දිලුම් මන්දාරම්ට සමුදුන්නේ හිත තුළ වූ ප්‍රශ්න කිහිපයක්ම සමගිනි. එහෙත් ඉවසා සිටීම හැරෙන්නට කිසිඳු පිළිතුරක් වූයේ නැත.
” මම කඩවතින් එන්නම්. උඹ එනකොට කියපන්….” .
දිලුම් නිවසෙන් පිට වෙද්දීම ජිනේන්ද්‍ර ට කෙටි පණිවිඩයක්ද තැබුවේය. දිලුම්ට වඩා වසර කිහිපයක්ම වැඩිමහල් වුවත් ජිනේන්ද්‍ර සහ දිලුම් අතර තිබුණේ සම වයස් මිතුරන් දෙදෙනෙකු අතරේ වන හිතවත්කමකි. එනිසාම ජිනේන්ද්‍රට අයියේ යයි අමතන පුරුද්දක් දිලුම්ට තිබුණේ නැත.
“හරි උඹ කඩවතින් ඉදහං … මං එනකොට කියන්නම්. …”
පෙරලා ලැබුණු පණිවිඩයෙන් පසු දිලුම්ට යම් තරමක අස්වැසිල්ලක් ලැබුණු බව ඔහුට දැනුණි. කඩවත මචං හී කොනෙහිම වූ මේ මේසයක් වෙන්කරවා ගත් දිලුම් බියර් වීදුරුවක් හිස් කරමින් මග බලා උන්නේ. ඒ අතරේ රන්ඳුලාටද ඇමතුමක් ගැන සිදුවන්නට යන්නේ කුමක්දැයි සිතාගත නොහැකි සිදුවීම් කිහිපයක් දිනය තුළ සිදුවූ බව කීවේය.
“…..මන්දාරම් අක්කට කැමති කියපු එක හා කියමු … ඒත් එකපාරටම අක්කා මන්දාරම් නිග්ලෙක්ට් කරන්නේ ඇයිද කියන එක මට හිතාගන්න බැහැර රන්දු .. අක්කා පසන්ට පොඩිවත් කැමැත්තක් නැහැ.. එහෙම එකේ මන්දාරම් අක්කට කැමතිනම්, අක්කට ඕනතරං ඉඩ තියෙනවා මන්දාරම් එක අලුත් ජීවිතයක් ගැනන හිතන්න…අපි තවදුරටත් ඉස්කෝලේ ගියපු කාලෙ වගේ පොඩි උන් නෙවෙයිනේ අම්මයි තාත්තයි කියන දේම අහගෙන ඒ විදියටම ඉන්න….. අක්කා අම්මා කියපු දේවල් මහලොකුවට ඔලු වට අරගෙන ඒක ට්‍රෝමා එකක් කරගෙන සෑහෙන්න විඳෙව්වා….. එයාගේ ජීවිතේ හොඳම කාලේ හිරකාරියක් වෙලා ඉන්න තීරණය කරා …..
……..ඒත් මට තේරෙන්නේ නැත්තේ මෙච්චර නිදහසේ පියාඹන්න ඉඩ හැදෙද්දීත් අක්ක තටු අකුල ගෙන කූඩුව ඇතුලටම යන්න හදන්නේ ඇයිද කියලා……. අනෙක් එක මන්දාරම් කියන්නේ නරක කොල්ලෙක් බව පෙනුනෙත් නැහැ…. අක්කා මෙහෙම අතුරුදහන් වුනාට පස්සෙත් ඌට ඕනෙ අක්කට වුණේ මොකක්ද කියන එක හොයාගන්න මිසක් මේකේ අහු කොන් හොයන්නත් නෙවෙයි.. අර චානකයා තමා කුණු අවුස්සන්නේ….
” ඔය කතාවේ අපි දන්න ටික ටිකනේ දිලුම් ඔය.. ඒත්, අපට කියාගන්නම බැරිහරි මොකක් හරි කතාවක් අක්කගේ ඔළුවේ තියෙනවද අපි දන්නේ නැහැනේ…. ඒ නිසා ඔයා මොක කරන්නත් කලින් තව එක වතාවක් අක්ක එක කතා කරලා ඉන්න එක හොඳයි…”.
” ඔක්කොමත් හා කියමු ජිනේන්ද්රයා එහෙ ඉන්නවා දැක්කහම මට හිතාගන්න බැරි වුණා. ඒකත් හා කියලා හිත හදාගෙන ඇතුලට යනකොට මන්දාරම් මේ මගේ අයියා කියලා ඌ හඳුන්වලා දෙනකොට මට අගක් මුලක් හිතාගන්න බැරි වුණා……..
.මට ඌ මිස් වෙච්ච සති ගානට ඌට කොහේ හිටපු මල්ලි කෙනෙක් පහත් වෙලාද කියලා මට හිතාගන්න බැහැ……අනික ලේසියෙන් ප්‍රියලාල් අංකල් ගෙදර දාලා යන්නේ නැති මිනිහා දවස් ගාණක් තිස්සේ ගෙදර ඇවිල්ලත් නෑ …අපට තේරෙන්නේ නැති මොනාදෝ සීන් එකක් සිද්ධ වෙනවා රන්දූ..”
” කලබල නොවී ඉන්නකො දිලුම්…..දැන් හවසට ජිනේන්ද්‍ර අය්යව මුණ ගැහුනහම ඔයාට එයාගේ පැත්ත කතාව අහගන්න පුළුවන්නේ..”
” අහගන්න නම් පුළුවන් තමයි…… ඒක දැනගත් අයෙන් පස්සේ මොන මරාලයක් පහත් වෙයිද කියලා හිතාගන්න බැරුවයි මම මේ ඉන්නේ…”
“එහෙම හිතන්න එපා… මොන දේ සිද්ධ උනත් සිද්ධ වෙන්නේ මිනිස්සුන්ට ඒවට උත්තර කොහෙන් හරි හොයාගන්න අපිට පුළුවන්……. ඉස්සෙල්ලාම ප්‍රශ්න මොකක්ද කියලා හොයාගෙන හොයාගෙන ඉන්නකො…. අපි ඉන් පස්සේ හෙමින් සීරුවේ උත්තර හොයමු….”
දිලුම් රන්දුලාට තමා කෙතරම් පෙම් කරනවද ඉතා කෙටියෙන් කීවේය. ජීවිතයේ මොන ප්රශ්නය ආවත් ඇගේ අස්වැසිල්ලෙන් පසු ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්නට තමාට ඇති හැකියාව ගැන ඔහු යළිත් ඇයට විස්තර කරේය. රන්දුලා සිනාසෙමින්ම අතිශය ප්‍රහර්ෂණීය හැඟීමක වෙලෙමින් දිලුම්ගේ වර්ණනාව අසා උන්නාය.
ජිනේන්ද්‍ර පැමිණෙන විට සවස හතහමාරද පසුවී තිබිණි. තවත් බියර් වීදුරු දෙකක් ඇණවුම් කල දිලුම් ජිනේන්ද්‍ර දුරට ඉදිරිපස අසුනේ හිඳගන්නට න් කරන අතරේ ඔහුද යළි හිඳ ගත්තේය.
” රෑට කන්නත් ඔහොම මොනවා හරි ඕඩර් කරපන්. මට බඩගිනි…..”
ජිනේන්ද්‍ර පැවසූ පසු දිලුම් කිසිවක් නොවීමසාම රාත්‍රී ආහාරයද ඇනවුම් කළේය.
” දැන් කියහං….. මොකද්ද උඹල දැන් එකතුවෙලා මේ හදන නටන්න හදන නාඩගම?…”
ජිනේන්ද්‍ර දිලුම්ගෙන් විමසුවේ කිසිදු හිතවත්කමක් නැතිවා සේය.
“ඊට කලින් කියලා ඉදහං, ඇයි මන්දාරම් උඹව මේ මගේ අයියා කියලා ඉන්ට්‍රඩියුස් කරේ කියලා…..කොහෙමන් ආව මල්ලී කෙනෙක්ද ඒ ……?”
