ඉෂාරා රජයේ ආයතනයක කාර්යාල කාර්ය සහායකාවක විදියට තමයි සේවය කරේ. උසස් පෙළ සමත් වෙන්න ඉඩක් ලැබිලා තිබුනෙ නැති නිසා ඒ තනතුරෙන් ඉදිරියට යන්න ඉෂාරාට ඉඩක් තිබුණේ නැහැ. ඒත් අවුරුදු 23ක් වෙනකොට ඉෂාරාගේ ජීවිතය හීන වලට අලුත් අලුත් පාට පේන්න ගත්තා. ඉෂාරා උසස් පෙළට පෙනී සිටින්න තීරණය කළා. පහසු විෂයන් තුනක් තෝරා ගෙන සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ සම්පූර්ණයෙන් මේ වෙනුවෙන් කාලය වැය කරගෙන උසස් පෙළ වෙනුවෙන් අවුරුදු එක හමාරකින් සූදානම් වෙන්න ඉෂාරාට පුළුවන් වුණා. ඊට පස්සේ ඉෂාරා උසස් පෙළ විභාගයට පෙනී සිටියා. ඇය හිතුවා වගේම සෑහෙන තරමේ ප්‍රතිඵලයක් එක්ක ඇයට විභාගය සමත් වෙන්නත් පුලුවන් වුනා. ඊට පස්සේ ඇය සැලසුම් කරේ බාහිර උපාධියක් කරන්න. ඒත් ඇගේ කාර්යාලයේම ඇය වටා වුනු ඇතැම් අය ඇගේ කකුලෙන් අඳින්න පටන් ගත්තා.
“ආපෝ ලේබර් පෝස්ට් එකේ ඉඳලා වෙන්න ඇති ඔය උපාධි කරන්න හදන්නේ? ……”
“ලේබර්ස්ල කොහොමද ඒ ඕ වෙන්නේ? මේ පිස්සුනේ නිකංම තමන්ට අයිති වැඩක් කරගෙන ඉන්නේ නැතුව උපාධි කරන්න යනවා නිකන් සල්ලි නාස්ති වෙනවා විතරයි ………………………”
“ඉශාරාගේ මහා අලි ඔළුව… තමන් දැනගන්න ඕනේ තමන්ගේ තරමට ඉන්න…”
“කමක් නෑ පිම්බෙච්චදෙන් ….. දැන් කොයි වෙලාවක හරි පුපුරලා යන්නේ නැතැයි අනේ..”
උසස් පෙළ උසස් විදියට සමත් වෙලා විශ්ව විද්‍යාල වරම් ලබල ඉන් පස්සේ රැකියාවලට ආපු සමහර අය ඔය විදියට ඉෂාරාට ඇනුම් පද කියන එකේ අඩුවක් තිබුණේ නැහැ. ඒත් ඉෂාරා ඒ හැමදේම උපේක්ෂාවෙන් බැහැර කළා. උපේක්ෂාවෙන් දරා ගත්තා.
ඇය හැම තැනකටම කළේ හිනාවෙලා මග ඇරපු එක. කිසිම තැනකට උත්තර දෙන්න ගියේ නැහැ. ඇය විශ්වාස කළේ තමන් උත්තර දෙන්න ඕනේ තමන්ටම විතරයි කියලා. කාර්යාලයේ තිබුණු තමන්ට පැවරුණු වපසරිය සියලුම රාජකාරී හොඳින්ම ඉෂ්ට කරන අතරේ ඇය උපාධියේ වැඩ කටයුතු වෙන උන්නත් මහන්සි වෙන්න පටන් ගත්තා.
පළවෙනි වසර ඉවර වෙනකොට කාර්යාලය ඇතැමුන් ඇයට උදව් කරන්න පවා පෙළඹුණා. ඒත් සමහර අයගේ ඉරිසියාව නම් වැඩි උනා මිසක් අඩු වුණේ නැහැ. ඒ අය නිතරම කළේ ඉෂාරාව මානසික වට්ටන්න පුළුවන් විදියේ දේවල් රැකියාව තුළින්ම හොයා ගත්ත එක. නමුත් ඉශාරා නම් කිසිම දෙයකින් සැලුනේ නැහැ.
තමන්ගේ තනතුර තුල රාජකාරි වලට අමතරව, කාර්යාලය තුළ තමන්ට කරන්න පුළුවන් දේවල් කරන්නත් ,තමන්ට ඉගෙන ගන්න පුළුවන් දේවල් අනෙක් අයගෙන් අහලා බලලා ඉගෙන ගන්නත් ඉෂාරගේ පුරුද්දක් තිබුණා.
ඵලදායිතාවය කියන සංකල්පය යටතේ කාර්යාලය සකස් කරන්න සූදානම් වුනේ ඒ අතරේ. බාහිර උපාධිය කරන අතරේ පෞද්ගලික ආයතනයකින් ලැබුණු අවස්ථාවක් නිසා ඉශාරා ඵලදායිතාවය ගැන සති කිහිපයක කෙටි පාඨමාලාවක් කරලා තිබුණා. පරිපාලන නිලධාරීතුමිය හම්බවෙලා ඇය කිව්වා ඇයටත් උදව් කරන්න පුළුවන් කියලා ඵලදායිතා සංකල්පයට අනුව කාර්යාලය සකස් කරන්න.
තමා යටතේ සිටින නිලධාරීන්ට වගේ ම සේවකයින්ටත් තමන්ගේ දක්ෂතා වැඩිදියුණු කරගන්නට ඉඩකඩ තිබිය යුතු යැයි විශ්වාස කරන පරිපාලන නිලධාරිනියක් හිටපු නිසා ඉශාරාට ඉඩ ලැබුණා අනෙකුත් නිලධාරීන් එක්ක එකතුවෙලා ඵලදායිතා සංකල්පය කාර්යාලය තුළ ගොඩනංවන්න වැඩ කරන්න. ඒ අතර වාරයේ ඉෂාරාව කපන්න ඇගේ හිත රිද්දන්න, ඇය කියන කරන දේවල් වලට එකඟ නොවෙන්න උත්සාහ කරපු අය කාර්යාලය නොහිටියා නෙවෙයි. ඒත් ඉෂාරගේ තනතුර ගැන නොහිතා, දන්න කියන දේවල් ඉෂාරත් එක්ක බෙදා හදාගෙන තමන්ගේ කාර්යය වෙනුවෙන් ඒ දේවල් උපයෝගී කරගන්න කැමැත්තෙන් හිටපු නිලධාරීන් පිරිසකුත් ඒ කාර්යාලයේම හිටියා.ඒ නිසා ඉෂාරාගේ නිර්මාණශීලී අදහස් එක්ක කාර්යාලය ඵලදායිතා සංකල්ප ඉතාම ඉක්මනින් ඒත් එක්කම බොහොමත්ම කාර්ය ශූර සහ තිරසාර පදනමක් එක්ක ගොඩ නැංවුනා.
එක් තරඟ කාණ්ඩයක් යටතේ කාර්යාලය ඵලදායිතා සංකල්ප ප්‍රවර්ධනය කියන තරගාවලියේ තරග අංශයකට ඉදිරිපත් වුණා. කවුරුත් නොහිතපු විදියට ඒ වගේ වගේම කාගෙවත් සැලසුමක් නොතිබුණු විදියට කාර්යාලය එම අංශය යටතේ පළවෙනි ස්ථානයට පත්වුණා.
” තමන්ගෙ තනතුර කම්කරු කියලා හිතලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව අනෙක් නිලධාරීන් එක්ක හරි හරියට එකතුවෙලා ඔවුන්ට ඉෂාරගේ නිර්මාණශීලී අදහස් දීල, ඒත් එක්කම මේ කියන සංකල්ප ගැන ඔවුන්ටත් කියා දීලා, අපේ ඉෂාරා මේ තරගාවලිය සහග්‍රහණය වෙනුවෙන් ගොඩක් වෙහෙසුනා. ඉතින් තරුණ ළමයෙක් විදියට අපි ඇත්තටම සතුටුයි ඉෂාර කරපු දේ ගැන. තමන්ට පැවරෙන රාජකාරියවත් හරියට නොකරන බොහෝ නිලධාරීන් එන්න ආයතන අපිට නිතර දෙවේලේ මුණ ගැහෙනවා. ඒත් ඉෂාරලා වගේ ළමයි හරිම කලාතුරකින් තමයි අපිට මුණගැහෙන්නේ. ඒ නිසා මං හිතන්නේ අපි හැමෝම ඉෂාරාව අගයන්න ඕනි. සාමාන්‍ය පෙළ විභාගයෙන් මේ වගේ තනතුරකට ඇවිල්ලා ඇවිල්ලා තනතුරේ ඉන්න අතරෙදිම වෙහෙසිලා උසස් පෙළ විභාගයටත් පෙනී සිටලා, ඒ වගේම උසස් පෙළ විභාගයෙන් සමත් වෙලා වෙලා . දැන් බාහිර උපාධියක් හදාරමින් ඉන්නවා ……. මං හිතන්නේ තමන්ට තියෙන ගැන උදාදාමයෙන් පෙරලි පෙරලි, නැති දේවල්ම හොය හොයා ඉන්න බොහෝ අයට ඇය උදාහරණයක්. ඇත්තටම මම ඉශාරාට සුබ පතනවා වගේම අපි හැමෝගෙම තීරණයක් විදියට අපි තීරණය කරා අමාත්‍යාංශයේ ඵලදායිතා කමිටුවට ඉෂාරවත් එකතු කරගන්න. ………”
අමාත්‍යංශයේ ලේකම්තුමා එහෙම කියනකොට ඉශාරාගේ ආයතන ප්‍රධානිය වගේම ඉෂාරට හිතවත්කමින් නිලධාරීන් බොහෝ දෙනෙක් සන්තෝසෙන් අත්පොළසන් දුන්නා. ඉෂාර කෘතඥ පූර්වකව හැම දෙනාම දිහා බැලුවේ ඇස් දෙකේ කඳුළු පුරවගෙන. ඇයට විශ්වාසයක් තිබුණේ නැහැ ඇය කරන්නේ නිවැරදිම දේ ද කියලා. ඒත් අය දැනගෙන හිටියා ඇය ඒ දේ කළ යුතුයි කියලා. ඇයට ඒ දේ කරන්නට හැකියාව තියෙනවා කියලා. ඒ නිසා තමා දැනගෙන හිටපු දේවල් අනිත් අයටත් අනිත් අයත් එක්ක බෙදාගෙන ඒ දේවල් උපයෝගී කරගෙන කාර්යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙසෙන එක ඉෂාරට ඉතාමත් ලොකු සතුටක් වෙලා තිබුණා.
ඉෂාර උපාධියේ වැඩ කටයුතුත් අවසාන කරා. අවුරුදු හතරක් ගෙවිලා ගියා. ඊළඟ අවුරුද්දෙදි සීමිත පදනම යටතේ පරිපාලන නිළධාරීන් තෝරාගන්නා විභාගයට ඉෂාර පෙනී සිටියා. දෛවය ඇයට හරි අපූරු විදිහට සලකමෙන් උන්නා. ඒ වන විට ඉෂාරා කලින් වැඩ කරපු කාර්යාලය පරිපාලන නිළධාරිනිය වෙනත් ආයතනයකට මාරු වෙලා යන්න ඉල්ලලා තිබුණු නිසා ඉශාරාට පත්වීම ලැබුණේ ඒ ආයතනය තුළමයි.
“දැන් නං හරි වැඩේ තමයි වෙන්නේ. අපිටත් දැන් වෙන තැනකට යන්න වෙයි වගේ අපිට කපයි ආයි නැති වෙන්න…”
“අනේ බන් නම් කොහොමත් ට්‍රාන්සර් යනවා…………. මට නම් බෑ ඔය ගෑනිට මිස් මිස් කියන්න ………..මේ ලේබර් පෝස්ට් වල උන්න අය….”
“අනේ මට නම් තේරෙන්නේ නෑ දැන් ඉතින් මොනව කරන්නද මෙතන තව අවුරුදු දෙකක් ඉන්න වෙනවනේ කොහොම හරි මිස් කියලා ඉතින් ඉන්න වෙනවා..”
හැබැයි මේ අඩු වයසින් ඉශාරාට ලැබුනේ හොඳ තනතුරක්. මෙතනින් ඉස්සරහට යන්න නම් අපි එයාට අනිවාර්යෙන් සපෝට් කරන්න ඕනේ. මේ ඔෆිස් එකේ ඉශාරාට හුරු නිසා එයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න වගේම ගොඩක් දේවල් වැඩි දියුණු කරන සැලසුම් හදන්නත් පුලුවන් වේවි …”
“ඇත්තටම හරි සතුටුයි නේද ඉෂාරා ඒ වගේ තැනක් ඩිසර්බ් ගෑනු ළමයෙක්…”
මේ වගේ කතා තැනින් තැන ඇහෙන බව ඇගේ කනටත් වැටුනා. ඒත් ඉෂාර විශ්වාස කළේ එක දෙයයි.
“ලෝකේ ඉන්න කවුරු කොහොම මං ගැන මොකක් හිතුවත් මං ඒ හැමෝටම සලකන්නේ මධ්‍යස්ථ විදියට මට වැඩිපුර සලකන මට වැඩියෙන් ආදරේ කරන අයට වැඩිපුර බෙදන්නත් මට අඩුවෙන් සලකන මව පහත් කරලා මගේ ජයග්‍රහණය වෙන්නේ..”
. ඇයට හිතවත් බොහෝ දෙනෙක් ඇයගේ රාජකාරී ජීවිතය තුළ ඇයට වැඩ කරගෙන යන්න සාර්ථක වෙන්න උදව් කළා. ඒ වගේම ඇයව ගණනකට නොගෙන ඇයට යටි කූට්ටුකම් කරන කිහිප දෙනෙකුත් කාර්යාලය එ වනකොටත් හිටියා. ඒත් ඉෂාර කිසිම කෙනෙක්ගෙන් පළිගන්න ගියේ නැහැ. ඇය ඒ වෙනුවට සියලු දෙනාගේම රාජකාරී එක මිටකට අරගෙන කාර්යාලය දියුණුව වෙනුවෙන් මේ රාජකාරී මෙහෙයවන විදිය විතරක් සැලසුම් කරා.
දැන් ඉෂාරාට අවුරුදු තිස් අටක්. නොතේරුම්කම නිසා මග ඇරුණු අධ්‍යාපනයෙන් ඉෂාරා සෑහෙන දුර ඇවිල්ලා. දයාබර ස්වාමිපුරුෂයෙක් ආදරණීය දරුවන් දෙදෙනෙක් අම්මට තාත්තට සලකන්න පුළුවන් වැඩිමහල් දියණියක් සහෝදර සහෝදරියන්ට සලකන්න පුළුවන් ආදරණීය සහෝදරියක් විදියට ඉෂාරා ඇගේ ජීවිතේ ගොඩක් දේවල් දිනලා ඉවරයි. ඒ ඒ වගේම රාජකාර ජීවිතය ඇතුළෙත් ගොඩක් දේවල් ජයග්‍රහණය කරමින් යන ගමන් නිසා ඉන්නේ.
ඉතින් අමතක කරන්න එපා! එක තැනකදී වැටුනා කියන්නෙ හැමදාම වැටිලා ඉන්නවා කියන එක නෙවෙයි. අවශ්‍ය වෙන්නේ තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසය තියෙන්නේ ඒක එහෙම වුනොත් ඔබටත් ඉෂාර කෙනෙක් නොවී ඔබම වෙලා ඔබගේ ජීවිතය පාට හොයාගන්න පුළුවන් වහන්ස ජීවිතයක් ඔබට ලැබෙන්නේ කළු සුදු අළුපාට ජීවිතයක් අස්සේ සොයාගන්න ඔබටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |