ඉන්දියාවෙන් මතුවෙච්ච මොනාලිසා කවුද?

ගෑණුන්ගෙ පින තියෙන්නෙ කුණු මුල්ලෙ කියලා කතාවක් ඔයාලා අහලා ඇති. ගෑණුන්ගෙ විතරක් නෙවෙයි ඕනම මනුස්සයෙක්ට, සතෙක්ට වුණත් මේ පින කියන කතාව මතුවෙන්න එහෙ මෙහෙ වෙන්න ඕන තප්පරයක් දෙකක් විතරයි.

ඉන්දියාවෙන් මතුවෙච්ච මොනාලිසා කියන්නෙ අන්න ඒ වගේ තමන්ගෙ පිනට ලැබුණ ලස්සන රූපය සහ ඇස් දෙක නිසා ලෝකෙ පුරා එක රැයින් ජනප්‍රිය වෙච්ච කෙල්ලෙක්. කවුද මේ ඉන්දියාවෙන් මතුවෙච්ච මොනාලිසා?

අන්න එයා ගැන තමයි අපි අද මේ ලිපියෙන් කතාකරන්න යන්නෙ.

මොනාලිසා භෝස්ලෙ කියන්නෙ අවුරුදු 16ක් වයස ඉන්දියන් කෙල්ලෙක්. මොනාලිසා ඉපදුනේ සහ ජීවත්වෙන්නෙ ඉන්දියාවෙ මධ්‍ය ප්‍රදේශ්වල කර්ගෝනෙ කියන දිස්ත්‍රික්කයේ. මොනාලිසාව මුලු ලෝකයේම ඇහැට යොමුවෙන්නෙ පසුගිය දිනක ඉන්දියාවෙ පැවැත්වුණ Prayagraj Maha Kumbh කියන උත්සවය වෙලාවෙ ලස්සන ඇස් දෙකක් සහ රූපයක් එක්ක Social Media වල ජනප්‍රිය කරවන්න Content Creator කෙනෙක් ගත් උත්සහයත් එක්ක.

මොනාලිසා කියන්නෙ රත්තරන් හැන්ද කටේ ගහගෙන ආව කෙල්ලෙක් නම් නෙවෙයි. පුංචි කාලෙ ඉඳලම දරිද්‍රතාවයෙන් මිදෙන්න, මේ වගේ උත්සවවලදි මල් විකුණන්න ආව මලක් වගේ ලස්සන කෙල්ලෙක්. එයාගෙ මොකක් හෝ වාසනාවකට මේ පසුගිය උත්සවය වෙලාවෙදි එයාගෙ ඒ ලස්සන ඇස් ලෝකෙටම පෙන්නන්න මොනාලිසාට අවස්තාවක් ලැබුණා.

හැබැයි මේ එක දවසෙන් ලැබිච්ච ජනප්‍රියත්වය දරාගන්න බැරිවෙච්ච හන්දම මොනාලිසා කරලා තියෙන දේ තමයි මහා කුම්භමේලා උත්සවය ඉඳලා ආපහු එයාගෙ ගම වෙච්ච කර්ගෝනේ දිස්ත්‍රික්කයේ මහේශ්වර් වෙත යන එක. සමහරවිට මොනාලිසාට හිතෙන්න ඇති “මේක ටිකක් Too Much” වගේ කියලා.

හැබැයි හැමදේම මොනාලිසාවත් නොහිතපු විදියෙ හොඳ පැත්තකට හැරෙන්න නම් එච්චර වෙලා ගියේ නෑ කියන එක තමයි සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය නම් වාර්තා කරන්නෙ. සුන්දර සිනාවයි, ලස්සන ලොකු දිලිසෙන ඇසුයි එක්ක ලෝකයක් වශී කරගත්ත මොනාලිසාව ඇහැ ගැටිලා තියෙනවා ඉන්දියාවෙ චිත්‍රපට අධ්‍යක්ශකවරයෙක් වෙන සනෝජ් මිශ්‍රා. ඒ අනුව තමයි සනෝජ් මිශ්‍රා එයාගේ ඊලඟ චිත්‍රපටය වෙන The Diary of Manipur කියන චිත්‍රපටයට මොනාලිසාව සම්බන්ධ කරගන්න කටයුතු කරලා තියෙන්නෙ.

අලුතෙන්ම ඇහෙන News වලට අනුව මොනාලිසාත් ඒ වැඩේට කැමතිවෙලා කියලා තමයි ආරංචි.සනෝජ් මිශ්‍රා අධ්‍යක්ශකවරයා මොනාලිසාව හොයාගෙන එයාගෙ ගෙදරටම ගිහිල්ලා තමයිලු මේ ගැන කතා බස් කරලා තියෙන්නෙ.

ජනවාරි 28 වෙනිදා තමන්ව මේ විදියට එක රැයකින් මුලු ලෝකෙම වගේ ප්‍රසිද්ධ කරවන්න උදව් වුන හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් මොනාලිසා මෙන්න මෙහෙම කියලා තියෙනවා. “සාමාන්‍ය කෙල්ලෙක්ට මීට වඩා ලොකු දෙයක් තියෙනවද? මම මහා කුම්භ් වල ඉඳලා ආපහු ගෙදර ආවට පස්සෙත් මිනිස්සු මාව හොයාගෙන එනවා. ඉතින්  අපි ආපහු ඊලඟ උත්සවෙකදි හමුවෙමු” කියල කිව්වට මං හිතන්නෙ අපිට මොනාලිසාව ඊටත් කලින් ඉන්දියන් සිනමා තිරය ඔස්සේ හමුවෙයි වගේ.

X App එකේ Followers ලා 20.6k වගේම Instagram App එකේ Followers ලා 404K එක්ක මොනලිසා එයාගෙ ගමේ විස්තර, චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවල් එයාගෙ Follower base එකත් එක්ක නිතරම බෙදාගන්නවා. මොනාලිසා එයාලගෙ ගමේ ප්‍රාදේශීය පාසලකින් අධ්‍යාපනය හදාරන ගමන් තමයි ඉන්නෙ.මොනාලිසා එයාගෙ Content වලින් නිතරම වගේ ‘සිහින දැකීම නව ආරම්භයක ආරම්භය නිසා කිසි විටෙකත් සිහින දැකීම නතර නොකළ යුතුය’ සහ ‘සාර්ථකත්වයේ දෙවන නම වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ඔබ ගැන විශ්වාසය තබා ගන්න’ වගේ Motivational Content බෙදාගන්නත් අමතක කරන්නෙ නෑ.

ඒ වගේම පසුගිය කාලෙ ජනප්‍රිය වෙච්ච පුශ්පා 2 චිත්‍රපටයේ පෝස්ටර් එකක් ලඟ හිටගෙන “අද පෝස්ටර් එකෙන් එලියෙ. හෙට පෝස්ටර් එක ඇතුලෙ. මේ තමයි කාල චක්‍රය වැඩකරන විදිය. අපි ඉක්මනට මුම්බායි වලදි හමුවෙමු” කියල පණිවිඩයක් දාන්නත් මොනාලිසා අමතක කරන්නෙ නෑ. ඒක සමහරවිට එයාගෙ අනාගත ඉන්දියා සිනමා ප්‍රවේශය ගැන කියන කතාවක් වෙන්නත් පුලුවන්.

ඒ වගේම මොනාලිසා නිතරම වගේ Instagram  එකේ  Share කරන වීඩියෝ වලට එයා භාවිතා කරන්නෙ 1985 ආව සාගර් කියන, රිශි කපුර්‍ර්, ඩිම්පල් කපාඩියා සහ කමක් හසන් රඟපෑව චිත්‍රපටයෙ එන ‘Saagar Jaisi Aankhonwali’ කියන සිංදුව කියලත් කට්ටිය කියනවා. සමහර විට ඒකට හේතුව එයාට ලස්සන, මූදක් වගේ ඇස් දෙකක් තියෙන එකත් වෙන්න පුලුවන් කියල ඒ Content දකින අයට හිතෙනවා.

“උත්සව අවස්තාවලදි රුද්‍රාක්ශ මල් මාල විකුණ විකුණ හිටපු මොනාලිසාගෙ දෛවය Social Media වල පිස්සුවක් කරන්න තරම් තැනකට ආව එකෙන් අපිට තේරුම්ගන්න පුලුවන් හොඳම දේ තමයි Social Media වලට කෙනෙක්ගෙ ජීවිතයක් වෙනස් කරන්න කොච්චර ලොකු හැකියාවක් තියෙනවද කියන එක” කියලා කියන්නෙ මොනලිසාට ආදරය කරන එයාව අගය කරන එයාගෙ Follower කෙනෙක්.

අද වෙද්දි සමාජ මාධ්‍ය ඇතුලෙ කොච්චර ප්‍රසිද්ධ වුණත් මොනාලිසාගෙ තාත්තා කියන්නෙ ගොවි මහත්තයෙක්. ඒ වගේම එයාගෙ අම්මා කරන්නෙ අත්කම් නිර්මාණ විකුණන එක. ඒ වගේ පසුබිමක ඉඳලා එන අම්මා කෙනෙක් සහ තාත්ත කෙනෙක් අසාමාන්‍ය රූපය නිසා ප්‍රසිද්ධ වුන තමන්ගෙ දරුවගෙ අනාගතේ ගැන බයක් ඇති කරගන්න එක සාමාන්‍ය දෙයක්.

ඒ වුණත් පවුලෙ අය, ගමේ අය වගේම හිතවත් බොහෝ දෙනෙක්ගෙ අවවාද අනුශාසනා එක්ක මොනාලිසාට ලෝකයට පිවිසෙන්න ලැබුණ මේ දොරෙන් පරිස්සමෙන් ගමනක් ගිහින් එන්න කියන්න ඒ මව් දෙමව්පියන් අමතක කරන්නෙ නෑ.

ඉතින් මොනාලිසා,

ලෝකය බලන්න විවර වෙච්ච මේ දොරෙන් පරිස්සම් ගමනක් ගිහින් එන එක ඔයාට භාරයි. ඒ ගමන ඔයාට වගේම තව දහසක් කැලෑ මල්වලට තමන්ගෙ වටිනකම් අඳුරගෙන ඉස්සරහට යන්න හේතු වාසනා වේවා කියල අපි ප්‍රාර්තනා කරන්නෙ හරිම ආදරෙන්!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles