අගුලු දාන්න බැරි දොරක් නිසා අහිමිවුණ පුංචි රින්සිගෙ වටින ජීවිතය

මිනීමැරුම් කතා මහ ගොඩක් අපි අපේ Smartlady articles ඔස්සේ ඔයාලා වෙත අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද කතාවක් අපේ අල්ලපු රට වෙච්ච ඉන්දියාවෙ සිදුවුණ මිනීමැරුමක් අලලා ලියවුණ එකක්. වැඩි විස්තර නැතුව අපි බලමු මොකද්ද මේ කේරලයම කම්පා කරපු මිනීමැරුමක කතාව කියලා.

ඒ 2017 ජුලි මාසෙ 28 වෙනිදා. කේරලයේ කොල්ලම් නගරයේ පිරවන්තූර් ප්‍රදේශයේ වෙන සිදුවීමක්. මේ සිදුවීම වෙද්දි වෙලාව රෑ 10.30 ට විතර වගේ කියල තමයි අන්තර්ජාලයේ මේ මිනීමැරුම ගැන සම්බන්ධ විස්තර වල සඳහන් වෙන්නෙ.

රින්සිගෙ කතාව

රින්සි බිජු කියන්නෙ ඉස්කෝලෙ 11 පංතියෙ ඉගෙන ගන්න පොඩි ගෑණු ළමයෙක්. මේ වෙලාව වෙද්දි රින්සි ඉඳලා තියෙන්නෙ එයාගෙ කාමරේට වෙලා පාඩම් කර කර.රින්සි ඉගෙන ගන්න ගොඩක් දක්ශ වගේම හරිම ආසාවෙන් ඉගෙනීම් කටයුතු කල ළමයෙක්. එයා අද රෑ වෙනකම් පාඩම් කරන්න හිතාගෙන ඉන්නෙ මොකද එයාට හෙට විභාගයක් තියෙන නිසා. මේ ගෙදර ඉන්නෙ රින්සි, එයාගෙ අම්මයි තාත්තයි විතරයි.

මෙහෙම පාඩම් කර කර ඉන්න රින්සි ළඟට ඇවිල්ලා එයාගෙ අම්මා අහනවා රෑ වෙනකම් පාඩම් කරන නිසා තේකක් හදලා ගෙනත් දෙන්නද කියල. ඒත් රින්සිගෙ උත්තරේ වෙන්නෙ එයා තව ටිකකින් නිදාගන්න නිසා තේ එපා. හැබැයි හෙට උදේ පහට එයාට ඇහැරවන්න කියලා උදේටත් නැගිටල ටිකක් පාඩම් කරන්න.

අම්මා ආපහු එයාගෙ කාමරේට නිදාගන්න යනවා. තව පැයක් විතර ඒ කිව්වෙ රෑ එකොලහමාර විතර වෙනකම් පාඩම් කරන රින්සි නිදාගන්න යද්දි එයාගෙ කාමරේ දොර වැහුවට අගූලු දාන්නෙ නෑ මොකද හෙට උදේ පහට අම්මා ඇවිල්ලා එයාව ඇහැරවන්න ඕන හන්දා.

පස්සෙන්දා උදේ හාතරහමාරට විතර තමයි රින්සිගෙ අම්මා ඇහැරෙන්නෙ. එයා මුලින්ම කරන්නෙ කුස්සියට ගිහිල්ලා රින්සිටත් එක්ක තේ එකක් හදාගන්න එක. තේ එකත් හදාගෙන රින්සිගෙ කාමරේට යන අම්මා දකින දෙයින් එකපාර තිගැස්සෙනවා. මොකද රින්සි ඉන්නෙ ඇඳ උඩ නිදාගෙන නෙවෙයි ඇඳ උඩ වැටිලා, ඇස් දෙකත් ඇරගෙන.කට භාගෙට ඇරිලා වගේම රින්සිගෙ කකුල් දෙකත් අසාමාන්‍ය විදියට පලල් වෙලා තියෙනව රින්සිගෙ අම්මා දකිනවා.බයෙන් බයෙන් වගේ රින්සි ලඟට එන අම්මා දකිනව රින්සිගෙ ඇඳුම පොඩිවෙලා, එයාගෙ ඇඳුමෙ ලේ ගෑවිලා තියෙනවා වගේම ර්‍යාගෙ ඇඳුමෙ පහල කොටස උඩට ඉස්සිලා අඩ නිරුවතින් ඉන්නවා වගේ තමයි පේන්නෙ.මේක දකින අම්මා තව බයවෙනවා. ඒ වගේම රින්සිගෙ ඇඟේ සීරිම් තුවාල ගොඩක් තියෙනව වගේම රින්සි මෙච්චර දවසක් බෙල්ලෙ දාගෙන ඉඳපු එයාගෙ රත්තරන් මාලෙත් බෙල්ලෙන් අතුරුදහන් වෙලා තියෙනවා.