දිලුම් ජිනේන්ද්‍රගේ හිතවත් නොමැති බව ගණනට ගණනකට නොගෙන ජිනේන්ද්රගෙන් විමසුවේය.
” ඒක මෙතනට අදාල වෙන්න පස්සේ. උඹ ඉස්සෙල්ලා කියපන්කෝ මොකක්ද උඹයි නිම්නාවීයි එකතුවෙලා නටන නාඩගම කියල ?”
“ජිනා … ඒක එහෙම නාඩගමක් නෙවෙයි. උඹ දන්නවනේ මන්දාරම්ගේ අම්මා ඇක්සිඩන්ට් උනේ අක්කා අතින් ….. එදා මොකක් හරි ෂොක් එකකට අක්කා, ඇන්ටිව එතන දාලා ආවට අක්කා ඒ ගැන සෑහෙන්න වොරි වුණා..
ජිනේන්ද්‍ර ගේ මුහුණේ කෝපයත් අවඥා සහගත බවක් තියෙන තියෙන දුටු දිලුම් ඒ වටහාගන්නට නොහැකිව මේ තත්පරයක් නිහඬව බලා උන්නේය. කිසිවක් පවසන්නට ඉස්සර නොවන බව වටහා ගත් පසු ඔහු නැවතත් කතා කළේය.
” අක්කා ඊට පස්සේ සෑහෙන්න වොරි වුණා. ඒ අතරෙදි තමයි මට මන්දාරම් ව අහම්බෙන් හොස්පිටල් එකේ දී හම්බවෙලා කිව්වේ ආන්ටිව බලාගන්න කවුරු හරි හොයන බව…ඒ අතරේ අක්කාත් කල්පනා කරලා මට කිව්වා එයා කැමතියි කොයිම හරි විදියක් හදාගෙන ආන්ටි සනීප වෙනකම් බලාගන්න යන්න කියලා….. මං කළේ ඔය දෙක පූට්ටු කරපු එක විතරයි……
කඩවත හිටපු මගේ යාලුවෙක් වැඩේට සප් එක එක දුන්නා..ඇක්සිජන්ට් එකෙන් පස්සේ හොස්පිට්ල් ඉඳලා ඩිස්චාර්ජ් කරලා ගෙදර එක්කන් ගියපු දවසේ ඉඳන් ඊයේ වෙනකන් අක්කා තමයි ස්වර්ණා ආන්ටිව බලා කියාගන්න වැඩ ඔක්කොම කරේ… උඹ දන්නවනේ එයා එහෙම පුරුදු කෙනෙක් නෙවෙයි … ඒත් එයා එහෙම කලා….
එයා උදේට මෙහෙ ඉඳන් කඩවතට ගිහින් එහෙන් චේන්ජ් කරගෙන, ඊට පස්සේ ආයෙ බස් එකේ නැගලා මන්දාරම්ලාගේ ගෙදර ගිහින්, එහේ අදාල ඔය කියන වැඩ කටයුතු ටික ඔක්කොම කරලා, ඊට පස්සේ ආයෙ මන්දාරම්ගේ ගෙදර ඉඳන් මගේ යාළුවගේ ගෙදර ඇවිල්ලා , ඊට පස්සේ ආයෙ හයිවේ දාලා ගෙදර එන්නේ…ඒක ලේසි කට්ටක් නෙවෙයි බං. මං උනත් අක්කට උදව් කරේ අක්කා ඒකෙන් පට්ට සැනසීමක් ලැබෙනවා මට පේන්න තිබුණු හින්දා….”
ජිනේන්ද්‍ර කිසිදු හැඟීමක් නැති තැනකට මුහුණ තනාගෙන උන්නේය. ඔහු කිසිවක් කීවේත් නැත.
” අක්ක ඊයේ එකපාරටම ඇවිල්ලා කිව්වා, එයාට ස්වර්ණා ආන්ටි බලාගන්න යන වැඩේ තවදුරටත් කරන්න බැහැ .. එයා තවදුරටත් එන්නේ නැහැ කියලා මන්දාරාම්ට කියන්න කියලා…කොච්චරවත් ඇහුවට හේතුවක් කිව්වෙත් නැති නිසා මන්දාරම්ට කතා කරලා ඉස්සෙල්ලා මේ පණිවිඩය කියලා ඊට පස්සේ තමයි ආයෙත් අක්කාත් එක්ක මේක සිද්ධියේ අගමුල කතා කරන්න ගියේ..
……. ඒත් අපේ අක්කා ඒ ගැනවත් කිසිම දෙයක් කිව්වේ නැහැ. අන්තිමේදි මන්දාරම් මට කතා කරලා පොඩි සද්දයක් දාන්න ගත්තා.අක්කා එකපාරම අතුරුදහන් වෙච්ච එක පොලිසියට කියන්න යනවා එහෙම කියලා…ඒකයි මං හවස මන්දාරම්ව හම්බෙන්න ගියේ … ඒ වෙලේ තමයි ඌ කීවේ අක්කගෙන් කැමැත්ත ඇහුවා කියලා. ඒ ඇහුවායින් පස්සේ තමයි අක්කා මෙහෙම අතුරුදහන් වෙන්න තීරණය කරේ කියලා ….”
ජිනේන්ද්‍ර වික්ෂිප්ත වූ බව පෙන්නුවේය. ඉන් පසුව කෝපාග්නිය මිශ්‍ර වූ හඬකින් දිළුම් ඇමතුවේය.
” ඉතින් බං එවෙල කට ඇරලා කියන්න තිබ්බනෙ. ඒකිට බඳින්න කෙනෙක් ඉන්නවා කියලා…”
” අක්කා එතන එවෙලේ හිටියේ නිම්නාවී අලහකෝන් වගේ නෙවෙයිනෙ බං…. පසන් කියන කෝටිපතියා එයාව බඳින්න ඉන්නවා කියලා එයා කොහොමද කියන්නේ..”
” පසන් කියන කෝටිපතියා නෙවෙයි, පසන් කියලා හිඟන්නෙක් හරි තමන්ව බඳින්න ඉන්නවා කියලා කිව්වනම්, මන්දාරම් ඔච්චර බලාපොරොත්තු හදාගන්නේ නැහැනේ. මන්දාරම් , චානක දෙන්නම කියන විද විදිහට හැසිරිලා තියෙන්වා…”
” දැන් උඹ කියන්නේ අක්කා මෙතනදී වැරදියි කියලද ?”
” ඔය සිද්ධියේදි විතරක් නෙවෙයි. හැම සිද්ධියකදීම උඹලා අක්කා තමයි වැරදි…… උඹලයි අක්කම තමයි වැරදියි …”
ජිනේන්ද්‍ර තම අතීතයේ වූ රිදීමක්ද සිහිපත් කරගෙන පවසද්දී දිලුම් නිරුත්තර වූයේය.
” වැඩිය ඕනෑ නෑ උඹලෑ අම්මලට අක්කාගේ ඔය අෆෙයාර් එකේ ලියුම අහු වෙච්ච වෙලාවේ අම්මා අක්කව නිශ්ශබ්ද කරගන්න පාවිච්චි කරපු ට්‍රික් එක මොකක්ද කියලා, හරියට තේරුම් අරගෙන එයාට අම්මගෙන් මිදෙන්න තිබුණා ටිකක් දැනුම් තේරුම් තියෙන වයසට ආවහමවත් ….. අඩුම තරමේ එයා ඒ වෙනුවෙන් සටන් කරන් නැතුව, එයාගේ ජීවිතයට ලොකුම වැරැද්ද කරගත්තා. ඉන් එහාට ඒ වැරැද්දේ පීඩන ඔක්කොම ගියේ එයාගේ වටේටම උන්න මිනිස්සුන්ගෙන්……… හා උඹ නෑ කියනවද?? ”
අපේක්ෂා ගුණරත්න