සෑම්ගෙ මරණය
2018 ජුනි මාසෙදි Victorian ශ්‍රේෂ්ඨාධිකරණය කේරල ජාතික කාන්තාවක වන සෝෆියාට වසර 22ක ට සිරගත කරන්න නියෝගයක් දෙනවා. ඒ මෙල්බර්න් වල ප්‍රාන්තයක් වන එපින්ග් වලදි ඇගේ සැමියා වන සෑම් ඒබ්‍රහම් වල මරා දැමීම හේතුවෙන්.
ඒ සිදුවීම වෙලා තියෙන්නෙ 2015 ඔක්තෝබර් මාසයේ. ඒ වගේම මේ නඩු තින්දුවෙදි සෝෆියාට මේ මිනීමැරුමට උදව් කරපු එයාගෙ අනියම් සැමියා වුණ අරුන් කමලාසනස්ටත් අවුරුදු 27ක සිර දඬුවමක් ලබා දෙනවා.
මේ දෙන්න එකතුවෙලා සෑම්ව මරන්නෙ සයනයිඩ් එක්කරපු දොඩම් යුෂ වීදුරුවක් පානය කරන්න දීලා. සෑම් සහ සෝෆියා කියන්නෙ එක ලඟ ගෙවල් වල ජීවත්වුන දෙන්නෙක්. මෙයාලගෙ ගෙවල් තිබිලා තියෙන්නෙ කේරල වල කොල්ලම් දිස්ත්‍රික්කයේ කරුවලූර් කියන ගම්මානයේ.
2015 අවුරුද්දෙ ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා තමයි ප්‍රාණය නිරුද්ධ වුණ සෑම්ගෙ සිරුර එයා, සෝෆියා සහ එයාලගෙ අවුරුදු හතරක් වයස පුතා ජීවත්වුණ ගෙදරදි හම්බුවෙනවා. සෑම්ට එතකොට වයස් ආවුරුදු 34 සහ එයා UAE Exchange Employee කෙනෙක් විදියට තමයි සේවය කරන්නෙ.
සෑම් මියයන්න හේතුව විදියට සෝෆියා කියන්නෙ හදිසියෙ ආව හදවත් රෝගයක් විදියට. හදවත් රෝගයකින් මිය ගිය සෑම්ව අවස්න කටයුතු සඳහා සෝෆියා එයාගෙ සිරුර කේරල වලට අරගෙන යනවා. මරණෙ වැඩ කටයුතු වලින් පස්සේ සෝෆියා ආයෙ එයාගෙ පුතා එක්ක මෙල්බර්න් වලට යනවා.
මේ සිදුවීමෙන් මාස දහයකට පස්සෙ එන 2016 අගෝස්තු 12 වෙනිදා තමයි සෝෆියා සහ එයාගෙ අනියම් සැමියා වුණ අරුන්ව අත් අඩංගුවට ගන්නෙ. ඒකට හේතුව වෙන්නෙ මියගිය සෑම්ගෙ මෘත දේහයේ toxicology report එකකට අනුව සෑම්ගේ රුධිරයේ සහ ලිවර් එකේ සයනයිස් විශ හඳුනාගත්ත එක.
ඒ අනුව කෙරීගෙන යන පරීක්ෂණයෙදි පොලිසිය සෝෆියා අරුන් එක්ක එකතුවෙලා මාස ගණනක් තිස්සෙ මේ මිනීමැරුව කරන්න ප්ලෑන් කර විදිය සාක්කි ඇතුව ඔප්පු කරනව දුරකතන ඇමතුම්වල රෙකෝඩින් එහෙම පෙන්නලා.ඒ වගේම එයාලා දෙන්න ෆේස්බුක් මැසෙන්ජර් එක හරහා තමයි මේ මිනීමැරුමට අදාල සියලුම දේවල් කතා කරලා තියෙන්නෙ.මේ නඩු තීන්දුවෙන් පස්සෙ සෝෆියාගෙ සහෝදරිය වුන මෙල්බර්න් වලම ජීවත්වෙන නර්ස් කෙනෙක් වුන සෝනියා සෝෆියා සහ සෑම්ගෙ දරුවව එයාගෙ භාරයට අරගන්නවා. ඒ වගේම මේ දෙන්න මේක කරන්න අවුරුද්දක් විතර තිස්සෙ ඉඳලා ප්ලැන් කරලා තියෙනවා.
පොලිසියට හම්බුවෙන තොරතුර
ඔස්ට්‍රේලියානු පුවත් වලට අනුව මේ සිදුවීමට සෝෆියා සම්බන්ධයි කියන එක පොලිසියට සැක හිතෙන්නෙ සෑම්ගෙ මරණය අතරතුර කරගෙන යන පරීක්ෂණ වලදි.සෝෆියාව සහ අරුන්ව අත් අඩංගුවට අරගන්න කලින් පොලිසිය මාස ගණනක් වැය කරනවා සෝෆියා සහ අරුන් අතර වුන කතා බහේ දත්ත සහ සාක්කි එකතු කරගන්න.මේ විදියට සයනයිඩ් විශ වෙලා මිය යන්න කාලෙකට කලින් සෑම්ට නාදුනන මනුස්සයෙක්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා lalor කියන railway station එකේදි. ඒ නාඳුනන මනුස්සය සෑම්ගේ කාරෙකේ හැංගිලා ඉඳලා තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නෙ. මේ ප්‍රහාරය හේතුවෙන් සෑම්ගෙ බෙල්ල, නළල, නිකට වගේ තැන්වලට හානි සිදුවෙනවා. පොලිසිය සැක කරනවා මේ ප්‍රහාරය එල්ල කල පුද්ගලයා වෙන කවුරුවත් නෙවෙයි අරුන් වෙන්න පුලුවන් කියලා.