රින්සිට මොකද්ද වෙලා තියෙන්නෙ?

මේ සිදුවීම ගැන විස්තරේ කියවගෙන යද්දි රින්සිගෙ අම්මට හිතුන දේම ඔයාලටත් හිතෙනවා ඇති. ඔව් එකොලහ වසරෙ ඉගෙනුම ලබමින් උන්නු පුංචි ගෑණු ළමයෙක් වෙච්ච රින්සිව එයාගෙ ගෙදර කාමරේකදිම දූශණය කරලා මරලා දාලා කියන එක.ඒත් මොන අම්මද පිළිගන්න කැමති තමයි දරුව මියගිහින් කියල පිළිගන්න. අන්න ඒ නිසාමයි රින්සිගෙ අම්මා රින්සි ළඟට ඇවිල්ලා එයාගෙ උරහිසට අත තියලා “දුවේ දුවේ” කියලා කතාකරන්නෙ.

ඒත් රින්සිගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. ඒ වගේම රින්සිගෙ ඇඟ ගොඩක් සීතල වෙලා කියල තේරිච්ච ගමන් රින්සිගෙ අම්මා දුවලා ගිහින් රින්සිගෙ තාත්තා වෙච්ච තෝමස්වත් ඇහැරවගෙන කතා කරන් එනවා. කාමරේට එන තෝමස්ටත් තේරෙනව මොකක් හරි නරක දෙයක් වෙලා කියල. එයා රින්සිගෙ කම්මුලට දෙපාරක් තට්ටු කරල කතා කරත් රින්සි ඇහැරෙන්නෙ නෑ.

ඒත් මේ අම්මයි තාත්තයි දෙන්නට රින්සි මිය ගිහින් කියල හිතෙන්නෙ නෑ. එයාලා හිතන්නෙ වෙච්ච මොකක් හරි දරුණු දෙයක් හන්දා රින්සිට සිහිය නැතිවෙලා කියලා. ඒ නිසාම මෙ දෙන්න කරන්නෙ වතුර එකක් අරගෙන ඇවිල්ල රින්සිගෙ මූණට වතුර ඉහල එයාට සිහිය එනවද කියල බලන එක.මොන දේ කරලා බැලුවත් රින්සි හුස්ම ගන්නෙ නෑ කියලා මේ දෙන්නට තේරෙන්නෙ ඊට පස්සෙ.

පොලිස් පරීක්ෂනය

මේ සිදුවීමෙන් පස්සෙ රින්සිගෙ මව් දෙමව්පියො පොලිසියට මේ ගැන දැනුම් දෙනවා. පොලිසිය එද්දිත් මේ සිදුවීම දැනගත්ත රින්සිගෙ නෑයො වගේම අසල්වැසියො කීප දෙනෙකුත් ගේ ලඟට එකතුවෙලා ඉන්නවා දුක බෙදාගන්න. කොහොමහරි රින්සිගෙ තාත්තා වෙච්ච තෝමස් තමයි වෙච්ච දේවල් ඔක්කොම ටික පොලිසියට විස්තර කරන්නෙ. මේ වෙද්දිත් රින්සිගෙ අම්මා ඉන්නෙ පැත්තකට වෙලා අඬ අඬ. අම්මව කාමරෙන් ඉවත් කරන පොලිසිය මුලින්ම කරන්නෙ රින්සිගෙ මල සිරුර පරීක්ශා කරන එක.මෙතනදි රින්සිගෙ අම්මයි තාත්තයි මුලින් දැක්කෙ නැති දේවල් කීපයක්ම පොලිසිය දකිනවා.

පලවෙනි දේ තමයි රින්සිගෙ බෙල්ලෙ තුවාලයක් තියෙනවා. ඒ බෙල්ලෙ තියෙන තුවාල ඇති කලා කියන්න පුලුවන් විදියට සැක හිතෙන කඹයකුත් රින්සිගෙ ඇඳ පාමුල තියෙනවා. පොලිසිය එතනදි නිගමනයකට එනවා මිනීමරුවා කවුරු උනත් එයා රින්සිගෙ හුස්ම හිර කරල මරල දාන්න මේ කඹය පාවිච්චි කරන්න ඇති කියන එක.

මේ පරීක්ෂනයෙන් පස්සෙ පොලිසිය රින්සිගෙ මල සිරුර යවනවා මරණ පරීක්ෂණයට. ඒ වගේම පොලිස් නිල සුනඛයන් වගේම අපරාධ අංශයේ තව නිලධාරින්ව ගෙන්නලා රින්සිගෙ ගෙදර සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරල බලනවා තව හෝඩුවාවන් හොයාගන්න. ඒ පරික්ෂනයට අනුව රින්සිගෙ කාමරේ ඇතුලෙන් එයාලට හම්බුවෙන්නෙ රින්සිගෙ සහය එයාගෙ අම්මගෙ තාත්තගෙ ඇඟිලි සලකුණු විතරයි. වෙන කිසිම කෙනෙක්ගෙ ඇඟිලි සලකුණු එයාලට හමුවෙන්නෙ නෑ.

තාත්තා දිහාවට යොමුවන සැකය

ඊලඟට පරීක්ෂණයට ලක්වෙන්නෙ රින්සිගෙ ඇඳ ලඟ වැටිල තිබූන කඹය. ඒ කඹයෙ ඇඟිලි සලකුනු පරීක්ෂා කරද්දිත් පොලිසියට ඒ කඹෙන් අහුවෙන්නෙ රින්සිගෙ තාත්තගෙ ඇඟිලි සලකුණු විතරයි.

ඒ කියන්නෙ මේ වගේ දරුණු විදියට රින්සිව මරලා දාන්න ඇත්තෙ රින්සිගෙ තාත්තම වෙන්න ඇතිද කියන කාරණාව උඩ තමයි පොලිසිය මේ පරීක්ෂණය දිගටම මෙහෙයවන එක පටන් ගන්නෙ. හැබැයි මේ සාක්ශිය විතරක් තෝමස්ව අත් අඩංගුවට ගන්න මදි.මොකද කොහොමත් මේ කඹය අයිති තෝමස්ට. ඒ නිසා ඒකෙ කොහොමත් එයාගෙ ඇඟිලි සලකුණු තියෙන්න පුලුවන්. ඉතින් මේ සැකය තහවුරු කරගන්න තව සක්කි හොයාගන්න හිතාගෙන රින්සිගෙ කාමරේ පරීක්ශා කරද්දි පොලිසිය දකිනව රින්සිගෙ කාමරේට එන ප්‍රධාන දොරට අමතරව එලියට ඕපන් වෙන තව දොරක් තියෙනව කියන එක. මේ දොර වහලා දාලා තියෙන්නෙ හැබැයි අගුලු දාලා නෑ. ඒත් මේ දොර අරින්නත් පහසු නෑ. ඒකට හේතුව වෙන්නෙ සීතල එහෙම නැත්ත වහින කාලෙ නිසා මේ දොර හිරවෙලා තියෙන්නෙ. මේ දොර ගැන රින්සිගෙ අම්මගෙන් සහ තාත්තගෙන් ඇහුවම එයාලා කියන්නෙත් කාලෙක ඉඳල ඔය දොර ඒ විදියටම තමයි තියෙන්නෙ කියලා.

දොර හිරවෙලා තියෙන නිසා අගුලු දාන්න ඕන උනේ නෑ කියලත් අම්මලා තාත්තල කියනව. පොලිසිය සැක කරනවා මේ දොරෙන් වෙන්න පුලුවන් කියල මිනීමරුව ගෙට එන්න ඇත්තෙ. ඒත් ඒ දොරෙන් එලියෙවත් කිසිම ඇඟිලි සලකුණක් හොයාගන්න බැරි වෙච්ච තැන පොලිසිය රින්සිගෙ අම්මව සහ තාත්තව දෙන්නවම සැක කරන්න ගන්නවා මේ දෙන්නම මොකක් හරි හංගනවා කියලා. තෝමස්ගෙන් පොලිසිය ඇහුවත් අර කඹය කොහොමද රින්සිගෙ කාමරේට ආවෙ කියලා. තෝමස් කියනව එයාගෙ වැඩ වලට අරගන්න බඩු තියෙන තැනක තමයි මේ කඹය තිබ්බෙ. හැබැයි ඒක කොහොමද රින්සිගෙ කාමරේට ආවෙ කියල එයාට හිතාගන්න බෑ කියල. ඒත් පොලිසියෙ සැකේ එන්න එන්න වැඩිවෙනවා මොකද තෝමස් මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නෙ ටිකක් සැකෙන් වගේ.

මේ අතරෙ තමයි රින්සිගෙ මරණ පරීක්ෂණ වාර්තාව එන්නෙ. ඒකට අනුව පොලිසිය හිතුව වගේම රින්සිව මරලා දාලා තියෙන්නෙ හුස්ම හිර කරලා තමයි.ඒ වගේම රින්සිව දූශනය කරල තියෙනවා කියන එකත් හොයාගන්නව. රින්සිගෙ ඇඳුමෙ තියෙන ශුක්‍රාණු සාම්පලයක් තෝමස්ගෙ DNA එක්ක පරීක්ෂා කරල බලද්දි ඒ දෙකේ කිසිම ගැලපීමක් නෑ කියලත් මෙතනදි හොයාගන්නවා.

ඒ අනුව මෙච්චර වෙලා තෝමස්ව සැක කරගෙන ආව පරීක්ෂණ ඔක්කොම අවුල් යනවා.

අවුල් යන පොලිස් පරීක්ෂණ

මේකෙන් පස්සෙ පොලිස් පරීක්ෂණ අවුල් වෙලා යනව. මිනීමරුවව අල්ල ගන්න බැරිවෙනව. ඔය විදියට මිනීමරුව නිදැල්ලෙ ඉද්දි මාස හතරක් ගෙවෙද්දි ගමේ මිනිස්සු උද්ගෝශන කරනව පොලිසියට මේක කරන්න බෑ මේ පරීක්ෂනය පවත්වන එක CID එකට භාරදෙන්න කියලා. ඒ විදියට පරීක්ෂනය භාරගන්න CID එකත් පරීක්ෂණය අතරවාරෙ තෝමස්ගෙන් ප්‍රශ්න අහනවා. මේ වෙද්දි හැමෝම වගේ දැනගන්නවා CID එක මේ පරීක්ශනය කරනවා කියන එක සහ එයාලගෙ සැකයත් යොමුවෙලා තියෙන්නෙ රින්සිගෙ තාත්තා වුණ තෝමස් දිහාවට කියලා.

මේක කරන්න CID එකට හේතුවක් තියෙනවා. ඒ තමයි මිනිස්සු මේක දැනගන්නව කියන්නෙ අනිවාර්‍යෙන්ම මිනීමරුවත් මේක දැනගන්නව. සැකය තෝමස් දිහාවට යොමුවෙලා තියෙනව කියන එක මිනීමරුවට හැංගෙන්නෙ නැතිව ඉන්න හේතු හදනවා. ඒකෙන් මිනීමරුවව හොයාගන්න එක CID එකට පහසු කරනවා.

මේ අතරෙම CID එක හොයන්න පටන් ගන්නව රින්සිව මරල දාපු දවසෙ රෑ එයාලගෙ ගෙවල් පැත්තෙ සැක කටයුතු විදියට හැසිරුන කවුරුහරි කෙනෙක් ඉන්නවද කියන එක ගැන. මෙතනදි CID එකට දැනගන්න ලැබෙනවා රින්සිගෙ ගෙදරට පිටිපස්සෙ ගෙදරට රෑට රෑට කවුරුහරි මනුස්සයෙක් එනවා කියන එක. ඒ මනුස්සය කවුද කියන එක CID එක හොයද්දි එයාලා දැනගන්නව ඒ ගෙදර ඉන්නෙ දරුවො නැති අවුරුදු 30ක් වෙන කාන්තාවක්. එයාගෙ සැමියා වැඩ කරන්නෙ වෙන පලාතක. ඒ නිසා මේ කාන්තාවට මේ ගෙදරට රෑට රෑට එන මනුස්සය එක්ක අනිය සබඳතාවයක් තියෙනවා කියල. ඒ මනුස්සයගෙ නම සුනිල් කුමාර්.

සුනිල් කුමාර් රෑට එන්නෙ ඒ කාන්තාව හමුවන්න. පොලිසිය ඒ විස්තරේ අනුව කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට අරගෙන යනවා. ඒ සුනිල්ගෙ DNA සාම්පලයක් මේ කාන්තාව හරහා ලබාගන්න. මොකද මීට කලින් දවසෙ රැයෙත් සුනිල් කුමාර් මේ කාන්තාව හමුවන්න ඇවිත් මේ දෙන්න අතරෙ සබඳතාවයක් ඇතිවෙලා තියෙන නිසා. කොහොමහරි මේ අනුව පොලිසිය සුනිල් කුමාර්ගෙ DNA සාම්ප්ල එකක් එකතු කරගන්නවා.

ඊටපස්සෙ ඒ සාම්පලය කලින් රින්සිගෙ ඇඳුමෙ තිබිල අරගත්ත මිනීමරුවගෙ DNA සාම්පලය එක්ක පරීක්ශා කරලා බලනවා.

ඔයාලා හිතන්නෙ මොකද්ද ලැබෙන්න ඇති උත්තරේ?

DNA සාම්පලය

සාම්පල් දෙක ගැලපෙනවා. ඒ අනුව තමයි සුනිල් කුමාර්ව අත් අඩංගුවට ගන්නෙ. ඒ අනුව තමයි සුනිල් කුමාර් හැම දෙයක්ම පාපොච්චාරනය කරන්න පටන් ගන්නෙ.

සුනිල් කියන්නෙ ත්‍රීවිල් ඩ්‍රයිවර් කෙනෙක්. රින්සිගෙ ගෙවල් පැත්තෙ සුනිල්ට ඉඩමක් තියෙනවා. ඒ ඉඩමෙ වැඩට යද්දි තමයි සුනිල් රින්සිව දකින්නෙ. ඒ දැක්ම තමයි සුනිල්ට රින්සි ගැනත් ආසාවක් ඇතිවෙන්නෙ. ඒ අනුව තමයි සුනිල් රින්සි ගැන විස්තර හොයන්න යන්නෙ. දවසක් රින්සිගෙ ගෙදර කවුරුවත් නැතිවෙලාවක ගෙදර පැත්තෙ විස්තර හොයන්න සුනිල් එනවා. රින්සි ගැන අවධානයෙන් හිටි නිසාම සුනිල් දන්නවා රින්සිගෙ කාමරේ මොකද්ද කියන එක.

රින්සිගෙ කාමරෙන් එලියට එන දොර තල්ලු කරලා බලද්දි සුනිල් ට තේරිලා තියෙනවා මේ දොර අගුලු දාලා නෑ සහ තමන්ට මේ දොරෙන් ඇතුලට ගිහින් රින්සු එක්ක එකතුවෙන්න පුලුවන් කියන එක. ඒ අනුඅ තමයි සුනිල් ජුලි 28 වෙනිදා රාත්‍රියේ රින්සිගෙ කාමරේට එන්නෙ රින්සිට කරදර කරන්න බලාගෙන.

රින්සි එදා එකොලහමාරට විතර පාඩම් කරල ඉවර වෙනකම් සුනිල් ගෙවල් ලඟ ගහක් අස්සෙ හැංගිල බලන් ඉඳලා තියෙනව. තමන්ගෙ ඇඟිලි සලකුනු සහ අඩි සලකුනු අහුවෙනෙ නැතිවෙන්න අත් වැසුම් සහ මේස් දාගෙන ඇවිත් තියෙනවා. එලියෙන් දොර තල්ලු කරගෙන සුනිල් කාමරේට එද්දි ඇහැරුණ රින්සි ඇහැරිල තියෙනව. රින්සි කෑගහන එක නවත්වන්න සුනිල් එයාගෙ කට වහගෙන ඉඳලා තියෙන්නෙ. එතනදි හුස්ම හිරවෙලා තමයි රින්සි මිය යන්නෙ.

ඒත් සුනිල්ගෙ පාපතර ආසාවල් එතනිනුත් අවසන් වෙන්නෙ නෑ. සුනිල් ආපහු යන්නෙ මිය ගිය රින්සිගෙ නිසල සිරුරෙන් තමන්ගෙ පහත් ආශාවල් පවා ඉටු කරගෙන. මේ සිදුවීමෙන් පස්සෙ සුනිල් අර කඹය රින්සිගෙ කාමරේ ඇතුලෙ දාලා ගිහින් තියෙන්නෙ තෝමස්ව අල්ලන්න හිතාගෙන.

ඉන්පස්සෙ තමයි සුනිල් මෙතනින් පිටවෙලා යන්නෙ. ඉතින් මේ විදියට තමයි අවුරුදු දාසයක් වයස පුංචි රින්සිගෙ ජීවිතේ අවසන් වෙන්නෙ. මෙතනදි රින්සිගෙ වරදක් නෑ. ඇත්තටම වරද තියෙන්නෙ රින්සිගෙ මව් දෙමව්පියන් අතේ. තමන්ගෙ දුවගෙ කාමරේ ඉඳල එලියට යන්න දොරක් තියෙනවා කියන එක සහ ඒක අගුලු දාන්න බෑ කියල දැන දැනම ඒ වෙනුවෙන් කිසි දෙයක් ඉටු නොකර ඉද්දි ඒ නිසාම කවදහරි තමන්ගෙ අහිංසක දරුවට මෙහෙම විපතක් වෙයි කියල ඒ අම්මල තාත්තලට නොහිතුන එක පුදුමයි නේද?

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles