” සුදු පුතා ඒ දේවල් ගැන හිතන්න උවමනා නෑ …. ඔයා ඔයාගේ ජීවිතේ පිළිවෙලක් වෙන විදියක් බලන්න ඕනි දැන් .. මට මේ උන්න විදියට ඉන්න පුලුවන් …”
ස්වර්ණා තම තීරණය ගැන මන්දාරම්ට යළි ප්‍රශ්න කිරීමටවත් අවැසි නොවන බව ස්වරයෙහිම දවටා දැම්මාය. මන්දාරම් ඉන් මදක් පසුබෑමට ලක්ව අම්මා දෙස බලා උන්නේය. එහෙත්, ඔහු එතැනින් නික්මෙන සූදානමක උන්නේ නැත.
” මම ජීවිතේ පිළිවෙල කරගන්න පාරක් හොයාගන්නම් අම්මේ.. ඒ හොයාගත්තම මම ඒක අම්මට කියන්නම් .. මම මේ කියන්නේ අම්මා ගැන .. ප්‍රියලාල් අංකල් ගැන .. ඒ වගේම ජිනේන්ද්‍ර අයියා ගැන ….. ඒ වගේම මම ගැනත් … අපිට පවුලක් වෙන්න බැරි නෑ අම්මේ.. ඔය දෙන්නාගේ ළඟ ඕනෑ තරම් දේවල් තියෙනවා පවුලක් විදියට අපිව අල්ලගෙන ඉන්න …”
“ඔය කතාව නවත්තලා ගිහින් වැඩක් බලාගන්න සුදු පුතා … මම ඉන්නේ මඟුල් කතා කරන වයසක නෙවෙයි කියන එක තේරුම් ගන්න …”
” මේ මඟුලක් නෙවෙයි අම්මේ .. මේ අපේ ජීවිත …”
” සුදු පුතා …”
” හරි .. මම ප්‍රියලාල් මාමා එක්ක මේක කතා කරන්නම් …”
ස්වර්ණාගේ විරෝධය ගැන වගක් නැතිවාම මෙන් මන්දාරම් කාමරයෙන් නික්මුණේය. මේවා කලබලයෙන් විසඳාගන්නට නොහැකි කාරණා බව මන්දාරම් දනී. අම්මා ප්‍රියලාල් සමඟ රහසෙන් පෙම් කරන්නට, ජීවිතය බෙදා ගන්නට ධෛර්යමත් වූවාට, තමා යෝජනා කරන සීමාව තෙක් යෑම ඇයට පහසු නොවන බවද මන්දාරම්ට වැටහෙන්නේය. එහෙත් තමා ගේ සැලසුම් ක්‍රියාත්මක නොකර නොනවතිමියි මන්දාරම් තීරණය කලේය.
තාත්තා සමඟ රාත්‍රී සාදයක් වෙනුවෙන් සූදානම් වෙමින් උන් නිම්නාවී දිලුම්ට ඇමතුමක් ගත්තාය. රන්දුලාටද වට්සැප් පණිවිඩයක් තැබුවාය.
” ඇත්තමයි අක්කේ .. ඉස්සර මම නයිට් පාර්ටියකට යන්නේ මරන්න වගේ .. ඒත් ඇත්තටම මම කොයි තරම් වෙනස් වෙලාද කියලා මටම තේරෙනවා දැන් … මම ආසාවෙන් ලෑස්ති වෙන්නේ .. ඇත්තටමයි .. මේ විදියට සති දෙක තුනක් ජීවත් වුනත් ඇති මට …”
” ඒයි මැට්ටි .. මම ඉස්සර ඔයාට කිව්වානේ හැමදේම හරියන දවසක් එනවා කියලා.. ඒ දවස පටන් ගන්නේ අපි හීනෙකින්වත් නොහිතන දේකින් වෙන්නත් පුලුවන් කියලා ..ම්ම්ම් .. බලන්න ..ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ වෙනස් වෙච්ච දේවල් ..ම්ම්ම් .. මන්දාරම් මල්ලී හින්දා වෙනස් වෙච්ච දේවල් …”
නිම්නාවී රන්දුලාගේ පණීව්ඩයට පිළිතුරක් ලිවීම පසුවට කල් දැම්මාය. ඒ ඩයස් සූදානම් ව පැමින තමා සොයන බව ඇසුණු නිසාය. නිම්නාවී කණ්ණාඩියට සිනාසී සේයාරුවක්ද ගත්තාය. ඒ වැඩිය නොසිතාය.
ජිප් රියට ගොඩ වූවාට පසු ඒ සේයාරුව වට්සැප් ස්ටේටස් ඇමුණුමක් ලෙස දැම්මාය. ඉන් පසුව ගමනාන්තය තෙක් ඩයස් හා සමඟ දොඬමලු වන්නට සූදානම් වූවාය. එහෙත් විනාඩි කිහිපයක් ගෙවෙද්දී වට්සැප් පණිවිඩයක් ආ හඬින් ඕ යළි ජංගම දුරකතනයේ ඇස් ඇලෙව්වාය.
ඒ කවුරුන්දැයි දුටු වහාම ඕ හොරැහින් ඩයස් දෙස බැලුවාය. ඔහු ඉදිරිය බලාගෙන වාහනය පදවමින් සිටින බව පෙනෙන්නේය. නිම්නාවී ජංගම දුරකතනය දෙස යළි බැලුවාය. සීරුවෙන් පණිවිඩය විවෘත කලාය. හදවත මෙතරම් උත්කර්ෂවත්ව සැමරිය යුතු සිදුවීමක්ද මේ ?
” කොහේ හරි යනවාද ?…”
විමසීමක් තිබුණි. නිම්නාවී ඉන් ප්‍රේමය කියවා ගත්තාය. සෙත් ගේ සිතෙහි තමා නමින් වන ප්‍රේමය කියවාගත්තාය. මුවඟට නැඟෙන්නට ආ සිනහව එලෙසින්ම ගිල ගත්තාය. කුස තෙක් යා නොදී, ඒ සිනහව මඟින් නවතා තබා ගත්තාය.
” ඔව් .. තාත්තා එක්ක පාර්ටි එකකට යනවා …”
ඕ පිළිතුරු යැව්වාය.
” දැන් රෑ වෙලා …”
” ඔව් ඉතින්.. නයිට් පාර්ටි තියෙන්නේ රෑට මිසක් දවාලට නෙවෙයි නේ …නේ ?…”
ඕ විමසා යැව්වාය. එය සීමාව ඉක්මවන්නක් ලෙස දැනෙන්නේ නැත. දැනෙන්නේ තමා පෙම් කල, තමාට පෙම් කරන මිනිසා සමඟින් වන කෝල කිතියක් ලෙසිනි. මන්දාරම් ජංගම දුරකතනයට යන්තමින් රැව්වේය. ඇය නැගෙන අපූරුව …
” ඒක මං දන්නවා …මේ ඔහොම එළියට බහින්න සුදුසු කාලයක් නෙවෙයි කියලා අලහකෝන් පවුලට වැටහෙන්නේ නැතිද කියලා මම ඇහුවේ ..?..”
මන්දාරම්ද පෙරළා විමසුවේය. නිම්නාවීගේ සිනහවේ උත්කර්ෂය ඩයස් නොදැක්කා නොවේ. එහෙත් ඔහු නොදැක්කා මෙන් ඒ ආහ්ලාදජනක හැඟීම ඈ වෙතම නතු වන්නට ඉඩ දී වාහනය ධාවනය ගැනම පමනක් අවධානය දුන්නේය.
” එහෙම අවුලක් නෑ .. තාත්තා එක්ක යන්නේ ?…”
” මම නම් හිතන්නේ ඒකම තමා අවුල ..පසන් ඔයා පස්සෙන් දාලා ඉන්නේ ඉස්කෝලේ යන කොල්ලෝ වෙන්න බෑනේ …”
ඉතින් , නිම්නාවී ප්‍රීතියෙන් ඉපිලෙමින් උන්නාය. මේ සෙත් නම් මිනිසා තමා ගැන වද වන ප්‍රමාණය ඇයට ජීවිත කාලය පුරාවටම ඇතැයි සිතෙන තරම් ය.
අනෙකේ වෙතින් කිසිවක් බලාපොරොත්තු නොවී, තමා අනෙකා වෙනුවෙන් පුරන යමකට ප්‍රේමය කීම වඩා අගනේය. අනෙකා වෙනුවෙන් කරන කැප කිරීම්, අනෙකා වෙනුවෙන් දරාගන්නා නිමේෂ, අනෙකා වෙනුවෙන් තමා අහිමි කරගන්නා දේවල්, අනෙකා වෙනුවෙන් සිදු වන තම ජීවිත ප්‍රමුඛතා අනුපිලිවෙලේ වෙනස් වීම් ඒ ප්‍රේමය නමට යටින් ලියා තිබිය හැක. නිම්නාවී විශ්වය තුල සෙත්ගේ යහපතම පමණක් පැතුවේ, සෙත් වෙනුවෙන් ඇගේ ජීවිතයද ඇයට අත් හැරෙන්නට ඉඩ දීය. ඔහු සොයා යන්නට වැඩි උත්සාහ නොදැරුවේ අම්මා සහ තාත්තාගේ ඇස් ඔහු මත වැටී ඔහුට නපුරක් වේය යන බියෙන් ය. ඉතින්, ඒ සියල්ල දැන් සෙත් විසින් ඕ උදෙසා කරමින් ඉන්නේය. ජීව්තය මෙතරම් සාධාරණ වන්නේ කෙලෙසද ?…
” එහෙම නෑ .. තාත්තා එක්ක පරෙස්සම් …”
” මෝඩ විදියට … සාහිත්‍ය කෑලි කියන්න එපා නිම්නාවී … යන පාර්ටියකින් ඉක්මනින් පිටත් වෙන්න …..”
මන්දාරම් අයිතිය පවරාගෙන උන්නේය. නිම්නාවී ඒ අයිතිය පැවරීම ඉතා ප්‍රහර්ෂණීය ලෙසින් විඳිමින් උන්නාය. අවනත වන්නට ඇති නම් කෙතරම් උත්කර්ෂවත් නිමේශයක් මවන්නට හැකි වේදැයි සිතුවාය. එහෙත් මේ සාදය එහෙම පහසුවෙන් නික්මිය හැකි නොවේ.
” මම පරෙස්සම් වෙන්නම් …”
නිම්නාවී එලෙසින් ඇමුණුවාය.
” නිකමට ලොකේශන් එවලා තියන්න …”
මන්දාරම් එලෙසින් එවා තිබූ පණිවිඩය මත නිම්නාවී සීරුවෙන් ඇඟිලි තුඩු ගෙන ගියාය. ඕ සාදය තිබූ තැන මං සලකුණු ඔහුට යැව්වේ එහි ළඟා වූවාට පසුවය. මන්දාරම් එය සිතියමෙහි බැලුවේය. එහි වූයේ ඔහුට කිලෝමීටර කිහිපයට දුරකි. කඩවතටද මෙපිටිනි.
” චානා … මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම් .. උඹ අම්මා ශේප් කරපං …”
මන්දාරම් හෝටලය ඉදිරියේ වාහනය නවතා ගත්තේය.
සිතට දැනෙන හැඟීම පැහැදිලිව වෙන් කරගන්නට මන්දාරම්ට තවත් කල් අවැසි නැත. එලෙසින්ම නිම්නාවී කෙරෙන් තමා වෙත කාන්දු වන්නේද එවන්ම හැඟීමක් බවද ඔහුට වැටහෙන්නේය. එහෙත් ගලපා ගත යුතු බොහෝ කාරණා වල නොගැලපීම් ඔහුට මැවෙන්නේය. නිම්නාවී තවත් වේදනාවකට ඇද දැමීම තමා අතින් සිදුවිය යුතුදැයි ඔහුට සිතෙන්නේය.
අම්මාගේ රිය අනතුර සම්බන්ධව නිම්නාවී හා කෝප ගැනීම ගැන දැන් මන්දාරම් ඉන්නේ සම්පූර්න උදාසීන හැඟීමකය. ඒ කෝපයේ පුපුරා යෑම නිම්නාවිගේ ජීවිතය මත දිගුකාලීන යහපත් වෙනස්කම් සකසා ඇති බවට දැන් මන්දාරම්ට සැක නැත.
ඉතින් තමාට දැනුන ප්‍රේමය වෙනුවෙන් ඒ ආශිර්වාදය විශ්වයේම කොහෙන් හෝ ඇරඹ තමා හරහා කාන්දු කරවන්නට ඇතැයි මන්දාරම් සිතුවේය.
තමා රෑ වන බව පවසා චානකට තවත් පණිවිඩයක් යැවූ මන්දාරම් හෝටලයේ ප්‍රධාන ගේට්ටුව දෙසම බලා උන්නේය.
” මහ එකා ගැන හිතන්නෙපා.. කෙල්ල උස්සපං … මහ එකා දඟලගෙන ආවොත් උඹලා ගැලපෙන දෙයක් කරපං … තියන්න කලබල වෙන්නෙ අපා.. අතක් පයක් සදහටම අහිමි කිරීමක් ඕකේ .. හැබැයි .. කෙල්ල අද රෑට මගේ මනමාලි වෙන නීට් එකෙන් ගේන්න ඕනි .. කෙල්ල මගේ ළඟට ආවම ඉතුරු ලක්ෂ විස්ස උඹට ලැබෙයි ..කලින් විදියටම …”
පසන්ගේ අණ අවසන් වූයේය.
ReplyForwardAdd reaction |