ඒවගේම මේ පුවත්වල සඳහන් වෙනවා පොලිසිය සෝෆියා සහ අරුන් යන එන තැන්, දෙන්න එකට කන්න බොන්න යන ඒව එහෙම හොරෙන් විමර්ශනය කරල තියෙනව කියල තමන්ගෙ සැකය ඇත්තක්ද කියල තහවුරු කරහන්න බලාපොරොත්තුවෙන්.ඒ වගේම පොලිසියට හොයාගන්න පුලුවන් වෙලා තියෙන සෝෆියා සහ අරුන් දෙන්නගෙ “Secret Diary” එකක් ඒ දෙන්නාට දෙන්න එයාල ගැන හිතන Deep Feelings ලියන්න.
මේ Diary එකේ ලියලා තිබුණ දේවල් පවා උසාවියෙදි ඉදිරිපත් කරන්න පොලිසිය කටයුතු කරල තියෙනව කියන එක පුවත්වල සඳහන් වෙනවා.
සෝෆියාගෙ බොරු
සෝෆියා නම් කියන්නෙ එයා 2015 ඔක්තෝබර් මාසෙ 14 නැගිටලා එද්දි තමයි සෑම් මිය ගිහින් කියන එක දැනගත්තෙ කියලා. එයාට අනුව සෑම් මිය ගිහින් තියෙන්නෙ හදවත් ආබාධයකින්.හැබැයි පොලිසිය සහ උසාවිය ඒ කතාව පිළිගන්නෙ නෑ මොකද මියගිය සෑම්ගෙ සිරුරට එහා පැත්තෙන් තමයි සෝෆියා නිදාගෙන ඉඳලා තියෙන්නෙ සහ එහෙම ඉද්දි තමන්ගෙ එහා පැත්තෙ ඉන්න කෙනා මිය ගිහින් කියලා නොදැන ඉන්න හේතුවක් නැති නිසා.
සෑම්ට සැකයක් තිබිලා නැද්ද?
තමන්ට මේ විදියෙ අවසානයක් ලැබේවි කියන එක සෑම් සැක කරා කියන එක මේ විමර්ශනයෙදි හොයාගන්න පොලිසියට පුලුවන් වෙනවා. මොකද සෑම් එයාගෙ සමහර නෑයො එක්ක කියල තියෙනවා “ඊලඟ පාර නම් මම එන්නෙ මිනී පෙට්ටියක තමයි” කියලා. ඒ එයා අන්තිම වතාවට ගෙදර ආව 2015 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ.
2015 ඔක්තෝබර් මාසෙ 11 වෙනිදා තමයි සෑම් එයාගෙ පවුලෙ අය එක්ක මෙල්බර්න් බලා පිටත්වෙන්නෙ.ඊට දවස් තුනකට පස්සෙ තමයි කේරලවල ඉන්න එයාගෙ නෑයන්ට සෑම්ගෙ මරණය ගැන දැනුම්දෙන්නෙ.
සෑම් ගෙදර ආව වෙලාවෙ තාමන්ගෙ බිරිඳ වුන සෝෆියාගෙ ගතිගුණ සහ හැසිරීම් රටාවන් ගැන පොඩි පොඩි හින්ට්ස් එයාගෙ පවුලෙ අයට දීලා තියෙනවා. ඒ වගේම කරෙක ඇතුලෙ හැංගිල ඉඳලා තමන්ට පහර දුන්නෙ අරුන් වෙන්න පුලුවන් කියන දෙයත් සෑම් මේ නැයන්ට කියලා තියෙනවා. ඒවගේම තමන් කවදහරි මියගියාම තමන්ගෙ සිරුර තමන්ගෙ සීයගෙ සිරුර මිහිදන් කරල තියෙන සොහොන අද්දරින් මිහිදන් කරන්න කියලා සෑම් එයාගෙ තාත්තගෙන් ඉල්ලලා තියෙනවා.
මේ විමර්ශනය අතරවාරෙ සෑම්ගෙ තාත්තා මාධ්‍යයට මෙන්න මෙහෙම කියනවා.
“සෑම් සහ සෝෆියා දෙන්න පොඩි කාලෙ ඉඳලා දන්නවා. ඒ යාලුකම තමයි ලොකුවෙද්දි ආදරයක් බවට හැරුණෙ. මම මුලින් ඒ විවාහයට විරුද්ධ වුණා. හැබයි සෝෆියා මේ කසාදෙ උනේ නැත්තම් මැරෙනවා කිව්ව නිසා මට අන්තිමේ කසාදෙට කැමති වෙන්න උනා”
ReplyForwardAdd reaction |