ඔයත් කසාද බඳින්න යන්නෙ පවුලෙ එකම පිරිමි ලමයවද? සමහර වෙලාවට මෙහෙම අය mama’s boys ලා වෙන්න ගොඩක් ඉඩ තිබුනත් එහෙම නැති අයත් ඉන්නවා. හැබැයි මෙන්න මෙහෙමයි. පවුලෙ එකම පිරිමි ළමය කියන්නෙ අම්මා ඉතින් ඕනවට වඩා ආදරේ දීලා හදපු කෙනෙක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. එහෙම කෙනෙක්ව බැඳලා ප්‍රශ්න දාගන්නෙ නැතුව marriage life එක ලස්සනට ගෙවන්නෙ කොහොමද?
මේ ප්‍රශ්නෙ ගොඩක් වෙලාවට ගොඩක් අයට තියෙන්න පුලුවන්.
“අම්මෝ පවුලෙ එකම පිරිමි ළමයව නම් බඳින්න හිතන්න එපා. දේපල අරවා මේව ඔක්කොම එයාට වුනාට එහෙම පිරිමි ළමයි අම්මගෙ අස්සෙමයි ඉන්නෙ.එයාලාට කසාද බඳින ගෑණිට වඩා වටින්නෙ අම්මව” වගෙ කතන්දර කට්ටිය ඔයාටත් කියලා තියෙනවා වෙන්න පුලුවන්.
ඒ වුණාට ඉතින් පවුලෙ එකම පිරිමි ළමයව කසාද බඳින්න යන පළවෙනි කෙනාවත් අන්තිම කෙනාවත් ඔයා නෙවෙයිනෙ. අන්න ඒ නිසාමයි අපි හිතුවෙ අද ඔයාලා එක්ක මේ Topic එක ගැන කතාවෙන්න. ඇත්තටම පවුලෙ එකම පිරිමි ළමයව කසාද බඳිනවා කියන්නෙ ඔච්චර බයවෙන්න ඕන දෙයක්ද?
1.Marriage Life එක ඇතුලෙ ඔයාට Personal Space එකක් ලැබෙනවද?
කසාදෙ ඇතුලෙ තියෙනම ලොකුම බොරුව තමයි “බැන්දට පස්සෙ අපි දෙන්නම එක්කෙනෙක් වෙනවා” කියන එක. ඒක ඇත්තටම වෙනම ආටිකල් එකක් ලියන්න වටින තරමෙ ටොපික් එකක්. හැබැයි අද මේ ටොපික් එක ඇතුලෙ අපි කියන්න යන්නෙ ඔයාට කසාද බැඳලා ආවට පස්සෙත් ඔයා ආස දෙයක්, විනෝදාංශයක් වෙන්න පුලුවන්, වෙන කෙනෙන්ට නරකක් අවැඩක් නොවෙන දෙයක් කරන්න ඔයාට ඔයාගෙම කියලා Space එකක් හම්බෙනවද කියන එක. මොකද ගොඩක් වෙලාවට මේ පවුලෙ තනි දරුවෙක් එක්ක විවාහ වෙන්න ලැබුණම එයා නිතරම ඔයා එක්කම ඉන්න බලන්න තියෙන ඉඩ වැඩියි. වැඩි සෙනෙත් දබරෙටයි කියල කියන්නෙ කට කහනවට නෙවෙයිනෙ. ඒ නිසා Marriage Life එක ඇතුලෙ ඔයාට තනියම ගමනක් බිමනක් යන්න, යාලුවෙක් හම්බෙන්න යන්න ඉඩක් ලැබෙනවද කියන එක බලන්න.
2. අම්මාගේ Influence එක කොච්චරද?
පවුලෙ තනි ළමයා වුණත් නැතත් විශේෂයෙන්ම මහගෙදරක පදිංචි වෙන්න ගියාම ඕනම අම්මා කෙනෙක් අර අම්මා කෙනෙක්ගෙ ආදරයෙන්, අවුරුදු ගාණක Experience එකෙන් පොඩ්ඩක් විතර ඔයාලා දෙන්නගෙ ජීවිතේට ඇඟිලි ගහන්න එන්න ඉඩක් තියෙනවා. සමහරු නම් “ඔය වයසක මිනිස්සුන්ට තේරෙනවද Personal Space?” කියල හිතන ඉවසන් උන්නට සමහරුන්ට ඉතින් එහෙම බෑනෙ තරහා යනවා. පවුලෙ තනි ළමයව කසාද බඳින්න යද්දි මේ අම්මගෙ Influence එක කොච්චරද කියන එක බලන එක ඉතාම වැදගත් වෙන්නෙ සමහර පොඩි පුතාලා ඉන්නවනෙ “අනේ අම්මි කිව්වොත් විතරයි මං බත් කන්නෙ”වගෙත් කියන. ඉතින් ඒ වගේ Influence එකේ තරම දැනගෙනම කසාදෙකට යන එක වඩා වැදගත්.
මොකෝ කොච්චර තනි ළමයා වුණත් කසාදෙන් පස්සෙ එයා සැමියෙක් කියන එක වගේම ඔය දෙන්නගෙ Family Life එකේ Decisions ගන්න ඕන ඔයාලා දෙන්න කියන එක අමතක කරන්න එපා.
3. ඔයා ගැන හිතන ඉඩක්
ගෑණු ළමෙක් කසාද බැන්දම ආසයි තමන්ගෙ සැමියා තමන් වෙනුවෙන් දේවල් කරනවා බලන්න. ආස දෙයක් ගෙනත් දෙන එක, Surprise කරන එක, චිත්‍රපටයක් බලන්න, එලියට ඇවිදින්න, කන්න බොන්න යන එක වගේ දේවල් කරන එකට.
සමහර වෙලාවට පවුලෙ එකම පිරිමි ළමයා තමන්ගෙ බිරිඳ වෙනුවෙන් මෙහෙම කරන එක ඉවසන්නෙ නැති අම්මලට ඉතාම බැඳිච්ච අම්මලා ඉන්නවා වෙන්නත් පුලුවන්. ඔන්න ඔතනදි තමයි ඔය නෝක්කාඩු, නොහොඳ, හිත් රිදීම් ඇතිවෙන්නෙ. ඉතින් කසාදෙට යන්න කලින් මෙන්න මේවත් බලන්න ඕන කියන එක අමතක කරන්න එපා. ඔයා බලන්නම ඕන දෙයක් තමයි පවුලෙ එකම පිරිමි ළමයා වුණත් එයාගෙ ජීවිතේ, Marriage Life එක ඇතුලෙ ඔයාට ලැබෙන ඉඩ කොච්චරද කියන එක.
ඔයා ආස වෙන්න පුලුවන් එයා වෙනුවෙන් කෑමක් එහෙම උයලා දෙන්න. ඒත් ගෙදර සම්පූර්ණ පාලනය තියෙන්නෙ අම්මා අතේ නම් ඒක පොඩ්ඩක් ප්‍රශ්නයක් නේද?
4.Priorities Balance කරන්න කොල්ලා දන්නවද?
මේක තමයි Importantම දේ. Priorities කියන දේවල් වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා කියන එක අපි අමතක කරන්න නරකයි. සමහර අවස්තා තියෙනවා එයාගෙ 100% Priority එක ඔයාට ලැබිය යුතුම වෙලාවල්. ඒ වගේම තව සමහර වෙලාවල් තියෙන 100% Priority එක අම්මට ලැබෙන්න ඕන වෙලාවල්.
මෙතනදි විශේෂයෙන්ම බලන්න ඕන දෙයක් තමයි ඔයාගෙ වෙන්න ඉන්න සැමියට මෙන්න මේ Priorities Balance කරගන්න පුලුවන්කමක් තියෙනවද කියන එක.
5.ඔයාගෙ Boundaries වලට තැනක් තියෙනවද?
විවාහයකදි වුණත් අපි හැමෝටම Boundaries තියෙනවනෙ. ඒ Boundaries ඔයාට ඒ විදියට Maintain කරගෙන යන්න ඉඩක් ලැබෙනවද කියන එක බලන්නම ඕන. ඒ කියන්නෙ ගොඩක් වෙලාවට පවුලෙ එකම පිරිමි ළමයා වුණාම එයා ගොඩක්ම අම්මට ලැදි කෙනෙක් වෙන්න පුලුවන්. ඒ වගේම හැමදේම කරන්නෙ අම්මා කිව්ව විදියට වෙන්න පුලුවන්.
හැබැයි ඒ ඉස්සර. කසාද බැන්දට පස්සෙ ඔයායි එයයි කියන්නෙ වෙනම පවුලක් නෙ. ඉතින් ඒ පවුල ඇතුලෙ ඔයාලට ඔයාලගෙම කියන ආසාවල්, විනෝදාංශ එක්ක කාගෙවත් අනවශ්‍ය ඇඟිලි ගැහීම් නැතුව ඉස්සරහට යන්න පුලුවන් වෙනවද කියන එක බලන්න අමතක කරන්න එපා.
ඒ Boundaries දෙමව්පියො හන්දා නිතරම වගේ බිඳ ගන්න වෙනවනම් ඒක පසුකාලීනව ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියන එක අමතක කරන්න එපා.
6.අඩුපාඩු කතාකරන්න පුලුවන්ද?
ඔයාට එයාලගෙ ගෙදර, එයාලගෙ දෙමව්පියන්ගෙ අඩුවක් පාඩුවක් වුණත් එයා එක්ක බය නැතුව කතා කරන්න පුලුවන්ද කියන එක බලන්න ඕන. සමහර වෙලාවට අම්මලා තාත්තලගෙ හැසිරීමක් තියෙන්න පුලුවන් ඔයාගෙ මනසට ප්‍රශ්න ඇති කරන. එයාගෙ ගෙදරදි ඒ වගේ දෙයක් එයා එක්ක කතාකරන්න ඔයාට Marriage Life එක ඇතුලෙ නිදහසක් තියෙනවද?
එහෙම නැත්තම් ඔයා ඕක කිව්වට පස්සෙ කොල්ලා කරන්නෙ ඒක ගිහින් අම්මගේ කනේ තියල රට ගිනි තියන එකද කියන එකත් බලන්නම ඕන බව අමතක කරන්න එපා.
7.තීරණ ගන්න නිදහස
එයා කියන්නෙ නිදහසේ තීරණ ගන්න පුලුවන් කෙනෙක්ද? එහෙම නැත්තම් “අම්මෙ මං දැන් ටොයිලට් එකට යන්නද?” වගේ දේවල් පවා අම්මගෙන් අහලා කරන්න ඕන ජාතියෙ පුතෙක්ද? ඔයාලා ස්වප්නා කතාව බලලා තියෙනම් මතක් වෙන්න ඕන පැණි වලලු හදන සුරාජ් අයියා අම්මගෙන් අහන්නෙ නැතුව එයා බඳින්න උන්නු කෙල්ලට තෑග්ගක් ගත්තා කියලා අම්ම නටපු නාඩගම.
ඒ වගේ අම්මල ඇත්ත ජීවිතෙත් ඉන්නවා කියන එක අමතක කරන්න එපා. ඒ නිසා එයාට වගේම ඔයාට බය නැතුව තීරණයක් ගන්න පුලුවන්ද කියන එක අමතක කරන්න එපා.
8.මෙන්න මේක ඔලුවෙන් අයින් කරගන්න
මේ හැම පොයින්ට් එකක් අස්සෙම ඔය ඔලුවෙන් අයින් කරගන්නම ඕන දෙයක් තියෙනවා. ඒ තමයි “අම්මගෙ එකම පුතා කියන්නෙ කවදාවත් කසාද බඳින්න හොඳ කෙනෙක් නෙවෙයි. එයාලා කවදාවත් තමන්ගෙ කසාද බිරිඳට තැනක් දෙන කෙනෙක් නෙවෙයි” කියන එක.
මේක හැමතිස්සෙම එහෙම වෙන්නෙ නෑ. සමහර වෙලාවට පවුලෙ තව ළමයි දහයක් හිටියත් අම්මා කියන දේ විතරක්ම අහන සුවච කීකරු පුත්‍රයන් වගේම දූවරු ඉන්නවා කියන එකත් අමතක කරන්න බෑ.
මනුස්සයා කොච්චර කොන්ද පණ තියෙන කෙනෙක්ද කියන එක තමයි වඩා වැදගත්. ඒ වගේම “බැන්දට පස්සෙ කවුරුවත් හදාගන්න බෑ, මොකද එහෙම හදාගන්න ඔයා කසාද බඳින්නෙ බබෙක් නෙවෙයි” කියන එක අමතක කරන්න එපා.
ඒ නිසා ගන්න තීරණයක් හරියට, හොඳට හිතල බලලා අරගෙන කසාද ජීවිතේ ඔය දෙන්න ආස විදියට සන්තෝසෙන් ගෙවන්න පුලුවන් හැම උත්සහයම දරන්න!
ReplyForwardAdd reaction |