හරියටම හරියන Sunscreen එකක් තෝරගන්නෙ කොහොමද?

Sunscreen කියල අද කාලෙ වෙද්දි ඕනම කාන්තාවකගෙ වගේම පුරුෂයෙකුගෙ වේවා makeup pouch එකේ නැතුවම product එකක්. අව්වට නිතරම එළියට යන කෙනෙක් උනත් නැතත් Sunscreen එකක් දැන් ලඟ තියාගන්නවාමයි. හැබැයි වෙළඳපොළේ තිබෙන Sunscreen නිෂ්පාදන බොහොමයක් අතරින් තමන්ට වඩාත්ම ගැලපෙන Sunscreen එක මොකද්ද කියලා තෝරගන්න එක පොඩ්ඩක් විතර කරදර වැඩක්.

ඒ නිසාම තමයි අපි හිතුවෙ අපි අද ඔයාල එක්ක බෙදාගන්නවා කියල අපේ සමට හරියනම Sunscreen එක තෝරගන්නෙ කොහොමද කියන එක.

හිරුඑළියෙන් සමට වෙන්න පුලුවන් හානිදායක බලපෑම කියන්නෙ අපිට අලුත් මාතෘකාවක් නෙවෙයි. හිරු එළිය සම මත වැටිලා, ඒ හිරු එළියේ තියෙන UVA කියන කිරණ සමේ ගැඹුරුම ස්ථරය වෙත ගමන්කරලා එතනදි ප්‍රතික්‍රියා කරලා Free Radicals හදනවා. ඒවයින් සමේ තියෙන කොලැජන් විනාශ කිරිම සිදු කරනවා වගේම කොලැජන් නිශ්පාදනය කිරීම අඩු කරනවා.

සම වියපත් වීමේ ක්‍රියාවලිය වැඩිවෙන්නෙ අන්න ඒ හේතුව නිසා.මුකුත්ම නොගා ඉන්නවට වඩා Sunscreen ගාන එක හොඳයි. හබයි හරියන SPF එකක් තෝරගන්නෙ කොහොමද කියන ගැටලුවටත් උත්තරයක් තියෙන්න ඕනනෙ. ඉතින් මෙන්න මේ වගේ අවස්තාවක broad-spectrum UV protection එකක් එහෙමත් නැත්තම් SPF 30 Sunscreen එකක් අරගන්න එක ඉතාම හොඳයි.

ඒ වගේම තමයි හිරු එළිය සහිත පරිසරයට යන්න විනාඩි 30කට කලින්වත් Sunscreen Apply කරන්න ඕන කියන එක අමතක කරන්න එපා.

SPF කියන දේ ඇත්තටම වැදගත් ද?

Sun Protection Factor (SPF) කියන්නෙ වයසට යාමේ සහ අව්වෙන් පිළිස්සීමේ සලකුණු වලට දායක වන හානිකර UVA සහ UVB කිරණ වලින් සම අවහිර කරන හිරු ආවරණයක් කියලා කියන්න පුලුවන්. සූර්යයාගෙන් ලැබෙන අහිතකර විකිරණවලට නිරාවරණය වීම හිරු රශ්මියට ගොදුරු නොවන අයට පවා බලපානවා. SPF මෙම කිරණවලට එරෙහිව සමේ ස්වභාවික ආරක්ෂාව වැඩි කරමින්, හිරු ආවරණ නොමැතිව සාමාන්‍ය සමට වඩා 15 ගුණයකින් වැඩි ආරක්ෂාවක් සපයනවා. 15 හෝ 50 වැනි පුළුල් පරාසයක තියෙන Sunscreen, UVA සහ UVB කිරණ දෙකම අවහිර කරනවා වගේම වඩාත් ඵලදායී සහ ආරක්ෂිත Sun protection  එකක් තහවුරු කරනවා.

සම අඳුරු එකක් නම්?

අඳුරු හමක් තියෙන අය Sunscreen ගාන්න ඕන නෑ කියල ගොඩක් අය හිතුවට ඒක බොරු කතාවක්. හිරු එළියෙ තියෙන අහිතකර හිරු කිරණ නිසා ඇතිවන බලපෑම් ඕනම සමකට බලපාන නිසා ඔයාගෙ සම කලු වුණත් සුදු වුනත් Sunscreen ආලේප කරන්න අමතක කරන්න එපා.

අඳුරු සම පාරජම්බුල කිරණ වලින් වනහානිවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් තියෙනවා වගේම සමේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව ඉහළ නංවනවා.

Sunscreen එක සම කොපමණ වෙලා පරිස්සම් කරනවද කියන එකට SPF අගය බලපානවද?

Sunscreen අපේ සම මතුපිට තියෙන්නෙ පැය දෙකක් වගේ කාලයක්. ඒක නිසා සෑම පැය දෙකකට වරක්ම Sunscreen ආලේප කරන එක වැදගත්.විශේෂයෙන්ම ඔයා නිතර දාඩිය දාන කෙනෙක් නම් වතුරෙ නාන්න වගේ යනවා නම් මේ විදියට පැය දෙකෙන් දෙකට Sunscreen ආලේප කරන්න ඕන කියන එක අමතක කරන්න එපා.

Sunscreen එකක් තෝරගනිද්දි?

Sunscreen එකක් තෝරාගනිද්දි ඔයා බලන්න ඕන මෙන්න මේ සාධක:

·       එදිනෙදා භාවිතය: අඩු හිරු එළියට නිරාවරණය වෙද්දි  SPF 15 මොයිස්චරයිසර් හෝ මේකප් ප්‍රමාණවත් වේ.

·

·       එළිමහන් ක්‍රියාකාරකම්: SPF 30 හෝ ඊට වැඩි Sunscreen භාවිත කරන්න.

·

·       Water Resistant Sunscreen: පිහිනීම සඳහා හොඳ නමුත් සම්පූර්ණයෙන්ම ජල ආරක්ෂිත නොවේ. ජල ක්‍රියාකාරකම් වලින් පසු නැවත Apply කරන්න.

·      

·Spray vs Cream: Spray කරන Sunscreen පහසු නමුත් කුඩා ළමුන් සඳහා නම් විශේෂයෙන්ම ක්‍රීම් වඩා උචිතයි.

·       Broad Spectrum Sunscreen: UVA සහ UVB කිරණ දෙකෙන්ම ආරක්ෂා වීම සඳහා සෑම විටම Borad Spectrum Sunscreen තෝරා ගන්න. ඔබ ස්වභාවික විකල්ප වලට කැමති නම්, අවම ස්වභාවික SPF ආරක්ෂාවක් ලබා දෙන ඔලිව් හෝ පොල් තෙල් භෂ්ම සහිත Sunscreen තෝරාගන්න.

·       All-Natural Sunscreen: minerals පදනම් වූ Sunscreen ක්‍රියාකාරී අමුද්‍රව්‍ය සඳහා රසායනික ද්‍රව්‍ය සහිත Sunscreen මෙන් ක්‍රියා නොකරන බව පාරිභෝගික වාර්තා සොයාගෙන තියෙනවා. “ස්වාභාවික” ලෙස ලේබල් කරන ලද හිරු ආවරණ සාමාන්යයෙන් Minerals මත පදනම් වෙනවා. ඔයා හියන්නෙ All Natural Sunscreen එකක් නම්, එක් අධ්‍යයන විශ්වාසදායක මූලාශ්‍රයකින් හොයාගෙන තියෙනවා ඔලිව් තෙල් හෝ පොල්තෙල් පදනමක් සහිත හිරු ආවරණ තෝරා ගැනීම උපරිම ආරක්ෂාව සැපයීමට උපකාරී වෙනවා කියලා. ඔලිව් තෙල් සහ පොල්තෙල් යන දෙකෙහිම SPF 8 පමණ ස්වභාවික SPF ආරක්ෂාවක් තියෙන නිසා  ඒවා පදනමක් ලෙස භාවිතා කරන Sunscreen හොඳ ස්වභාවික SPF base එකක් ලබාදෙනවා කියල විශ්වාස කරනවා.

·       Low vs High SPF: බොහොමයක් Sunscreen, Market කරන තරම්ම හොඳ නැති බව තේරුම් ගන්න ඕන. SPF අගය ඉහළ Sunscreen එකක් තෝරාගත යුත්තෙ ඒ නිසාමයි.

Sunscreen ආලේප කරගෙන ඉන්න අවස්තාවක උනත් ඔයාගෙ සම අවපැහැයට ලක්වෙන්න ඉඩ තියෙන බව අමතක කරන්න එපා.දහදිය, ජලය වගේ දේවල් නිසා සමේ ආලේප කරගෙන ඉන්න Sunscreen දියවී යන්න ලොකු ඉඩක් තියෙන නිසාමයි නිශ්චිත කාල පරාස වලදි Sunscreen නැවත නැවත ආලේප කිරීම වැදගත් වෙන්නෙ.

ඒ වගේම Sunscreen වලට අමතරව අව් කණ්ණාඩි, හිස් ආවරණ වගේම, ඇඳුම් පැලඳුම් ආදියෙන්ම ඔයාගෙ ඇස්, කෙස් සහ සම ආරක්ෂා කරගන්න ඕන කියන එක අමතක කරන්න එපා.

විශේෂයෙන්ම නිතර දෙවේලේ අව්ව මදි නොකියන්න වැටෙන අපෙ වගේ රටක Sunscreen, Sun glasses කියන්නෙ ඔයාගෙ බෑග් එකේ අනිවාර්‍යෙන්ම තියෙන්න ඕන දෙයක් කියන එක හොඳින්ම මතක තබාගන්න!

 මූලාශ්‍ර: https://www.healthline.com/health/what-spf-should-i-use

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles