මාස තුනක් සිරගතව හිඳ මිය ගිය Sylvia Likens කතාව

දරුවො කියන්නෙ අපි හරි පරිස්සම් කරන පුංචි මනුස්ස කොට්ටාසයක්නෙ. දරුවො කියන්නෙ මල් වගේ කියල අපි කියන්නෙ ඒ පුංචි මල් පෙති උඩට උණු වතුර වැටිලා වෙන තුවාල දීර්ඝ කාලීන වෙන්න පුලුවන් නිසා.

ඒත් එහෙම මල් වගේ දරුවන්ව පරිස්සම් කරන එක කරන්න පුලුවන් සහ කරන්නෙ කීයෙන් කීදෙනාද? අද අපි අරගෙන එන්නෙත් අවුරුදු ගණනාවකට කලින් වෙච්ච ඒ වගේ දරුවෙක් මුල් කරගත්ත කතාවක්.

Sylvia ගෙ කතාව

ඒ 1965 අවුරුද්ද. අවුරුදු 16 ක් වයස වෙච්ච Sylvia Likens මියයන්නෙ මාස තුනක් සිරවෙලා ඉඳලා. මියගිය අවුරුදු දාසයක් වයස Sylvia ගෙ කතාව ඉන්දියානා වල පොලිසියට, උසාවියට, ළමයින් සම්බන්ධ ආයතන වලට වගේ චිත්‍රපටවලට සහ පොත්වලට “Child Abuse” ගැන කතාකරන්න, අලුතෙන් හිතන්න හේතුවෙච්ච විශාල සිදුවීමක් බවට පත්වෙනවා.

දීර්ඝ work related trip එකක් යන්න කලින් සහ දරාගන්න අමාරු තරම් ලොකු Financial Stress එකක් දරන්න කලින් Sylvia ගෙ අම්මලා ලෙබනන් අත හැරලා යන්න කලින් Sylvia ව ව භාරදීලා යන්නෙ caregiver කෙනෙක් වෙන ඉන්ඩියානාපොලිස් වල Gertrude Baniszewski ට. Teenager කෙනෙක් වෙච්ච Sylvia එයාගෙ වයසට අනුවයාලුවො එක්ක විනෝදෙන් හිටියා, බීට්ල්ස්ලගෙ සින්දු ඇහුවා, පොඩි පොඩි රස්සාවල් කලා, බබාලව බලාගන්න පාට් ටයිම් රැකියා කලා.

1965 අවුරුද්දෙ Summer එකේදි Sylvia එයාගෙ සහෝදරියන් එක්ක 385ඔ East New York Street එකේ තියෙන Gertrude Baniszewski ගෙ ගෙදරට යනවා. එහෙ ඉන්න ගමනුත් teenagers ලා වුන මේ ළමයි සිංදු කියන කිය, ස්කේට් කර කර, පොඩි පොඩි රස්සාවල් කර කර ඒ වගේම ගෙදර වැඩත් කර කර සාමාන්‍ය විදියට ගෙව්වා.

මුදල් අගහිඟකම්

මෙහෙම ඉන්න අතරවාරෙ තමයි Sylvia ගෙ තාත්තා ආර්ථික ප්‍රශ්න අස්සෙ තව තවත් හිරවෙන්නෙ. ඒ සිරවීම නිසාම Sylvia සහ එයාගෙ සහෝදරියන්ව බලාගන්න caregiver ගෙ වේතනය ගෙවන්න බැරි තැනකට ඒ පවුල ඇදලා දානවා. ඒ වෙනුවෙන් තරහා ගන්න Baniszewski ඒ තරහ පිටකරන්නෙ මේ දරුවන්ට පහර දීලා.

අගෝස්තු මාසෙ වෙද්දි මේ පහරදීම් එන්න එන්න වැඩිවෙනවා. වැඩිපුරම පහර දෙන්න හේතුව වෙන්නෙ මේ දරුවො ඕනවට වඩා කෑම කන එක. ඒක හේතු කරගෙන Baniszewski දරුවන්ට හොඳටම පහර දෙනවා. සමහර වෙලාවට සතියකට දොලොස් පාරක් වගේ.

කාලයක් යද්දි Baniszewski එයාගෙ සම්පූර්ණ අවධානය Sylvia ට දෙනවා. පසුකාලීනව කරපු පරීක්ශන වලින් හෙලිවෙනවා Baniszewski Sylvia ට ඉස්කෝලෙ ඇරිල ආවයින් පස්සෙ වගේම සති අන්තවලත් හරියට පහරදීලා තියෙනව කියන එක. කන්න ආහාර ලැබෙන්නෙ නැති තැන Sylvia කුණු බක්කිවලිනුත් ආහාර හොයන්න තරම් අසරණ වෙලා තියෙනව කියන එකත් ඒ අනුව හෙලිවෙනවා.

කොරේ පිටට මරේ කියන්න වගේ Sylvia ගෙ සහෝදරියනුත් Baniszewski එක්ක එකතුවෙලා Sylvia ට නරක විදියට සලකන්න පටන් ගන්නවා. ඒ වගේම Sylvia ගෙ සහෝදරියන්ගෙ පෙම්වතුනුත් මේ කාලයෙදි Sylvia ට නරක විදියට සලකන්න පටන් ගන්නවා.

Summer එක අවසන් වෙද්දි Sylvia දූශණයට ලක්වෙනවා, වචන වලින් Abuse වෙනවා, ඒ වගේම ශාරීරිකව සහ ලිංගිකව හිංසනයට ලක්වෙනවා. ආහාර ලැබෙන්නෙ නැතුව, තාඩාන පීඩන විඳ දරාගෙන හරිම දුක්බර ජීවිතයක් ගෙවනවා. ඒ වගේම Baniszewski එයාට ඉස්කෝලෙ යන්න දෙන්නෙ නැතුව නිවාස අඩස්සියේ තබාගන්නවා.

කවුරුවත් මුකුත් කලේ නැත්තෙ ඇයි?

බේරිලා පැනල යන්න ගත්ත අසාර්ථක උත්සහයකට පස්සෙ පොලිසියට හමුවෙන්නෙ අමානුශික වද හිංසාවලට ලක්වුණ, තුවාල වලට ලුණු දමා වේදනාකාරී මරණයක් අත්කරල දුන්න Sylvia ගෙ මල සිරුර.මරනය ගැන දැනගත්තම අසල්වාසින් කියනවා එයාලට ඇහුන බව Sylvia උදව් ඉල්ලල කෑගහන හඬ. ඒත් ඒ 1965 අවුරුද්දෙ කවුරුත් ඉඳල නෑ මේ වගේ දේකට ඉස්සරහට එන්න.මිනිස්සු හිතුවෙ අනුන්ගෙ ගෙවල් අස්සෙ වෙන ඒවට අත දාන්න අපිට අයිතියක් නෑ කියලා. 1965 අවුරුද්දෙ ඔක්තෝබර් 26 උදේ තුන හමාරෙන් පස්සෙ Sylvia ගෙ උදව් ඉල්ලන හඬ ඇහුනෙ නැති බව.

එදා උදේ 6.30 වෙද්දි Sylvia මිය යන්නෙ කිසිම උදව්වක් නැතුව.

Sylvia ට පහුකරන්න වුන අසීරු කාලෙ  එයාගෙ ශරීරය මත ඇති කල පැල්ලම්. සලකුණූ, තුවාල නොදැක්ක කෙනෙක් ඉඳියෙ නෑ. ඒත් ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කවුරුවත් හිටියෙ නෑ. අවසානයේ ඇගේ පිහිටට ඇවිත් තිබුනෙ මරණයේ අදිසි හස්තය විතරයි.

මරණ පරීක්ෂණය

Sylvia ගෙ ශරීරයේ තුවාල, පහරදීම 150කට අධික ප්‍රමාණයක් තිබුණා කියන එක මරණ පරීක්ෂනයෙදි හෙලිවෙනවා. පුච්චපු සලකුණු, තැලීම්, අස්ථි බිඳීම්, ස්නායු බිඳ වැටීම්, කැඩුණු නියපොතු, තුවාල වුන ලිංගාශ්‍රිත ප්‍රදේශයක් නිසා Sylvia දුක් විඳලා තියෙන බව මේ පරීක්ෂනයෙදි ඔප්පු වෙනවා.

1965 ඔක්තෝබර් 29 Oak Hill Cemetery එකේදි අවසන් කටයුතුවලට Sylvia ව ලෙබනන් වලට රැගෙන යනවා.

Baniszewski සහ Sylvia tඅ වදහිංසා පමුණුවපු හැම දෙනාටම දඬුවම් හිමිවෙනවා. 1970 දී, ඉන්දියානා ශ්‍රේෂ්ඨාධිකරණය එම වරද ප්‍රතික්‍ෂේප කළේ නඩු විභාගය ස්ථානය වෙනස් කිරීම සහ වෙනම නඩු විභාගයක් සඳහා වූ යෝජනා ප්‍රතික්ෂේප කළ හන්ද. පසුව නැවත විභාගයක් වරදකරු කිරීමට හේතු වෙනවා. ඇය 1972 දී නිදහස් කරන ලද අතර, පසුව නැවතත් මිනීමැරුමක් සඳහා උත්සාහ කර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙනවා. ඇය ඇගේ නම වෙනස් කර 1985 දී සමාව ලබා ගත් අතර වසර පහකට පසු 1990 දී පෙනහළු පිළිකාවක් හේතුවෙන් ඇය මිය යනවා.

ඇගේ නඩුව, මාධ්‍ය අවධානය, නිදහස් කිරීම සහ වෙනත් අපරාධවල ඇති වූ කැළඹීම් සැලකිය යුතු වෙනස්කම්වලට ලක් කරන්න තුඩු දුන්න එකක් වෙනවා. සිල්වියාගේ නඩුව, ඉන්දියානාහි අනිවාර්ය වාර්තාකරු නීතියට බැර කර ඇති අතර, ඉන්දියානාවේ සිටින සෑම කෙනෙකුටම වයස හෝ වෘත්තිය නොසලකා ළමා අපයෝජනය පිළිබඳ කිසියම් සැකයක් තියෙන එක නීතිය බලාත්මක කිරීමට වාර්තා කිරීමට අවශ්‍ය වෙනවා.

ඒත් අදත් ලෝකෙ දරුවො කොච්චර නම් බලහත්කාරකම්, අපයෝජන වලට ලක්වෙනවද? මාස තුනක් සිරවෙලා ඉඳල මිය ගිය Sylvia ගෙ ආත්මයට ඒ නිසා කවදාවත් සැනසීමක් ලැබේවි කියල හිතන්න අපිට පුළුවන්ද?

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles