“ඇඳුමත් මට ටිකක් හරි මදි” ඔයාටත් මෙහෙම හිතුණද?

අලුත් අවුරුද්දක් කියන්නෙ ඉතින් ගිය අවුරුද්දෙ මොන පිස්සුව නටපු මනුස්සයෙක් වුණත් “මං මේ අවුරුද්ද නම් පහුගිය අවුරුද්දට වඩා හොඳ එකක් කරගන්නවා” කියල හිතන තැනක් නේ.

පහුගිය කාලෙ ඇඳපු ඇඳුම් ඔයාලට “හරි මදි” කියලා හිතෙනවද?

New Year – New Me වගේ ඒව ඉතින් කට්ටිය එක එක දේවල් වෙනස් කරගන්නවනෙ. ඉතින් ඔන්න ඔයාගෙ New Year Resolution වල අඳින පලඳින විදිය වෙනස් කරගන්නෙ තිබ්බත් නැතත් අපි අද Smart lady ඔස්සේ අරගෙන එන මේ “2025 ට අලුත් විදියට අඳින පලඳින විදිය” ගැන කියන ආටිකල් එක කියෙව්වයින් පස්සෙ නම් ඔයා Fashion Sense එක වෙනස් කරගන්නවා කියන එකනම් හොඳටම ශුවර්.

Soft Power Dressing

Soft Power Dressing කියලා කියන්නෙ මොකද්ද?

ඉස්සර කාලෙ නම් ගොඩක් වෙලාවට Office Attire කියලා කිව්වම අපිට මතක් වෙන්නෙ මාරම Formal ඇඳුම් පැලඳුම් නෙ. ලෝකෙ අනිත් රටවල් වල කෝට් බෝට් දාගෙන නොගියට ඉතින් ඔය ගවුම් එහෙම ඇඳල, කලිසම්, බ්ලව්ස් ඇඳල යන ඔෆිස් සම්ප්‍රදාය ලංකාවෙ ගත්තම වුණත් අපේ එක විදියක Formal විදියක් තිබ්බනෙ.

මේ Soft Power Dressing කියන්නෙ ඒකෙම updated version එකක්. මෙතනදි වෙන්නෙ traditional structured office attire සහ ගොඩක් relaxed, feminine elements එකතුවෙච්ච fashion style එකක්. ඉතින් මේ 2025 අවුරුද්දෙ ඔයාට පුලුවන් ඔයාගෙ Office Wear ටිකත් මේ විදියෙ Soft Power Dressing වලට මාරු කරගන්න පුලුවන්.

Old Money Trend

Old Money Look කියන්නෙ ලංකාවෙ Fashion Brands අතරෙ 2024 අවුරුද්දෙ අන්තිම කාලෙ ගොඩක් trend වුන fashion sense එකක් තමයි මේ Old Money Collection කියන්නෙ.

අවුරුදු ගාණක් තිස්සෙ, විශේෂයෙන්ම යුරෝපියන් රටවල මේ Old Money Look එක කියන දේ පැවතීගෙන ආවා. ලංකාවට මේ Fashion Trend එක ආවේ මැත කාලීනව වුනාට Old Money වලට සෑහෙන දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.

Old Money කියන්නෙ Oxford Dictionary එකට අනුව “wealth that has been inherited rather than earned.” හැබැයි ඉතින් දැන් මේ වගේ ඇඳුම් පහසුවෙන් හොයාගන්න පුලුවන්කම තියෙන හන්දා ඔයාට වුණත් පුලුවන් 2025 අවුරුද්දෙදි ඔයාගෙ පෙනුම පොඩ්ඩක් Classy කරගන්න පුලුවන්.

Boho 2.0

Boho Chic කියන්නෙත් ගොඩක් අය අතරෙ ජනප්‍රිය වෙච්ච Fashion Trend එකක් වගේම පහුගිය අවුරුද්දෙ ඉඳලා මේ අවුරුද්දට අරගෙන එන්න පුලුවන් හොඳ Fashion Trend එකක්.

2025 අවුරුද්දෙ boho chic වලට ආයෙම අලුත් polished comeback එකක් ලැබුනා කියලා තමයි කියන්නෙ. ගිය අවුරුද්දෙ ආව rugged vintage vibe එකෙන් වෙනස් වෙලා තමයි මේ අවුරුද්දෙදි Boho 2.0 එක release වෙන්නෙ.

ඉතින් ඔන්න ඔයාලටත් පුලුවන් 2025 අවුරුද්දෙ ඔයා එලියට යද්දි, යාලුවො හම්බුවෙන්න එහෙම යද්දි මේ අලුත්වෙච්ච Boho 2.0  Fashion Sense එකේ ඇඳුමක් දෙකක් ඔයාගෙ ඇඳුම් අල්මාරියටත් එක්කහු කරගන්න.

Meaningful Minimalism

Minimalism කියන්නෙ මැත කාලීනව ගොඩක්, විශේෂයෙන්ම කාන්තාවන් අතරෙ ප්‍රසිද්ධ වෙච්ච Fashion Trend එකක්. ඉතින් 2025 අවුරුද්දෙ උනත් මේ Minimalism කියන Fashion Trend එකෙන් සැරසෙන්න බැරිකමක් ඔයාලට නෑ.

මේ Minimalism කියන Trend එක quiet luxury, clean girl aesthetic කියන එක එක්ක සම්බන්ධ වෙනවා කියලා. මේක ගොඩක්ම ලා පාට, monotonous පාට එක්ක මුසු වෙච්ච fashion style එකක්.ගොඩක් අය හිතනවා මේ විදියෙ style එකකින් සැරසෙන එකෙන් තමන්ට වැදගත්, හරිම elegant, classy look එකක් ලැබෙනවා කියලා.

ඉතින් ලස්සනට match කරලා ඇන්දොත් office වලට වගේම, trip එකක් යද්දි උනත්, event එකකට වගේ යද්දි උනත් මේ minimalism කියන දෙයින් සැරසිලා අනිත් අය අතරෙ විශේෂයෙන්ම කැපී පෙනෙන්න හදාගන්න පුලුවන්.

Denim

Denim කියන්නෙ කවදාවත් out of style ගිය fashion එකක් නෙවෙයිනෙ. ඉතින් 2025 දි වුණත් Denim කියන්නෙ බය නැතුව try කරන්න පුලුවන් Fashion එකක්. ඉස්සර ගොඩක් වෙලාවට denim කියන්නෙ ඔය ට්‍රිප් යන්න එහෙම ඇන්ද දෙයක් වුනාට අද කාලෙ වෙනස් නෙ.

Office වලට වුණත් ලස්සනට Denim Match කරලා අඳින්න පුලුවන්කම තියෙනව වගේම දැන් ඉන්න ලස්සන කෙල්ලො එහෙමත් අඳිනවා.

ඉතින් හරි top එක, හෑන්ඩ් බෑග් එක, සපත්තු එක්ක එහෙම මික්ස් කරලා denims වුණත් office යන්න අඳින්න පුලුවන් කම තියෙනවා.

ඉතින් මේ අපි කිව්ව දේවල් වලට අමතරව ඔයාලා 2025 අවුරුද්දෙ අඳින්න හිතාගෙන ඉන්න විදිය අපි එක්කත් බෙදාගන්න අමතක කරන්න එපා.

ඒ වගේම තමයි ලස්සන ඇඳුම් ගන්න ඕන තරම් ලංකාවෙ කඩවල් තියෙනවා. විශේෂයෙන් ඒ කඩවල්වල online කඩවලුත් තියෙන නිසා ඇඳුම් ගන්න අමාරුකමක් නෑ.

ඉතින් ලාබෙට ගොඩක් ඇඳුම් අරගන්නවට වඩා ටිකක් වියදම් කරලා එක ලස්සන, තමන්ට ගැලපෙන ඇඳුමක් දෙකක් ගන්න මේ අලුත් අවුරුද්දෙදි අමතක කරන්න එපා!

Related Articles

Don't Miss


Latest Articles