ආදරය නිසා වසර විසි පහක් තිස්සේ තමන්ගේ නිවසේම සිරකාරියක වූ ගැහැනිය

1901 මැයි මාසයේ දිනක පැරිසියේ නීතිපතිවරයාට අමුතු ලිපියක් ලැබුණා. නගරයේ ප්‍රසිද්ධ පවුලක් අප්‍රසන්න රහසක් රකින බව එහි ලියැවී තිබුණා. එම සටහන අත්සනකින් තොරව තිබූ නමුත් එහි අඩංගු කරුණු නිසා නීතිපතිවරයා දැඩි ලෙස කලබලයට පත් වූ අතර ඔහු වහාම විමර්ශනයක් කිරීමට තීරණය කළා.

පොලිසිය මොන්නියර් වතුයායට පැමිණි පසු ඔවුන්ට යම් සැකයක් ඇති වූ බව කියැවෙනවා.ධනවත් පවුලට නොකැළැල් කීර්තියක් තිබුණු අතර මොනියර් මහත්මිය ඇගේ පුණ්‍ය කටයුතු නිසා පැරිසියේ උසස් සමාජයේ ප්‍රසිද්ධියට පත් ව සිටි කාන්තාවක්.ඇයගේ ත්‍යාගශීලී දායකත්වය අගයමින් ඇයට ප්‍රජා සම්මානයක් පවා ලැබී තිබුණා.ඇගේ පුත් මාර්සෙල් පාසැලේදී දස්කම් දැක්වූ අතර මේ විමර්ශනය වෙද්දී ගෞරවනීය නීතිඥයෙකු ලෙස සේවය කරමින් සිටියා.මොනියර්වරුන්ට බ්ලැන්චේ නම් ලස්සන තරුණ දියණියක් ද සිටි නමුත් වසර විසි පහකට ආසන්න කාලයක් ඇයව කිසිවකු දැක තිබුණේ නැහැ.

හඳුනන අය විසින් “ඉතා මෘදු හා යහපත් ස්වභාවයක් ඇති” ලෙස විස්තර කරන ලද තරුණියක් වූ ඇය ඇගේ තරුණ වියේදීම අතුරුදහන් වී තිබුණා.නමුත් එය කිසි විටෙකත් සිදු නොවූ ලෙස පවුලේ අය ඔවුන්ගේ ජීවිත ගත කළා.

පැමිණිල්ල නිසා මොනියර් වතු යායට ආ පොලිස් කණ්ඩායම වත්තේ සෝදිසියක් කළ අතර ඉහළ මාලයේ එක් කාමරයකින් කුණු ගඳක් එනතුරුම කිසිවක් ගැන සැක සිතුණේ නෑ. වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වූයේ කාමරයේ දොර අගුළු දමා වසා තිබූ බවක්.මෙතැන යම් ගැටළුවක් ඇතැයි වටහාගත් පොලිසිය අගුල කඩා කාමරයට කඩා වැදුණේ ඇතුළත තිබූ දෙය දරා ගන්නට සූදානමකින් නම් නෙවෙයි.

කාමරය කළුවර එකක් වුණා.එහි එකම ජනේලය වසා දමා ඝන තිරරෙදි ඇද තිබුණා. අඳුරු කුටියේ දුර්ගන්ධය කෙතරම්ද යත් එක් නිලධාරියෙක් වහාම ජනේලය කඩා විවෘත කරන ලෙස නියෝග කළා.හිරු එළිය කාමරයට තුළට එද්දී ඉන් දරුණු ගඳක් ඇති වූ අතර  දිරාපත් වූ ඇඳක් වටේ බිම කුණු වූ ආහාර කැබලි නිසා එය ඇති වන බව පොලිස් නිලධාරීන් සිතුවා. නමුත් පුදුමය එය නොවේ,දිරාපත් වූ කාන්තාවක් දම්වැලකින් බැඳ ඇති බව ඔවුන් දුටුවා.

පොලිස් නිලධාරියා ජනේලය විවෘත කළ විට දශක දෙකකට වැඩි කාලයකට පසු Blanche Monnier හිරු දුටු පළමු අවස්ථාව එය වුණා. වසර 25 කට පෙර ඇයගේ අභිරහස් “අතුරුදහන් වීමේ” කාලයේ සිටම ඇයව සම්පූර්ණයෙන්ම නිරුවත් කර ඇගේ ඇඳට දම්වැලකින් බැඳ තිබුණා. මේ වන විට මැදි වියේ පසුවන කාන්තාව තමන්ගේම අපද්‍රව්‍ වැසී ගොස් කුණු වී ගිය කුණු ගොඩවල්වලට හසු වූ පණුවන් විසින් වට කරගෙන සිටියා. එය බලන්නට අසීරු දර්ශනයක්.

බියට පත් පොලිස් භටයින් අපිරිසිදු හා දිරාපත් වීමේ ගඳෙන් කෙතරම් පීඩනයට පත් වූවාද කිවහොත් ඔවුන්ට විනාඩි කිහිපයකට වඩා කාමරයේ සිටීමට නොහැකි වුණා.බ්ලැන්චේ වසර විසිපහක් එහි සිට තිබෙනවා. ඇයව වහාම රෝහලට ගෙන ගිය අතර ඇගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට ගත්තා.

රෝහල් කාර්ය මණ්ඩලය වාර්තා කළේ බ්ලැන්චේ දරුණු ලෙස මන්දපෝෂණයෙන් පෙළුණ බවක්. ඇය කතා කරන්නට පටන් ගත් විට ඇයට සිදු වූ ඛේදවාචකය පිටතට ආවා.

බ්ලැන්චේ වසර ගණනාවකට පෙර පෙම්වතෙක් සොයාගෙන තිබුණා. අවාසනාවකට මෙන්, ඔහු ඇය විවාහ වනු ඇතැයි ඇගේ පවුලේ අය බලාපොරොත්තු වූ තරුණ, ධනවත් වංශාධිපතියා නොව තරමක් වයසින් වැඩි දුප්පත් නීතිඥයෙක් වුණා. වඩාත් සුදුසු ස්වාමිපුරුෂයෙකු තෝරා ගැනීමට ඇගේ මව බල කළත් බ්ලැන්චේ එය ප්‍රතික්ෂේප කළා.පළිගැනීමක් වශයෙන්, මැඩම් මොනියර් තම දියණිය ඇගේ කැමැත්ත දෙන තුරු අගුලු දැමූ කාමරයක සිර කර තිබෙනවා.

වසර ගණනාවක් ගෙවී ගියමුත් Blanche Monnier එය ලබා දීම ප්‍රතික්ෂේප කළා.ඇගේ කුටියේ තනියට සිටියේ මීයන් සහ උකුණන් පමණයි. අවුරුදු විසිපහක් පුරාවට ඇගේ සොහොයුරා හෝ පවුලේ කිසිවකු ඇයට උදව් කිරීමට ඇඟිල්ලක් හෝ එසවූයේ නැහැ. ඔවුන් පසුව කියා සිටියේ ඔවුන් මවගේ තීරණ විවාදයට ලක් කිරීමට තරම් නිර්භීත නැති බවක්.

බ්ලැන්චේ ගලවා ගැනීමට පොළඹවන ලද සටහන ලිව්වේ කවුරුන්ද යන්න කිසි විටෙකත් අනාවරණය වූයේ නෑ.එක් කටකතාවකින් ඇඟවෙන්නේ සේවිකාවක් පවුලේ රහස ඇගේ පෙම්වතාට හෙළි කළ බවයි. ඔහු ඉතා භීතියට පත් වූ අතර ඔහු කෙලින්ම නීතිපතිවරයා වෙත ලිපියක් ලියූ බව කියැවෙනවා.මේ සම්බන්ධයෙන් නගරයේ මහජනයාගේ කෝපය කෙතරම්ද යත්, මොන්නියර් නිවසින් පිටත පෙරලි කරන්නට කෝපාවිෂ්ඨ පිරිසක් බිහි වූ අතර මැඩම් මොනියර් හෘදයාබාධයකට ගොදුරු වන්නට එය හේතු වුණා. තම දියණියගේ නිදහසෙන් දින 15 කට පසු ඇය මිය ගොස් තිබුණා.

මෙම කතාව වසර 25 ක් රහස් කුටියක සිර කර තම දියණිය කෘර ලෙස අපයෝජන කළ පියා නිසා පීඩා විඳි එලිසබෙත්ගේ සිද්ධියට යම් සමානකම් දරනවා. නමුත් එළිසබෙත් සහ බ්ලැන්චේ අතරින් වඩාත් අවාසනාවන්ත කවුදැයි ඇත්තටම මැනිය නොහැකි තරම්

Blanche Monnier දශක ගනනාවක් සිරගතව සිටීමෙන් පසු කල්පවත්නා මානසික රෝගවලට මුහුණ පෑවා. ඇය 1913 දී මිය යන අතර ප්‍රංශයේ සාත්තු නිවාසයක ජීවිතයේ ඉතිරි කාලය ගත කළා.

ප්‍රේමය නිසා සිරගත වන්නට වූ සහ මරණය වැළඳ ගන්නට සිදු වූ ගැහැනු ඕනෑතරම් ඉතිහාසයේ සිටිනවා. බ්ලැන්චේ ද ඒ ඉතිහාසයට එක්වන අවාසනාවන්ත ගැහැනියක්.

Related Articles

Don't Miss


Latest Articles