රන් මල් දම් – 50

මන්දාරම් කාර්‍යාලයට යෑම වරුවකින් පසු කලේ ජිනේන්ද්‍ර උදෑසනම පැමිණ තිබූ නිසාය. චානකටද පන්ති සඳහා වේලාව වූයේ සවස් වරුවේ නිසා ඔහු උන්නේද නිවසේය.

” මං නම් කියන්නේ උඹ කෝකටත් උදේ ඔෆිස් ගිහින් එන එක හොඳයි ..  මෙහෙම සිද්දියක් වෙලා කියලා උඹ  ජී එම් ට කියපං .. මෙතන පැහැදිලිවම පේනවා උඹ හරහා ටාර්ගට් වුනේ කම්පැනි එක බව …”

චානක එලෙස පවසද්දී ජිනේන්ද්‍රද කතාව අසා උන්නේය. පසුව චානක ඉතා කෙටියෙන් ජිනේන්ද්‍රට සිදුවීම පැහැදිලි කලේය.

” අර මෙහෙ නැන්දාව බලාගන්න ආව කෙල්ල අලහකෝන් ගෲප්ස් වල දුවලු බං .. ඊයේ අර අපි වෝටර්ස් එජ් එකේ පාර්ටි එකකට ගියානේ .. ඒ ගිහින් බලනකොට එතන ඉන්නවා කෙල්ල අර පසන් රණවීර කියන හාදයා එක්ක … උඹ දන්නවනේ පසන් කියන්නේ  ජේ කේ ගෲප්ස් වල …”

ජිනේන්ද්‍ර හිස සැලුවේය.

” නැන්දාව ඇක්සිඩන්ට් කල තැන ඉඳන් උන් මොකක් හරි ගේම් එකක් ප්ලේ කරා බං .. දැන් නැන්දාගේ ඇක්සිඩන්ට් එකේ ඉඳන් ඔක්කොම මුල ඉඳන් ආයෙම අදින්න ඕනි ….  අර  දොස්තරයා ඔක්කොටම එහා.. ඌ යකෝ කොලු ෆිට් එකෙ ඉඳගෙන නේ ඔක්කොම කලේ .. පෙරේදාත් ඇවිල්ලා මට ටෝක් කරලා ගියේ…”

චානකගේ හඬ කෝපයක් දක්වා පැමිනෙමින් තිබුණි. ජිනේන්ද්‍ර මන්දාරම් මුණ ගැසීමට පැමිණියේ දෙගිඩියාවක් සමඟය. ඔහුගේ මව තම මවය. ඇය මේ වේදනා විදින්නේ නිම්නාවී නිසාය. එනිසාවෙන් නිම්නාවී පිළිබඳව මන්දාරම්ට හෙළිදරවු කිරීම හෝ තමා කල යුතු වග ඔහු සිතමින් උන්නේය. එහෙත් ඒ හැම සිතුවිල්ලක් පසුපසම දිලුම්ගේ මිත්‍රත්වය මතුවී ඔහු ආපස්සට ඇද්දේය. ජිනේන්ද්‍ර  තීරණයක් ගත්තේය. ආරක්ෂිත කැමරා දර්ශන සහිතව වූ තම ජංගම දුරකතන ෆෝල්ඩරය විවෘ ත කලේය. සිත වෙනස් වෙන්නට කිසිඳු ඉඩක් නොදී අදාල වීඩියෝව  තෝරා එය චානක වෙත පෑවේ කිසිවක් නොපවසමිනි.

චානක ජිනේන්ද්‍රගෙන් එය කුමක්දැයි විමසමින්ම ජංගම දුරකතනය තමා අතට ගත්තේ එතෙක් කියවමින් උන් කතාව මදකට නවතා දමාය. මන්දාරම්ද යම් උනන්දුවකින් ඒ දෙස බලා උන්නේය. එහෙත් ඔහු ඒ කුමක්දැයි බලන්නට අසුනෙන් නැගිට ආවේ නැත.

චානක විනාඩි තුනක් පුරා  දිග හැරුණු වීඩියෝව නරඹා අවසන් කලේ මහ හඬින් කෑ ගසාගෙනය. මන්දාරම් වහා නැගිට ඔහු වෙත ආවේය. ජිනේන්ද්‍ර උපේක්ෂාවෙන් බලා උන්නේය.

” මොකෝ බං … අර අම්මත් බලනවා ඇති..”

මන්දාරම්  සැනින්  ජංගම දුරකතන ඔහු අතට ගත්තේය.

” කොහෙන්ද අයියේ මේ ?… මේ …”

මන්දාරම් යළි වීඩියෝව වාදනය කරන අතරේ ඇසුවේය. ජිනේන්ද්‍ර ඒ එම වීඩියෝව බව පවසමින් හිස සැලුවේය.

” කොහෙන්ද කියහං .. මේකේ නම්බර් ප්ලේට්ස් පේනවා… එල … මං හොයාගන්නම් කාර් එක කාගෙද කියලා…”

චානක යළි වීඩියෝව වෙත එබෙමින් කීවේය. එහෙත් ජිනේන්ද්‍ර ඉස්සර විය.

” හොයන්න දෙයක් නෑ .. කාර් එක නිම්නාවීගේ ….”

ඉන් පසුව එලැඹුණේ ඉදිකටුවක් වුවද  බිම වැටුණාම ඇහෙනවායැයි කතාවට කියන ආකාරයේ නිශ්ෂබ්දතාවයකි. චානක  එහෙමම අසුනට වැටුණේය. මන්දාරම් යළි ජංගම දුරකතනය දෙස බැලුවේය.

දෛවය තමන් සියලු දෙනාම එකම ලක්ෂයක් වටා කරකවන අපූරුව…,

” නිම්නාවීගේ අතින් උඹේ අම්මව හැප්පිලා තිබ්බේ.. ඒකි බයවෙලා එහෙමම ගෙදර ගිහින්, දිලුම්ට කියලා.. දිලුම් ඒ ගමන්ම එතනට ආවත් ඒ වෙද්දි අම්මව  හොස්පිටල් ගෙනිහින් .. දිලුම් අවුරුදු ගානක ඉඳන් මගේ යාලුවා.. ඌ එවෙලෙම කතා කරලා  මට සිද්දිය කියලා, සීසීටීවී ෆුටේජස් උඹලෑ අතට යන්න දෙන්න එපා කිව්වා.. එවෙලේ මට දිලුම් වෙනුවෙන් ඒක කරන්න වුණා… නිම්නාවි වෙනුවෙන් නෙවෙයි … උඹ වතාව දෙවතාව ආවත් මම කිසිම දෙයක් නොදී , නොපෙන්වා උන්නේ දිලුම් නිසා…..

නිම්නාවී අම්මා බලාගන්න මෙහෙ එන බව මම දන්නේ එදා දිලුම් මෙහෙ ආව වෙලේ…”

සිය කතාව පුරාවටම ජිනේන්ද්‍ර අම්මා යැයි කීවේ හදවත බර කරගනිමිනි. ඒ මන්දාරම්ගේ අම්මා මිස ලෝකයට පෙනෙන පරිදි තම අම්මා නොවේයැයි සිතමිනි.

” එදා රෑ දිලුම් මට කීව විදියට, ඇක්සිඩන්ට් එකෙන් පස්සේ නිම්නාවී සෑහෙන වොරි වෙන්න අරගෙන එයා අතින් වුන දේ ගැන … එයාම තමයි කියලා තියෙන්නේ අම්මව බලාගන්න විදියක් තියෙනවා නම් යන්න ඕනි කියලා… පස්සේ දිලුම් උඹට ප්ලග් වෙලා වැඩේ සෙට් කරාට ….. “

තිදෙනා අතර යළි නිහඬතාවය විය. මන්දාරම්ගේ එක් අතක ජංගම දුරකතනය විය. අනෙක් අත වූයේ මිට මෙලවීගෙනය. චානක එය දුටුවේය. එහෙත් ඔහු කිසිවක් පැවසූයේ නැත. මෙවෙලෙහි මන්දාරම්ට නැගෙන කෝපය කොහෙන්ම හෝ පිට විය යුතුය,

” එදා උඹලා දෙන්නා මොකක් හරි මූඩ් එකක උන්න බව මට හිතුනා.. දිලුමා ගැන කොහොම වුනත්, මට එවෙලේ උඹ පස්සේ එලවන්න හිතුනේ නෑ අයියේ …”

චානක කීවේය. ජිනේන්ද්‍ර හිස සැලුවේය

” මං දැක්කා උබට වැඩේ මාට්ටු බව… දිලුම් හිටියෙත් කන්ෆියුස් වෙලා …”

” එතකොට පසන් ..?…”

මන්දාරම් එක්වරම විමසුවේය. චානක ජිනේන්ද්‍ර දෙස බැලුවේය.

” ඒක ප්‍රපෝසල් එකක් … දිලුම් කියන විදියට ෆැමිලි දෙකේ මහ උන්ගේ උවමනාවට වෙන දෙයක් … ඒත් නිම්නාවිත් ඒකට අකමැති බවක් මට නම් පෙනිලා නෑ… අකමැති නම් ඒකිට දැන්  වුනත් ඕනි තරම් ඉඩ තියෙනවා කඩාගෙන එන්න …”

ජිනේන්ද්‍ර නිම්නාවී පිළිබඳව ඇගේ සිතෙහි වූ කෝපයද සමඟින්ම දෙවරක් නොසිතාම එලෙස කියා දැම්මේය. මන්දාරම්ගේ කම්මුල් ඇකිලි යනු දුටුවෙ චානක පමණි. ඔහු යම් බලාපොරොත්තුවක් ගොඩ නඟා ගන්නට ඇත.

” ඒ කියන්නේ, නිම්නාවී මෙහෙට ප්ලග් වීම පස්සේ බිස්නස් සීන් නෑ?..”

චානක විමසුවේය.

” නැ.. කොටින්ම උන් පසන්ට කියලා තිබ්බේත්, නිම්නාවී පොඩි බිස්නස් එකක් කරන්න කඩවත දිලුම්ගේ යාලුවෙක්ගේ ගෙදර යන බව…. ඒක තනිකරම නිම්නාවීගේ හිත සැහැල්ලු කරගන්න කරපු අහිංසක වැඩක් …”

ජිනේන්ද්‍ර යලි සිදුවීමේ බර අඩු කරන්නට උත්සාහ කරමින් කීවේය.

” අහිංසක වැඩක් නෙවෙයි අයියේ .. ඒක කට්ට කෛරාටික වැඩක් …. අම්මාව හප්පලා පාරේ දාලා ගිහින්, බොරු කන්දක් එක්ක මේ ගෙදරට රිංගලා අපේ ජීවිත වනසලා දාලා යන්න කරපු කෛරාටික සැලැස්මක් …”

මන්දාරම් කෝපයෙන් කෑ ගැසුවේය.

” සුදු පුතා ?… කවුද ආවේ ?… සුදු පුතා ….”

ස්වර්ණා නිම්නාවී පිළිබඳව යම් කාරණා චානකගෙන් දැනගෙන උන්නද, ඇය රැවටිලිකාරියකැයි සිතන්නට තරම් හදිසි වූයේ නැත.  කිසිවෙකු පැමීන චානක සහ මන්දාරම් සමඟ යම් කතාබහක යෙදී සිටින බව ඇසුණත්, ඇයට කිසිවක් වැටහුනේ නැත.

චානක මන්දාරම් වෙත තරවටු කෝපය මිශ්‍ර බැල්මක් හෙලා ස්වර්නා වෙත ඇවිද ගියේය. මන්දාරම් ජිනේන්ද්‍ර ඉදිරියෙන් හිඳ ගත්තේය.

”  නිම්නාවී මේ මන්දාරම් ගැන දන්නේ නැතුව ඔච්චර හරියක් කරන්න ඇත්තේ අයියේ .. දැන් පෙන්වන්නම් මම …”
 ජිනේන්ද්‍ර මන්දාරම් අස්වසාලන්නට උත්සාහ කලත්, මන්දාරම් උන්නේ ඔහුට සවන් දෙන්නට සූදානමින් නොවේය.

මුලාව,  තම ජීවිතයේ වැදගත් ඉඩ සදන සියල්ලන්ම මුලාවම ඉස්සර කරගන්නේ කිමද ?,

මන්දාරම් කුඩු පට්ටම්ව යමින් තිබුණි 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles