” නිම්නාවී මෙහෙ ඇවිල්ලා අම්මාව බලා කියාගත්තා කියන එක කොහේවත් කියන්නෙපා මල්ලී …. උන් ඒකිව මරාවි ….”
ජිනේන්ද්‍රගේ හඬ යළි සිහි කරගනිමින් මන්දාරම් මොහොතක් නිහඬව උන්නේය.
” සල්ලි වලින් හැමදේම වැහෙන්නේ නැහැ කියලා දන්නවා පුතා …. ඔයාගේ අම්මට වුන දේ වැරදියි, එතනදී මගේ දුව කරපු දේත් වැරදියි … මගේ දරුවාව මෙතනදී හිර කරන්න එපා පුතා …”
එහෙත් මන්දාරම් වෙනස් වූයේ නැත. ඔහු නොසැලි උන්නේය. යකඩ බවට පත්වූ පසු යළි බිඳ හෙලීම පහසු නැත.
නිම්නාවීට ඇප ලබා දෙන්නට සිදුවූයේ පසුදිනය. ඕ රැයක් රක්ෂිත බන්ධනාගාර ගතව උන්නාය. ඩයස් අලහකෝන්ට කිසිවක් කරගන්නට හැකි වූයේ නැත. එදින රැයේ සිදුවීම දැනගත් පසන් නිම්නාවීට සහ දිලුම්ට බැණ වදිමින් ඇයව රැයේදීම නිදහස් කරවා ගැනීමට ගත් උත්සාහයන්ද අසාර්තක විය.
” මම දැනගෙන හිටියේ මල්ලියි , අක්කයි එකතු වෙලා මොකක් හරි නාඩගමක් නටන බව…. අල්ලගන්නම්කෝ මම .. මගේ ගෑණි මට ඕනි විදියට හදාගන්න වෙන්නේ නැත්තේ ඔය හිඟන දොස්තරයා හින්දා ආන්ටි .. මං කිව්වා කියලා අංකල් ආවම අංකල්ටත් කියන්න .. මේ පාර නම් මම ඕකාට හොඳ පාඩමක් උගන්නවා…”
දිලුම් සහ ඩයස් අලහකෝන්, නිම්නාවි සමඟ පොලිස් ස්තානයේ උන් නිසාවෙන් රාජිකා අලහකෝන් සමඟ නිවසට වී සියල්ලන්ටම බැණ වැදීමට පසන්ට ඕනෑ තරම් කල් වේලා තිබුණි. ඔහුට බාධා කරන්නටද කිසිවෙක් වූයේ නැත.
” පසන් රණවීරගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඇක්සිඩන්ට් එකකට ඇරෙස්ට් කරලා කියලා දැනටම නිව්ස් එක ගිහිල්ලා … ශිට් .. එක්කෝ මට මේක සිද්දිය වුන වෙලාවෙම කියන්න එපැයි ආන්ටි .. ඔය මොකා වුනත් නවන ක්‍රමේ මම දන්නවා…”
පසන්ගේ පුරාජේරුවද අඩුවක් වූයේ නැත.
නිම්නාවී නිවසට පැමින කාමරය තුලට ඇතුලුව සයනයේ පෙරලුණාය.
” දරුවාට පාඩුවේ ඉන්න දීලා, ඔයාගේ වැඩක් බලාගන්න රාජිකා …”
නිම්නාවිගේ කාමරය තුළට යන්නට සූදානම් වූ රාජිකා අලහකෝන්, ඩයස් අලහකෝන්ගේ හඬින් නැවතුණාය. ආපසු හැරී ඔහු දෙස බැලුවාය. පසන්ද උන්නේ ඩයස්ගේ හඬ වටහා ගන්නට නොහැකිවය.
” පසන් පුතාත් දැන් ගෙදර යන්න .. මෙවෙලේ නිම්නාවීට ටිකක් රිලැක්ස් එකේ ඉන්න ඕනි …”
ඒ හුස්මෙන්ම ඩයස් පසන් වෙතද හැරී කීවේය. දිලුම් පසන් වෙත හෙලුවේ ඔහු දන්නා සරදම්ම බැල්මය. පසන් ඒ ස්වරය සහ බැල්ම වටහා ගන්නට නොහැකිව රාජිකා දෙස බැලුවේය.
” පසන් පුතාට යන්න කියන්නේ ඇයි ?.. පුතා හිටියේ නිම්නාවී ආවම එයාව හබරන එක්කගෙන යන්න ..පුතා බුකින් එකකුත් දැම්මා.. නිම්නාවීට රිලැක්ස් වෙන්නත් එක්ක ඒක හොඳයි… අනෙක මේ දෙන්නා දැන් ටිකක් ක්ලෝස් වෙන්න ඕනි …”
” දාගත්ත බුකින් එක කැන්සල් කරගන්න බැරි නම් පසන් පුතාට, දිලුම් ..කලුපහන අංකල්ට කතා කරලා පසන් අයියාට ඒ බිල් එක සෙට්ල් කරන්න කියන්න … නිම්නාවී කොහෙවත් යන්නේ නෑ …”
ඩයස් උස් හඬින් එසේ පවසා නිම්නාවීගේ කාමරය වෙත ඇවිද ගියේය.
” මොකද්ද ඩයස් ඒ කතාව ?…”
” ඒ කතාව මම පස්සේ කියන්නම් ඔයාට … දැනට මේ ටික මතක තියාගත්තම ඇති … නිම්නාවී අද කොහෙවත් යන්නේ නෑ … එච්චරයි …”
” එහෙම කොහොමද කියන්නේ අංකල් .. මම නිම්නාවීව මැරි කරන්න ඉන්නේ … ඉතින් මටත් එයාගේ දේවල් ගැන බලන්න කියන්න අයිතියක් තියෙනවා.. විශේෂයෙන්ම මෙහෙම වෙලාවක .”
පසන්ද නැගී සිටියේය. ඩයස් ඔහු ඉදිරියෙන් නැගී උන්නේය.
” වෙන්න ඇති පුතා .. ඒත් නිම්නාවී පුතාව බඳින සූදානමක ඉඳලා නෑ… කතා බහ කරාට, ඇවිදින්න ගියාට බඳින්න පොරොන්දුවක් දුන්නේ නෑනේ නිම්නාවී ?….”
ඩයස් එලෙස විමසද්දී, රාජිකා ඩයස් උමතුව ඇතිදැයි සිතමින් ඔහු වෙත ඇවිද ගියාය. පසන් වහා අඩියක් ඉදිරියට ආවේය.
” මොකද්ද අංකල් ඒ කියන කතාව…?”
” මේ ඒවා කතා කරන්න වෙලාවක් නෙවෙයි පුතා … මෙවෙලේ නිම්නාවීට ටිකක් රිලැක්ස් වෙලා ඉන්න ඕනි …. ඒ දේවල් මම හෙට , අනිද්දාට ඇවිල්ලා කතා කරන්නම් …”
” ආයේ කතා කරන්න දෙයක් නෑ අංකල් … හොඳින් නැත්නම් නරකින් මම නිම්නාවීව බඳිනවා…”
පසන් ඇඟිල්ල උරුක් කර ඩයස් අලහකෝන්ට තර්ජනය කලේය. නිම්නාවී සමඟ විවාහ වීමේ අවශ්‍යතාවයක් නැතත්, ඇය සමඟ සති දෙක තුනක් ගෙවා දැමීමේ ආශාව ඉකුත් ව යන්නට ඉඩ දෙන්නට පසන්ට සිතක් වූයේ නැත. ඒ ආශාව ඉතා තීවෘ ලෙසින් දැනෙන්න ගත්තේ පසුගිය සාදය තිබූ රැයේය.
” එහෙම නම් මේකත් මතක තියාගන්න පුතා … හොඳින්වත්, නරකින්වත් පුතාට නිම්නාවීව බඳින්න වෙන්නේ නෑ.. එහෙම කරනවා නම් ඒ මේ ඩයස් අලහකෝන්ගේ මිනියට උඩින් … තේරුනානේ’?… දැන් කරුණාකරලා මෙහෙන් යන්න .. ආයේ අවශ්‍ය දෙයක් නැත්නම් මෙහෙ නාවට කමක් නෑ… එන්න අවශ්‍ය නම්, මට කෝල් එකක් දීලා කතා කරලා එන්න …”
ඩයස් අලහකෝන්ගේ හඬ ඉතා පැහැදිලි බව වැටහෙද්දී රාජිකා සේම පසන්ද යම් පසුබෑමකට ලක් වූහ. දිලුම් අවසානයේ තම පියා පිළිබඳව දැනෙන ආඩම්බරකාර හැඟීම එක්ක ළය පුරවාගත්තේය.
” එව්වා නම් ලේසි වෙන්නෙ නෑ ..”
පසන් නික්මුණේ දිලුම්ට එලෙස පවසමිනි.
මන්දාරම් උන්නේ නිවාඩු අයදුම් කර නිවසට වීය. නිම්නාවීට එරෙහිව පැමිණිළි කලා වුව සිත බලාපොරොත්තු වූ සැනසීම නැති බව දැනේ. චානකද උන්නේ නිවසින් බැහැරව ගොස් ය. ජිනේන්ද්‍ර පැමිනෙන වග දන්වා තිබූ නිසා මන්දාරම් අම්මාගේ කාමරයට එබෙමින්ම මිදුලට බැස්සේය.
ස්වර්ණාද ඉන්නේ නිම්නාවී පිළිබඳව සියලු දේ දැනගෙන යම් කම්පනයකින් වග මන්දාරම් දනී. එහෙත් අම්මා ඉක්මවා යන සියුම් කම්පනයක් තම සිතෙහි ඇති බව මන්දාරම්ට දැනෙන්නේය. මන්දාරම් ඉස්තෝප්පුවේ වූ හාන්සි පුටුවේ ඇලවූවේය. වෙනදා මේ වෙලාවට නිම්නාවී අම්මා සෝදා පිරිසිදු කර අවසන් වෙයි. ඕ ඉන් පසුව අම්මාට ආහාර දී ව්‍යායාම කරවයි .
” ඒකි ඒකිගේ ඇඳුමක්වත් සෝදපු කෙල්ලෙක් වෙන්න බෑ … ඒත් මෙහෙ ඇවිල්ලා මොනවද නොකලේ ?…”
මන්දාරම් තමාගෙන්ම විමසා ගත්තේය. ඇය වටහා ගැනීම පහසු නොවන බව සිතුවේය. ඇයට සියල්ල අමතක කර සිටීමට තිබියදී පවා ඕ අම්මා වෙත ඒමම තමා සැලකිලිමත් ලෙසින් සිතා බැලිය යුතුව තිබුනා නොවේදැයි ඉතා කෝපයෙන් සහ පියවි සිහියෙන් පිටත මෙන් සිටි පැය විසි හතරකට පසු මන්දාරම්ට සිතෙන්නේය.
” මං වැරැද්දක්ද කලේ ?…”
ඔහු තමාගෙන්ම විමසා ගත්තේය. ජිනේන්ද්‍ර පැමිණියේ කල්පනාව අතරේය. දෙදෙනා එතැනම හිඳ ගත්තෝය.
” අම්මා නිදිද ?…”
” නිදි අයියේ .. අම්මටත් ටිකක් ශොක් .. මුකුත්ම කතා කලේ නෑ ඒ ගැන …”
” ඊයේ අපි කම්ප්ලේන් දාපු කතාව අම්මා දන්නේ නෑනේ ?…”
” නෑ .. මම කියන්න හැදුවේ .. චානා එපා කිව්වා පස්සේ..”
” කියන්න එපා …. “
“හ්ම් ….”
මන්දාරම් නිහඬ වූයේය.
” ඩොක්ටර් දිලුම් කතා කලාද ?…”
යළි විමසුවේය.
” කතා කලා ….”
මන්දාරම් ජිනේන්ද්‍ර දෙස බැලුවේය. ජිනේන්ද්‍ර සහ දිලුම් අතර වූ හිතවත්කම බිඳී ගොස් ඇතැයි සිතුවේය. ඒ බව මුවින් නොවිමසා බලා උන්නේය.
“උඹට තෑන්ක්ස් කරන්න කිව්වා… මටත් තෑන්ක්ස් කලා…”
මන්දාරම් ඒ උහතෝකෝටිකය නොවැටහුණ නිසා එවර නිහඬව උන්නේය.
” නිම්නාවීගේ තාත්තා නිම්නාවීව ඩිෆෙන්ස් කරන්න අරගෙන … පසන්ට කියලා ආයේ නිම්නාවිව මීට් වෙන්නත් එපා කියලා … අම්මාටත් ටිකක් තදින් කතා කරලා කියලා තමයි කිව්වේ.. මේ සිද්දිය මේ විදියට නොවුනා නම්, තාත්තාගේ හිතේඒ ආදරේ එලි නොවෙන්නම තිබ්බා කියලා පොර කියන්නේ..එහෙම නොවුනා නම් නිම්නාවීගේ ජීවිතේ මෙහෙම වෙනස් නොවෙන්නම තිබුනාලු .”
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |