පැහැපත් සහ සෞඛ්‍ය සම්පන්න සමක් වගේම නීරෝගී හිසකෙස් ලබා ගැනීම සඳහා ඔබ පරිභෝජනය කරන ආහාර සෘජුවම බලපානවා. ඔබේ හිස කෙස් වර්ධනය වීම සහ සම සම්බන්ධ බොහෝ ගැටලු අවම කර ගැනීමට මේ ආහාර වලට හැකියාව තියෙනවා. ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාගන්නවා නම් ඒවායේ බලපෑම ඔබේ බාහිර රූපයෙන් ඔබට දැක ගන්නට පුළුවන්.අද අපි ඔබට කියන්නේ ඔබේ ශරීරයේ අභ්‍යන්තරයෙන් ඔබව පෝෂණය කරමින් ඔබේ සම සහ හිස කෙස් නීරෝගී කරවන ආහාර කිහිපයක් ගැනයි.
Dark chocolate
ඩාක් චොකලට් ආහාරයට ගැනීම මගින් ඔබේ සම දීප්තිමත්ව තබා ගැනීමටත් , සම හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීමටත් , රැළි අඩු කර ගැනීමටත් හැකියාව තියෙනවා. ඔබේ ආතති හෝමෝන පාලනය කරමින් ආතති තත්ත්වයන් පාලනය කිරීමටත් ඩාක් චොකලට් උපකාරී වනවා. ඊට අමතරව ඩාක් චොකලට් A, B1, C, D සහ E වැනි විටමින් වලින් පොහොසත් වන අතර එමඟින් තෙතමනය රඳවා තබා ගනිමින් ඔබේ සම පෝෂණය කරනවා.
අලිගැටපේර
අලි ගැට පේර ඔබේ සමට තෙතමනය සහ පෝෂණය ලබාදෙන අතර ඔමේගා 3 මේද අම්ල , විටමින් A , D , E වැනි විටමින් අලිගැටපේර වල බහුල වන අතර ඒවා මගින් ඔබේ සම අභ්‍යන්තරයෙන්ම පෝෂණය කරනවා. අලිගැටපේර ඔබේ හිස කෙස් පෝෂණය කිරීමටද උපකාරී වන අතර නිතර නිතර අලි ගැට පෙර ආහාරයට ගැනීම මගින් ඔබේ සමේ පැහැය වර්ධනය කර ගැනීමටද හැකියාව ලැබෙනවා.
Walnuts
ඔබේ සමේ සෛල වැඩි දියුණු කිරීමේ හැකියාව walnuts වලට තිබෙනවා.එමගින් ඔබේ සමේ සෛල වලට හානි කළ හැකි විෂ ද්‍රව්‍ය ඉවත් කරන අතර ඔබේ සම පැහැපත්ව සහ දීප්තිමත්ව තබා ගන්නවා. මේවායේ අඩංගු වන පෝෂ්‍ය කොටස් මගින් පාරජම්බුල කිරණවලින් සමට ඇතිවිය හැකි හානි වලින් සම ආරක්ෂා කරන අතර ඔබේ හිස කෙස් වර්ධනය කිරීමටද උපකාරී වනවා.
බ්‍රොකලි
ඔබේ සමේ සෞඛ්‍යයට වැදගත් වන සහ ඛනිජ ලවණ වලින් පොහොසත් වන බ්‍රොකලි වල සින්ක්, විටමින් A සහ C ඇතුළත් වෙනවා. ඒවාට ශරීර අභ්‍යන්තරයේ ඇති විෂ ඉවත් කිරීමට හැකියාව ඇති අතර ඔබේ සම පැහැදිලිව හා පිරිසිදුව තබා ගනිමින් රුධිරයද පිරිසිදු කරනවා.ඒ වගේම සම පැහැපත් සමට සහ හිස කෙස්වලට පෝෂණය ලබාදෙන අතර හිස කෙස් ගැලවීම අවම කරනවා.
බිත්තර
ඔබේ සමට සහ හිස කෙස් වලට පෝෂණය සහ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබාදීම සඳහා බිත්තර ඉතා හොඳ ආහාරයක් ලෙස සැලකෙනවා.බිත්තර ඔබේ සමට සජලනය සපයන අතර සමේ ප්‍රත්‍යස්ථතාවය වැඩි කරමින් සම මතුපිට ඇතිවන හානි පිළිසකර කරනවා. බිත්තර වල අඩංගු වන ප්‍රෝටීන් ඔබේ හිසකෙස් මෘදු කිරීමට සහ ශක්තිමත් කිරීමට උපකාරී වනවා.
බෙරි වර්ග
ඕනෑම ආකාරයක බෙරි ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර එය ඔබේ සම ආරක්ෂා කිරීමට සහ සමේ තරුණ බව රැක ගැනීමට උපකාරී වනවා. එය ඔබේ සම වයස්ගත වීමෙන් වැලකීමේ කාරකයක් ලෙස ක්‍රියාකරන අතර ඔබේ සමේ අනවශ්‍ය ලෙස තෙල් නිපදවීම පාලනය කරනවා. බෙරි වල අඩංගු ප්‍රතිඔක්සිකාරකවලින් ඇති තවත් ප්‍රයෝජනයක් වන්නේ ඔබේ සමට හිරු කිරණින් ඇතිවන අහිතකර බලපෑම් වලින් ආරක්ෂා කිරීමට ඇති හැකියාවයි. විශේෂයෙන්ම බෙරි වල අඩංගු විටමින් සී මගින් ඔබේ සම පැහැපත් කර සිනිඳු ව තබා ගන්නවා.
බෙල් පෙපර්
බෙල් පෙපර් යනු ඔබේ සමේ සෞඛ්‍යයට හිතකර බීටා-කැරොටින් අඩංගු විශිෂ්ට ප්‍රභවයකි. විටමින් සී සහිත හොඳම ප්‍රභවයක් ලෙස ද සැලකෙන බෙල් පෙපර් ඔබේ සම ශක්තිමත් කිරීමට උපකාරී වනවා. බෙල් පෙපර් ආහාරයට ගැනීම මගින් වයස්ගත වීම පාලනය කිරීම , සම රැළි වැටීම පාලනය කිරීම , සම වියළීම පාලනය කිරීම වැනි දේ සිදු කරන අතර ඒවායේ අඩංගු වන විටමින් වර්ග මගින් ඔබේ හිස කෙස් ශක්තිමත් කිරීමට , හිසකෙස් ගැලවී යාම අවම කිරීමට සහ හිස කෙස්වල දීප්තියේ රඳා තවත්වා ගැනීමට ක්‍රියා කරනවා.
ඔබ ආහාරයට ලබාගන්නා දේ අනුව ඔබේ සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ වෙනස් වෙනවා.ඔබ සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ලබාගන්නා කෙනෙක් නම් ඔබේ සමට සහ හිස කෙස් වලට පමණක් නොව සමස්ත සෞඛ්‍යයටම ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකියාව තියෙනවා.