ඔබේ දෙනෙත වර්ණවත් කරන Eyeshadow මිලදී ගන්න පෙර මේ දේවල් දැනගන්න

දෙනෙතට අලංකාරයක් ලබාදෙන මේකප් අතරින් ප්‍රධානතම තැනක් හිමිවන්නේ eyeshadows වලටයි. නා නා මාදලියේ eyeshadows වෙළඳපලේ දක්නට ඇති නිසා eyeshadows මිලදීගන්නට ගියවිට බොහෝදෙනාට කුමක් මිලදී ගතයුතුද යන ගැටලුව මතුවෙනවා. ඒ නිසා මේ අත්වැල, වෙළදපලේ ඇති අසීමිත eyeshadow වර්ග අතුරින් ඔබට ගැලපෙනම eyeshadow වර්ගය තෝරා ගැනීමටයි.

පවුඩර් (Powder) Eyeshadow

මූලිකම eye shadow වර්ගයයි. බොහෝ විට මේකප් සෙට්වල දක්නට ලැබෙන්නේ මෙම වර්ගයයි. වර්ණ කිහිපයක් මිශ්‍රකිරීමෙන් වැඩි සුන්දරත්වයක් ලබාගත හැක. මෙය ආලේප කිරීමට ඉතාමත් පහසු අතර තනි වර්ණයේ සිට වර්ණ 200කට වැඩි eyeshadow boxes වෙළඳපලේ මිලදීගත හැක. ආලේපකිරීමට බුරුසුවක් භාවිතාකිරීම උචිතවන අතර බුරුසුවක් නොමැතිවිටකදී, වෙඳැඟිල්ල හෝ සුළැඟිල්ල භාවිතාකර ආලේපකරන්න. Matte සිට දිලිසෙන ප්‍රෙභ්ද දක්වා වෙළඳපලේ දැකගතහැක.

ක්‍රීම් Cream Eyeshadow

තරමක් මිලෙන් අධික මෙම වර්ගය දිගු වේලාවක් ආලේපකර තබාගත හැකියි. පවුඩර් Eyeshadowවලට වඩා පිරුණු පෙනුමක් ලබාදෙයි. මුලදී භාවිතය අපහසු යැයි සිතුනත් අතහුරුවූ පසු ඉතාමත් පහසුවෙන් ආලේපකල හැකිය.  Matte සිට demi-pearl finishes දක්වා විශේෂයන් ක්‍රීම් Eyeshadow අතුරින් ලබාගත හැක. වර්ණ දෙකක් මිශ්‍ර (blend) කිරීමෙන් වැඩි අලංකාරත්වයක් ළඟාකරගත හැක. මෙය මනාලියන් සඳහා ඉතාමත් කදිමයි.

Liquid eyeshadow/ Eyeshadow Paint

මෙය මස්කාරා වැනි බඳුනක ඇති අතර ආලේපන බුරුසුවක් ද එහිම රඳවා ඇත. එහා මෙහා ගෙනයාමට පහසු අතර අතහුරු නැතිනම් භාවිතය අපහසුයි.

Sticks සහ Crayon Eyeshadow

මෙම eyeshadow වර්ග පැන්සල් හෝ පැස්ටල් ලෙස ඇති නිසා භාවිතයට ඉතා පහසුයි. Eyeliner සහeye highlighter ලෙසත් මේවා භාවිතා කලහැකියි. බුරුසුවක් අවශ්‍ය නොවන අතර භාවිතය සහ එහා මෙහා ගෙනයාමටද ඉතාමත්ම පහසුයි.

ලූස් පවුඩර් (Loose Powder) Eyeshadow

මෙම වර්ගය දිගු වේලාවක් පවත්වාගන්නට හැකියි. අතහුරු නොවන අයෙකුට භාවිතය තරමක් අපහසුවිය හැකියි. විශේෂ බුරුසුවක් මේ සඳහා අවශයවේ. Glitter වර්ණ සඳහා ප්‍රමවේ. රාත්‍රී උත්සවයක් සඳහා කදිමයි. Eyeshadow base එකක් භාවිතාකිරීමෙන් මෙය තවත් ලස්සනට දිගුවේලාවක් පවත්වාගත හැකියි.

Eyeshadows ප්‍රෙභ්දයන්ගේ මිල තීරණයවනුයේ brandඑක මතයි. ඒ වගේම ඒවා ඔබේ සමට ගැලපෙනවාද යන්නත් සැලකිල්ලට ගත යුතුයි. මේ දේවල් වගේම ඔබේ භාවිතයට පහසුදැයි බලා ලස්සන eyeshadows තෝරා ගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles