කියලා අපි වගෙ උඩරට මිනිස්සු ඔයාලා වගේ කරාවෙ මනුස්සයෙක් කසාද බැඳගන්නවට?” කියල මලිත් කියද්දි ඇත්තමයි රශිනිට හිතුනෙ තමන් මෙච්චර දවසක් යාලුවෙලා හිටියෙ මෙහෙම මනුස්සයෙක් එක්කද කියල.
“එතකොට මගෙ පස්සෙන් එද්දි ඔයාගෙ ඔය උඩරට රදල පැලැන්තියෙ අම්මල එහෙම ඉඳියෙ මොන ලෝකෙද?” කියලා තරහෙන් ඇහුවට කෙල්ලගෙ ඇස් අග්ගිස්සෙන් කඳුලු වැක්කුරුණා ඕසෙට.
“කෙල්ලෙක් පස්සෙන් යන හැම කොල්ලම, අෆෙයාර් එකක් පටන් ගන්න හැම කපල් එකම ඉතින් ඒක මැරේජ් එකකින්ම ඉවරවෙනව කියල හිතන්නෙ නෑනෙ. කොටින්ම මේ අතීතෙ උන්නු දම්මියි සුගතුයි පවා බ්‍රේකප් වෙච්ච එකේ ඔයා ඕනවට වඩා දුර හිතුවට මට කරන්න දෙයක් නෑ” කියලා කියද්දි රශිනි කල්පනා කරා කොහොමද තමන් හිත හදාගන්නෙ කියලා. දැන් තමන් මොකද්ද කරන්නෙ කියලා?
ආදරය කියන්නේ සරල ආකර්ශණයකින්, පොඩි ඇල්මක් බැල්මක් හුවමාරු වෙන එකකින් ආරම්භ වෙන දෙයක් වුණත්, ආදරයක දිගටම පවත්වාගෙන යන්න නම් විශාල වගකීමක්, කැපවීමක්, සහනශීලතාවයක් සහ අවබෝධයක් ඕනේ. හැබැයි සමහරු ආදරය පටන් ගන්නේම “කෙටි කාලයක් විතරයි මේක කරන්නෙ” කියලා හිතලා. “අද හොඳයි, නැත්නම් හෙට නතර කරමු” කියන ආකාරයකට ආදරය පවත්වාගෙන යන්න හිතන කෙනෙක් එක්ක, ඒ ආදරය ගොඩනගන්න එපා. ආදරයක් කියන එක විවාහයකින්ම ඉවර වෙන්න ඕන කියල නියමයක් නැති උනාට, Deadline දාගෙන ආදරේ කරන්න හිතන කෙනෙක්ට ලං වෙන එක ලොකු වේදනාවක් වෙන්න පුලුවන්. ඒ වගේම තමයි අපි මතක තියාගන්න ඕන කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් ඔයා ආදරෙදි කාගෙවත් Trial එකක් වෙන්න ඕන නෑ කියන එක.
ඉතින් මෙහෙම අවස්තාවක් ආවොත් අපි මොකද කරන්න ඕන?
1. ආදරය පටන් ගනිද්දිම අවසානයක් හිතන්න බැරිද?
ආදරය පටන් ගන්න පුළුවන් කිසිම අරමුණක් නැතුව, හැබැයි ආදරේ ගොඩනගන්න වගකීමක් ඕනේ. “කාල සීමාවක් දාගෙන ආදරය කරන්නෙ නැහැ” කියලා හිතලා ආරම්භ කළත්, දිගටම පවත්වාගෙන යන්න කැපවීමක් සහ අවබෝධයක් අත්‍යවශ්‍යයි.
2. සම්බන්ධය ආරම්භ කළේ කවදා හරි විවාහ වෙන්න හිතාගෙනද?
සමහරු ආදරය පටන් ගන්නෙත් විවාහය ගැන ලොකු අදහසක් නැතුව. එ වගේ දෙයක් එක්ක, ආදරේ වෙනුවෙන් දෙන්නම කරන සැලසුම් අඩු වෙන්න පුලුවන්. Let’s go with the flow කියලා කියන එක අවුලක් නෑ හැබැයි ඒක සම්බන්දෙ පටන් ගනිද්දිම දෙන්නම දෙන්නට දෙන්නා හොඳට කතා කරලා ගන්න තීරණයක් නම්. ඒක මුලින්ම අවබෝධ කරගන්න.
3. අරමුණු වටහා ගන්න:
සම්බන්ධයක සාර්ථකත්වය අනිත් කෙනාගේ අරමුණු හා ඔබේ අරමුණු අතර ගැලපීම මත පදනම්වෙලා තියෙනවා. එයාට විවාහය හෝ දිගු කාලීන සම්බන්ධයක් ගැන දැක්මක් නැත්තම්, ඒක ගැන පැහැදිලිව කතා කරන්න.
4. කෙටි කාලීන සබඳතා වල බලපෑම්:
සම්බන්ධයක් දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය ගුණාංග නැතිව ආදරය පවත්වාගැනීම, දෙපාර්ශවයටම අසාධාරණයක් වෙනවා. කෙටි කාලීන සම්බන්ධයක් ඇති කර ගන්නවා නම්, ඒ සබඳතාවය අවසානයේ පොඩි හරි හිත් රිදීමක් වෙන්න පුලුවන් බව අමතක කරන්න එපා. ඒ නිසා එහෙම බැඳීමකට යන්න අදහසක් තියෙනම් තමන්ගෙ ඇත්ත අරමුණ ඔයාගෙ පාට්නර්ට කියන්න. ඒක තමයි අවම සදාචාරය.
5. විශේෂිත අපේක්ෂාවන් මොනවද?
ආදරය ආරම්භ කරන විටම, දෙපාර්ශවයේම සැලසුම් සහ ආකල්ප ගැන හොයන එක, තේරුම්ගන්න එක ඉතා හොඳයි. “මේක ඉවර වෙන්නෙ කසාදෙකින්ද?” කියලා ප්‍රශ්න කරලා පරිස්සමෙන් කටයුතු කරන්න.
6. සාර්ථක ආදරයක් සඳහා අවශ්‍ය දේවල්:
ආදරය සාර්ථක කිරීමට අවබෝධය, විශ්වාසය, සැනසීම, සහ මානසික සහනය ඉතාම වැදගත්. දිගටම ආදරය කරන්න අදහසක් තියෙනම් ඒක සරලව භාරගන්න එපා. .
7. ආදරයේ අරමුණක් නැති විට:
ඔයා ආදරය කරන කෙනා ආදරය කරන්න පටන් ගන්නෙ අරමුණක් නැතිව නම්, එය කෙටි කාලීන රසවින්දනයක් බවට පත් වෙනවා. ඒ රසවින්දනයේදී ඔයාගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එයාට ඉඩක් තියෙනව. ඔයාගෙත් අදහස “මේක කසාදෙන් ඉවර වෙන්නෙ නෑ” කියන එකනම් අවුලක් නැති වෙන්න පුලුවන්, හැබැයි හිත රිදෙන්න පුලුවන් බව අමතක කරන්න එපා.
8. “ඇරඹුමක් තියෙනවා, අවසානයක් නෑ” කියන ආදරයක් තියෙන්න පුළුවන්ද?
ඔයා ආදරය කරන කෙනාත්, විශේෂයෙන් දිගු සම්බන්ධයක් පවත්වාගෙන යන්න කැමති නම්, ඒක සාර්ථකයි. “ඇරඹුමක් තියෙනවා, අවසානයක් තියෙන්නෙ නැහැ” කියන හැඟීමෙන් ආදරය කළොත්, ඒක වඩා මනස්කාන්ත සුන්දර ආදර කතාවක් වෙයි.
9. සම්බන්ධයක් තුල ලැබෙන අත්දැකීම්:
ආදරය කියන්නේ සරල අත්දැකීමක් විතරක් නෙවෙයි. සාර්ථක සම්බන්ධයකට අවශ්‍ය වගකීම් සහ ආදරණීයත්වය තේරුම් ගන්න ඕන. සබඳතාවයක් අවසාන වෙන්නෙ හිත රිදවන අත්දැකීම් එක්ක කියල දැන දැන ඒක පටන් ගන්න එපා. ඒක ඔයා ඔයාටම රිද්දගන්න හේතු වෙන එක විදියක්.
10. ආදරය පවත්වාගෙන යාමට වගකීමක් ගන්න:
සබඳතාවයක සාර්ථකත්වය කියන්නෙ ඔයාගෙ වගකීමක්. කෙටි කාලීන සම්බන්ධයක් පමණක් ප්‍රිය කරන කෙනෙකුත්, ඔබේ දිගු කාලීන දැක්මට ගැළපෙන ආකාරයකට වෙනස් වෙන්න ඉඩක් තියෙන්න පුලුවන්.
හැබැයි මොන දේ පටන්ගත්තත් දෙන්නට දෙන්න හොඳට කතාබහ කරලා, හැමදේම තේරුම් අරගෙන තමයි පටන්ගන්න ඕන.
ඔයා ගැන විතරක් නෙවෙයි එයා ගැනත් හිතන්න!
ReplyForwardAdd reaction |